කුරුළු යාළුවෝ

Thursday, August 23, 2012

උඹත් බෞද්ධයෙක්ද?


මම බෞද්ධයෙක්...මම ක්‍රිස්තියානි ආගමත් පිළිපදිනවා...ඔය කුරුල්ලා දන්න ආගම් දෙක...බුද්ධාගම නම් සාමාන්‍ය දැනීමටත් වඩා පොඩ්ඩක් තියනවා...පොඩි කාලේ ඉඳං ඉගෙන ගත්තු පාසල්, දහම් පාසල් අධ්‍යාපනේට වඩා බෞද්ධ දර්ශනය ගැන ටිකක් විතර මහන්සි වෙලා හොයපු, තාමත් හොයන හන්ද වෙන්න ඇති ඒ...කොහොමින් කොහොම හරි ක්‍රිස්තියානි ආගමත් මේ දවස් වල ඉගෙන ගන්නවා...මොකද මට තේරිලා තියන විදිහටනම් මේ ආගම් දෙකේම වැරදි දේවල් කියලා දීල නැහැ...multi religional කියලා කියන්නේ ඕකද මන්දා...කොහොම හරි මේ ලෝකේ හොඳ උගන්නන හැම ආගමකටම කුරුල්ලගේ ගෞරවේ හිමිවෙනවා නිතැනින්ම...අපි කවුරුත් උප්පත්තියෙන් බෞද්ධයෝ නෙවේ...ගොඩක් අය කියනවා මමනම් උප්පත්තියෙන්ම බෞද්ධ කියලා...අනේ මන්දා...එතකොට මට දෙන්න තියන එකම උත්තරේ බෞද්ධයෙක් වෙන්න සුදුසු කමක්වත් ඒ කියන මිනිහට නෑ කියන එකයි...සමාවෙන්න එහෙම කීවට...මම බෞද්ධ...හැබැයි බෞද්ධ දර්ශනය ගැන ගොඩක් අයට තියන අමාරුව තන්හාව මට නෑ...හොඳ  දේ ලෝකේ හැමදාම දිනනවා...ඉතින් බෞද්ධ දර්ශනයේ මුලිකම දෙයක් වෙන්නේ තන්හාව දුරලීම...අනේ මන්දා...නොතේරෙන හන්දයි අහන්නේ...තන්හාව දුරලන්න ඕනිනම් ඇයි මෙච්චර  ආගම ගැනම තණ්හාවක්...ඒ තණ්හාව නිසා ම බුද්ධාගම රැකගන්න කියලා විවිධ මානසික අසහන කාරයෝ මේ ලස්සන දර්ශනය කනවා...මේක ආගමක් නෙවේ...මේක බලකිරීමක් නෙවේ....බලවේගයක් නෙවේ...දර්ශනයක්...එන්නත් යන්නත් ඕනි කෙනෙක්ට ඉඩ තියන හරිම නිදහස් නිවහල් චින්තනයක්...ඉතින් ඇයි අද මිනිස්සු මේක පටලන් ඉන්නේ....කුරුල්ලට නම් මේවා හරි ප්‍රශ්න...
හැබැයි බෞද්ධ දර්ශනේ රැක ගන්න කුරුල්ලා දිවි හිමියෙන් කැපවෙනවා...මොකද මේ ඇඟේ දුවන ලේ බින්දුවක් ගානේ මම මේ ලංකා මාතාවටත් මට යහ මග පෙන්නපු බෞද්ධ දර්ශනේටත් මම ණයයි....පොඩ්ඩක් ඔයාල එක්ක දොඩමලු වෙන්න හිතුනා එක දෙයක් ගැන...
මම දැන් බුදු වෙලා...
කාටද ඕක කියන්න බැරි....ඇට නැති දිවනි...නේද..?ඔන්න කට්ටිය කියනවා...බුදු වෙලාලු....ඉතින් අපි පිළිගන්ඩ ඕනේ...නැත්නම් මේ දවස් වල අලුත් ශාපෙකුත් යනවනි...බුද්ධ ශාපය කියලා ...අම්ම අප්පා මතක කරලා උන්ගේ හත්මුතු පරම්පරාවටම හෙන ඉල්ලන්ඩ හිතෙන්නේ එතකොට තමා...ඈ හත්තලාමේ බුද්ධ කියන වචනේ තේරුමවත් මුන් දන්නවද?බුද්ධ කියන්නේ උතුම්...උතුම් ශාපයක්...විහිළුවක් නේද?විහිළුවක් නෙවේ මානසික විකෘතිතාවක්...බුදු වුනා කියන එකා බුදු වුන තැනකුත් නෑ...දම්සක් සුත්‍රේකුත් නෑ...පස් වග මහණෙකුත් නෑ...පිට දුන්නු ගහකුත් නෑ...හැබැයි පන්සල දාලා ආරන්‍යයක් හදන් ඒසී කාමරේකට වෙලා කකුලක් පිට කකුලක් දාගෙන බඩුවකට කියලා කකුල් මිරික ගද්දීන් ඒකා බුදු වෙලා...පට්ට බල්ලෝ...සාසනේ කනවා...එක එකා එක එක විදිහට ආගම් හදාගෙන....මෙව්වා බලන් ඉන්න රටේ පාලකයෝ කියන පඩංගු හැත්ත කට බලියන් උන්ට වඳිනවා...
බුද්ධ කාලෙත් හිටියා ඔහොම එව්වෝ...ඉතින් මේකනම් අරුමයක් නෙවේ...හැබැයි දඹදිව...හය දෙනෙක් හිටියා...ෂඩ් ශාස්තෘ වරු...එක මනුස්සයෙක්ටනම් තිබ්බේ උපන් ඇඳුම...ඌ බුදු වෙලා හිටියේ උපන් ඇඳුමෙන්...උපාසක අම්මලා අහක බලාගෙනත් ගියාලු...සමහර උපාසක අම්මලා නම් ලං වෙලා උටයි අහවල් එකටයි දෙකටම වැන්දලු...සමහරු ඉතින් අද කාලේ වගේ ආරන්‍යටත් ගිහින් කොරගෙන ආවලු...ඔව්ව් ඉතින් උපාසක අම්මලාගේ හැටිණි...ලිංගේ දුන්නත් මම බුදු කියලා පරෙස්සමට අතගායි...අනේ අපේ බුදු හාමුදුරුවෝනි මේ කියලා...ඇයි මුන් මෙච්චර මිත්‍යා දුෂ්ටික...?බුද්ධ කියන වචනේ විකෘති කරලා තමන්ගේ පහත් ආසාවන්,ලාභ ප්‍රයෝජන ඉෂ්ට කරගන්න කලියුගේ බුද්ධ චරිත වලට රැවටිලා දඟලන්නේ ඇයි?
සමන්ත භද්‍ර කියන්නේ බුදු රජාණන් වහන්සේට කියන තවත් එක නමක්...මේ නම ගන්න පුළුවන් තවත් එක බුදු වරයෙක්ට විතරයි...මේ කල්පයේ නියත විවරණ දුන්නේ මෛත්‍රී බුදු රජාණන් වහන්සේට පමණයි...ගෞතම බුද්ධ දර්ශනය හදාරපු අපේ උපාසක ගෑණුන්ට ඔව්ව තේරෙන්නේ නැත්තේ ඇයි කියලා කුරුල්ලා දන්නවා...මොකද පන්සලට ගිහින් ඕකුන් බන අහන එකක් යැ...නිදි කිරා වැටෙනවා...රටේම තියන කෙබ්බ හලනවා...අන්තිමට කුණු හබ්බ කිව්වත් සාධු සාධු හාමුදුරුවන්ගේ බන ටික නම් පංකාදුයි කියල රෙද්ද උස්සන් ගෙදර ඇවිත් අගුපිලේ නිදන් ඉන්න බල්ලා දිහා බලලා බල්ලට කුණු හබ්බෙන් සිල් අනුමෝදන් කරනවා....
අබරා කියලා මනුස්සයෙක් හිටියා...ඌත් කිව්වා ඌ බුදු වුනා කියලා..ඒ කාලේ මනුස්සයෝනම් ඔව්ව පිළිගත්තේ නෑ...මොකද රාජ්‍ය පාලකයෝ බුද්ධිමත්...මහෞෂධ පණ්ඩිතයින්ගේ ආභාෂය තිබ්බ උදවිය...ඉතින් ප්‍රශ්නයක් වුනේ නෑ...ඒ ඉතින් මහෞෂධ පරපුරනි..මේ වෘෂභ පරම්පරාවනේ...දැන් ඉන්නෙත් අබරා වගේ උන් කියලා තේරෙන්නේ නෑ...අඩි හය හතක් උස කේක් ගෙඩිය කපලා විස්කි වීදුරුව බීල ඉන්න මුන් ඔව්ව කොහොම තේරුම ගන්ඩද?කාපියව් බත් ටිකක් කොස්, දෙල් එක්ක තණකොළ කන හරකුනේ...තොපිට මොලේ පෑදෙන්ඩ...
දඹදිව ඒ කාලේ හිටිය බුදු කෙනෙක් තවත්...කිව්වේ ජම්බුකාජීවක කියලා...මිනිහා හිටියෙත් උපන් ඇඳුමෙන්...ඉන්දියාවේ අදටත් ඉතිං වැසිකිලි හරිම අඩුයිනි....ඒ කාලේ කොහොමත් තිබිලා නෑ සාමාන්‍ය පවුල් වල...ඉතිං ගල් තලාවක් තියනවලු සරීර කෘතයේ කරන...ඕකට වෙලා මේ මිනිහා තනි කකුලෙන් ඉන්නවලු...ඇයි කියලා ඇහුවාම කියන්නේ මගේ කකුල් දෙකම පොලවට තිබ්බොත්  මගේ බරට මිහිකතට බර උහුලගන්න බැරි හන්ද කියනවලු....ඔන්න උත්තරේ...අද කාලේ දෙන උත්තර වලට හරිම සමීපයි...එදා මෝඩයෝ ඒක පිළිගත්තා...කකුල් දෙකෙන් හිටියත්,එක කකුලෙන් හිටියත්, අහවල් ඒකෙන් හිටියත් බර බරමනේ...ඕක අද ඉන්න ගොන් හරක්ට තේරෙන්නෙත් නෑ...කට උඩට හරවන් ඉන්න එක ගැන ඇහුවාම කිව්වලු මම ජීවත් වෙන්නේ හුළං බීල කියලා...ඔන්න හරි සැලකිලි...හැබැයි එකෙක්වත් දන්නේ නෑ මිනිහගේ පෙර කරපු කර්මෙකට අනුව රෑට මේ මිනිහ බඩ පැලෙනකම් කන්නේ අර ගල්තලාවේ තියන අසුචි කියලා...ඔන්න තත්වේ...ඔය ගෞතම බුද්ධ කාලේ දඹදිව හැටි...අනේ මන්දා...ඒ දඹදිව...මේ ලංකාව...මේ රටටත් ඒකම උනාද?
ලංකාවේ නම් බුදු බන රී මික්ස් වෙනවා...ඩී ජේ වෙනවා...පොප්, හිප් පොප්, ලොලි පොප් මේ ආදී මෙකී නොකී විදිහට බුදු බන කියවෙනවා...නෑ නෑ...දේශනා කරනවා...සෝවාන් කාරයෝ බාගෙට බාගයක්...ඒ අස්සේ සකෘදාගාමී අනාගාමී කට්ටිය වැහිවහලා...බලං ගියාම මුන් සේරම  සංසාරේ කෙලවර කරගන්නවා  ඉක්මනට...අපි විතරයි වගේ ඉතුරු වෙන්නේ...හරි හදිස්සියනේ දැන් ලෝක විනාසෙට කලින් සංසාරේ ඉවර කරගන්ඩ...මිනිස්සු හිතන් ඉන්නේ මේ ලෝකේ විනාස උනාම ඉතුරු වෙන්නේ හතර අපාය කියලද කොහෙද?බය වෙන්ඩ දෙයක් නෑ...වෙන්නේ ඒක තමා...මේ ලෝකේ මෙහෙමම තිබ්බත් මේ ඉන්න උන් නම් ඉපදෙන්ඩ වෙනම අපායක් හදන්ඩ වෙනවා...රහත් උනා කියන අපේ සමහරු මොබයිල් එක,ටීවී එක,ලැප් එක ලඟට කරගෙන සාසනේ පතුරනවා...ඉන්ඩ හම්බෙන්නේ නෑ...බුකියටත් මහා රහතන් වහන්සේලා වැඩලා...සාධු සාධු...අනේ මගේ කට...
සල්මන් කාන් එක්ක වත්ත වටේ ගිහින් අභිෂේක් ගෙන් දරුවොත් ඉන්න අයිස්වර්යාට දැන් බුකියේ තැනක් නෑ...එව්වා ලොලිපොප්  දැන්...විසි එක වෙනි සියවසේ බ්ලුටුත් චුයින්ගම් ඉන්නවා දැන් බුකියේ...ඔන්න උපාසක අම්මලා...හප්පේ බුදු බන වැක්කෙරෙනවා...එව්වා ගැන කතා කොරන්ඩ ගියොත් මේ තියන ලේ ටිකත් පිච්චිලා කුරුල්ලා තවත් කෙට්ටු වෙනවා...ඕනේ නෑ...
නනනත්තාරේ කොහෙන් හරි ආව පල්හොරු පස්සේ යනවා අද මේ බෞද්ධයෝ...මෙව්වා බණද?බන නෙවෙයි මෙව්වා සමාජ විවරණ.කාලීන බණ.මනමාල බණ.සින්දු බණ හැමතැනම...බණ දේශකයෝ මණ්ඩප වලට නැගලා එක්කෝ දේශ පාලුවෙක්ට කඩේ යනවා..නැත්තම් අනුන්ගේ ඕපයක් වමාරනවා...බෞද්ධයොත් බණ කියලා හිතාගෙන සාධු කියනවා...බණ දෙසන්ඩ කලින් පිං පෙට්ටිය ඉස්සර වෙලා...බණ විකුණන් කනවා...එක හාමුදුරු කෙනෙක් ටී ෂර්ට් එකක් දාගෙන දඟලනවා...මොන මගුල ඇන්දත් කමක් නෑ හාමුදුරුවනේ...ඔය අමාරුවනම් යාදින්නේ නැති වෙයි...ඒ මනුස්සයාගේ බුදු බව නෙවේ මහන කමත් අහෝසි වුනේ චීවරේ මාරු කල වෙලේ, බුදු වුනා කියලා බොරු කීව වෙලේ...මොකද විනය පිටකයට අනුව මහන කම නැති වෙනවා විනය කරුණු කැඩුවාම...චීවරේ කියන්නේ මොකක්ද කියල නොදන්නා උන් සාසනේට ආවාම සාසනේ නිකන්ම පරිහානියට පත් වෙනවා...ඒ අස්සේ උන්නාන්සේට මහා පුරුෂ ලක්ෂණ තියනවලු...කෙල්ලෝ කියනවලු ඔබ වහන්සේ මෙච්චර ලස්සන ඇයි කියලා...විවාහ යෝජනාත් එනවලු හරියට...අනේ දෙයියන්ගේ නාමෙන් අපට පව් නොදී ඔය අමාරුවක් තියන එකියක් බැඳගෙන දරුවෙක් මල්ලෙක් හදන් ජීවත් උනානම් නේද හොඳ?
ඔන්න කියන්නම් රස කතාවක්...බුද්ධ කාලේ හිටියලු එක භික්ෂුවක්...නිකන් නෙවේ නායක භික්ෂුවක්...හැමදාම මුන්නාන්සේ යනවලු ඉතිං පොඩි ෆන් එකක් ගන්ඩ ගණිකාවක් ගාවට...(මෙව්වා ශිෂ්ට භාෂාවෙන් ලියන්ඩ හිතෙන්නේ නෑ කුරුල්ලට..කුණු හබ්බ කුණු හබ්බම තමා)ඉතිං අද කාලෙත් ඔය සමහරුන්ගේ හැටිණි...දවසක් අමතක වෙලා බඩ්ඩ පොරවන් හිටිය නිල් රෙද්ද පොරවාගෙන ඇවිත් සිවුර දාලා...ඔන්න මීටර් උනේ ඕක ගෝලයෝ අහුවාමලු...මොකද ඉතිං පට්ට කික් එකෙනි ඉන්ඩ ඇත්තේ...ඉතිං මුන්නාන්සේ කිව්වලු මේක හොඳ නැත්ද ඇයි...මේක තමා නීලපට න්‍යාය කියලා...ගෝලයොත් පිලිගත්තලු...වෙලාවට රටේ පාලකයෝ උන්ව ගිනි තියලා...ඒත් ඉතිං අපේ රටේ පාලකයෝ නැනි...ඉන්නේ දේශ පාලුවොනේ...චීවරේ වෙනස් කලාට ඒ කාලේ දඬුවම් දුන්නේ එහෙමයි...තව ටික දවසයි...උපන් ඇඳුමට කිට්ටු වෙන්ඩ...අපේ අම්මණ්ඩිලත් වදියි ඉතිං...
තවත් කට්ටියක් කියනවා මේ ගෞතම බුද්ධ රාජ්‍ය ලු...මෙහෙලු ඉපදුනේ...මෙහෙලු බුදු වුනේ...සේරම වෙලා තියෙන්නේ මෙහෙ...හප්පේ මහා ලොකු රට මේක...මුන්ට ඕක මතක උනේ අවුරුදු දෙදාස් පන්සීයකටත් වඩා ගියාම...පරපුරෙන් පරපුර මිහිඳු මහා රහතන් වහන්සේ පිහිටුවපු සඟ සසුන පුරුක් සහිත දම්වැලක් වගේ අදටත් එන්නේ...ඒ ටිකත් නැති කරගන්ඩ වගේ හදන්නේ...අලි මදි වට හරක් කියන්නේ ඕක තමා...
කුරුල්ලට පේන හැටියටනම් බාල කාලෙම පැවිදි වුනු (පැවිදි කරවපු) හික්මීමක් නැති භික්ෂුන් නිසා මේ තත්වය ගොඩක් උද්ගත වෙලා...අනික තමා බුද්ධ ආදර්ශයට පිටින් යමින් සාසනික තනතුරු ප්‍රදානය කිරීම නිසා නායත්වයක් මග පෙන්වීමක් දෙන්න කෙනෙක් නැහැ...නැත්නම් ලංකාවේ මහානායක හිමි වරු තිස් එකක් විතර ඉන්නවා..අනු නායක හිමිවරු ඉන්නවා...කෝ මුන්නාන්සේලා මේවට එරෙහි වෙනවද?විනය ප්‍රශ්න මේවා...බුද්ධ දර්ශනයේ කිසිම ස්ථාවර භාවයක් නෑ...අද කියන දේ හෙට බොරුයි කියනවා...වෙනස් වෙන දහමක් ගැන කොහොමද මිනිස්සු විශ්වාසයක් තියන්නේ?මිනිස්සුන්වත් පැටලෙනවා...මුලික අධ්‍යන අවධියේ ඉන්න තරුණ පිරිස් ව්‍යාකුල වෙනවා...මේ ධර්ම විනයේ අසංගත බවක් නෑ...ඒක කුරුල්ලා දන්නවා...බුදු රජාණන් වහන්සේ බෝසත්වරයෙක් සේ අත්හදා බලලා මුතු වැලක් වගේ එකිනෙක මනාව ගැලපෙන මුල මැද අග යහපත්,සාර්ථක වචන තියන,දොස් අක්ෂර දොස් නැති සුදෝ සුදු හක් ගෙඩියක් වගේ පිරිසිදු ප්‍රනීත සාරපුර්ණ හරපුර්ණ උතුම් සද්ධර්මය දේශනා කර තිබෙනවා...නමුත් මේ වෙන පරිහානිය සමස්ත මානව සමාජයටම හානියක්...ධර්ම විනය හදාරන ඒක හොඳයි..ඒත් තමන්ගේ අත්තනෝමතික අදහස් එකතු කරන්න අවශ්‍ය නැහැ...ආයෙත් ධර්ම සංගායනාවක් කරන්න කාලය ඇවිත්...නැත්නම් මේ ඉන්න උගත් වියපත් භික්ෂුන් වහන්සේලා අපවත් වුනොත් මේ සාසනය පාලු වෙලා යාවි...
තරුණ භික්ෂුව මීට වඩා සැලකිලිමත් කමෙන් ඉන්න ඕනේ...අනේ මන්දා...අපේ හාමුදුරුවනේ මේ සාසනේ රැකලා දෙන්න...අපි ආදරෙයි මේ සාසනේට...මේ සාසනේ අපිට ඕනේ...අවුරුදු දෙදාස් පන්සීයක්‌ නෙවේ මෙහෙම ගියොත් තව අවුරුදු විසි පහක්වත් මේ සාසනේ තියෙන්නේ නැතිවෙයි....

Saturday, August 11, 2012

ආයිත් ඒවිද ඒ සමනලයා...


රන් වන් පාටයි සමනලයා....
රෝස මලේ පැණි බීලා ගියා...
ආයිත් ඒවිද ඒ සමනලයා...
මල් වල පැණි බොන්ටා...

කවියක්...නේද?ලස්සන කවියක්...මතකද චුටි කාලේ ඉගෙන ගත්තා මේ කවිය?මේ කතාව කුරුල්ලට ලියන්න හිතුනේ අද මේ සමාජේ වෙන පරිහානියත් ගැන තවත් එක් සොඳුරු බුද්ධිමතියක් එක්ක කුරුල්ලා වැටිච්ච කතාවක් හන්දා...
ඉස්සර අපේ අම්මලට ඕක අම්මලාගේ අම්මල  ඒ කියන්නේ අපේ කිරි අම්මලා( ආච්චිලා) කියල දෙනවලු...කවියක ලස්සන තියෙන්නේ ඒ පද වැල් වලනි....තාලෙනි...ඉතින් නැලවිලි ගීතත් එක්කම ඔය කවි අපේ අම්මලාගේ පරම්පරාවටනම් අහන්න ලැබිලා...මොකද පිතෘ මුලික සමාජයේ කාන්තාවන්ට ලැබුනේ තමන්ගේ දරුවන් වෙනුවෙන් තමාගේ ස්වාමියා වෙනුවෙන් ජීවත් වෙන්න...අතීතයේ කාන්තාව ගොඩක් ආසාවෙන් ඒක කළා...අදනම් වෙනස්නි තත්වේ...මොකද නිදහසත්, සම අයිතිවාසිකමුත් ඉල්ලන කාන්තාව හන්ද අද අපටනි කන්ඩ උයන්ඩයි ළමයි බලාගන්ඩයි වෙලා තියෙන්නේ...ඒක වෙනමම කතාවක්..අපි ඒ ගැන පස්සෙම කතා කරමුකෝ...ඉතින් ඔන්න ඔය කවිය ඒ කාලෙනම් ඕනි පොඩි ළමයෙක් දන්නවලු...විශේෂයෙන්ම ගෑනු ළමයින් ට එයාලගේ අම්මලා කියල දෙනවලු......අද කාලේ ළමයි දන්නේ ට්වින්කල් ට්වින්කල් ලිට්ල් ස්ටාර් නේ...අනේ මන්ද ඒකනම්...ඒකෙන් කමක් නෑ...පොඩ්ඩක් අපි මේ කවියේ ගැන හිතමුද?
ලස්සන සමනළයෙක්...රෝස මලක්...ළමා ලෝකේ තියන දේවල් මේවා...ළමයි ගොඩාක් ආස කරන දේවල් මේ...සමනලයා කියන්නේ ළමා ලෝකේ හරි අහිංසක සතෙක්...රෝස මල කියන්නේ ළමා ලෝකේ ලස්සන සුවඳ මලක්....මම චුටි ළමයෙක්...මේ කියවන ඔයත් චුටි ළමයෙක්...දැන් හිතන්න...ඇස් දෙක පියාගෙන මේ කවිය මතක් වෙද්දීන් ඔයාට මතක් වෙන්නේ ලස්සන පාට පාට අහිංසක සමනළයෙක් ලස්සන රතු රෝස මලකින් රොන් අරගෙන එයාගේ ලස්සන අත්තටු විහිදුවලා පියාඹගෙන යනවා....ලස්සන මොහොතක් නේද...සොබාදහමේ තවත් එක් චමත්කාරජනක අවස්ථාවක්...හ්ම්ම්ම්....හැබැයි නිකමට හරි ලොකු වුනාම ඔයාලට කවුරු හරි මේ කවියේ ව්‍යංගාර්ථය කියලා දීල තියනවද?ඔව් මම මේ අහන්නේ ඔයාගෙන්...ඔයාගේ හිතට අවංකවම ඇහුම් කන් දීල බලන්න...ඔගේ අතීතේ මතක පොඩ්ඩක් හාර අවුස්සලා බලන්න කවුරු හරි ඔයාට කියල දීල තියනවද කියලා....
මේ පොස්ටුව අපේ කොල්ලන්ටනම් වැදගත් වෙන්නේ නැති වෙයි...ඒත් කවද හරි උඹ තාත්තෙක් උණු දාට උඹේ චුටි කෙල්ලට කියල දීපන් කොල්ලෝ...කුරුල්ලාගේ පොඩි ඉල්ලීමක්...
ආයෙත් අපි කවිය දිහාට හැරෙමු...ඇත්තටම මොකක්ද මේ කවියෙන් කියන්න හදන්නේ...මේ කවියෙන් කියන විදිහටනම් රන්වන් පාට ලස්සන සමනළයෙක් ඉන්නවා...ඌ රෝස මලේ රොන් ගන්නවා...හැබැයි අරන් ඒ මලට හැමදාම එනවද?පුරුද්දක් විදිහට ඒ මලේම ඉන්නවද?නෑ...අර රෝස මලේ පැණි සේරම බීලා ඒ රෝස මල කිළුටු කරලා සමනලයා වෙන මලක් හොයාගෙන යනවා...ඒක තමා කවියා ප්‍රශ්න කරන්නේ ඒ සමනලයා ආයෙත් ඒවිද කියලා...දන්නවද?මලක් කියන්නේ හරිම සියුමැලි දෙයක්...හරියට කාන්තාවකගේ හිත වගේ...කාන්තාවක් වගේ....සියුමලියි...සොඳුරු යි...රොන් තියෙන්නේ ගන්න...රෝස මල ලස්සන වෙලා තියෙන්නේ සුවඳ වෙලා තියෙන්නේ රොන් ගන්න එන සමනලගේ උපරිම ආකර්ෂණය දිනා ගන්න...හැබැයි ඒ මල දන්නේ නෑ තමාගේ රොන් අරගෙන ඒ සමනලයා වෙන මලක් ලඟට යන බවත් රොන් අරන් ඉවර වුනාම ඒ මලේ කිසි වටිනාකමක් නැති බවත් තව දවස දෙක තුනකින් තමන් අවසන් ගමන යන බවත්...ඔයා පොඩ්ඩක් හිතන්න...මේ මල් වත්ත තමා අපේ සමාජේ...මල් තමා කාන්තාවන්...සමනල්ලු තමා බහුතරයක් වූ පිරිමින්....දැන් හිතන්න...ඔයාත් මමත් දැන් ලොකු අය...ආපහු පියවි ලෝකෙට එන්න...දැන් මොකද වුනේ...ඇත්ත නේද කතාව...මේ පොස්ටුවෙන් ඇස් අහකට අරන් විනාඩියක් ඔයා ඔයාගෙම හදවතට සවන් දෙන්න....මොනවද ඇහෙන්නේ...ඔයාගේ අතීතේ ඔයාගේ වර්තමානේ ඔයාගේ අනාගතේ හැමදේම මතක වෙනවා නේද ඔයාට...ඔයාට වෙච්ච දේවල්..ඔයා කරපු දේවල්...වරදකාරී හැගීම්...සතුටුදායක හැගීම්...අස්සේ ඔයාට මොනවද හිතෙන්නේ...
පොඩි කාලේ ඉගෙන ගත්තු මේ පොඩි කවිය අස්සේ මෙච්චර අර්ථයක් තියනවා කියල සමහර විට ඔයා නිකමටවත් හිතන්න නැතිව ඇති...සමහරවිට ඔය දේ ඔයාගේ අම්ම ඔයා පොඩි කාලෙම ඔයාව තුරුලට අරන් ඔයාට කියල දුන්නනම් අද ඔයාට ඔය දේ නොවෙන්නත් තිබ්බා...ආදරේ නාමයෙන් ඔයා වලත්තයෙක්ට අහු නොවෙන්න තිබ්බා...මේක කියවන කාන්තාව කවුරු වුනත් අද සමාජයේ සීයට පනහකට වැඩියෙන් නම් මේ අත්දැකීමට මුණ දෙන්න වෙලා තියනවා කියලා මට කිසිම සැකයක් නැතිව කියන්න පුළුවන්....මම මේ ඔයා කියලා ආමන්ත්‍රණය කරන්නේ ඔයාට...මේක කියවන මේ ලංකාවේ හැම කෙල්ලෙක්ටම...එහෙමන් දැන්වත් වැරදුනු මේ ජීවිතේ හදාගනිමු නේද?

මේ සංවාදෙන් පස්සේ මට හිතුනේ දේවල් මට අකුරු කරන්න ඕනි වුනා...මේ මට හිතුනු දේවල් වල සාරාංශයක්...පොත් දාහක් ලියන්න දේවල් මේ හිතේ තෙරෙපෙනවා...

පලවෙනි කාරණේ... මම මේ කතා කරන්නේ කෙහෙල්මල් පටලයක් ගැන නම් නෙවේ...උපතින්ම, එහෙමත් නැත්නම් අනිකුත් බාහිර කාරනා නිසා කාන්තාවන් 48%කට විතර ඔය කෙහෙල්මල් පටලේ පිහිටලා නෑලු...ඉතින් ඔය ගලන යන ලේ බින්දු දෙක තුනෙන් වත් ඔය කැඩෙන අහවල් එකෙන්වත් වැඩක්නම් නෑ...මොකද ඕනි කෙල්ලෙක්ට පුළුවන් ඔය මගුල කරගන්නේ නැතිව නටන්ඩ පුළුවන් දහ අට සංනි සේරම ටික අපුරුවට නටන්ඩ.... නැත්නම් ලක්ෂ කීපයක් වියදම් කරලා ඕක ආපහු හදාගන්න... ඒක ඒකිගේ ආත්මාර්ථකාමිකම...හිතන්න ඔයාට ජීවිතේ වැරදුනා...ඒ කියන්නේ කොල්ලෙක් අතින් වෙන්න තියන  දේ වුනා...වරදකාරී හැගීමක් ඔයාගේ ජීවිතේ ඇති...මැරෙන්න හිතෙනවා ඇති...එහෙමත් නැත්නම් ඔයාට කිසි ගානක් නැතිව ඇති...මම ලස්සනයි...මට සල්ලි තියනවා...මම ඉගෙන ගෙන තියනවා...ඉතින් කොල්ලෝ කියක් එක්ක හිටියත් මොකද...මේ ලෝකේ කොල්ලෝ නැතුවැයි...ඇයි උන් කියලා බෝ පැලද?අරව මේවා ගොඩක් නිදහසට හේතු කරගෙන ඔයා ඔයා ගැන මහා ලොකුවට හිතන් ඇති...ඒකනම් වැරදි කෙල්ලේ...කොහොම හරි දැන් වෙන්න තියන දේ වෙලා...නේද?
එහෙනම් දැන්වත් රැවටෙන්නේ නැතිව ඉමු...සමනල්ලු ගැන අවධානයෙන් ඉමු...මොකද රෑ වැටුණු වලේ මොකටද හද්දා දවල් වැටෙන්නේ..නේද?එක දෙයක්...ඔය දේ වුනා කියලා ඔයා අවාසනාවන්තියක්වත් ඔයා කාලකන්නි කෙල්ලක්වත් නෙවේ...මොකද මම දන්නවා ඔයා ඔයාගේ කොල්ලත් එක්ක ඉන්න ඇත්තේ උට ඇත්තටම ආදරේ නිසා...ඌ ඔයාට ඇත්තටම ආදරේ නොකලට...ඇත්තටම ආදරේ කරපු නිසා හැමදේම ඒ පුජාසනේ උඩ පුජා කරන්න ඇති...පෝරුවක් උඩට ඌත් එක්කම නගින්න හීන මවන්න ඇති...ඒත් බැරිවෙන්න ඇති...ඒ අතීතේ...මේ වර්තමානේ...ඔයා යන්න ඕනි අනාගතේට...නේද?එහෙනම් අහන්න...කනෙන් නෙවේ ඔය රත්තරන් හිතෙන් අහන්න...ඔයාගේ ජීවිතේ ලස්සන කරගන්න ලස්සන හිතක් ඔය හිත ලඟට එනකම් බලාපොරොත්තුවෙන් ඉන්න...රැවටෙන්නෙපා..අවධානයෙන් ඉන්න...යාලු වෙන්න කලින් ආශ්‍රය කරන්න..මොඅකද තරුණ කාලේ කියන්නේ වැරදීම් වෙන කාලේ..ඒත් ඒ වැරදීම් වලට ඔයා වන්දි ගෙවන්නේ ජීවිතේ ඊ ළඟ කාලේ...සාමාන්‍ය විදිහට ජීවිතේ ගෙවන්න...හිතන්නෙපා...ගිය දේ ගියා...ආපහු හදාගන්න බෑ...කැඩුණු දේ සල්ලි දීලා හදාගනිවී ඔයා...ඒත් වරදකාරී හැගීමක් තියෙයි ඔයාට බොරුවක් කරා කියලා මුළු ජීවිත කාලෙම....එපා බොරු කරන්න කවදාවත්..ඇත්ත ම කියන්න...ජීවිතේට වස්සානය එද්දින් නියං කාලේ සලකුණක්වත් තියාගන්නෙපා....වස්සානයට ඇත්ත කියන්න..වස්සානය වැහි කඳුළු සලාවී...ඒත් ඔයාව ආදරෙන් තුරුල් කර ගනීවි...බල්ලෝ අස්සේ මේ ලෝකේ බෝධිසත්වයෝ ඉන්නවා...ඔයා ඒක අමතක කරන්නෙපා...වස්සානේ සීතලේ දැවටෙන්න...ඔයාගේ ජීවිතේ නැවුම් වෙයි....
මේ අහන්න...පැයක් දවසක් සතියක් මාසයක් හරි කමක් නෑ...අතීතේ කියලා ඉවර කරන්න...ඔය මතකෙන් අමතක කරන්න බැරිවෙයි...ඒත් මතක නොකර ඉන්න...විශේෂයෙන්ම කවදාවත් එයා ඉස්සරහා මෙන්න මේ දේවල් නම් කියන්නෙපා...
මට කවදාවත් මම ආදරේ කරපු කෙනාගෙන් ඔයාගෙන් තරම් ආදරයක් ලැබිලා නෑ...
මටනම් එක්ස්පීරියන්ස් තියනවනි...මම ඔයාවත් හදල ගන්නම්
මොකද කොල්ලෝ කියන්නේ ඉරිසියාවේ උපරිම...ඒක ඔයා අන්නවත් ඇති..සමහරවිට නොදන්නවත් ඇති...මේක කියන්නම ඕනි...දැන් කොල්ලෙක් ඔයාට ඉන්නවා...එහෙනම් ඇයි පරණ කතා...නේද?කොටින්ම කියනවනම්...මුල් කාලේ ටිකාක් හිතලා කතා කරන්න...ආයාසයක් ගන්න වෙයි...ඒත් පස්සේ ඔයා හුරුවෙයි...මොකද ඔයාට හම්බවෙන කොල්ල ඔයාගේ අතීතෙට ආස නැත්නම් උට ඇයි ඔයා ඒක මතක් කරන්නේ...නේද?
හැබැයි තව කොල්ලෝ වගයක් ඉන්නවා...උන් ඔයාට මතක් කරන්න ඉඩක් දෙන්නේ නෑ...උන් ඕක මතක් කර කර ඔයාට වද දෙනවා...දෙයියන්ගේ නාමෙට ඈත් වෙන්න..මොකද ජීවිතයක් නෑ...වරදක් වුනා තමා...ඒත් ඔයා ගෞරවනීය කාන්තාවක්...ඔයා මිනිස්සු එක්ක ගියේ නෑ...ඔයා ගියේ ඔයාගේ පෙම්වතා එක්ක...පෙම්වතා ඔයාව දාල ගිය ඒක ඔයාගේ වරදක් නෙවේ...දෙන්නෙපා එකෙක්ටවත් ඔයාගේ ජීවිතේ බාල්දු කරන්න..මොකද ඔය මානසික ලෙඩ්ඩුත් බෝ පැල වෙන්න බෑ...ජීවිතේ විඳින්න පුළුවන් එකෙක් ඔයා වෙනුවෙන් කොහේ හරි ඇති...
මම මුලින්ම වැරදි වෙච්ච අයට කිවේ ලංකාවේ ඉන්න කෙල්ලොන්ගෙන් බහුතරෙකට ඔය දේ වෙලා නිසා....දැන් කියන්නම් මේක කියවන ඔයාට...ඒ කියන්නේ කොල්ලෙක් අතින් ඒ දේ වුනේ නැති ඔයාට...දෙයක් කියන්නම් කෙල්ලේ...ඒ දේ කිව්වේ ඔය අපි කුණුහරපයක් කියන ඉන්ද්‍රියන් දෙක එකතු වෙන එකනම් නෙවේ...මානසික වශයෙන් බැඳුනු ආදරෙත් එක්ක ඔයා කායික විදියෙන්...ඒ කියන්නේ මොනයම් ආකාරයෙන් හෝ කායික  බැඳීමක් ඇති කරගන්න කලින් එයාව තේරුම් ගන්න..මම දන්නවා ඔයා මෝඩියෙක් නෙවේ...ඒක නිසා ඉවසීමෙන් වැඩ කරන්න...එක දෙයක්....අහන්නකො...ඔයා යාලු වෙලා ඉන්න කොල්ල ඔයාව ආදරේ නාමයෙන් රුම් එකකට එක්ක යන්න හදනවා කියලා හිතමු...මම යන්න එපා කියන්නේ නෑ...එක ඔයාගෙයි එයාගෙයි විශ්වාසය මත වෙන දෙයක්...පොඩ්ඩක් ඔය ආදරේ කියන රාමුවෙන් එලියට ඇවිත් ඔයා ඔයාගේ දිහායි ඔයාගේ ආදරවන්තයා දිහායි බලන්න...නොගැලපීම් ඇති...හැබැයි හදාගන්න පුළුවන් ඒවත් ඇති...ඉතින් ඔයාට දැන් තේරේවි ඔයා ඔය දේ කරන එක හරිද වැරදිද කියලා...හැබැයි පුළුවන් තරම් ඒ දෙයින් වැළකිලා ඉන්න...ඉස්කෝලේ යන කෙල්ලෙක්නම් ඔයා ඒ දේ කරන්නම එපා...අවුරුදු විස්සෙන් විසි එකෙන් පස්සේ වගේනම් කොහොමත් ඔයාට හිතේවි...කමක් නෑ...හැබැයි කලපනාවෙන්...මොකද හැමෝටම බෝධිසත්වයෝ හම්බ වෙන්නේ නැහැ...තේරුම් අරන් වැඩ කරන්න...මේ ලෝකේ බහුතරයක් පිරිමි රැවටිලිකාරයෝ..හොඳ කොල්ලෙක්ට හොඳ කෙල්ලෙක් හොයාගන්න වෙන්නේ නැහැ...
මේක කියවන කොල්ලෙක් ඉන්නවනම් මම කියන්නම් දෙයක්...මේ අහපන්...උඹ හොඳ කොල්ලෙක් වෙන්න ඇති...උඹ හොඳ කෙල්ලෙක් හොයපන්...මම කියන්නේ හිත ගැන...ශරීරෙ කියන්නේ කුණු වෙලා යන දෙයක්...හිත එහෙම නෑ...හිත හොඳ ගණිකාවෝ නැනි...ඉතින් ඒ ගැන බයවෙන්නෙපා...උඹට ගණිකාවක් සෙට් වෙන්නේ නෑ...ඒත් කොල්ලෙක් අතින් අනාත වෙච්ච කෙල්ලෙක් උඹට හම්බවේවි...උඹ ආදරෙත් කරාවි...ප්‍රශ්නයක් නැතිව ජීවිතේ ගෙනියන්න පුළුවන් කියල හිතෙනවනම් විතරක් එකිත් එක්ක නිදාගනින්....එකී සෙල්ලම් බඩුවක් නෙවෙයි උඹට මට...මේ අහපන් දැන් මම උඹට කතා කරන්නේ...මම දන්නවා උඹ ඉහේ කෙස් ගානට කෙල්ලෝ එක්ක ඉඳල ඇති..පට්ට වෙසියෝ එක්කත් බුදියලා ඇති...කවදාවත් හොද කෙල්ලෙක්ව බැඳලා ඒකිගේ ජීවිතෙත් කන්ඩ එපා...උඹට සහ ගහයි...උඹේ හත්මුතු පරම්පරාවටම සහ ගහයි...

වෙන වෙනම කියන්න ඕනි කතා අච්චාරුවක් වෙන්න ඇති මේ පොස්ටුවේ...අනේ මන්දා...කෙල්ලෙනේ කොල්ලෙනේ මට පින් එපා...මට ස්තුති එපා...මේ පොස්ටුව කියවලා ජීවිතේ ටිකක් හරි හදාගනිල්ලා..මොකද අද සල්ලාලකම් කරන උඹල හෙට අම්මලා තාත්තල වෙයි...එදාට කොල්ලෙනේ උඹගේ දුවට කොල්ලෝ දහ පහළොස් දෙනෙක් කරලා බඩේ ඉන්න දරුවා මොකාගේද කියලා එකිටවත් හොයාගන්න බැරිවෙයි...උඹ පිස්සෙක් වෙයි...එදාට කෙල්ලනේ උඹේ පුතාව බඳින ගෑනි ගණිකාවක් වෙයි...උඹ පිස්සියෙක් වෙයි...අද වී වපුරලා හෙට මිදී හරි ඇපල් හරි ගැන බලාපොරොත්තු වෙන්ඩ එපා උඹ...මොකද උඹ වපුරපු දේ උඹට අස්වැන්න ගෙනෙයි....

රෝස මලේ නටුවේ කටු...
වන බඹරෝ ඔහොම හිටු...
නටුව නොවේ මල සිඹිමි..


මම ළමයෝ පැණි උරමී...

Friday, July 6, 2012

මල් එක්ක මගේ රස්සාව...

අනේ මන්ද ජීවිතේ සතුට කියන දේ හොයාගෙන මම මේ ජොබ් එක තෝරාගත්තා...ඇත්තටම මම නිදහස්...මාව තේරුම් ගන්න කෙනෙක්ට හිතෙයි මම ගොඩක් නිදහසේ ඉන්න කෙනෙක් කියලා...මේ ජොබ් එකට මම ආදරෙයි..ලොකු පඩියක් ලැබෙන්නේ නැහැ තමා...මුළු මාසෙටම කට්ට කාල කොච්ච්ච්ර දඟලුවත් හම්බෙන්නේ සොච්චමක් තමා...(දඟලන්නේමත් නෑ ඉතින්)ඒත් ජිවිතේ විඳින්න පුළුවන්...ඕනිම වෙලාවක ඕනිම ප්‍රශ්නයක් කෙලින් කතා කරලා විසඳගන්න පුළුවන්...අදත් මම ජිම් එකට ගිහින් එද්දින් උදේ පාන්දර 9.30 යි...හිකිස්...ඒත් වැඩ කරන වෙලාවට වැඩම තමා ඉතින්...පෝරු ඩිසයින් කරන්නද, සෙටිබැක්  ද,ටේබල් ඩෙකෝ ද අරවද  මෙව්වද වැඩ ගොඩයි...වෙලාවකටනම් පොඩ්ඩක්වත් නිදහසක් නෑ..ඒත් මානසික සුවය නම් උපරිමයි...මල් එක්ක ගෙවන ජීවිතේට තවත් ඇත්තම ඇත්ත මලකුත් එකතු වුනානි...ඒ නිසා ජීවිතේ තවත් ලස්සනයි...හ්ම්ම්...තියෙන්නේ පානදුරේ..එතනින් එහාට ඕනි නැහැ...මම කලින් වැඩ කලේ ලස්සන ෆ්ලෝරා එකේ...
වෙලාව පාන්දර 2 ට විතර ඇති...
මචෝ ජානුවෝ...

ඇයි බන් මේ මහා රෑ මට වද දෙන්නේ...නින්ද යන්නේ නැත්ද?
යකෝ මයිනෝ...
ඔව් බන්...
වල් රිලවෝ...පිස්සු මීයෝ...
කියපන් මචන්...
අනේ මන්ද ඇහැරියන්කෝ...
අනේ මන්ද බන් උඹත් මහා වදයක් කිත්තෝ...මගුල ඇයි බන් අහිංසක මට මෙහෙම කරන්නේ..මොකද උඹල මල ගේකවත් නයිට් එක අදිනවද?
නෑ යකෝ...ඉක්මනට සෙටිෆිකට් ටික ලැස්ති කරගනින්...
ඈ...
ඉක්මනට බන්...
ඒ මොකටද බන් මේ මහ රෑ..පයිත්තියන්ද උලමෝ...
ලස්සන ෆ්ලෝරා...
මොක?
යකෝ මමත් දැන් දැක්කේ බන්...නිදාගන්ඩ හැදුවේ...එතකොට පත්තරේ දැක්කේ..අද උදේ අටට ලස්සන ෆ්ලොර එකේ ඉන්ටර්විව් එකක් තියනවා...ඉක්මනට පලයන්...
ඈ...මොනවද බන් කරන්ඩ තියෙන්නේ?
කවුද බන් දන්නේ...
කොහෙද තියෙන්නේ?
හෝමාගම...
තෝත් මහ නසරානි කතානි කියන්නේ...කොහෙද ඕක තියෙන්නේ..හෝමාගම?මම දන්නේ නෑ බන්...ඔව්වයේ  ගිහිල්ලත් නෑ...
අනේ අනේ පල පල...කොහොම හරි හොයන් පල...මොකක්ද බන්...
ඇයි බන් උඹ මාව මෙහෙන් පන්නන්ඩද හදන්නේ?
පල කියන දේ අහලා...තෝ මේක අස්සේ හිටියොත් ටවුන් එකේම නාස්ති වෙනවා...ෂොපින් එකේ තෝව දන්නේ නැති එකෙක් නෑ...අතුගාන එකත් තෝව දන්නවා...ලජ්ජා නැත්ද යකෝ...
මොකක්ද පෙරේතයෝ ලජ්ජා?මම ඒකට යන්නේ විලි වහන් ඈ...
හැබැයි මම අම්මලට කියනවා තෝ කරන එව්වා...යනවද නැත්ද උඹ?රස්තියාදුකාරය වගේ තොරොම්බල් ගොඩක් එල්ලගෙන නැටුවා ඇති...අපිනම් ආයෙත් එක්සෑම්  කරනවා...තොට රිසල්ට් තිබිලත් හොඳ එකකට යන්නෙත් නෑ..ආයිත් එක්සැම් කරන්නෙත් නෑ...
අනේ පල...තෝ මට කන්ඩ දෙනවනේ...
මහ ලොකු ඉවෙන්ට් මැනේජර්...
පල පල...මම එකෙන් අස් උනානේ...
ඒක තමා ගොබ්බයො කියන්නේ..මේකට පල...එකේ ඉන්ඩ බෑ කියලනේ ආවේ...මම තියනවා...සේරම විස්තර මැසේජ් එකක් එවල ඇති...බායි
ඌ තිබ්බා...ෆෝන් ඒක කට් උනා...මට නිකන් මඤ්ඤන් වගේ...බැලුව මැසේජ් එක...හ්ම්ම්...වෙලාව 2.30 යි...
අම්මේ...

ම්ම්ම්ම්
අම්මේඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒ.................

මොකද මේ කෑ ගහන්නේ...
නැගිටින්ඩෝඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕ...
සද්දෙට අහල පහල ගෙවල් වල උනුත් ලයිට් දාලා...තව ටිකෙන් කන්ඩ වෙන්නේ ගමෙන්ම...
මොකද මේ?

තාත්තට යකා ආවේස වෙලා...
නෑ මේ...

මොකද?
හීනයක්වත් දැක්කද ලොකු...?
නෑ කිත්තා කෝල් කළා...
ඉතින්...
ඉන්ටර්විව් එකකට යන්දලු...
මම ඉතින් විස්තරේ කිව්වා...මෙන්න බොලේ සේරම නැගිටලා ගජරාමෙට වැඩ...අම්ම උයනවා..තාත්ත පොල් ගානවා..මලයා නැගිටලා ඇඳුම් මදිනවා...ඈ යකෝ මාව යවන්ඩ තියන හදිස්සියක්...ඇත්ත තමා ඉතින්...මාස ගානක් කරපු ජොබ් එක... අම්මයි තාත්තයි හරියට ලොකුවට තමුන්ගේ ලොකු පුතා කරන ජොබ් එක ගැන කතා කරද්දින් ජොබ් එක එපා කියලා ආවනේ...ක්ලෝරීන් දාලා සායම හෙදුවලු මම...අපේ මලය කියන්නේ..ඕකට මම...
ඇත්ත තාම ඉතින් ජොබ් කට්ට තියෙද්දින් සලකපු කට්ටිය දැන් නිකන් බලන්නේ බල්ලෙක් ගානට දාලනේ...
කොහොමින් කොහොම හරි 4 වෙද්දීන් සේරම බඩු ලැස්ති...කොල්ල නිකන් මොකාද එකා වගේ අත් දිග කමිසයක් ගහලා කකුල් දෙකටම කලිසම් ඇඳලා...හප්පේ කන්නාඩියෙන් එකයි මම...හිකිස්...
අම්මටයි තාත්තටයි දන ගහල වැන්දා...
අයියේ...

ඇයි බන්...
මෙන්න මුත් වඳිනවා මට ...
ඈ බොල මම රට යනවා කියල හිතුවද?යකෝ මම හවසට ගෙදර එනවා...
නැග්ග කුරුණාගලින් බස් එකට... අපි ඉතින් රීම් එකෙන් ගියත් යන්නේ ඒසී බස් වල තමා ඈ...මේ කාලේ කොල්ලන්ට හරි අනාරක්ෂිතයිනි...කෙල්ලෝ පිස්සු හැදිලා වගේ අපි බස් එකේ හිට ගත්තාම අපේ පිටිපස්සෙන් ඇවිත් හිටගන්නවා...හයියෝ හතර විලි ලැජ්ජාවේ බෑ...කොළඹටත් ගියා...ඉතුරු ටික...
ඔටුවා  බහින්ඩ ඔටුවා බහින්ඩ...

ඈ...හරි නෙන්නම්....කොටුවටත් ඇවිත්...හප්පා දැන් කොහාටද?හෝමාගම  බස් එකකට නැග්ගා...හම්මේ සැප..බාල්දියෙන් එකයි හුණ්ඩු දෙකයි...කරත්තයක්ද මන්දා...හෝමාගමින් බහිනකම් එක කෙල්ලෙක් දිහා බැලුවේ නෑ..අම්මප...නිකන් ව්‍යාකුල වෙලා ඔව්වට යන්ඩ ඕනේ නැනි...හෝමාගමින් බැහැල ගත්ත 678 බස් එක...ගත්ත කිව්වේ මේ නැග්ගා...
අයියේ හබරකඩින් මාව දානවද?

හබකරකඩ කොහෙන්ද බන්?
මේ අර ලස්සන ෆ්ලෝරා...
ආ..අරුන් ටිකත් එහෙට තමා...
එලනි...බස් එකෙන්ම සෙට් උනා කොල්ලෝ ටික එක්ක...අපරාදේ කියන්ඩ බෑ...ෆිට් උණු තරම කියන්නේ විනාඩි 10 ක් වත් ගියේ නෑ...අපි එක බස් එක දෙක කරලා බැස්සේ...ලස්සන එකට යද්දින් ඉස්සරහම පට්ට ලස්සන රිසෙප්ෂන් අක්කෙක්...හප්පේ සායේ දිග...නිකන් කොල්ලෝ සෙට් එකම මෙව්වා වෙලා...
ඉන්ටර්විව් එකටද...

නෑ මේ මෙහෙමම බිම වාඩිවෙලා මැරෙන්ඩ...එකෙක් හිමිට කිව්වා..කොල්ලොන්ට හිනාව නවත්තගන්ඩ බෑ...
ඉන්ටර්විව් පටන් ගත්තා...හප්පේ ආසාවේ බෑ...මල් ලෝකයයි...හැබැයි එක මලකවත් නම් දන්නේ නම් නෑ...මාර සුවඳයි...( පස්සේ දවසක දැන ගත්තේ ඒ මල් වල සුවඳ නෙවේ ස්ප්‍රේ වල සුවඳ කියල...අලෙ මන්ද )ඉන්ටවිව් එක සාර්ථකව නිමා කරලා ඔන්න ගෙදර එද්දින් රෑ 11 යි කියමුකෝ....ඔය මැද්දෙදි වෙච්ච් එව්වනම් මෙලෝ රහක් නෑ...රහ කෑලි තියනවා...එව්වා කියන්ඩ මොකක්ද වගේ...කෝම හරි ආපහු ආවේ පට්ට වටයක් ගහලා...මොකද මාත් එක්ක හිටිය උන් කෑගල්ලේ...හබරකඩින් නැග්ග ගොඩගමට...එතනින් නැග්ග අවිස්සාවේල්ලට...එතනින් කෑගල්ලට...අරුන් බැස්සා...මම එතනින් කුරුණාගලට...නෑ නෑ...නගින්ඩ බලන් හිටියා...හුටා රෑ 9 යි...එක බස් එකයි තියෙන්නේ...එකත් පොල්ගහවෙලට...හුට පරිඤ්ඤන් කිව්වලු..දැන් මොකද කරන්නේ...කොල්ල බලන් ඉන්නවා පොල්ගහවෙලට වෙලා...10.30 යි...ආව බස් එකක්...අප්පේ පතරංග නාරි දේහයක් ළඟ මම වාඩි උනා...එකී නිදි කිරා වැටෙනවා...කිටි කිටියේ ඇඳන් හිටිය ඔෆිස් කිට් එක ගැලවෙන්ඩ ඔන්න මෙන්න...මල පෙරේතියක් වගේ...හප්පේ...සිදුහත් කුමාරයා එහෙම මේකිව දැක්කනම් ඒ වෙලේම යනවා අභිනික්මනේ...අනිත් පෙර නිමිති ඕන නෑ...ඊක්කා...චා...
කුරුණාගලින් බැස්සා...
තාත්තේ...

මම ඇවිත් ඉන්නේ...ස්ටෑන්ඩ් එකට එන්ඩ...
මේ පොඩ්ඩක් පරක්කු උනා...
නෑ නෑ පරක්කු නෑ...මම හිතුවේ හෙට උදේ එයි කියලා...
කනේ පාරක් නැතිව බැනුම් ටිකකින් ශේප් වෙලා ගෙදර ගියා...මමනම් ඉතුවේ දෙයි කියල හතර ගාතෙන් වැටෙන්ඩ...
කෝමින් කොම හරි දවස් දෙක තුනක් ගියා...වැඩේ ගොඩ...මම සිලෙක්ට් වෙලා...හප්පේ අපේ ගෙදර උන්දලාට තියන සන්තෝසේ...ඇදුම් අරව මෙව්වා ලැස්ති කරගන්ඩ තිබ්බේ දවස් දෙකයි...සේරමත් ලැස්ති කරගෙන ගෙදරින් පිටත් උනා උදේ පාන්දර...ටවුමට යද්දින් විශ්වයයි දිලීපයයි කිත්තයි...සෙට් එක ෂොපින් එකේ...
ඒ අඩෝ පාටියක්...

දන්නවා කතා කරලා වැඩක් නෑ බේරුමක් නෑ කියලා...
ඒ මොනවද ඕනේ...

යමුකෝ...බ්‍රයිට් බ්‍රාවෝ...
ඈ...ඒ අඩේ...
එහෙනම් එපා..පල...
අනේ මන්ද තොපිනම් යමු...තොපි තුන්දෙනාට රුම් එකකුත් අරන් දෙන්ඩද?ඈ...
අනේ පල...
බයිට්,පොටෙටෝ චිප්ස්,එක්ක මෙව්වත් ගත්තා...මම නම් බොන්නේ බියර් ජුන්ඩක් විතරයි... එකත් මුඩියට හලාගෙන නහය ගාවට ලං කෙරුවාම අවුරුද්දකට ඇතිවෙන්ඩ වදිනවා මට ...එකට මුන්...කිත්තට පොඩ්ඩක් වැඩියෙන් පෙව්වා..ඌ හන්දනී මේක සෙට් උනේ...අන්තිමට සල්ලිත් නෑ...ඉවරයි කෑවා මාව...කොම හරි හද්ද ලොකු ට්‍රැවලින් බග් එකකුත් එල්ලන් ලස්සන එකට යද්දින් වෙලාව රෑ හතයි...සික්කට සද්දයක්  දාල තමා ඇතුලට රිංගුවේ...කොහොමින් කොහොම හරි ලස්සන එකේ ජිවිතේ නම් හරිම ලස්සනයි...
කෙල්ලෝ නෑ...කොල්ලෝ විතරයි..කුණුහබ්බ විමානයයි...අමු හෙළුවෙන් දුවන්නේ උන්...කවදාවත් අමතක වෙන්නේ නැති රත්තරන් කොල්ලෝ ටිකක් ඉන්නවා එහෙ...යන්න ආසයි බලල එන්ඩ...කොහෙද දැන් නම් වෙලාවක් ඇත්තෙම නෑ..ආදරේ එක්ක හැමදේම අමතක කරලා ඒ වෙනුවෙන්ම ඉන්නවා..මේ ආදරේ නැති වුනොත්නම් අනේ මන්දා...ඒක තියෙන්නේ එයාගේ අතේ...
ලස්සන එකේ ඉන්න දවස් වල කෙල්ලෝ ගත්ත වැඩට...දිවෙන් දිව ගාගෙන හිටිය උන් වෙනස් වෙන්ඩ ගත්තා...බලන් ගියාම ගොඩක් උන් කොහෙවත් නැති නාකි මගුල් හින්ද ගෙම්බෝ වෙලා...ඒක එපා වෙන්දනම් වැඩි කාලයක් ගියේ නෑ...ඔය අස්සේ හොඳම ට්‍රේනි කියන කප් එකත් ගැහුවා මම...ඉතින් ඊට පස්සේ තමා මල් මතකෙට ආවේ...මේ ජිවිතේ මාර නිදහස්...
මට හැමදාම ඕනි වුනේ කවද හරි බඳින කෙල්ල එක්ක හැමවෙලේම ඉන්න...එයාට තනියක් නොදැනෙන්න ඉන්න...මගේම කියල මල් මතකයක් එන්න වැඩි කල් යන්නේ නැහැ...එතකොට ජිවිතේ ලස්සන වෙයි ගොඩාක්..මම එහෙම හිතනවා..කොමත් මම සල්ලි පස්සේ දුවන එකෙක් නෙවි...මැරීගෙන සල්ලි හම්බකරන එකෙක් නෙවි...ඒත් අවශ්‍ය ගාන කොහොම හරි මම බැලන්ස් කරගන්නවා...දෙයක් කියන්නම්.....මම කරේ බයෝ...රස්සාවකට යන්න තරම් හොඳ රිසල්ට් එකක් තියනවා..ඒත් මට එව්වා ගැලපෙන්නේ නැහැ...මේක කියවන උඹලටත් සමහර විට ඔහොම ඇති...ජිවත් වෙන්න රස්සාවක් නෙවේ ජිවිතේ විඳින්න රස්සාවක් හොයාගනිල්ලා...මොකද අන්තිමට ගහපු බෙරේකුත් නෑ බෙරේ පලුවකුත් නැති වෙයි...හැබැයි මේ රස්සාව තොර ගත්ත ඒක ගැන මම අද සන්තෝස වෙනවා...මොකද බුකියට යන්ඩවත් නිදහසක් ආවා...මගේ ආනගතේ ලස්සන කරගන්න මට පාර හම්බ වුනා...කොහෙන් ගියත් නතර වෙන්නේ ආදරෙන්...අනේ මන්දා...නිදහසයි සතුටයි එක්ක සල්ලි නැතත් ජිවිතේ සැහැල්ලු වෙලා...නොකා නොබී හිටියත් මානසික සුවය මට වටිනවා...මම ආදරෙයි මගේ රස්සාවට...මොකද මේක මගේ කැමැත්ත...මේ මගේ දේ...

Thursday, July 5, 2012

මේ...කෙල්ලෙක් ඉන්නවද?

හ්ම්ම්ම්...ඔන්න ගොඩ කාලෙකින්...ආදරෙන් මත් වෙලා මෙව්වා වෙලා ආදරේ උස්මුරුත්තාවටත් ඇවිත්...ඕකෙන් මේකෙන් බ්ලොග් එක ගැනත් අමතක වුනා වගේ...උදේ පාන්දර ඇඳෙන් නැගිටිද්දීන් කලිසම නෑ...මෙව්වා ජාත්යන්ත්‍රණ කුමන්ත්‍රණ...මගේ පිටි පස්සේ මොක්කදෝ විසාල දේසපාලන බලවේගයක් ක්ලියාත්මක වෙනවා...දනි පනි ගාල නැගිටලා කලිසමත් නිකන් පටලෝගෙන කොම්පිතරේ ඩෙක්ස්ටොප් එකට උම්මා එකක් දීල ඒම දවස පටන් ගත්ත...වෙලාව අටත් පහුවෙලාද කොහෙද..පල්ලෙහා එවුන් උදේට කනවා...මමත් ගියා මුණ එහෙම හෝදගෙන නිකන් සිරිමත් වගේ...අපි එහෙමයි...උදයම පුබුදී...උඩ වැඩ කරන එකෙක් කොත ගහල බත් එකක් බෙදාගෙන අහිංසක පිඹුරෙක් වගේ පැත්තකට වෙලා සරාස් බරාස් ගාල සවල් පාරවල් ගහනවා...මගෙත් මොකද ඉතින්..ඕනේ ජිල් බෝලයක් පහත තැනින් යයි ගලා කියල මමත් පිදුරුතලාගල කන්ද වගේ බත් ඇබින්දක් පිඟානට දා ගත්තා...ඊට පස්සේ ලක්ෂපාන ඇල්ල වගේ සොදි ජුන්ඩක් දා ගත්තා...එක මාලුවනේ ඉතින්...
මාතිය මොකද පවුල් ප්‍රශ්නයක්වත්ද ඈ...කාල මැරෙන්ඩද හදන්නේ?

එතන හිටපු අත් උදව්වට ඇවිත් හිටිය දෙමල කොල්ලෙක් අහපි...
නෑ බොල අපේ අම්ම මට  රන්කිරි කට ගාල තියෙන්නේ සවලෙන්නි...ඒකයි මේ.
..
මුන්ටත් අහන්ඩ වෙන දෙයක් නැනි...මල පැනල මට අසු හාරදාහට...එත් කන අතරේ මතක් වෙච්චි දෙයක් මේ...උඹෙන් අහන්ඩ හිතුනා...
දෙයක් අහන්නම්...උඹේ කෙල්ල  මොන වගේද?(කොල්ලන්ගෙන් ඇහුවේ හරිද?කෙල්ලොන්ටත් ඉන්නවා...අපි දන්නවා හු ඈ...)උඹ උඹේ  හිතේ කුපාඩිකම් වනචරකම් වෙන ලාභ ප්‍රයෝජන බලාගන නැතිව ඇත්තටම ජිවිතේ ගෙනියන්න තමන්ගේ අනාගත සහකාරියව තෝරාගන්න හිතනවානම් උඹ ඒ හිතන කෙනා උඹ ඒ පතන කෙනා උඹ ඒ බලාපොරොත්තු වෙන කෙනා කොච්චර දුරට උඹට ගැලපෙනවද කියල හොයල බලන්න ඕනි....මොකද ආදරේ කොච්චර සොඳුරු වුනත් ප්‍රේමයත් රාගයත් එක්ක ඔය ආදරේ කොච්චර ලස්සන වුනත් දෙන්නට දෙන්නව තේරෙන්නේ නැත්නම් දෙන්නට දෙන්නව අඳුනගන්න බැරිනම් ඒ ආදරේ විවාහයකින් කෙලවර වෙන්නේ නැහැ...ඒක ඉස්තිරයි..අහම්බෙන් විවාහ වුනත් රඳා පවතින්නේත් නෑ...පොඩ්ඩක් තේරුම් අරන් වැඩ කරහන්...
සමහර කෙල්ලෝ ඉන්නවා හරිම නිහඬයි...නිහඬයි කියන්නේ ඉතින් කතා නෑම තමා...කතා කරන වචනේ කට ඇතුලේ ඉන්න එකෙක්ට මිසක් පිට ඉන්න එකෙක්ටනම් ඇහෙන්නෙම නෑ...සමහර කොල්ලෝ ඒ වගේ උන්ට ආසයි...ආසයි කිව්වේ කැමතියි...ඒ වගේ කෙල්ලෙක්ව යාලු කරගන්ඩ නම් ඉතින් අසාමාන්‍ය කට්ටක් කන්ඩ වෙනවා...ඇයි හත්තලාමේ මෙකි කතා කරන්නේ නැහැනේ...මොන කෙං ගෙඩියක් කරන්ඩද?මේ වගේ කෙල්ලෝ සාමාන්‍යයෙන් ආදරේ ගැනවත් ජිවිතේ ගැනවත් හරි හමන් අදහසක් ප්‍රකාශ කරන්නේ නැහැ...දවල්ට කන්නේ මොනවද ඇහුවොත් කියයි ඕනි දෙයක් කියලා...මෙහෙම කරමුද ඇහුවොත් හා ඔහොම කරමු කියයි...නරකද ඇහුවොත් නරකයි කියයි..ඒකම හොඳද ඇහුවොත් හොඳයි කියයි...ඔය වගේ කෙල්ලෝ හරි දුර්ලබයි..රතු දත්ත පොතෙත් නැතිව ඇති ඔහොම උන් නම් අද කාලේ...සෙට් කරගත්තොත් ඒක වාසනාවක් තමා...හැබැයි ඒ කෙල්ල හන්ද උඹේ ජීවිතේට මහා ගොඩක් දේවල් නම් ලැබෙන්නේ නැහැ...කෙලින්ම කියනවනම් එකී හරියට මැටි ගුලියක් වගේ...උඹට ඕනි විදිහකට හදාගන්ඩ පුළුවන්...
තවත් කෙල්ලෝ ජාතියක් ඉන්නවා උන් දිහා බලන් හිටියාම ටිකක් වෙලා අපට හිතෙනවා ඈ යකෝ මේකිගේ ඇඟ පුරාම කටවල්ද කියලා...ඕනි මගුලයි එපා මගුලයි සේරම කියෝනවා...කොල්ල එක්ක නෙවේ...රට වටේම ඉන්න හාල් පාරුවෝ එක්ක...විලි සංගයක් නැතිව දඟලනවා...අදහස් ප්‍රකාශ කිරීම අතින් අංක එක..වෙන එකෙක්වත් සෙකන්ඩ් නෑ...ඔය ලිඳ ළඟ සංගම් වල කයිවාරු ගහන කේලාම් ගෑනු බිහිවෙන්නේ උන් ලොකු උනාම තමා...සාමාන්‍යයෙන් මම දන්නා තරමටනම් කොල්ලෙක්ට ඔහොම එකියක් සෙට් වෙන්නේ උගේ තියන අසාමාන්‍ය පවකට...ඕනේ එකටයි එපා එකටයි හැම එකටම කියවන ඒකි එක්ක ඌ ගෙවන්නේ ජිවිතයක් නෙවේ...කොල්ලත් දරදඬු එකෙක් උනොත් එතන ඉතින් දෙවන ලෝක යුද්දේ තමා...ආදරෙත් කරලා කසාදත් බැඳලා ගෙවන ජීවිතේ ගෙවන්ඩ වෙන්නේ නයයි මුගටියයි වගේ... කොල්ල නිහතමානි අහිංසක චරිතයක් උනොත් ඉවරම තමා..අරකි ඒකිට ඕනේ විදිහට නටනවා..ගෙදර ගෘහ මූලිකයා ඒකි...ඇඬේනවා...ඒ වගේ උන් ඉතින් ගෙදරට  පහනක්...මොකද හැමවෙලේම පත්තු වෙච්ච් ගමන්නි...
තව කෙල්ලෝ වගයක් ඉන්නවා හරි සෝබන කාරියෝ...ජිවිතේ බරපතල අධ්‍යාත්මික වටිනාකමක් උන් අඳුනනනේ නැහැ...රැල්ලට දුවන උන්...සුපර් ස්ටාර්ල වෙන්ඩ,තරඟෙට සින්දු කියන්ඩ නටන්ඩ දඟලන්නේ ඒ වගේ උන්...උන්ට ජීවිතේ හැම තත්පරයක්ම හරි ආතල් එකක්...චරිතයක් වශයෙන් උන්ට කිසිම ප්‍රතිරූපයක් නෑ...එහෙම එකක් ගොඩ නගාගන්ඩ ආසාවකුත් උන්ට නැහැ...කෙටියෙන්ම කිව්වොත් ඒ වගේ උන් හරිම ගොබ්බයි...ඒ වගේ කෙල්ලෙක් උඹත් එක්ක ඉන්නවනම් උඹට තේරෙනවා ඇති මම කියන දේ..ඒකි ගැන සැකයක් ඇති වෙනවා නේද උඹේ හිතේ?ඒ වගේම ඒකිව නඩත්තු කරන්ඩ උඹේ අම්මලට තාත්තලටත් පාර්ට් ටයිම් ජොබ් කරන්ඩ වෙනවා වෙනමම...ඒකිට විසේ..ඒ විසේත් එක්ක උඹට හැරෙන්ඩ බෑ...උඹට හරි මහන්සි...සමහර වෙලාවට උඹට උඹ ජිවත් වෙන ලෝකෙට ඒකිව ගේන්ඩ බෑ...මොකද මහා නෝන්ජල් ගොන් වැඩ කරන්නේ...විලි සංගයක් නෑ...උඹේ පටිත් රෝල් කරනවා...උන්ගේ තාත්තලාගේ පඩිය ඉවරම වෙන්නේ උන්ට වියදම් කරලා...උන්ගේ ඔලුවට එක එක ෂම්පුයි, මොලේට තෙලුයි, ඇඟිලි විස්සට කියුටෙක්ස් විස්සකුයි ඕනේ...හැකරල්ලෙක්ගේ වගේ අත් කකුල් තිබ්බනම් උන්ගේ අප්පලාට යන්ඩ වෙන්නේ හොම්බෙන්...මුනට ඒකයි.බෙල්ලට තව ක්‍රීම් ඒකයි.අතට කකුලට බඩට කටට පිටට වගේ සරීර හැම අවයවේකටම උන්ට වෙන වෙනම ක්‍රීම් තියනවා...පුත්තලම් බුරුවො දෙතුන් දෙනෙක්ගේ වයස තියන ඒ වගේ උන් ගාන්නේ බේබි ක්‍රීම් රෑට නිදාගද්දීන්...උඹ කැරට් කෑවාට ඒකි කැරට් බොනවා...මුං ඇට මුනේ ගානවා...මී කිරි දෙහි අලිගැටපේර වගේ ඕනි මගුලක් මුනේ උලනවා...ගෙදර උයන්ඩ තියන පිපිඤ්ඤා  ඒකි මුනෙයි ඇස් වලයි තියාගන්නවා...උඹට වෙන්නේ කබයි කුරුලෑ සාරුයි එක්ක පිපිඤ්ඤා ටිකක් බත් එකට දාගෙන කන්ඩ තමා..උන් සැලුන් වලට ගිහින් මුණ ස්ට්‍රේට් කරනවා...මයිල් ස්මයිල් වෙනකම් ෆර්ම් කරනවා...කොන්ඩේ බ්ලීච් කරනවා.. තොල් රීකන්ඩිෂන් කරනවා.. උන්ගේ මුනේ වලවල් නෑ තියෙන්නේ ගොඩැලි...සැලුන් වලට ගිහින් පොටි දාල හැටේ වැලි කඩදාසියෙන් කපල එකසිය විස්සේ එකෙන්  ශයින් කරපුවාම ගොඩ...ආයේ මුණ හෝදපුවාම අනාතයි... මෙව්වා ඇත්ත...ඒ වගේ එකියක් ජීවිතේට පාත් වෙන්නේනම් කරුමේකටම තමා...පරෙස්සම් වෙයන් හරිද..ඉන්නවනම් පයින් ගහල එලවපන්...යන බල්ලෙක් එක්ක හැඳි ගෑවිලාම යන්ඩ...
ඔන්න ආතල්ම එක...තව කෙල්ලෝ ටිකක් ඉන්නවා සැපටමයි...ඒ කිව්වේ මොකක්ද දන්නවා ඇතිනි...උන්ට ශරීර සැප ඇරෙන්ඩ වෙන කිසි දෙයක් එපා...උඹ වගේ කොල්ලෝ දුසිම් ගානක් එක්ක ඒකි බුදියන්  ඉඳල ඇති..එහෙම උනත් ඒකි උඹෙන් බලාපොරොත්තු වෙන්නේ අනිත් හැම කොල්ලටම වඩා වෙනස් අත්දැකීමක්..වෙනස් විදියක සතුටක්...කැළණි පාලම යටින්පොල් ලෙල්ලක් ගියාට දැනෙන්නේ නෑනේ කොල්ලෝ...උන්ගේ ඇස් වල කළු ඉන්ගිරියාවත් නිල් පාටයි..ඒක නිල් නම් කළු ඉංගිරියාව වෙන්ඩ බෑනේ..උන්ගේ ඇස්වල නිල් ඉන්ගිරියාවත් නිල් පාටයි...මුළු ආත්මේම නිල් තමා...හැබැයි මතක තියාගනින්...ඒකි කරගත්තට පස්සේ උඹෙන් ඈතට යනවා...පාරේ යද්දින් උනත් උඹ ළඟ ඉඳන් ඉද්දින් උනත් ඇස් එහෙට මෙහෙට කැරකෙනවා ඇති ඒකිගේ...පරෙස්සමින්...අපේ ආච්චිලගේ කාලෙනම් කිව්වේ එකෙන්ම වේසියෝ කියලා...දැන් ඉතින් අපේ කාලෙට එව්වා කුණුහරප වෙලානි...මමත් කියන්නේ ඒ වගේ උන්ට වේසියෝම තම ඉතින්...මේ කුරුල්ලා ඇත්ත කියන්ඩ බය නෑ වගේම ඇත්ත වෙනුවෙන් ඔලුව නමන්ඩත් දෙපාරක් හිතන් නෑ...ඒ වගේ කෙල්ලොන්ගේ මයිල් ගහේ ඉඳන් වනචර කම...(මම මේ කියන්නේ කොල්ල ළඟ ඉද්දින් කෙල්ලට ඇතිවෙන හැගීම  නෙවේ...එකනම් ඉතින් වෙනම කතාවක්නේ ඈ...)කොල්ලෙක් ලඟින් ඒකි ගියොත් කොල්ලත් ගැබ් ගන්න සයිස්...බැරිවෙලාවත් එහෙම එකියක් හම්බ උනොත්නම් උණ්ඩුක පුච්චේ හපන් මැරෙන එක සැපයි මහත්තයෝ...මේ වගේ උන් හොදයි බාගෙට පරිනාමය වෙච්ච යෝද චිම්පන්සියෝ වගේ උන්ට...
සාමාන්‍යයෙන් කොල්ලෙක් තමාගේ මුළු ජිවිත කාලෙම හීන මවන්නේ තමන්ගේ අම්ම වගේ ආදරේ සෙනෙහස දෙන කෙල්ලෙක්...ඒ විදිහේ කෙනෙක් ජීවිතේට ලැබෙන්නේ බොහොම කලාතුරකින්..අඩුවෙන් කතා කරන වැඩියෙන් ඇහුම් කන් දෙන එත් දෙන්න තනියම ඉද්දින් උඹට කතා කරන්නද තියා කට අරින්ඩවත් නොදී ගිරවියෙක් වගේ කතා කරන විදිහේ ගෑනු ළමයෙක් උඹට ඉන්නවා නම් ජිවිතේ ලස්සන වෙයි...උඹ ළඟ ඒකි පිස්සියක් වෙයි..උඹ ඉල්ලන දේවල් දෙයි..උඹ හොයන සැනසීම දෙයි..මුළු ආත්මෙන්ම උඹට ජිවිතේ දෙයි...උඹ ළඟ වල් වෙයි...සමාජේ ඉස්සරහ අහිංසක වෙයි..ඇත්තටම උඹට ඕනෙත් ඒක නේද?ඇත්තටම කොල්ලෙක් විදිහට ජිවිතේ විඳින්න ඕනෙනම් පියවරෙන් පියවර ජිවිතේ සාර්ථක වෙන්ඩ ඕනෙනම් හොයාගනින් එහෙම එකියක්...මටනම් හම්බ වුනා...සාර්ථක මිනිහෙක් පිටිපස්සේ ගෑනියෙක් ඉන්නවා කිව්වට හැම ගෑනිටම මිනිහෙක් සාර්ථක කරන්ඩත් බෑ...උඹේ පින් කරලා තියෙන්ඩ ඕනේ...මොකද ගෑනියෙක්ට පුළුවන් මිනිහෙක්ගේ ජිවිතේ එක තත්පරෙන් විනාස කරලා දාන්ඩ...පරෙස්සමින්...

Saturday, June 23, 2012

කුරුල්ලා දුෂණයට ලක්වීම ( අවසාන කොටස)

කලින් එව්වා මෙතනින් බලන්න...
 1 කොටස 
 2 කොටස   
 3 කොටස   
අපි එහෙමයි...හු ඈ...





මේක කොටස් තුනෙන් ඉවර කරන්න හැදුවට බෑ වගේ...මමත් හිතුවේ ඉවලෙතම ඉවලයි කියලා...ඒත් ඉවරයි කිව්වට ඉවරමත් නෑ වගේ...හද්ද මුසල පාන්දරක මම නැගිට්ටා...(ගැලපෙනවද මන්ද)...දැන් ඉතින් වැඩ...ආයෙත් වැඩ...ආයෙත් වැඩ...ඔහොම ඔහොම වැඩ වැඩ වැඩ වැඩ වැඩ....
ජනක අපි යමු 10 ට විතර..
හෑ... කොහෙද?
අරක බලවගන්න...
මොක?
ලෙඩේ...
අහ්...හා යමුකෝ...
ආයිත් වැඩ වැඩ වැඩ වැඩ...දන්නවනි ඉතින් අපි..වැඩට බැස්සොත් නැගිටිනවා බොරු...බුකියෙම තමා...වැඩ වැඩ වැඩ වැඩ...කොහොමින් කොහොම හරි මටත් ලෙඩේ අමතකයි..බෙහෙතුත් ඉවරයි...බිව්වෙත් ඉතින් දවසට එක වේලක් වගෙනි..කොහේ සනීප වෙන්ඩද?තියන වෙඩින් එකේ බඳින උන්ට පිස්සුද මන්දා ටේබල් ඩෙකෝ 45 ක්...පරම්පරාවටම දෙන්ඩ වගේ...මොකද ඉතින් එකෙක්ගෙන් 1000 ගානේ ආවත් මදැයි...බඳිනවා කියන එක තමා අද කාලේ හොඳම ජොබ් එක..පට්ට ආදායම් මාර්ගේ...කෝම හරි ගැහුවා ඩෙකෝ 45 ම...පඩි පෙළවල් 2 ක් නැග්ගා...බැස්සා...නැග්ගා...බැස්සා...එක ඩෙකෝ එකකට එක ගානේ...හම්මේ මාන්සිය...ඉන්ඩ බෑ රිදෙනවා අහවල් එකේ ඉඳන්...
සර්...
ඇයි ජනක...
රිදෙනවා සර්...
ඉක්මනට යමු....කෝ යතුර...
හෑ...යතුර තියෙන තැනත් අමතක වෙලා...
කොහෙටද යන්නේ?
අනේ ජෙනරල්ම යමු...
හැබැයි අතන නම් හවසට ඉන්නේ වයසක පොරක්..යමුද...
අනේ කමක් නෑ...ඉන්ඩ බෑ...යමු...
මෙයා කතන්දර කියෝනවා...මගේ සබ්බ සකලමනාවම දෙදරනවා...යන ගමන් නල්ලුරුවේ හන්දියේ කොල්ලෝ දෙන්නෙක් කෙල්ලෝ දිහා බලාගෙන හිතින් වගේ උම්මා දෙනවා...හෑ...සික් විතරක්...වල වනචර ගඳ සමනල්ලු...අහිංසක කෙල්ලන්ව උන්ගේ අම්මල පන්ති එවන්නේ දුක් මහන්සි වෙලා...ඉගෙන ගන්න උන් අම්බ කට්ටක් කන්නේ...කෙල්ලෝ මගදී කටු අකුල් ගානේ රිංගන එක වරහන් ඇතුලේ තිබිච්චාවෙකෝ...එව්වා වෙනම කතානේ මුන් බෝ පැල වගේ කෙලි පැටව්....හෑ අදත් අර සීන් එකම තමා...මොලේ අමාරුවත් හැදිලා...
එදාට වඩා හොඳින් ඇවිදගෙන ගියා ඇතුලට...ලස්සන අක්කෙක් තේ එකක් බොනවා එතනට වෙලා..දැකලත් පුරුදුයි..සංසාරේ පතන් ආව වගේ..හෑ...මගුල තමා...
මේ ඩොක්ටර් ඉන්නවද?
ඈ ඔව්...
අර තේ එක බිව්ව අක්කා ගිහින් වාඩි උනා ඩොකාගේ පුටුවේ...හතර විලි ලැජ්ජාවයි...හෑ..මෙයාමනි මට එදා බෙහෙත් දුන්නෙත් නර්සින් හෝම් එකේ..අද මෙහෙ?මම සර් දිහා බැලුවා...මනුස්සයාගේ මුණ මෙහෙක් වෙලා...පව් අප්පා...
ඉඳගන්න...
ඩොක්ටර් මම කලින් පානදුරේ හොස්පිටල් එකේ ඇඩ්මිට් වෙලත්.......
ආ මට මතකයි...
හෑ....(කෙලවිලාද?මෙයා මගේ බ්ලොග් එක  බලලද?මල මගුලයි...)
ඔව් ඔව් නර්සින් හෝම්  ගිහින්නි
  ගියේ...නේද?මමනි යැව්වේ?
නෑ නෑ යැව්වේ  අර නර්ස් අක්ක..පස්ස දිගේ..මතක නැත්ද?හෑ....හිතෙන එව්වා කියන්න පුලුවන්නම්...හනේ....
දැන් මොකද?
ආයිත් රිදෙනවා...
ම්ම්ම්...
හයිඩ්රෝසිල් ද දන්නේ නෑ ඩොක්ටර්..
ඔයා කෝමද එව්වා ගැන දන්නේ...
ආහ්..මේ මම කලේ බයෝ නි...(බයෝ වලට ඉගෙන ගත්තු මගුලක් නෑ..මෙව්වා ඉතින් අපේ සාමාන්‍ය දැනීම..ඇත්තම කියනවනම් හොප්පිතල් නැවතිලා ඉද්දින් මට දෙපැත්තෙන් හිටියේ එව්වා තිබ්බ  උන් දෙන්නෙක්...)
හ්ම්ම්..බලමුකෝ එහෙනම්...හැබැයි බලන්න වෙනවා...
හෑ...ලේඩි  ඩොක්ටර් කෙනෙක්..තාම 25 ක් වත් පෙන්නේ නෑ...මට හික් ගෑවුනා...ඒ පාර සිකුරා ඩෙනිමකුත් ඇඳන් මගේ නළලටම දෙන්න හදන්නේ..මම නණල පිහ දාගත්තා...අතේ වතුර වගේ...හෑ...මට හීන් දාඩිය දාලා...
වයස කීයද?
ඈ...තත්පරෙකටත් අඩු කාලෙකදී මට හිතුනු එව්වා මේ...ඇත්ත වයස 21 යි...ඇත්ත වයස කිව්වොත් අනාථයි...යවයි වෙන එකෙක් ගාවට...අනික පිනා ගහපු චාන්ස් එකනේ...හෑ...මගේ වෙන්ඩ දේකුත් නෑනේ තවත්...19 ක් කියනවා...හෑ...ඇත්ත කියල හිතයිද?නෑ නෑ 20 ක් කියනවා...පොඩි රිස්ක් එකක් ගත්තට  මොකද?
විස්සයි...
ම්ම්..කාත් එක්කද ආවේ...
සර් එක්ක...
සර් එක්ක අර කාමරේට ඇතුලට යන්නකෝ...
හෑ...
ඒ වෙලාවෙනම් මට හිතුනු එව්වා අහන්ඩ එපා එකෙක්වත්...හයියෙන් හු ඈ...ඩොක්ටර්  අක්ක ආවා...තව නර්ස් කෙනෙකුත් ආව...සර් ඉඳන් බලන් ඉන්නවා...
කලිසම ගලවන්නකෝ...
හෑ...
එදා වෙච්ච් දේමයි...අල්ලපු ගෙදර ඇන්ටි පල්ල දැන්නම් ලැජ්ජාව බින්දුවයි..මහ පාරේ කෙල්ලෙක් කිව්වත් ගලවපන් කලිසම කියල දෙපාරක් හිතන්නේ නෑ ගලවනවා...ඒ තරමටම  ලැජ්ජාව ගිහින්...ඕනේ කෙහෙල් ගෙඩියක් කියල මම ගැලෙව්වා කලිසම...ෂීක් මෙහෙම බවක් දන්නවනම් පොඩ්ඩක් සෙන්ට් ටිකක් එහෙම ගහල පවුඩර් තුට්ටක් දාල එනවනේ...මොනවා කරන්නද ඉතින්.. 

රිදෙනවද?
හෑ...ඔව්...
මට දැන් හද්ද බය...දෙයියනේ පොඩ්ඩක් හරි එහෙට මෙහෙට උනොත් හතර විලි ලජ්ජවයිනි.....අනේ මලේ උඹනම් නැගිටින්ඩ එපා...
කොයි පැත්තද රිදෙන්නේ?මම අල්ලද්දීන් රිදෙනවද?
වම් පැත්ත...ඔව් රිදෙනවා...
මට කෙඳිරි ගෑවෙනවා...මගේ තරුණ මනස ගොඩක් ව්‍යාකුල වෙලා අප්පා..පව් නැත්ද මම...
හ්ම්ම්...දැන්...මිස් පොඩ්ඩක් ටෝච් එක ගේන්න...
හුටා..ටෝච් ගගහ කොහේ බලන්නද?හෑ...පැනල දුවන්ඩ හිතයි..අනේ මලේ තව ටිකක් ඉවසහන්..තව තුට්ටයි...
හ්ම්ම්...මෙහෙම අල්ලද්දීන් රිදෙනවද?
අක්ක කරකව  කරකවා බලනවා..රිදෙනවා මයේ දෙයියෝ...ඇති අනේ...හම්මේ...මත බෑ...මම සර් දිහා බැලුවා...එයාටනම් හිනා...අතින් කට වහගෙන...හෑ...
හ්ම්ම් හරි...
අක්ක ගිහින් අත හෝදගත්තා...
යමු...
හා...
ඔයාට තියෙන්නේ ඔයා කියපු ලෙඩේම වගේ තමා...
අහ් එහෙමද?
මට හෙන ආඩම්බර ඉතින්...දැන් අක්ක ඇඳල පෙන්නනවා...
මෙන්න මේ හරියේ තමා ඔව්ව තැන්පත් වෙලා තියෙන්නේ...පොඩි ඔපරේෂන් එකක් තියෙන්නේ...
අහ් මම දන්නවා..පොඩි කැපුමක් දාලා ඔව්ව අරන් දානවනි...ඊට පස්සේ එහෙමම තියනවා...
මෙයා දන්නා දේවල්...එහෙනම් ඉතින් පානදුර හොස්පිතල් එකෙන්ම කරගන්න පුලුවන්නි...
හා...ඉත්තුති අක්කේ...මම මහ මරුසි හිනාවක් දැම්මා...
කැෂියර් එකට ගිහින් ගාන කියාද ඇහුවාම නෑ එපා කියලත් කිව්වා...අනේ වාසනාවන්..මෙව්වා පුරුවේ පිනට හැදෙන ලෙඩ...මැරුවත් තැනනම් කියන්නෙම නෑ...තව ටිකක් හයියෙන්  හු ඈ....
(විශේෂ දැන්වීමයි...ආයෙත් නම් මොන මගුල උනත් මේ ගැන කියන්නේ නෑ නෑ නෑමයි...මම කුනුහලප තුත්තක්වත් තීන කතා කියන්නෙත් නෑ...මම තමයි අද ඉඳල මේ ලෝකේ හොඳම ළමය..)

Friday, June 22, 2012

සත්තයි....මරනවා මම උඹව...

ආදරේ...
උඹ එන්ඩද හදන්නේ මා ගාවට...
උඹ හොඳටම දන්නවනේ  මම උඹට වෛර බව....
අහිංසක කෙල්ලෙක්ගෙ ජීවිතේ...
කාලකන්නි කරන්නද උඹට ඕනේ?
කතා කරපන්...උත්තර දියන් මට...
ඒකි දුක් විඳියි...
මගේ හැටියට, මම හිතන හැටියට ඒකි දුක් විඳියි...
ඒකි කොහොමද මගෙ පුංචි ලෝකේ අත පය දිග ඇරලා ඉන්නේ...
දැන දැනත් එන්ඩ එපා මා ගාවට...
අහිංසකියක් වෙන්න ඇති...
ඒත් උඹ කොහොමද...
ඒකිත් අනිත් උන් වගේ වෙන්නේ නැති වෙයි කියල කියන්නේ?
එන්ඩ එපා තව අඩියක්වත්...
වැලලියන් ඔතනම...
සත්තයි....

මරනවා මම උඹව...

Wednesday, June 20, 2012

හිතපල්ලා එක විනාඩියක්...

කරන්නම දෙයක් නැහැ...ඒත් ලියන්න වෙනවා...කවදාවත් ලියන්නෙම නැහැ කියල හිතපු දෙයක් ලියන්න පටන් ගන්නේ යාලුවනේ...බ්ලොග් එක පටන් ගත්තේ ඒ හේතුව නිසාමයි...ඒත් අන්තිම කාලේ වෙද්දීන් තේරුණා ගොඩක් දේවල් වෙනස් වෙන ලෝකේ මේ දේ විතරක් වෙනස් නොවී තියෙයිද කියල...මද්‍යස්ථ විදිහට හිතලා මගේ පාඩුවේ ඉන්න හැදුවා...බ්ලොග් එකෙනුත් ගෙනාවේ මට හොඳයි කියල දැනුනු දේවල් විතරයි...ඒත්...... අද ඉඳන් මම ලියනවා...
මුළු ලෝකෙම මට විරුද්ධ  වුනත් මම ලියනවා...
මේ බ්ලොග් එක මම පටන් ගත්තේ මොකටද...ඒ ඉලක්කයට මම යනවා...
එන අය ඒවි...පස්සෙන් නෙවේ මට ඉස්සරහින්...ඔව්..මටත් වඩා ඉස්සරහින්...බැරි උන් ඉඳීවි...එකෙක් හරි එන්නෙත් නැති වේවි...ඒත් මම දිගටම යනවා...
අද උදේ පත්තරේ බැලුවා...එක පත්තර පිටුවයි  බැලුවේ...හරියට මට පේන්ඩම තියල වගේ...මෙන්න මේ සිරස්තල වලින් ලියවුනු පුවත් ටිකක්...
15 හැවිරිදි දැරිය  අපයෝජනයට ලක්කළ 38 හැවිරිදි දෙදරු පියා අල්ලයි...

14 හැවිරිදි දැරියක් මවක් වෙලා...මාසයක් වයසැති බිලිඳියක් උකුලේ...
පෙම්වතියට බඩක් දී පෙම්වතා පැනගිහින්...පෙම්වතියට වයස 14 යි...
මේ ලංකාවද?බුදුන් වැඩිය ලංකාවද?මිහිඳු හාමුදුරුවෝ බුදු බණ ගෙනාව ලංකාවද?රහතන් වහන්සේලා හිටිය ලංකාවද?විහාර මහා දෙවි වගේ ස්ත්‍රීන් හිටපු ලංකාවද?නෑ මේ අපි ඉන්නේ ලංකාවේ වෙන්ඩ බෑ...මේ ලංකාව බුදු පහස ලබල තියෙන්ඩ බෑ...මිහිඳු හාමුදුරුවෝ මේ රටට බුද්ධාගම ගෙනාව වෙන්ඩ බෑ...
මොකක්ද මේ කෙහෙම්මල් රටට අද වෙලා තියෙන්නේ?පාලකයන්ගේ වරදද?දේශපාලනේ වරදද?ආර්ථිකේ තියන අස්ථාවර කමද?බඩු මිල ඉහල ගිය හන්දද?ජීවන බර වැඩි වෙච්ච හන්දද?නෑ...ඔය එකක්වත් නෙවේ..මෝඩකම...මුන්ගේ මෝඩකම...
කොහෙන් පටන් ගන්ඩද කියල හිතාගන්ඩ බැරි මාතෘකාවක්....කොහෙන් කෙළවරක් දකින්නද කියල හිතා ගන්ඩ බැරි මාතෘකාවක්...වැරදි කවුද?හරි කවුද?එක්කෝ උඹලත් හරි මමත් හරි...නැත්නම් දෙගොල්ලොම වැරදි...එකෙක් වැරදි නෑ...එකෙක්ට ඇඟිල්ල දික් කරන්න එපා..දික් කරන්නත් බෑ...
ලිංගිකත්වය...ආදරය...?එකක්ද?දෙකක්ද?

මෙන්න මේ ප්‍රශ්න වලට උත්තර හොයපල්ලා...
මෙන්න උත්තර...
ලිංගිකත්වය කියන්නේ එකක්...ආදරය කියන්නේ තව එකක්...

ලිංගිකත්වය තියන තැන ආදරය තියනවා...
ආදරය කියන්නේ ලිංගිකත්වයත් එක්ක බැඳුනු දෙයක්
ලිංගිකත්වය කියන්නේ ආදරය එක්ක බැඳුනු දෙයක්...
ඔන්න ඔව්ව තම ගොඩක් අය දෙන සමහර උත්තර...ඔය මොකා මොන දේ කිව්වත්...අන්තිමට වෙලා තියෙන්නේ මොකක්ද?ස්ත්‍රියට සමාජයේ තියන තැන නැති වෙලා..එහෙමත් නැත්නම් ස්ත්‍රිය විසින් සමාජයේ තියන තැන නැති කරගෙන...ඔය දෙකෙනුත් මොකක් උනත් කොල්ලොන්ට වෙන්නේ මොකක්ද?හොඳ කෙල්ලෙක් හොයාගන්ඩ නැතිවෙන එක...එතකොට කෙල්ලොන්ට වෙන්නේ හොඳ කොල්ලෙක් හොයාගන්ඩ නැති එක...එහෙමයි කියල හැමෝම වැරදි කරාමත් හරි යයිද?මගේ ගෑනි පිට යනවා...මමත් යනවා...මගේ මිනිහ පිට යනවා...මමත් යනවා...
කෝ තොපේ කුමර කුමරි බඹසර?එව්වා කැලේ...කැලේ නෙවේ පඳුරක් පඳුරක් ගානේ විකිනෙනවා...ලස්සන ජිවිතයක් තිබිලත් ඇයි ජිවිතේ කාලකන්නි කරගන්නේ?විඳින්න පුළුවන් ජිවිතේ ඇයි විඳවන්න හදන්නේ?කොල්ලෝ බයිට් කරනවා කියල කෙල්ලෝ තියන සබ්බ සකලමනාවනම නැති කරගන්නවා...කෙල්ලෝ බයිට් කරනවා කියල කොල්ලෝ උන්ගේ සේරම නැති කරනවා...අන්තිමට කාටද මොනවද නැති වුනේ...???????
හිතපල්ලා...පොඩ්ඩක්..එක විනාඩියක්...වැඩක් නෑ කිව්වට..ඒත් කියන්නම්...තාත්තට තමන්ගේ දුවව දුෂණය කරන්න හිතුනේ ඇයි?අයියට නංගිව දුෂණය කරන්ඩ හිතුනේ ඇයි?මානසිකත්වය...සේරම වැරදි...රුප පෙට්ටියේ ඉඳන් හැමදේම වැරදි...මිනිස්සුන්ගේ කාමුක හැන්ගීම් ඉස්මතු වෙලා...
බුදු බණේ තියනවා යාලුවනේ....බුදු බණ ඇත්ත වීගෙන එනවා යාලුවනේ...අම්ම අප්පා අන්දුන්නන්නේ නැති යුගයක් එනවලු...මෙන්න පටන් අරන්....මේ ආරම්භය විතරයි...පටන් ගත්ත විතරයි...
ගිය වෙසක් පෝය දවසේ ගියා වාද්දුවට තොරන් බලන්ඩ...කුරුළු තොරන් තම වැඩි හරියක්ම තිබුනේ...පේමන්ට් එකෙත් තොරන් ගහල හරි හරියට...කුරුළු තොරන්...එව්වගෙන් කමක් නෑ කියමුකෝ...කුරුල්ලා ගියේ මිස්ල එක්ක...මිසුයි සරුයි බබාලා දෙන්නයි....පොඩි එවුන් දෙන්න ඇස් වහන් එක්ක යන්ඩ උනේ...ආපහු එද්දින් මාව අපේ ෂොප් එක ලඟින් දාල ගියා...සර් ගිහින් මිස්ලව දාල එන්නම් කියල...ඈතින් එනවා කෙල්ලෝ දෙන්නෙක්..වෙලාව පාන්දර 1 ටත් කිට්ටුයි...මම උවමනාවෙන් බැලුවා...වයස 18 කට අඩු මිසක් වැඩි වෙන්නනම් බෑ...කෙල්ලෝ දෙන්න හෙමින් හෙමින් ආවා...මමත් බලන් හිටියා...එක පාරටම කෙල්ලෙක් නැවිල වමනේ කරා...කරන්න තිබ්බේ එක දෙයයි...මමත් වතුර බෝතලේ අරන් එතෙන්ට ගියා...මුන් දෙන්න හොඳටම බීලා...බුදුන් බුදු වුනු දවසේ එලිය දුන්නු වෙසක් හඳ ඒ වගේමයි...මුන් දෙන්නටත් එලිය දෙනවා...ජිවිතේ සරදමක්... එකියක් මම දිහා බලල තැන්ක්ස්  කිව්වා...ඒ වෙලාවේ මට ඕනි වුනේ එක දෙයයි...ඉක්මනට එතනින් යන්න...මම වතුර බෝතලෙත් අරන් පස්ස නොබලා ආවා...කඩාගෙන ආවා ත්‍රී වීල් එකක් කෙල්ලෝ ලඟින් නැවැත්තුව...මොන මොනවදෝ කතා වුනා..කොල්ලෝ පස් දෙනෙක් විතර හිටිය ත්‍රී වීල් එකට අර කෙල්ලෝ දෙන්නත් පටවගත්ත...ඒ වේගෙන්ම ආපහු ගියා...කුරුල්ලට මුකුත් හිතාගන්න බෑ...රෑට නින්දට යද්දිනුත් පෙනුණු විකාර...එක්කෝ එදා රෑ වෙනද වගේම ඒ කෙල්ලෝ දෙන්න කොල්ලොන්ට ජිවිතේ දෙන්න ඇති...එහෙමත් නැත්නම් ෆන් එක ගන්ඩ බීල කොල්ලෝ අතින් එදා රෑ ඒ ජිවිත අනාත වෙන්න ඇති..එහෙමත් නැත්නම් කලින් කොල්ලෙක් හන්ද ජිවිතේ කාලකන්නි වුනු ඒ කෙල්ලෝ කොල්ලොන්ගෙන් පලිගන්න කියල ඕක කරනවා ඇති....මේක කියවන කෙනෙක්ට මෙහෙමත් හිතෙන්ඩ පුළුවන්..ඇයි බන් අපරාදෙනේ..මාරු චාන්ස් එක...ඇත්ත මාරු චාන්ස් එක...ඒත් එපා මටනම්..හිරිකිතයි...පට්ට අප්පිරියයි...
කවුද වැරදි මම දන්නේ නෑ...
ආදරේ ගැන හිතමු...මොකක්ද මේ ආදරේ...කෙල්ලෙක් කොල්ලෙක් එක්ක යාලු වෙනවා...කොල්ල කෙල්ලට රුම් එකට යන්ඩ අඩගහනවා...මොකක්ද ඒ?ආදරේද?හිතපල්ලා කෙල්ලනේ...මොලේ පාවිච්චි කරපල්ලා..ඒක ආදරේ නෙවේ...බඳිනකම් ඒකට ඕක ඉවසන් ඉන්ඩ බැරිනම් එක ආදරේ නෙවේ...ඔයා මට ආදරෙයි නම් එන්න මම කවදාවත් වෙන කෙල්ලෙක් ගැන හිතන්නේ නෑ කියන එකා උඹලට කරන්නේ ආදරේ නෙවේ...අහපල්ලා...ඕක ක්ෂිතිජය...එපා දියඹට බැහැල පීනන්ඩ...උඹලව අතරමං වෙයි...ආදරේ ලිංගිකත්වය කියන දෙක වෙන් කරලා අඳුන ගනිල්ලා...බුකියෙන් යාලු වෙන කොල්ල ගැන පවා  දෙපාරක් හිතපල්ලා...මේ කොල්ලොන්ට බනිනවා නෙවේ..මමත් කොල්ලෙක්...ඒත් කෝ අද කාලේ අහිංසකයෙක්ට කෙල්ලෙක්...????
තව දෙයක් තව ප්‍රශ්නයක්...කෙල්ලෙක් කොල්ලෙක් එක්ක යාළුවෙනවා..කොල්ල ඒකිව අතාරිනවා..එකී තව එකෙක් එක්ක යාළුවෙනවා..උත් ඒකිව අතාරිනවා...තවත් එකෙක්...ඔහොම ඔහොම 10 ක් 15 ක් එක්ක යාලු වෙනවා..දැන් ඒ කෙල්ල බඩුවක්ද?මටනම් මේවා ප්‍රශ්න...උත්තර නැති...එක අතකින් කෙල්ල වැරදි නෑ...ඒත් එහෙම කෙල්ලෙක් දිහා සමාජය බලන්න කොහොමද?අපි අතේමයි නේද උත්තරේ තියෙන්නේ?කොල්ලෙක් ඇහුවට යාලුවෙන්ඩ හොයල බලන්නේ නැතිව යාළුවුනාම ප්‍රශ්න නේද?අද සෙට් වෙලා පණ දෙන්ඩ කතා කරපුවාම හදපු වදපු අම්ම තාත්තත් දාල තොපි කොහෙද ඔය යන්නේ?මිරිඟුවක් පස්සේ නේද?උඹල පතන ආදරේ උඹලට ලැබිල තියනවද?ලැබෙයිද?එහෙමයි කියල හොඳ කෙල්ලෙක් හොඳ කොල්ලෙක් හොයාගන්න කියල හතර වටේ යන උන් හරිද?ඇයි එකෙක්ට එක කොල්ලෙක්, එක කෙල්ලෙක් එක්ක ඉන්ඩ බැරි?ප්‍රශ්න මටනම් මෙව්වා...
කොල්ලනේ අපිට නැතිවෙන්නේ හොඳ කෙල්ලෝ නේද?උඹල හිතනවද උඹල ඔයා කරන දෙයින් උඹලට හොඳ එකියක් හම්බ වෙයි කියල...මේ කියන්නේ ඇත්ත...ස්වභාව ධර්මය ඇත්තනම් එහෙම කොල්ලන්ට හම්බෙන්නෙත් නන්නත්තාරේ යන එකියක්...
එහෙනම් කෙල්ලනේ උඹලත් ...හැදියව්...හිතපියව්...දෙපාරක් නෙවේ සිය දහස් වාරයක් හිතපියව්...
කෙල්ලන්ට බනිනවා නෙවේ...උඹල වැරදි කියනවා නෙවේ...ඒත් සමාජය විසින් උඹලට දීල තිබ්බ තැනක්...බමුණු සමාජය උඹල පාගාගෙන ඉද්දින් ඒකෙන් මිදුන උඹල...ඒත් දැන්....මොකද වෙලා තියෙන්නේ?විලි වහෙන්ඩ ඇඳුමක් ඇඳන් යනවද උඹල?තොපේ පෙන්නගන්ඩ ඕනේ දේවල් පෙන්නන්ඩ ඕනේ උන්ට පෙන්නපියව් ...ඇයි අපේ එකාල පොන්නයොද?මුන්ගේ නැටි වලට කිරි උරන්නේ නැත්ද?
අද කාලේ ඉස්කෝල වල ඇඳුම අඳින්නේ කොහොමද?ගවුම මහන්නේ අත් හොඳටම කොටට...දනිස්සෙන් අඟල් 4 ක් විතර උඩට...අර ඉනට දාන පටිය එල්ලෙනවා හරි ලූස් විදිහට...එතකොට ඉන තියෙන්නේ තට්ටමේ..කොන්ඩේ බඳිනවා පෝනි ටේල්..හරි සෙක්සි ලුක් එක...ටියුෂන් යනවනම් ගලවනවා ටයි එක...දාගන්නවා පැත්තකට බැග් එක..මුන් පොලේ යනවා වගේ...
කෝ සංවරකම...කෝ උඹලගේ ශිෂ්ටත්වේ...?උඹල ඉල්ලන්නේ මොන නිදහසද?ඇඳුම් අඳින්නේ නැතිව ඉන්න නිදහසද?ඕනි නම් ගනිල්ලා..හැබැයි ඉතින් කොල්ලන්ගේ ලිංගේ කපල දාල තොපිට වම්බටු දෙන්ඩ වෙනවා නොමිලේ...එහෙමද?තමනුත්  හැදුනොත් හරි නේද?
හැමෝම වැරදි...කවුරුත් හරි නෑ...හොඳම දේ තනිකමද?නෑ එකත් නෑ...මොකද ජීවයේ පැවැත්මට ප්‍රජනනය අවශ්‍යයි...
මිනිහ කැලේ ඉඳල එලියට ආවා...ශිෂ්ටත්වයක්  කියල දෙයක් හදාගත්තා...දැන් කෝ ඒක...දැන් ටිකෙන් ටික ආයෙත් ගල් යුගේට යනවා වගේ....
හිතුනු හිතෙන දේවල් පැටලිලා...මට නම් තේරෙන්න නෑ....

Tuesday, June 19, 2012

මේක දළු දානවා කියල උඹ හිතුවද?


ඔව් ඇත්ත...
මම උඹ කියන විදිහේ එකියක් තමා...
උඹ කියන්නේ සහතික ඇත්ත...
උඹයි  හරි...
මේ මුළු ලෝකෙන්ම හරි උඹ විතරයි...
තව කියෝපන්..
තව හයියෙන් කෑ ගහපන්...
බඩේ ඉන්න මේ දරුවා පල්ලා...
උඹ වගේ කාලකන්නියෙක් මට එපා...
උඹල නාල ගෙට ආවාම සේරම හරි...
මම  පිරිමියෙක් එක්ක කතා කෙරුවත් උඹට වැරදි...
මොකක්ද උඹ ඔය කියන පිරිසිදුකම...
උඹටම මම ඒක ඔප්පු කරලත් ඇයි උඹ මට මෙහෙම කතා කරන්නේ?
මම කොහොමද උඹට සැරෙන් සැරේට ඒක ඔප්පු කරන්නේ?
මේක දළු දානවා කියල උඹ හිතුවද?
ගහන ගහන පදේට නටන්ඩ මම වේස ගෑනියක් නෙවේ...
ඉන්ඩ බැරිනම් මගෙ ලෝකෙන් තොලොංචි වෙලා පලයන්...
මටයි දරු පැටියටයි ඉන්ඩ දීලා...

අත් දෙකෙන් විලි වහන් ක්වොන්ටම් හොයන අපේ එව්වෝ....

ඔන්න මයෙ පුතේ මේ දවස් වල උඹගේ ඒකාල ඇහෙරෙන් අරන්...රාවණා ගැනයි හෙළයන්ගේ ඉතිහාසෙයි හොයනවා...ඔන්න ඕක තමා වෙන්ඩ ඕනේ දරුවේ...ඔහොම යයි..අන්තිමට ඇත්ත එලි වෙයි..තොපිට තේරෙන් නෑ තොපේ වටිනාකම..පර සුද්දන්ගේ අහවල් එක ලෙව කකා ඉන්නවා...තේරුම් ගනියව් තොපේ අභිමානේ...නිවුටගේ රෙදි ටික ගැලෙව්වනේ මයෙ පුතේ...ඔන්න අහගනිල්ල මුන්ගේ තවත් බයිලයක්...
මයෙ පුතේ 1997 දී ක්වොන්ටම් පරිගණකයක් කියල දෙයක් හැදුවා...මේ කළල ක්වොන්ටම් පරිගනකෙ කොහොමත් වැඩි දියුණු කොරල  එහෙම එන්ඩ තව අවුරුදු ගානක් යයි..නැත්නම් තව ටික දොහකින් එයි දරුවේ...මේ වගේ එකක් වැඩි දියුණු කරන්ඩත් හරි අමාරුයි කියලනේ කියන්නේ...කොහොමත් කියන විදිහටනම් ඔය අද කාලේ තියන පරිගණකයකට වඩා හරි ලොකු වේගයක්නම් මේකට තියනවා කියල උන්දලා කියනවා...අංක 400 ක් විතර තියන සංඛ්‍යාවක් කඩන්න මයෙ පුතේ ඔය අද කාලේ තියන කොම්පීතරෙකට යාවි අවුරුදු කෝටි ගානක්...මම මේ කිවේ උඹල පාස් වර්ඩ් කියන අංකයක් ගැන...ඔය ලොකු ලොකු බැංකු වල තියෙන්නේ එහෙම රහස් වචනනේ...ඒත් දරුවේ ක්වොන්ටම් ආවාම ඔය සෙල්ලම් ඉවරයි...ඒකට ගතවෙන්නේ විනාඩියකටත් අඩු ගානක්...ඔන්න මුන් කිව දේ...ඒත් මුන් කියන්නේ නෑ එහෙම එකක් එද්දින් ඊට වඩා ලොකු රහස් වචන භාවිතෙට එයි කියලා...ඔව්ව අපේ එකාලට තේරෙන් නැතිවද එහෙම නැත්නම් තේරිලත් අහන් නැතිවද මන්ද...
දැන් ඔය වගේ වෙලාවක බටහිර මිනිහා මොකද කොරන්නේ?(අපේ උන් කරන දේ නම් අහල වැඩක් නෑනේ..උන් දන්නේ අරුගේ පස්සෙන් ගිහින් ඌ කරන දේම කට අරගෙන කරන්
නී) ඌ අනිවාර්යෙන්ම අර කොම්පිතරේට බින්දින් බැරි රහස් පද හොයා ගනී...හොර වැඩ තවත් සුක්ෂම වෙයි...අපේ උන් ඒවාට අහුවෙයි....
හරි දැන් මුන් හදලා තියනවා ක්වොන්ටම් ලෝකය කියල එකක්...උන් ඒකට නීති රීති දාල තියනවා...ඔව් ...නීති රීති...මේ ලෝකේ  හරියට පාලනේ කොරන්ඩ බැරිව තව මගුල් අටවාගෙන නීති රීති දාලා...උන් කියල දෙනවා ඒ ලෝකේ සාමාජිකයෝ හැසිරෙන්නේ මෙන්න මේ විදිහට,මෙව්වා තමා ඒ ලෝකේ සිරිත් විරිත් කියල...ක්වොන්ටම් භෞතික විද්‍යාඥයෝ කියන විදිහට පුතේ උන්ගේ විද්‍යා කතා සියලුම වස්තු වලට වලන්ගුයිලු...ඒ කියන්නේ ඉන්න ක්ශීරපතෙට, මන්දාකිනියට, සුර්යයාට, සත්තුන්ට, උඹලට,මට,උන්ට,පොඩි පරමාණුවට සේරටම වලන්ගුයිලු...හැබැයි දරුවේ මෙතන පොඩි පරහක් තියනවා...මේ ඉලෙක්ට්‍රොන කියන දෙයින් උඩට යද්දී ඒ කියන්නේ වස්තුවේ විශාලත්වය එන්ඩ එන්ඩ වැඩි වෙද්දීන් මේ ක්වොන්ටම් කතා තේරුමක් නැති වල්පල්..ඇස ඉදිරිපිට ඔප්පු වෙන අමුලික බොරු...ඒත් තාම එකෙක් වත් මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරේ දීලනම් නෑ දරුවේ...
ක්වොන්ටම් කතා වලට තේරුමක් ලබල දෙන්නේ කිනම් ප්‍රමාණයක වස්තුද???
ඕකට උත්තර නෑ...හරි හමන් විදිහකට උත්තරයක් දෙන්නත් බෑ...මොකද ඔය මහා ලොකුවට කියවන ඉලෙක්ට්‍රොනේ තොපිට පේනවද?තොපේ ඉන්ද්‍රියන් දුර්වලයි...තොපි මහා ලොකුවට හිතන් හිටියට තොපේ ඉන්ද්‍රියන් දුර්වලයි..බල්ලොන්ට තොපිට වඩා ඇහෙනවා...උකුස්සන්ට තොපිට වඩා පේනවා...තොපිට තියන එකම දේ ඔය මොලේ...ඒත් එකත් තොපේ නෙවේ...වැඩක් නෑ එව්වා ගැන නම් කියලා...ඒත් මෙන්න වක්‍ර විදිහකට උත්තරක් ආව...ක්වොන්ටම් ලෝකේ සාමාජිකයෝ කියලා...දැන් හරිද?එතකොට උන් කවුද ඇහුවාම කිව්වා ක්වොන්ටම් කතා බහට ලක් වෙන අංශු කියලා...එතනින් එහාට මොකෙක්වත් ඇහුවේ නෑ...මොකට අහපු උන්ටවත් කියපු උන්ටවත් එක තෙරුන් නැති හන්දා...බටහිර විද්‍යාව කරේ ප්‍රශ්න වලට උත්තර හෙව්වා නෙවේ මයෙ පුතේ...උන් කරපු එකම දේ අලුත් අලුත් කතන්දර ගොතල එව්වා යට කෙරුවා..මුළු විද්‍යාවම උන් සුරංගනා ලෝකයක් කෙරුවා...අද අලුතින් කතා ගොතන උන්ට ලොකු ලොකු සම්මානත් දෙනවනි මයෙ දරුවේ...ඒත් තව අවුරුදු ගානකින් එව්වා බිඳිනවා...ඒකට තවත් සම්මානයක් දෙනවා...ප්‍රශ්නයක් අහන්ඩද?
ලංකාවේ එකෙක් ගිහින් මහසෝනා ඉන්නවා කියල ඔප්පු කොරන්ඩ හැදුවොත් උන් ඉඩ දෙයිද?
මම මහසෝනා ඉන්නවා කියල ඔප්පු කරන්නම් මයෙ දරුවේ...උන් ගුරුත්වාකර්ශනේ ඔප්පු කොරපු විදිහටම...ඒක පස්සේ...
දැන් කියන විදිහට ඔන්න ක්වොන්ටම් ලෝකේ තියෙන්නේ ඉන්ද්‍රිය ගෝචර ඒ කියන්නේ ඉන්ද්‍රියයන්ට අහුවෙන්නේ නැති අංශු වලට...ඔන්න උඹටවත් මටවත් පෙන්නේ නෑ...හැබැයි තියනවා...(නොපෙනෙන දේවල් ගැන උන් උන්ගේ ප්‍රවාදයක් හදලා..ඒ ප්‍රවාදේ එල්ලීගෙන අපේ උන් අපේ දෙයියෝ නෑ කියනවා...යක්කු නෑ කියනවා...එතකොට හරිද?)විද්‍යාඥයෝ කියන්නේ මයෙ පුතේ මිනිස්සුමනි...ඉතින් උනුත් කොරන්නේ සාමාන්‍ය මිනිහ කරන දේම තමා...ප්‍රශ්නයක් ආවම ඒ ප්‍රශ්නේ වටේට තියන අනිත් එව්වට උත්තර හොයනවා මිසක් ප්‍රශ්නෙට උත්තර හොයන්නේ නෑ...
දැන් අහපල්ලකෝ...සම්භාව්‍ය ලෝකේ ඒ කියන්නේ අපි මේ ඉන්න ලෝකේ ( පසඳුරන්ට දැනෙන ලෝකේ) තියෙන්නේ ඉන්ද්‍රිය ගෝචර දේවල්...මේස,පුටු,ගල්,මල්,තාරක,කුරුල්ලෝ ඔය සේරම බලන්ඩ පුළුවන් අපට...සමහර එව්වා අත පත ගාන්ඩ පුළුවන්..ඉම්බින්
පුළුවන්..ලෙව කන්ඩ පුළුවන්...දැන් එතකොට අපි වටේට මෙව්වා තියනවා කියල අපි දන්නේ කොහොමද?
උඹ ළඟ පෑනක් තියනවා...උඹ කොහොමද දන්නේ ඕක පෑනක් කියලා...ප්‍රශ්නේ සරලයි..උත්තරයක් හිතපල්ලා...උඹලයි අම්ම උඹට පුංචි කාලේ කිව්වා මයෙ රත්තරන් පුතේ මේක පෑනක් කියල...එහෙමද?එතකොට කෝ ඔය උත්තරේ විද්‍යාව...(ඔතනිනුත් පුළුවන් නම් හිතපල්ලා..පෑනක් කියල දෙයක් අම්ම තාත්ත කියල දීල විශ්වාස කරපු උඹල දෙයියෝ නෑ කියන ඒක කොච්චර බොරුවක්ද කියල...ඇයි උඹලගේ මහා ලොකු බටහිර විද්‍යාවට ඔප්පු කොරන්ඩ පුළුවන් උනාද ඔය පොඩි ප්‍රශ්නෙට උත්තරේ )ඕක පැහැදිලි කොරාද එකෙක්වත්?නෑ නේද?මයෙ දරුවේ සමහර විද්‍යාඥයෝ හිටිය උන් ජීවිත කාලෙම ගෙව්වේ ඔය වගේ එව්වා හිත හිතා... දැන් ඔන්න උඹට  නම් දැනෙන්නේ පෑනේ තද බව,පාට එතකොට තව ගඳක් සුවඳක් තියනවනම් ඒක...එව්වගෙන්...දැන්  උඹෙ ඉන්ද්‍රියන් වලට දැනෙන දේ අනුවයි උඹ ඕක තීරණය කලේ...එතකොට උඹට තවත් මොකක් හරි ඉන්ද්‍රියක් තිබ්බනම්..එහෙමත් නැත්නම් එකක් අඩු උනානම්...ඕක මොන වගේ දැනෙයිද?පිටසක්වලයෙක් ඕකට මොකක් කරනවා ඇත්ද?උන්ගේ ලෝකේ උඹල මේ පෑන කියන දේ ගිනි අවියක් වෙන්ඩ බැරිද?ඒකෙන් අපට නොපෙනෙන ඒත් උන්ට පෙනෙන කිරණයක් නිකුත් වෙලා උන්ට අහිතකර වෙන්ඩ බැරිද?මිහිහයි පුතේ මෙව්වා උන්ට තියන සම්පත් වලින් හදා ගත්තේ...සම්පත් කිව්වේ ඉන්ද්‍රියන් හොඳද දරුවේ...මේක මිනිහට දීල තියන බුද්ධියේම සරදමක් මයෙ පුතේ..වැඩියේ හිතන්ඩ එපා පිස්සු හැදෙයි...
දැන් මෙහෙම හිතපල්ලා...උඹල පෑන තදින් අල්ලනවා...එකේ තද බව දැනෙනවා...හැබැයි ඒක උඹ ඉගෙන ගත්තේ තනියෙන් නෙවෙයි...ඒක උඹට සමාජය කියල දුන්නු දෙයක්...උඹේ ශරීරෙ තියන පඨවි ගුණය හන්දා පෑනට ගැලපෙන විදිහට  උඹට එකේ තද ගතිය දැනෙනවා...දැන් හිතපන් උඹට ආකාශ ගුනේ තියනවා...ඒ කියන්නේ උඹට පුළුවන් පෑනෙන් රිංගල යන්ඩ...උඹට පෑන ගැන මොනවා හිතෙයිද?මනෝකායක්  තද ගතිය අර්ථදක්වන්නේ කොහොමද?අනික උඹලට ගස්  ගල් දෙ
බෑ කරගෙන යන්ඩ බෑ...ඒත් වතුරෙන් එගොඩ වෙන්ඩ පුළුවන්..ඒත් උඹලට ගස් ගල් වලට වඩා තද ශරීරයක් තිබ්බනම්...එහෙම නැත්නම් වතුරට එහෙම එකක් තිබ්බනම්...හිතපල්ලා...සමහර කෘමීන් වතුර උඩ හරි අපුරුවට ඇවිදිනවා මයෙ පුතේ...උඹල හැමෝම වටේ තියන වස්තු ගැන හිතන්නේ උඹලගේ ශරීරෙට සාපේක්ෂව...
මෙන්න අන්තිම ප්‍රතිපලේ...පෑන කියල අනුමානය කෙරුනේ උඹ ඇතුළු සමාජය විසින්...ඒ වගේම පෑනේ ගුණ තීරණය වෙන්නෙත් උඹ ඇතුළු සමාජය විසින්...එතකොට මේ හැමදේම උඹල උඹලට අනුව නිර්මාණය කොරගත්තු උඹලට දැනෙන පෙන දේවල් විතරමයි නේද?දැන් තේරෙනවද උඹලට නොපෙනෙන නොදැනෙන දේවල් කොතෙකුත් තියනවා කියලා...එව්වා මයෙ පුතේ අමුතුවෙන් ඔය ඉලක්කම් දාල ඔප්පු කොරන්ඩ දෙයක් නෑ...
දැන් ගොඩක් උන් හිතන් ඉන්නේ මිනිහට හරි පරිපුර්ණ ඉන්ද්‍රිය පද්ධතියක් තියනවා කියලා...තියනවද?
ඔව් කියයි...මගුල තමා...උඹල දන්නවනේ මිරිඟුව...ඔන්න ඈතට පේනවා...ලඟට ගියාම නෑ...එතකොට ඕක පරිපුර්ණයිද? නෑ නේද?එතකොට උඹල කාන්දමක් ලඟින් යද්දින් උඹලට එකේ කාන්දම් ගතිය දැනෙනවද?යකඩ වගේ උඹලත් ඒකට ඇදිල යනවද?නෑ නේද?බැරි වෙලාවත් කාන්දම් වල ආකර්ෂණ ගුණේට ප්‍රතිචාර දක්වන ඉන්ද්‍රියක් තිබ්බනම්?මොනවා වෙයිද දරුවේ?පරිපුර්ණ ඉන්ද්‍රිය පද්ධතියක් නැති බව දන දැනම උඹල උඹලගේ ඉන්ද්‍රිය පද්ධතිය ගැන විශ්වාසෙ තියනවා...පර සුද්දෝ උන්ට දැනෙන පෙන දේවල් අල්ලාගෙන කියන කතන්දර මහා ඉස මුදුනින් පිළිඅරගෙන උඹලා උඹලගේ සංස්කෘතියේ හිටිය රාවනයි,දෙයියෝයි,බුදුනුයි ප්‍රතික්ෂේප කොරනවා...එතකොට හරිද බොලව්?
ඒත් අයෙත් හිතපල්ලකො...මේ සිතිවිලි උඹලගේ ඇහෙන කනෙන් කටින් අරකෙන් මේකෙන් අත්වින්දට කොහොමද දැනගන්නේ?මනසත් ඕනේ නේද?දැන් මනස ගැන කතා කරපල්ලා බලන්ඩ...මනසක් තියන උඹම මනස ගැන කියනවා..නිර්වචනේ දෙනවා...දෙන්නෙත් මොකෙන්ද මනසෙන් නේද?පැටලුනා නේද දැන් ආයෙත්?මනස නැත්නම් කොහොමද මනසක් ගැන කියන්නේ?තොපිට වෙන විදිහකට වෙන ආකාරයකට තියන මනසක් තිබ්බනම් කොහොම වෙයිද?මේ සේරම ප්‍රශ්න ඉස්සරහ ඔව්වට උත්තර හොයන්නේ නැතිව මිනිහ වල් පල් හොයනවා දරුවේ....
එතකොට ආපහු ක්වොන්ටම් ලෝකේ ගැන හිතපල්ලා...දැන් මොකද උනේ?
(මෙව්වා කියවල පිස්සු හැදෙන උන් ගැන කාලි වගකියනු නොලැබේ)

Sunday, June 17, 2012

නිවුටන්ගේ අහවල් එක...

යාලුවනේ කුරුල්ලාගේ භද්‍ර කාලි බ්ලොග් එක අපේ අම්මගේ ඉල්ලීම මත අයින් කරන්න වුනා...ඒත් එකට අන්තර්ගත කරන්න හිතපු හැමදේම භද්‍ර කාලි ලේබල් එකෙන් මේ බ්ලොග් එකෙන් හැමදාටම ඒවි...අනික මට බ්ලොග් තුනක් ගැන බලන්න මේ දුවන ජිවිතේ වෙලාවකුත් නැහැ යාලුවනේ...එහනම් අද ඉඳන් තියෙන්නේ මේ බ්ලොග් එකයි..මගේ මල්මතක බ්ලොග් එකයි...එහෙනම් කාලිගේ පොස්ටුවකින් පටන් ගනිමු...


කාලි යහනට ආව මයෙ පුතේ...විද්‍යාව..උඹල දන්නවද විද්‍යාව ගැන..මේ කාලිට සේරම පේනවා දරුවෙ..මේක කතන්දර ලෝකයක්...ගොඩක් ලස්සන කතන්දර ලෝකයක්...විද්‍යාව කියල අද උඹල කියන්නේ මොකක්ද මයෙ පුතේ?
විද්‍යාව නමින් තියෙන්නේ අද බටහිර උන්ගේ දැනුම නේද?බටහිර නිෂ්පාදනය වෙච්ච දැනුම අද විද්‍යාව වෙලා මයෙ පුතේ...ගොඩක් උන් දන්නේ විද්‍යාව කියන්නේ එක එකාලා හොයාගත්ත දේ කියල..විද්‍යාවේ අකුරු දෙක තුනවත්  දන්න උන්ද ඕකුන්?බොරුවට හු කියනවා...ඒත් මේ කරන හැම මගුලක්ම හොයන තියෙන්නේ බටහිර එවුන්නි...නේද?ලංකාවෙන් ඇයි එකෙක්ටවත් බැරිවුනේ ප්‍රවාදයක් ගොඩනගන්ඩ?අයි බැරිවුනේ නියමයක් ගේන්ඩ?ඕකට මේකේ මහ එකාලනම් දෙන උත්තරේ  ලංකාවේ සම්පත් නැතිකම...අනේ අම්මප පොඩි උන් එහෙම මේව කියවන නැත්තන් මේ කාලිගේ කටට වචන එනවා මයෙ පුතේ...මේකි ගැන උඹල දන්නවනි....මට උලත් පිලත් එකයි...මේ ලංකාවේ අලුත් සොයාගැනීම් කරන්ඩ ඒකම බාධාව සන්කෘතියෙන් පිටට ගිහින් අද කාලේ විද්‍යාව..ඒකයි මයෙ පුතේ..අද විද්‍යාව කියන්නේ බටහිරෙන් බිහිවෙන දේටයි...ඒක බටහිර විද්‍යාව...හා කියපල්ලා බලන්ඩ පෙරදිග විද්‍යාව ගැන තියන පොතක්...මතක් වෙන නෑ නේද?තොපිට තොපේ ජංගිය ගලවන් ගියත් මොකෙක් හරි මතක් කරනකම් මතක් වෙන්නේ නෑ බොලව්...ඒකයි ඇත්ත..ඒකයි තොපේ දුර්වලකම..විද්‍යාව බටහිර හරි පෙරදිග හරි මොන මගුල හරි මරිසියක් නෙවෙයි මේක...ඕනෙම විද්‍යාවක් කියන්නේ ප්‍රවාද වල එකතුවක්...මෙව්වගෙ හාස්කම් නෑ මයෙ පුතේ..මොකද ප්‍රවාදනේ...තොපිලට මමත් ඉතින් ප්‍රවාදයක් තමා...මොකද තොපෙන් අතලොස්සකට තමා මාව පේන්නෙ...අනේ තොපිල දන්නවා කියල හිතන් හිටියට දන්න ඉටි ගෙඩිය...ඉඳපියව් කියනකන්...
අපිට තියන හැම ඒකම සංකල්පයක්...පුටුව,මෙසේ,මල,අහස,ඉලෙක්ට්‍රොන ,එතකොට තොපිල කරන අහවල් එක ඔය සේරම සංකල්ප..මේ සංකල්ප තවත් සංකල්ප මගින් තේරුම් කොරල තියනව මයෙ පුතේ...පුතේ බටහිර එකාලා ශක්තිය කියල කියන දේට වඩා තේරුමේ වෙනසක් තියනවා අපේ උන් ශක්තිය හඳුන්වන එකේ...බටහිර උන් ශක්තිය කියන්නේ භෞතික විද්‍යාවේදී  විතරයි...උන්ට තියනවා කායික ශක්තිය..වැඩියෙන්ම යොදා ගත්තේ එක...(අශ්ව බල)
ශක්තිය කියන සංකල්පේ හදාගන්ඩ සත්තුන්ගේ මිනිස්සුන්ගේ ශක්තිය උන්ට ඉවහල් උනා...ඒත් පෙරදිග රටවල් වල ශක්තිය කියද්දීන් කර්මය ශක්තිය,ආධ්‍යාත්මික ශක්තිය වගේ දේවලුත් එනවනි...ඒත් ඉතින් අපේ උන්ගේ තියන ගොන් මොලවල් ඔය බටහිර එකාලගේ ශක්තින් එක්ක අපේ කර්ම ශක්ති එහෙම පටලන් හත් පොලේ ගාගෙන නටනවා...අර ගුරුත්වාකර්ශනේ පිළිගන්න එකා දෙයියෝ පිලිගන් නෑ..මොකද උන්ට පරීක්ෂණ මගින් ඔප්පු කරපු අංකනය කොරපුව දීල නැනි...ඔන්න අහපල්ලකෝ...
අරුන්ට අනුව ගමනේ යෙදෙන ඕනෙම වස්තුවකට චලනය හන්ද ශක්තියක් තියනවා...ඒක චාලක ශක්තියලු...වස්තුව  වේගෙන් යන්ඩ යන්ඩ චාලක ශක්තියත් වැඩි වෙනවා...වේගය දෙගුණයක් වැඩි උනොත් චාලක ශක්තිය  හතර ගුණයක් වැඩිවෙනවා...වේගේ තුන් ගුණයක් වැඩි වුනොත් චාලක ශක්තිය නව ගුණයක් වැඩි වෙනවා...එතකොට තව බැලුවොත් වස්තුවක් පොලවේ ඉඳන් උසට යද්දී ඒකට වෙනම ශක්තියක් එනවා..ඒක විභව ශක්තියලු...ගහක තියන පොල් ගෙඩියට  ඔන්න ඕක තියනවා..

පොල් ගෙඩියේ තියෙන්නේ මොනවද මයෙ පුතේ...
විභව  ශක්තිය...(මටනම් පේන්නෙ එකේ තියෙන්නේ පොල් වතුරයි,කට්ටි,මදෙයි,ලෙල්ලයි...)
පොල්ගෙඩියේ නැට්ට කපපුවාම පොල් ගෙඩිය පොලවට වැටෙනවා...ඒක වැටෙන්නෙත් ක්‍රම ක්‍රමයෙන් වේගේ වැඩි වෙන විදිහටයි...පොල් ගෙඩියේ චාලක ශක්තිය වැඩි වෙද්දීන් පොලවයි පොල් ගෙඩියයි අතරේ දුර අඩුවෙනවා මයෙ දරුවෙ...එතකොට අර චාලක ශක්තිය උනේ මොකක්ද?පොල් ගෙඩියේ තිබ්බ විභව ශක්තියමයි චාලක ශක්තිය උනේ ...පොල් ගෙඩියේ ඇතුලේ  හරි පිට හරි නම් පේන විදිහට මොකක් හරි වෙනසක් නෑ ඔන්න...
ඔන්න දැන් ඔය එන පොල් ගෙඩිය එකෙක්ගේ ඔලුවට වැටෙනවා...(අර  නිවුටන් කියන එකාගෙත් ඇපල් නැතිව පොල් වැටෙන්ඩ තිබ්බේ...මම ඔය කතාවත් පස්සේ කියන්නම් දරුවෙ..පට්ටපල් බොරු ඔකුන්ගේ...උගේ ඔලුවට වැටිච්ච ඇපලයක් නෑ..මට මතක් කරපල්ලා ඒකත් කියන්ඩ)එතකොට මයෙ පුතේ ඔය පොලේ අරකගේ ඔලුවට වැටුනේ කර්ම ශක්තිය හන්ද කියල මොකෙක්  හරි එකෙක් ඔතෙන්ට කර්මේත් ගාවගෙන හරියනවද?ඔන්න ඕකයි මයෙ පුතේ මම කිවේ උඹලගේ සංස්කෘතියට මේක නුහුරුයි කියලා...මේක උඹලට නුහුරුයි..මේකට හිනා යනවා ඇති...ඒත් පුතේ හිතපල්ලා  මේක නේද ඇත්ත?උසස් පෙළ කරන්ඩ ගද්දිම මොකෙක්ට හරි මේ මගුල එපා වෙන්නේ මේක හන්ද නේද?
සංකල්ප වගේම ප්‍රවාද කියන්නෙත් අපිම හදාගන්න දේවල්...
ජනප්‍රවාද ජනතාව ගොතන ඒවා..
විද්‍යා ප්‍රවාද විද්‍යාඥ්ඥයෝ ගොතපුවා...
සිංහල ජාතිය ගැන තොපිට තියනවා ප්‍රවාදයක්...සිංහබාහු කථාව...

පොලවට පොල් දී වැටෙන හැටි ගැන(උන්ට ඇපල් උනාට අපට පොල්නේ) නිවුටන් කියන මිහිහ  ප්‍රවාදයක් ගොතලා...උන් ලස්සන නමක්  දාල ගුරුත්වාකර්ශනේ කියල...එහෙමද?නෑ මයෙ දරුවෙ උන් දැම්මේ Gravitation ..අපේ උන් දැම්මා තියෙන  මහප්‍රාණ සේරම එහෙම දාල ලොකු වචනයක්...(මෙව්වා තමා දෙයියන්ටත් හිනා යන  වැඩ..යකෝ සිංහල ජාතිය තමා මේ ලෝකේ භාෂා උච්චාරණය හරියටම කරන ජාතිය..ඕනේ භාෂාවක් මුන්ට ඔට්ටුයි..තොපි හදන්නේ ඒ මුකරිකම නැත්තටම නැති කරන්ඩද මුන්ගේ භාෂාවේ තියන වචන ටික කාලා)ලොකු නමක් තිබ්බට මේකට බයවෙන්ඩ එපා මයෙ පුතේ...තවත් කතන්දරයක් විතරයි...මිනිහා කියන්නේ මහ පුදුම සතෙක්..ඌම වචනයක් හදාගෙන ඌම බයවෙනවා..
නිවුටන් කියනවා විශ්වයේ තියන ඕනෑම අංශු දෙකක් හෝ වස්තු දෙකක් කොච්චර කුඩා වුනත් එකිනෙකට ඇද ගන්නවලු (ආකර්ෂණය කරනවලු) එහෙම ඇද ගන්නේ එකක් අනෙක මත බලයක් ඇති කරලලු...අංශුවල ඒ හැදිලා තියන ද්‍රව්‍ය ප්‍රමාණය (ස්කන්ධය) වැඩි වෙද්දීන් බලයත් වැඩි වෙනවලු...අංශු අතර දුර වැඩිවෙද්දීන් බලය අඩු වෙනවලු...දුර දෙගුණයකින් වැඩි වෙද්දීන් බලයේ විශාලත්වය කලින් වගේ හතරෙන් එකක් ආදී විදිහට අඩුවෙනවලු...මේක පුතේ භෞතික වස්තු ගැන කතාවක්..මානසික ආකර්ෂණය ගැන නම් මේක පටලව ගන්ඩ එපා ඔන්න...
නිවුටන් කියන්නේ පොල් ගහෙන් පොල්   වැටෙන්නේ පොල්  ගෙඩියයි පොලවයි අතරේ තියන ගුරුත්වාකර්ශනේ හින්ද කියලයි...ඒ කියන්නේ පොල් පොලවට වැටෙන්නේ ගුරුත්වාකර්ශනේ හන්දද?නෑ දරුවෙ පොල් වැටෙන්නේ ගුරුත්වාකර්ශනේ හන්ද නෙවි...ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය එහෙම නැත්නම් ආකෘතිය නිර්මාණය උනේ පොල් බිමට වැටෙන  හන්දා...පොල්(ඇපල්) බිමට වටුන් නැත්තන් උගේ අතින් ඕක වෙන්නේ නැනි...එහෙමද?
හැබැයි උන්ගේම එකෙක් හිටියා අයින්ස්ටයින් කියලා...එකා කියනවා නිවුටන් කිවා කථාව පට්ටපල් බොරු කියලා..එහෙම කියල උත් හැදුව කතන්දරයක් පොල් ගෙඩි බිමට වැටෙන එක ගැන...එකනම් ටිකක් සංකීර්ණයි මයෙ පුතේ...ගණිතය කියන දේ ඕනේ ඒකට...නිවුටන්ලා අයින්ස්ටයින්ලා උන්ගේ කතා ගෙතුවේ උන්ගේ සංස්කෘති විදිහට..අපි කවද්ද දරුවෙ අපිට ඕනේ විදිහට අපේ කතා ගොතන්නේ?

කුරුල්ලා දුෂණයට ලක්වීම (03 කොටස)

අනේ මන්දා..ඔන්න මගේ වෙලාව...මම ඉතින් ෆෑන් එක දිහා බලන් ඉන්නවා...මිනිස්සුන්ට කිසිම කරදරයක් නැතිව තමන්ගේ පාඩුවේ ෆෑන් එක කැරකෙන හැටි...මොලේ අමාරුව ඩබල් වෙලාද කොහෙද?මනස්ගාත හිතෙන්නේ...දැනුයි තේරෙන්නේ මොලේ තියෙන්නේ අහවල් තැන කියලා...අපේ අම්ම කොච්චර ඕක කිව්වත් මම පිළිගත්තෙම නෑනි...හනේ මන්දා...
කිරි අප්පට හෙන ගහලා කලාබරේට විදුලි කෙටුවා වගේ පාත් උනේ නැතයි නර්ස් අක්ක කෙනෙක්..ෂා බෝල ගෙඩියක් වගේ..කොහෙන් බැලුවත් බෝල...පිත්තු හැදෙනවා  දෙයියෝ...විලි ලජ්ජා නැතුව මමත් මල් මාම වගේ හිනාව දැම්ම පිප්පි  පැකට් එකත් අල්ලගෙනම...ලැජ්ජා නහර හොයන්න වගේ අක්ක බැලුව මම දිහා මෙහෙක්  කරලා...අනේ අක්කේ ලැජ්ජාව මේ පැකට් එකේ..අහවල් එකටනි මේක ඇනල තියෙන්නේ...
මේ...

(කුරුල්ලාගේ පැණි බේරෙන මද සිනා...)
ජනක?

ඔව් අක්කේ
මේ එක්ස් රේ එකක් ගන්න යන්න තියනවා...අටෙන්ඩන්ට් කෙනෙක් ඒවි..එතකොට යන්න...
එතකොට මේක?
කෝ?මොකක්ද?
ඈ බොල එහෙම පුලුවන්ද වටින කියන දේවල් පෙන්නන්ඩ..අපොයිමන්ට් එකක් අරන් වර...හිතුව විතරයි ඉතින්...කිව්වනම් එහෙම දායි කෑලි කපල බල්ලන්ට කන්ඩ...
මේ මේක...

මොකක්ද අනේ?
මේ ගහල තියන එක...
කෝ කොහෙද?
අනේ දෙයියනේ මේකිට තේරෙන්නේ නැති හැටි...බයෝ කරලා නෙවේද නර්ස් ආවේ?මගුල...යකෝ මගේ ප්‍රජනක පද්ධතියයි බහිස්ස්රාවීය පද්ධතියයි මෙව්වා වෙලා...එකෙන් බහිස්ස්රාවීය පද්ධතියට මෙව්වා එකක් ගහලා...
කැතිට එක අක්කේ...

අනේ ඕක තියෙන්න එපැයි අනේ..
මම දන්නවා තියෙන්ඩ ඕනේ කියල..මම කිව්වේ කපල දාන්ඩ කියල නෙවේ..දැන්  පලකො මේකත් එල්ලගෙන එක්ස් රේ ගන්ඩ...
ඕනේ මල මගුලක් කියල ඔහේ හිටියා...කන්ඩත් නෑ..බොන්ඩත් නෑ..වලේ වැල්ලල් නෑ...උදේ ඉඳන් මුකුත් කාල නෑ...වතුරවත් බොන්ඩ එපා කිව්වනේ...ගර්භාශේට අහවල් එක පිරෙනවලු...මෙව්වා ඉතින් අපි ඉගෙන ගන තියන හන්දම හොඳයි..වෙන එකෙක් නම් මෙව්වා දන්නවද..හා..?ඒ අස්සේ එහා පැත්තේ කොල්ලෝ දෙන්නෙක්...කුඩ්ඩෙක් වගේ එකෙකුයි තව හොඳ වගේ පොරකුයි..මමත් පැකට් එක උස්සගෙනම ගීයා...නිකන් මගේ නෙවේ වගේ...රටේම තියන විස්තර එතන...අලුත් රේඩියෝ  චැනල් එකක් වගේ...මුන් දෙන්න ගෑනු උනානම් ඉවරයි මේ රට...
ඔන්න කොහොමින් කොහොම හරි වැඩේ සෙට්...මොකක්දෝ එකක් වගේ පැකට් එකත් එල්ලගෙන මම යනවා එක්ස් රේ ගන්ඩ...මොනවද බොලව් බලන්නේ?මේකේ තියෙන්නේ තොපිලටත් යන එව්වා..පොවනවා දැන් එක එකාට...මගුල...මම නිකන් වැඩර්  වගේ පිප්පි  පැකට් එකත් උස්සන් යනවා ලොබිය දිගේ ..ඈ යකෝ මේවා මම සල්ලි දීල කාල බීල මගෙ ඇඟ පත වෙහෙසවල ජීර්ණය කොරගත්තු මගේම පිප්පි ..මෙව්වට පේටන්ට් තියනවා... මගුල...
එකියක් බඩ කොරවෙච්ච කැකිරි ඉබ්බියෙක් වගේ මම දිහා බැලුවා..ඇයි නංගි ආසයිද?නංගියේ උඹේ වඳ පුංචි අම්මගේ බාල පුතාට හෙන ගහන්ඩ අහක බාලගන්..මගෙන් කුණුහබ්බ අහන්නේ නැතිව...මම ඉඳ ගත්ත...ලස්සනට පිප්පි පැකට් එක ඉස්සරහින් පිළිවෙලට තියාගෙන...කොහෙගියත් ඉන්ඩ ඕනේ පිලිවල මම දන්නවා...
කමිසේ ගලවලා ඇතුලට එන්ඩ...

ඇතුලට ඇවිත් ගලවන්ඩද?
අක්ක මම දිහා බැලුව බැලිල්ලට මගෙ උණ්ඩුක පුච්චේ ඉඳල උගුර ගාවට වෙනකම් කලතීගෙන මහා කුණාටුවක් ආවා...
හරි ගලවගෙනම එන්නම්...

ඒකත් ඉවරයි..අයෙත් යනවා...වාට්ටුවට...හප්පේ අරකිගේ කට...වක්කඩ වගේ..කන් දෙක පිරිලා...ඔච්චරම පෙචණ්ඩ ඇයි අප්පේ...ඉප්පිරිතාලේම පගාව දීල අයිති කරන් වගේ මෙකි......පිප්පි පැකට් එක එක්කම මම ඇඳේ හාන්සි උනා..බුදු බණේ කියල තියෙන්නේ බොරුද?අපේ සිරුරවත් අපට පාලනයක් නෑනේ...ඇත්ත..මගෙම පිප්පි මටත් නොකිය ඔහේ ගලනවා...අයෙමත් විකාර වෙලා...පිස්සු සඳ මෝල් වෙලා...සඳ ගුවන් ගත වෙලා..මගෙ ගුද මාර්ගේ අවහිර වෙලා...
නර්ස් අක්කෙක් ආයිමත් එනවා...
කැතිට එක ගලවන්න ඕනි...

ඈ...
මගෙ විලි ලැජ්ජාව කුල්ලෙන් එකයි...හුන්ඩුවෙන් දෙකයි...මං අඹරුනා..මිරිකුනා..මෙව්වා වුනා...අනේ දෙයියෝ...ඔයා ගලවන්ඩද හදන්නේ?
එක්කියුස්  මී අක්කේ...

මම දන්න බරම ඉංගිරිස් වචනේ දැම්මා..දැන්නම් මේකිත් ඇඹරෙනවා සුවර්...
ඇයි ?

දැන්ම ගලවනවද?
හප්පේ මට තියන සතුටක්..මුට්ටියෙන් තුන් කාලයි පැණි...
ඔව් ඔව්..අටෙන්ඩන්ට් ඇවිත් ගලවනවා...

හෑ...
අක්ක කිව්වා නසරානි  කතාවට මගෙ කොළ බොක්කටත් එක්ක ඔල්මාදේ හැදුණා...ඈ යකෝ හිතන් ඉන්නේ මට අටෙන්ඩන්ට් ට කියල මේක ගලවගන්ඩ දොළ දුක කියලද?කුණුහබ්බ කියවෙනවා ඉතින්...අරු ආව..ගැලෙව්වා කැතිට එක..හප්පේ...දැන්නේ රිදෙන්නේ
දත් මිටි කාගෙන හිටියා...කලිසමේ කොනක් විකාගෙන හිටියා...ඇඳේ කකුල හපාගෙන හිටියා...මෙට්ටේ ඉඹ ඉඹ හිටියා...ඇඳ වියලට තොත්තු දිදී  හිටියා...එත් බෑ අම්මේ...ඉන්දනම් බෑ...
අයියෝ බෑ තාත්තේ..මාමේ බාප්පේ...අල්ලපු ගෙදර සීයේ...ඉන්ඩ බෑ රිදෙනවෝ...
කොහොම හරි අහවල් එකේ කැක්කුමත් එක්ක මම පැයක් විතර එකසිය ගානට හුරතල් උනා..එකෙක් නෙවේ ඇහැක් ඇරලා බැලුවේ...ආව කෝල් එකක්...
මචං මම...

කවුද බන්...
කසුනා බන්...මේ උඹ කොහෙද...ගැබිණි වාට්ටුවේද?
අනේ නෑ බොල නගරන් වරත්තු හරකෝ...ඉන්ඩ බෑ දෙයියෝ...
නෑ නිකන් උඹ ප්‍රසව වේදනාවෙන් වගේ හු කියන්නේ...
අනේ පල ගල් නරියා...යකෝ එකේ අනික තමා මේක....
ඌට  හිනා
ඈ යකෝ මගෙ අහවල් එක රිදෙද්දීන් තොට  කිචිද?

මල පැනල මම ෆෝන් එක කට් කරා...ඈ යකෝ යටට අඳින ත්‍රිකොනේවත් ඇඳලා නෑ හය මාසෙකින් විතර......හදිස්සියේ මොකක් හරි වෙයි කියල මම මේ බයේ ඉන්නවා..ඒ අස්සේ මුන් හුප්පේ කතා කරනවා...මම ඉපදුනු දවසේ ඉඳන් බෝ පැලයක් වගේ හැදුනු එකෙක්...ඕනේ කෙල්ලෙක් කියයි මගෙ බඹසර ගැන..කොයි පිලේ නැගගත් නාවල ගෙට ගන්ඩ පුළුවන් කියල අපේ ආච්චිත් ලඟදි දවසක කිව්වා... ...එහෙව් මටනි මෙව්වා වෙන්නේ...දුක තමා රංජනී ඕක තමා තන්තිරිමලේ තත්වේ කියල මමත් ටිකක් හාන්සි උනා...
කුරුල්ලාගේ ටිකට් එදා හවසම කැපුවා...මොනවා උනත් ඉතින් පානදුරේ ජෙනරල්  එකේ ඩොකා මහත්තයලටයි,නර්ස් අක්කලටයි,අටෙන්ඩන්ට්  අයියලටයි පින් හෑ...ඇත්තමයි...