කුරුළු යාළුවෝ

Friday, July 6, 2012

මල් එක්ක මගේ රස්සාව...

අනේ මන්ද ජීවිතේ සතුට කියන දේ හොයාගෙන මම මේ ජොබ් එක තෝරාගත්තා...ඇත්තටම මම නිදහස්...මාව තේරුම් ගන්න කෙනෙක්ට හිතෙයි මම ගොඩක් නිදහසේ ඉන්න කෙනෙක් කියලා...මේ ජොබ් එකට මම ආදරෙයි..ලොකු පඩියක් ලැබෙන්නේ නැහැ තමා...මුළු මාසෙටම කට්ට කාල කොච්ච්ච්ර දඟලුවත් හම්බෙන්නේ සොච්චමක් තමා...(දඟලන්නේමත් නෑ ඉතින්)ඒත් ජිවිතේ විඳින්න පුළුවන්...ඕනිම වෙලාවක ඕනිම ප්‍රශ්නයක් කෙලින් කතා කරලා විසඳගන්න පුළුවන්...අදත් මම ජිම් එකට ගිහින් එද්දින් උදේ පාන්දර 9.30 යි...හිකිස්...ඒත් වැඩ කරන වෙලාවට වැඩම තමා ඉතින්...පෝරු ඩිසයින් කරන්නද, සෙටිබැක්  ද,ටේබල් ඩෙකෝ ද අරවද  මෙව්වද වැඩ ගොඩයි...වෙලාවකටනම් පොඩ්ඩක්වත් නිදහසක් නෑ..ඒත් මානසික සුවය නම් උපරිමයි...මල් එක්ක ගෙවන ජීවිතේට තවත් ඇත්තම ඇත්ත මලකුත් එකතු වුනානි...ඒ නිසා ජීවිතේ තවත් ලස්සනයි...හ්ම්ම්...තියෙන්නේ පානදුරේ..එතනින් එහාට ඕනි නැහැ...මම කලින් වැඩ කලේ ලස්සන ෆ්ලෝරා එකේ...
වෙලාව පාන්දර 2 ට විතර ඇති...
මචෝ ජානුවෝ...

ඇයි බන් මේ මහා රෑ මට වද දෙන්නේ...නින්ද යන්නේ නැත්ද?
යකෝ මයිනෝ...
ඔව් බන්...
වල් රිලවෝ...පිස්සු මීයෝ...
කියපන් මචන්...
අනේ මන්ද ඇහැරියන්කෝ...
අනේ මන්ද බන් උඹත් මහා වදයක් කිත්තෝ...මගුල ඇයි බන් අහිංසක මට මෙහෙම කරන්නේ..මොකද උඹල මල ගේකවත් නයිට් එක අදිනවද?
නෑ යකෝ...ඉක්මනට සෙටිෆිකට් ටික ලැස්ති කරගනින්...
ඈ...
ඉක්මනට බන්...
ඒ මොකටද බන් මේ මහ රෑ..පයිත්තියන්ද උලමෝ...
ලස්සන ෆ්ලෝරා...
මොක?
යකෝ මමත් දැන් දැක්කේ බන්...නිදාගන්ඩ හැදුවේ...එතකොට පත්තරේ දැක්කේ..අද උදේ අටට ලස්සන ෆ්ලොර එකේ ඉන්ටර්විව් එකක් තියනවා...ඉක්මනට පලයන්...
ඈ...මොනවද බන් කරන්ඩ තියෙන්නේ?
කවුද බන් දන්නේ...
කොහෙද තියෙන්නේ?
හෝමාගම...
තෝත් මහ නසරානි කතානි කියන්නේ...කොහෙද ඕක තියෙන්නේ..හෝමාගම?මම දන්නේ නෑ බන්...ඔව්වයේ  ගිහිල්ලත් නෑ...
අනේ අනේ පල පල...කොහොම හරි හොයන් පල...මොකක්ද බන්...
ඇයි බන් උඹ මාව මෙහෙන් පන්නන්ඩද හදන්නේ?
පල කියන දේ අහලා...තෝ මේක අස්සේ හිටියොත් ටවුන් එකේම නාස්ති වෙනවා...ෂොපින් එකේ තෝව දන්නේ නැති එකෙක් නෑ...අතුගාන එකත් තෝව දන්නවා...ලජ්ජා නැත්ද යකෝ...
මොකක්ද පෙරේතයෝ ලජ්ජා?මම ඒකට යන්නේ විලි වහන් ඈ...
හැබැයි මම අම්මලට කියනවා තෝ කරන එව්වා...යනවද නැත්ද උඹ?රස්තියාදුකාරය වගේ තොරොම්බල් ගොඩක් එල්ලගෙන නැටුවා ඇති...අපිනම් ආයෙත් එක්සෑම්  කරනවා...තොට රිසල්ට් තිබිලත් හොඳ එකකට යන්නෙත් නෑ..ආයිත් එක්සැම් කරන්නෙත් නෑ...
අනේ පල...තෝ මට කන්ඩ දෙනවනේ...
මහ ලොකු ඉවෙන්ට් මැනේජර්...
පල පල...මම එකෙන් අස් උනානේ...
ඒක තමා ගොබ්බයො කියන්නේ..මේකට පල...එකේ ඉන්ඩ බෑ කියලනේ ආවේ...මම තියනවා...සේරම විස්තර මැසේජ් එකක් එවල ඇති...බායි
ඌ තිබ්බා...ෆෝන් ඒක කට් උනා...මට නිකන් මඤ්ඤන් වගේ...බැලුව මැසේජ් එක...හ්ම්ම්...වෙලාව 2.30 යි...
අම්මේ...

ම්ම්ම්ම්
අම්මේඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒ.................

මොකද මේ කෑ ගහන්නේ...
නැගිටින්ඩෝඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕ...
සද්දෙට අහල පහල ගෙවල් වල උනුත් ලයිට් දාලා...තව ටිකෙන් කන්ඩ වෙන්නේ ගමෙන්ම...
මොකද මේ?

තාත්තට යකා ආවේස වෙලා...
නෑ මේ...

මොකද?
හීනයක්වත් දැක්කද ලොකු...?
නෑ කිත්තා කෝල් කළා...
ඉතින්...
ඉන්ටර්විව් එකකට යන්දලු...
මම ඉතින් විස්තරේ කිව්වා...මෙන්න බොලේ සේරම නැගිටලා ගජරාමෙට වැඩ...අම්ම උයනවා..තාත්ත පොල් ගානවා..මලයා නැගිටලා ඇඳුම් මදිනවා...ඈ යකෝ මාව යවන්ඩ තියන හදිස්සියක්...ඇත්ත තමා ඉතින්...මාස ගානක් කරපු ජොබ් එක... අම්මයි තාත්තයි හරියට ලොකුවට තමුන්ගේ ලොකු පුතා කරන ජොබ් එක ගැන කතා කරද්දින් ජොබ් එක එපා කියලා ආවනේ...ක්ලෝරීන් දාලා සායම හෙදුවලු මම...අපේ මලය කියන්නේ..ඕකට මම...
ඇත්ත තාම ඉතින් ජොබ් කට්ට තියෙද්දින් සලකපු කට්ටිය දැන් නිකන් බලන්නේ බල්ලෙක් ගානට දාලනේ...
කොහොමින් කොහොම හරි 4 වෙද්දීන් සේරම බඩු ලැස්ති...කොල්ල නිකන් මොකාද එකා වගේ අත් දිග කමිසයක් ගහලා කකුල් දෙකටම කලිසම් ඇඳලා...හප්පේ කන්නාඩියෙන් එකයි මම...හිකිස්...
අම්මටයි තාත්තටයි දන ගහල වැන්දා...
අයියේ...

ඇයි බන්...
මෙන්න මුත් වඳිනවා මට ...
ඈ බොල මම රට යනවා කියල හිතුවද?යකෝ මම හවසට ගෙදර එනවා...
නැග්ග කුරුණාගලින් බස් එකට... අපි ඉතින් රීම් එකෙන් ගියත් යන්නේ ඒසී බස් වල තමා ඈ...මේ කාලේ කොල්ලන්ට හරි අනාරක්ෂිතයිනි...කෙල්ලෝ පිස්සු හැදිලා වගේ අපි බස් එකේ හිට ගත්තාම අපේ පිටිපස්සෙන් ඇවිත් හිටගන්නවා...හයියෝ හතර විලි ලැජ්ජාවේ බෑ...කොළඹටත් ගියා...ඉතුරු ටික...
ඔටුවා  බහින්ඩ ඔටුවා බහින්ඩ...

ඈ...හරි නෙන්නම්....කොටුවටත් ඇවිත්...හප්පා දැන් කොහාටද?හෝමාගම  බස් එකකට නැග්ගා...හම්මේ සැප..බාල්දියෙන් එකයි හුණ්ඩු දෙකයි...කරත්තයක්ද මන්දා...හෝමාගමින් බහිනකම් එක කෙල්ලෙක් දිහා බැලුවේ නෑ..අම්මප...නිකන් ව්‍යාකුල වෙලා ඔව්වට යන්ඩ ඕනේ නැනි...හෝමාගමින් බැහැල ගත්ත 678 බස් එක...ගත්ත කිව්වේ මේ නැග්ගා...
අයියේ හබරකඩින් මාව දානවද?

හබකරකඩ කොහෙන්ද බන්?
මේ අර ලස්සන ෆ්ලෝරා...
ආ..අරුන් ටිකත් එහෙට තමා...
එලනි...බස් එකෙන්ම සෙට් උනා කොල්ලෝ ටික එක්ක...අපරාදේ කියන්ඩ බෑ...ෆිට් උණු තරම කියන්නේ විනාඩි 10 ක් වත් ගියේ නෑ...අපි එක බස් එක දෙක කරලා බැස්සේ...ලස්සන එකට යද්දින් ඉස්සරහම පට්ට ලස්සන රිසෙප්ෂන් අක්කෙක්...හප්පේ සායේ දිග...නිකන් කොල්ලෝ සෙට් එකම මෙව්වා වෙලා...
ඉන්ටර්විව් එකටද...

නෑ මේ මෙහෙමම බිම වාඩිවෙලා මැරෙන්ඩ...එකෙක් හිමිට කිව්වා..කොල්ලොන්ට හිනාව නවත්තගන්ඩ බෑ...
ඉන්ටර්විව් පටන් ගත්තා...හප්පේ ආසාවේ බෑ...මල් ලෝකයයි...හැබැයි එක මලකවත් නම් දන්නේ නම් නෑ...මාර සුවඳයි...( පස්සේ දවසක දැන ගත්තේ ඒ මල් වල සුවඳ නෙවේ ස්ප්‍රේ වල සුවඳ කියල...අලෙ මන්ද )ඉන්ටවිව් එක සාර්ථකව නිමා කරලා ඔන්න ගෙදර එද්දින් රෑ 11 යි කියමුකෝ....ඔය මැද්දෙදි වෙච්ච් එව්වනම් මෙලෝ රහක් නෑ...රහ කෑලි තියනවා...එව්වා කියන්ඩ මොකක්ද වගේ...කෝම හරි ආපහු ආවේ පට්ට වටයක් ගහලා...මොකද මාත් එක්ක හිටිය උන් කෑගල්ලේ...හබරකඩින් නැග්ග ගොඩගමට...එතනින් නැග්ග අවිස්සාවේල්ලට...එතනින් කෑගල්ලට...අරුන් බැස්සා...මම එතනින් කුරුණාගලට...නෑ නෑ...නගින්ඩ බලන් හිටියා...හුටා රෑ 9 යි...එක බස් එකයි තියෙන්නේ...එකත් පොල්ගහවෙලට...හුට පරිඤ්ඤන් කිව්වලු..දැන් මොකද කරන්නේ...කොල්ල බලන් ඉන්නවා පොල්ගහවෙලට වෙලා...10.30 යි...ආව බස් එකක්...අප්පේ පතරංග නාරි දේහයක් ළඟ මම වාඩි උනා...එකී නිදි කිරා වැටෙනවා...කිටි කිටියේ ඇඳන් හිටිය ඔෆිස් කිට් එක ගැලවෙන්ඩ ඔන්න මෙන්න...මල පෙරේතියක් වගේ...හප්පේ...සිදුහත් කුමාරයා එහෙම මේකිව දැක්කනම් ඒ වෙලේම යනවා අභිනික්මනේ...අනිත් පෙර නිමිති ඕන නෑ...ඊක්කා...චා...
කුරුණාගලින් බැස්සා...
තාත්තේ...

මම ඇවිත් ඉන්නේ...ස්ටෑන්ඩ් එකට එන්ඩ...
මේ පොඩ්ඩක් පරක්කු උනා...
නෑ නෑ පරක්කු නෑ...මම හිතුවේ හෙට උදේ එයි කියලා...
කනේ පාරක් නැතිව බැනුම් ටිකකින් ශේප් වෙලා ගෙදර ගියා...මමනම් ඉතුවේ දෙයි කියල හතර ගාතෙන් වැටෙන්ඩ...
කෝමින් කොම හරි දවස් දෙක තුනක් ගියා...වැඩේ ගොඩ...මම සිලෙක්ට් වෙලා...හප්පේ අපේ ගෙදර උන්දලාට තියන සන්තෝසේ...ඇදුම් අරව මෙව්වා ලැස්ති කරගන්ඩ තිබ්බේ දවස් දෙකයි...සේරමත් ලැස්ති කරගෙන ගෙදරින් පිටත් උනා උදේ පාන්දර...ටවුමට යද්දින් විශ්වයයි දිලීපයයි කිත්තයි...සෙට් එක ෂොපින් එකේ...
ඒ අඩෝ පාටියක්...

දන්නවා කතා කරලා වැඩක් නෑ බේරුමක් නෑ කියලා...
ඒ මොනවද ඕනේ...

යමුකෝ...බ්‍රයිට් බ්‍රාවෝ...
ඈ...ඒ අඩේ...
එහෙනම් එපා..පල...
අනේ මන්ද තොපිනම් යමු...තොපි තුන්දෙනාට රුම් එකකුත් අරන් දෙන්ඩද?ඈ...
අනේ පල...
බයිට්,පොටෙටෝ චිප්ස්,එක්ක මෙව්වත් ගත්තා...මම නම් බොන්නේ බියර් ජුන්ඩක් විතරයි... එකත් මුඩියට හලාගෙන නහය ගාවට ලං කෙරුවාම අවුරුද්දකට ඇතිවෙන්ඩ වදිනවා මට ...එකට මුන්...කිත්තට පොඩ්ඩක් වැඩියෙන් පෙව්වා..ඌ හන්දනී මේක සෙට් උනේ...අන්තිමට සල්ලිත් නෑ...ඉවරයි කෑවා මාව...කොම හරි හද්ද ලොකු ට්‍රැවලින් බග් එකකුත් එල්ලන් ලස්සන එකට යද්දින් වෙලාව රෑ හතයි...සික්කට සද්දයක්  දාල තමා ඇතුලට රිංගුවේ...කොහොමින් කොහොම හරි ලස්සන එකේ ජිවිතේ නම් හරිම ලස්සනයි...
කෙල්ලෝ නෑ...කොල්ලෝ විතරයි..කුණුහබ්බ විමානයයි...අමු හෙළුවෙන් දුවන්නේ උන්...කවදාවත් අමතක වෙන්නේ නැති රත්තරන් කොල්ලෝ ටිකක් ඉන්නවා එහෙ...යන්න ආසයි බලල එන්ඩ...කොහෙද දැන් නම් වෙලාවක් ඇත්තෙම නෑ..ආදරේ එක්ක හැමදේම අමතක කරලා ඒ වෙනුවෙන්ම ඉන්නවා..මේ ආදරේ නැති වුනොත්නම් අනේ මන්දා...ඒක තියෙන්නේ එයාගේ අතේ...
ලස්සන එකේ ඉන්න දවස් වල කෙල්ලෝ ගත්ත වැඩට...දිවෙන් දිව ගාගෙන හිටිය උන් වෙනස් වෙන්ඩ ගත්තා...බලන් ගියාම ගොඩක් උන් කොහෙවත් නැති නාකි මගුල් හින්ද ගෙම්බෝ වෙලා...ඒක එපා වෙන්දනම් වැඩි කාලයක් ගියේ නෑ...ඔය අස්සේ හොඳම ට්‍රේනි කියන කප් එකත් ගැහුවා මම...ඉතින් ඊට පස්සේ තමා මල් මතකෙට ආවේ...මේ ජිවිතේ මාර නිදහස්...
මට හැමදාම ඕනි වුනේ කවද හරි බඳින කෙල්ල එක්ක හැමවෙලේම ඉන්න...එයාට තනියක් නොදැනෙන්න ඉන්න...මගේම කියල මල් මතකයක් එන්න වැඩි කල් යන්නේ නැහැ...එතකොට ජිවිතේ ලස්සන වෙයි ගොඩාක්..මම එහෙම හිතනවා..කොමත් මම සල්ලි පස්සේ දුවන එකෙක් නෙවි...මැරීගෙන සල්ලි හම්බකරන එකෙක් නෙවි...ඒත් අවශ්‍ය ගාන කොහොම හරි මම බැලන්ස් කරගන්නවා...දෙයක් කියන්නම්.....මම කරේ බයෝ...රස්සාවකට යන්න තරම් හොඳ රිසල්ට් එකක් තියනවා..ඒත් මට එව්වා ගැලපෙන්නේ නැහැ...මේක කියවන උඹලටත් සමහර විට ඔහොම ඇති...ජිවත් වෙන්න රස්සාවක් නෙවේ ජිවිතේ විඳින්න රස්සාවක් හොයාගනිල්ලා...මොකද අන්තිමට ගහපු බෙරේකුත් නෑ බෙරේ පලුවකුත් නැති වෙයි...හැබැයි මේ රස්සාව තොර ගත්ත ඒක ගැන මම අද සන්තෝස වෙනවා...මොකද බුකියට යන්ඩවත් නිදහසක් ආවා...මගේ ආනගතේ ලස්සන කරගන්න මට පාර හම්බ වුනා...කොහෙන් ගියත් නතර වෙන්නේ ආදරෙන්...අනේ මන්දා...නිදහසයි සතුටයි එක්ක සල්ලි නැතත් ජිවිතේ සැහැල්ලු වෙලා...නොකා නොබී හිටියත් මානසික සුවය මට වටිනවා...මම ආදරෙයි මගේ රස්සාවට...මොකද මේක මගේ කැමැත්ත...මේ මගේ දේ...

Thursday, July 5, 2012

මේ...කෙල්ලෙක් ඉන්නවද?

හ්ම්ම්ම්...ඔන්න ගොඩ කාලෙකින්...ආදරෙන් මත් වෙලා මෙව්වා වෙලා ආදරේ උස්මුරුත්තාවටත් ඇවිත්...ඕකෙන් මේකෙන් බ්ලොග් එක ගැනත් අමතක වුනා වගේ...උදේ පාන්දර ඇඳෙන් නැගිටිද්දීන් කලිසම නෑ...මෙව්වා ජාත්යන්ත්‍රණ කුමන්ත්‍රණ...මගේ පිටි පස්සේ මොක්කදෝ විසාල දේසපාලන බලවේගයක් ක්ලියාත්මක වෙනවා...දනි පනි ගාල නැගිටලා කලිසමත් නිකන් පටලෝගෙන කොම්පිතරේ ඩෙක්ස්ටොප් එකට උම්මා එකක් දීල ඒම දවස පටන් ගත්ත...වෙලාව අටත් පහුවෙලාද කොහෙද..පල්ලෙහා එවුන් උදේට කනවා...මමත් ගියා මුණ එහෙම හෝදගෙන නිකන් සිරිමත් වගේ...අපි එහෙමයි...උදයම පුබුදී...උඩ වැඩ කරන එකෙක් කොත ගහල බත් එකක් බෙදාගෙන අහිංසක පිඹුරෙක් වගේ පැත්තකට වෙලා සරාස් බරාස් ගාල සවල් පාරවල් ගහනවා...මගෙත් මොකද ඉතින්..ඕනේ ජිල් බෝලයක් පහත තැනින් යයි ගලා කියල මමත් පිදුරුතලාගල කන්ද වගේ බත් ඇබින්දක් පිඟානට දා ගත්තා...ඊට පස්සේ ලක්ෂපාන ඇල්ල වගේ සොදි ජුන්ඩක් දා ගත්තා...එක මාලුවනේ ඉතින්...
මාතිය මොකද පවුල් ප්‍රශ්නයක්වත්ද ඈ...කාල මැරෙන්ඩද හදන්නේ?

එතන හිටපු අත් උදව්වට ඇවිත් හිටිය දෙමල කොල්ලෙක් අහපි...
නෑ බොල අපේ අම්ම මට  රන්කිරි කට ගාල තියෙන්නේ සවලෙන්නි...ඒකයි මේ.
..
මුන්ටත් අහන්ඩ වෙන දෙයක් නැනි...මල පැනල මට අසු හාරදාහට...එත් කන අතරේ මතක් වෙච්චි දෙයක් මේ...උඹෙන් අහන්ඩ හිතුනා...
දෙයක් අහන්නම්...උඹේ කෙල්ල  මොන වගේද?(කොල්ලන්ගෙන් ඇහුවේ හරිද?කෙල්ලොන්ටත් ඉන්නවා...අපි දන්නවා හු ඈ...)උඹ උඹේ  හිතේ කුපාඩිකම් වනචරකම් වෙන ලාභ ප්‍රයෝජන බලාගන නැතිව ඇත්තටම ජිවිතේ ගෙනියන්න තමන්ගේ අනාගත සහකාරියව තෝරාගන්න හිතනවානම් උඹ ඒ හිතන කෙනා උඹ ඒ පතන කෙනා උඹ ඒ බලාපොරොත්තු වෙන කෙනා කොච්චර දුරට උඹට ගැලපෙනවද කියල හොයල බලන්න ඕනි....මොකද ආදරේ කොච්චර සොඳුරු වුනත් ප්‍රේමයත් රාගයත් එක්ක ඔය ආදරේ කොච්චර ලස්සන වුනත් දෙන්නට දෙන්නව තේරෙන්නේ නැත්නම් දෙන්නට දෙන්නව අඳුනගන්න බැරිනම් ඒ ආදරේ විවාහයකින් කෙලවර වෙන්නේ නැහැ...ඒක ඉස්තිරයි..අහම්බෙන් විවාහ වුනත් රඳා පවතින්නේත් නෑ...පොඩ්ඩක් තේරුම් අරන් වැඩ කරහන්...
සමහර කෙල්ලෝ ඉන්නවා හරිම නිහඬයි...නිහඬයි කියන්නේ ඉතින් කතා නෑම තමා...කතා කරන වචනේ කට ඇතුලේ ඉන්න එකෙක්ට මිසක් පිට ඉන්න එකෙක්ටනම් ඇහෙන්නෙම නෑ...සමහර කොල්ලෝ ඒ වගේ උන්ට ආසයි...ආසයි කිව්වේ කැමතියි...ඒ වගේ කෙල්ලෙක්ව යාලු කරගන්ඩ නම් ඉතින් අසාමාන්‍ය කට්ටක් කන්ඩ වෙනවා...ඇයි හත්තලාමේ මෙකි කතා කරන්නේ නැහැනේ...මොන කෙං ගෙඩියක් කරන්ඩද?මේ වගේ කෙල්ලෝ සාමාන්‍යයෙන් ආදරේ ගැනවත් ජිවිතේ ගැනවත් හරි හමන් අදහසක් ප්‍රකාශ කරන්නේ නැහැ...දවල්ට කන්නේ මොනවද ඇහුවොත් කියයි ඕනි දෙයක් කියලා...මෙහෙම කරමුද ඇහුවොත් හා ඔහොම කරමු කියයි...නරකද ඇහුවොත් නරකයි කියයි..ඒකම හොඳද ඇහුවොත් හොඳයි කියයි...ඔය වගේ කෙල්ලෝ හරි දුර්ලබයි..රතු දත්ත පොතෙත් නැතිව ඇති ඔහොම උන් නම් අද කාලේ...සෙට් කරගත්තොත් ඒක වාසනාවක් තමා...හැබැයි ඒ කෙල්ල හන්ද උඹේ ජීවිතේට මහා ගොඩක් දේවල් නම් ලැබෙන්නේ නැහැ...කෙලින්ම කියනවනම් එකී හරියට මැටි ගුලියක් වගේ...උඹට ඕනි විදිහකට හදාගන්ඩ පුළුවන්...
තවත් කෙල්ලෝ ජාතියක් ඉන්නවා උන් දිහා බලන් හිටියාම ටිකක් වෙලා අපට හිතෙනවා ඈ යකෝ මේකිගේ ඇඟ පුරාම කටවල්ද කියලා...ඕනි මගුලයි එපා මගුලයි සේරම කියෝනවා...කොල්ල එක්ක නෙවේ...රට වටේම ඉන්න හාල් පාරුවෝ එක්ක...විලි සංගයක් නැතිව දඟලනවා...අදහස් ප්‍රකාශ කිරීම අතින් අංක එක..වෙන එකෙක්වත් සෙකන්ඩ් නෑ...ඔය ලිඳ ළඟ සංගම් වල කයිවාරු ගහන කේලාම් ගෑනු බිහිවෙන්නේ උන් ලොකු උනාම තමා...සාමාන්‍යයෙන් මම දන්නා තරමටනම් කොල්ලෙක්ට ඔහොම එකියක් සෙට් වෙන්නේ උගේ තියන අසාමාන්‍ය පවකට...ඕනේ එකටයි එපා එකටයි හැම එකටම කියවන ඒකි එක්ක ඌ ගෙවන්නේ ජිවිතයක් නෙවේ...කොල්ලත් දරදඬු එකෙක් උනොත් එතන ඉතින් දෙවන ලෝක යුද්දේ තමා...ආදරෙත් කරලා කසාදත් බැඳලා ගෙවන ජීවිතේ ගෙවන්ඩ වෙන්නේ නයයි මුගටියයි වගේ... කොල්ල නිහතමානි අහිංසක චරිතයක් උනොත් ඉවරම තමා..අරකි ඒකිට ඕනේ විදිහට නටනවා..ගෙදර ගෘහ මූලිකයා ඒකි...ඇඬේනවා...ඒ වගේ උන් ඉතින් ගෙදරට  පහනක්...මොකද හැමවෙලේම පත්තු වෙච්ච් ගමන්නි...
තව කෙල්ලෝ වගයක් ඉන්නවා හරි සෝබන කාරියෝ...ජිවිතේ බරපතල අධ්‍යාත්මික වටිනාකමක් උන් අඳුනනනේ නැහැ...රැල්ලට දුවන උන්...සුපර් ස්ටාර්ල වෙන්ඩ,තරඟෙට සින්දු කියන්ඩ නටන්ඩ දඟලන්නේ ඒ වගේ උන්...උන්ට ජීවිතේ හැම තත්පරයක්ම හරි ආතල් එකක්...චරිතයක් වශයෙන් උන්ට කිසිම ප්‍රතිරූපයක් නෑ...එහෙම එකක් ගොඩ නගාගන්ඩ ආසාවකුත් උන්ට නැහැ...කෙටියෙන්ම කිව්වොත් ඒ වගේ උන් හරිම ගොබ්බයි...ඒ වගේ කෙල්ලෙක් උඹත් එක්ක ඉන්නවනම් උඹට තේරෙනවා ඇති මම කියන දේ..ඒකි ගැන සැකයක් ඇති වෙනවා නේද උඹේ හිතේ?ඒ වගේම ඒකිව නඩත්තු කරන්ඩ උඹේ අම්මලට තාත්තලටත් පාර්ට් ටයිම් ජොබ් කරන්ඩ වෙනවා වෙනමම...ඒකිට විසේ..ඒ විසේත් එක්ක උඹට හැරෙන්ඩ බෑ...උඹට හරි මහන්සි...සමහර වෙලාවට උඹට උඹ ජිවත් වෙන ලෝකෙට ඒකිව ගේන්ඩ බෑ...මොකද මහා නෝන්ජල් ගොන් වැඩ කරන්නේ...විලි සංගයක් නෑ...උඹේ පටිත් රෝල් කරනවා...උන්ගේ තාත්තලාගේ පඩිය ඉවරම වෙන්නේ උන්ට වියදම් කරලා...උන්ගේ ඔලුවට එක එක ෂම්පුයි, මොලේට තෙලුයි, ඇඟිලි විස්සට කියුටෙක්ස් විස්සකුයි ඕනේ...හැකරල්ලෙක්ගේ වගේ අත් කකුල් තිබ්බනම් උන්ගේ අප්පලාට යන්ඩ වෙන්නේ හොම්බෙන්...මුනට ඒකයි.බෙල්ලට තව ක්‍රීම් ඒකයි.අතට කකුලට බඩට කටට පිටට වගේ සරීර හැම අවයවේකටම උන්ට වෙන වෙනම ක්‍රීම් තියනවා...පුත්තලම් බුරුවො දෙතුන් දෙනෙක්ගේ වයස තියන ඒ වගේ උන් ගාන්නේ බේබි ක්‍රීම් රෑට නිදාගද්දීන්...උඹ කැරට් කෑවාට ඒකි කැරට් බොනවා...මුං ඇට මුනේ ගානවා...මී කිරි දෙහි අලිගැටපේර වගේ ඕනි මගුලක් මුනේ උලනවා...ගෙදර උයන්ඩ තියන පිපිඤ්ඤා  ඒකි මුනෙයි ඇස් වලයි තියාගන්නවා...උඹට වෙන්නේ කබයි කුරුලෑ සාරුයි එක්ක පිපිඤ්ඤා ටිකක් බත් එකට දාගෙන කන්ඩ තමා..උන් සැලුන් වලට ගිහින් මුණ ස්ට්‍රේට් කරනවා...මයිල් ස්මයිල් වෙනකම් ෆර්ම් කරනවා...කොන්ඩේ බ්ලීච් කරනවා.. තොල් රීකන්ඩිෂන් කරනවා.. උන්ගේ මුනේ වලවල් නෑ තියෙන්නේ ගොඩැලි...සැලුන් වලට ගිහින් පොටි දාල හැටේ වැලි කඩදාසියෙන් කපල එකසිය විස්සේ එකෙන්  ශයින් කරපුවාම ගොඩ...ආයේ මුණ හෝදපුවාම අනාතයි... මෙව්වා ඇත්ත...ඒ වගේ එකියක් ජීවිතේට පාත් වෙන්නේනම් කරුමේකටම තමා...පරෙස්සම් වෙයන් හරිද..ඉන්නවනම් පයින් ගහල එලවපන්...යන බල්ලෙක් එක්ක හැඳි ගෑවිලාම යන්ඩ...
ඔන්න ආතල්ම එක...තව කෙල්ලෝ ටිකක් ඉන්නවා සැපටමයි...ඒ කිව්වේ මොකක්ද දන්නවා ඇතිනි...උන්ට ශරීර සැප ඇරෙන්ඩ වෙන කිසි දෙයක් එපා...උඹ වගේ කොල්ලෝ දුසිම් ගානක් එක්ක ඒකි බුදියන්  ඉඳල ඇති..එහෙම උනත් ඒකි උඹෙන් බලාපොරොත්තු වෙන්නේ අනිත් හැම කොල්ලටම වඩා වෙනස් අත්දැකීමක්..වෙනස් විදියක සතුටක්...කැළණි පාලම යටින්පොල් ලෙල්ලක් ගියාට දැනෙන්නේ නෑනේ කොල්ලෝ...උන්ගේ ඇස් වල කළු ඉන්ගිරියාවත් නිල් පාටයි..ඒක නිල් නම් කළු ඉංගිරියාව වෙන්ඩ බෑනේ..උන්ගේ ඇස්වල නිල් ඉන්ගිරියාවත් නිල් පාටයි...මුළු ආත්මේම නිල් තමා...හැබැයි මතක තියාගනින්...ඒකි කරගත්තට පස්සේ උඹෙන් ඈතට යනවා...පාරේ යද්දින් උනත් උඹ ළඟ ඉඳන් ඉද්දින් උනත් ඇස් එහෙට මෙහෙට කැරකෙනවා ඇති ඒකිගේ...පරෙස්සමින්...අපේ ආච්චිලගේ කාලෙනම් කිව්වේ එකෙන්ම වේසියෝ කියලා...දැන් ඉතින් අපේ කාලෙට එව්වා කුණුහරප වෙලානි...මමත් කියන්නේ ඒ වගේ උන්ට වේසියෝම තම ඉතින්...මේ කුරුල්ලා ඇත්ත කියන්ඩ බය නෑ වගේම ඇත්ත වෙනුවෙන් ඔලුව නමන්ඩත් දෙපාරක් හිතන් නෑ...ඒ වගේ කෙල්ලොන්ගේ මයිල් ගහේ ඉඳන් වනචර කම...(මම මේ කියන්නේ කොල්ල ළඟ ඉද්දින් කෙල්ලට ඇතිවෙන හැගීම  නෙවේ...එකනම් ඉතින් වෙනම කතාවක්නේ ඈ...)කොල්ලෙක් ලඟින් ඒකි ගියොත් කොල්ලත් ගැබ් ගන්න සයිස්...බැරිවෙලාවත් එහෙම එකියක් හම්බ උනොත්නම් උණ්ඩුක පුච්චේ හපන් මැරෙන එක සැපයි මහත්තයෝ...මේ වගේ උන් හොදයි බාගෙට පරිනාමය වෙච්ච යෝද චිම්පන්සියෝ වගේ උන්ට...
සාමාන්‍යයෙන් කොල්ලෙක් තමාගේ මුළු ජිවිත කාලෙම හීන මවන්නේ තමන්ගේ අම්ම වගේ ආදරේ සෙනෙහස දෙන කෙල්ලෙක්...ඒ විදිහේ කෙනෙක් ජීවිතේට ලැබෙන්නේ බොහොම කලාතුරකින්..අඩුවෙන් කතා කරන වැඩියෙන් ඇහුම් කන් දෙන එත් දෙන්න තනියම ඉද්දින් උඹට කතා කරන්නද තියා කට අරින්ඩවත් නොදී ගිරවියෙක් වගේ කතා කරන විදිහේ ගෑනු ළමයෙක් උඹට ඉන්නවා නම් ජිවිතේ ලස්සන වෙයි...උඹ ළඟ ඒකි පිස්සියක් වෙයි..උඹ ඉල්ලන දේවල් දෙයි..උඹ හොයන සැනසීම දෙයි..මුළු ආත්මෙන්ම උඹට ජිවිතේ දෙයි...උඹ ළඟ වල් වෙයි...සමාජේ ඉස්සරහ අහිංසක වෙයි..ඇත්තටම උඹට ඕනෙත් ඒක නේද?ඇත්තටම කොල්ලෙක් විදිහට ජිවිතේ විඳින්න ඕනෙනම් පියවරෙන් පියවර ජිවිතේ සාර්ථක වෙන්ඩ ඕනෙනම් හොයාගනින් එහෙම එකියක්...මටනම් හම්බ වුනා...සාර්ථක මිනිහෙක් පිටිපස්සේ ගෑනියෙක් ඉන්නවා කිව්වට හැම ගෑනිටම මිනිහෙක් සාර්ථක කරන්ඩත් බෑ...උඹේ පින් කරලා තියෙන්ඩ ඕනේ...මොකද ගෑනියෙක්ට පුළුවන් මිනිහෙක්ගේ ජිවිතේ එක තත්පරෙන් විනාස කරලා දාන්ඩ...පරෙස්සමින්...