කුරුළු යාළුවෝ

Thursday, August 23, 2012

උඹත් බෞද්ධයෙක්ද?


මම බෞද්ධයෙක්...මම ක්‍රිස්තියානි ආගමත් පිළිපදිනවා...ඔය කුරුල්ලා දන්න ආගම් දෙක...බුද්ධාගම නම් සාමාන්‍ය දැනීමටත් වඩා පොඩ්ඩක් තියනවා...පොඩි කාලේ ඉඳං ඉගෙන ගත්තු පාසල්, දහම් පාසල් අධ්‍යාපනේට වඩා බෞද්ධ දර්ශනය ගැන ටිකක් විතර මහන්සි වෙලා හොයපු, තාමත් හොයන හන්ද වෙන්න ඇති ඒ...කොහොමින් කොහොම හරි ක්‍රිස්තියානි ආගමත් මේ දවස් වල ඉගෙන ගන්නවා...මොකද මට තේරිලා තියන විදිහටනම් මේ ආගම් දෙකේම වැරදි දේවල් කියලා දීල නැහැ...multi religional කියලා කියන්නේ ඕකද මන්දා...කොහොම හරි මේ ලෝකේ හොඳ උගන්නන හැම ආගමකටම කුරුල්ලගේ ගෞරවේ හිමිවෙනවා නිතැනින්ම...අපි කවුරුත් උප්පත්තියෙන් බෞද්ධයෝ නෙවේ...ගොඩක් අය කියනවා මමනම් උප්පත්තියෙන්ම බෞද්ධ කියලා...අනේ මන්දා...එතකොට මට දෙන්න තියන එකම උත්තරේ බෞද්ධයෙක් වෙන්න සුදුසු කමක්වත් ඒ කියන මිනිහට නෑ කියන එකයි...සමාවෙන්න එහෙම කීවට...මම බෞද්ධ...හැබැයි බෞද්ධ දර්ශනය ගැන ගොඩක් අයට තියන අමාරුව තන්හාව මට නෑ...හොඳ  දේ ලෝකේ හැමදාම දිනනවා...ඉතින් බෞද්ධ දර්ශනයේ මුලිකම දෙයක් වෙන්නේ තන්හාව දුරලීම...අනේ මන්දා...නොතේරෙන හන්දයි අහන්නේ...තන්හාව දුරලන්න ඕනිනම් ඇයි මෙච්චර  ආගම ගැනම තණ්හාවක්...ඒ තණ්හාව නිසා ම බුද්ධාගම රැකගන්න කියලා විවිධ මානසික අසහන කාරයෝ මේ ලස්සන දර්ශනය කනවා...මේක ආගමක් නෙවේ...මේක බලකිරීමක් නෙවේ....බලවේගයක් නෙවේ...දර්ශනයක්...එන්නත් යන්නත් ඕනි කෙනෙක්ට ඉඩ තියන හරිම නිදහස් නිවහල් චින්තනයක්...ඉතින් ඇයි අද මිනිස්සු මේක පටලන් ඉන්නේ....කුරුල්ලට නම් මේවා හරි ප්‍රශ්න...
හැබැයි බෞද්ධ දර්ශනේ රැක ගන්න කුරුල්ලා දිවි හිමියෙන් කැපවෙනවා...මොකද මේ ඇඟේ දුවන ලේ බින්දුවක් ගානේ මම මේ ලංකා මාතාවටත් මට යහ මග පෙන්නපු බෞද්ධ දර්ශනේටත් මම ණයයි....පොඩ්ඩක් ඔයාල එක්ක දොඩමලු වෙන්න හිතුනා එක දෙයක් ගැන...
මම දැන් බුදු වෙලා...
කාටද ඕක කියන්න බැරි....ඇට නැති දිවනි...නේද..?ඔන්න කට්ටිය කියනවා...බුදු වෙලාලු....ඉතින් අපි පිළිගන්ඩ ඕනේ...නැත්නම් මේ දවස් වල අලුත් ශාපෙකුත් යනවනි...බුද්ධ ශාපය කියලා ...අම්ම අප්පා මතක කරලා උන්ගේ හත්මුතු පරම්පරාවටම හෙන ඉල්ලන්ඩ හිතෙන්නේ එතකොට තමා...ඈ හත්තලාමේ බුද්ධ කියන වචනේ තේරුමවත් මුන් දන්නවද?බුද්ධ කියන්නේ උතුම්...උතුම් ශාපයක්...විහිළුවක් නේද?විහිළුවක් නෙවේ මානසික විකෘතිතාවක්...බුදු වුනා කියන එකා බුදු වුන තැනකුත් නෑ...දම්සක් සුත්‍රේකුත් නෑ...පස් වග මහණෙකුත් නෑ...පිට දුන්නු ගහකුත් නෑ...හැබැයි පන්සල දාලා ආරන්‍යයක් හදන් ඒසී කාමරේකට වෙලා කකුලක් පිට කකුලක් දාගෙන බඩුවකට කියලා කකුල් මිරික ගද්දීන් ඒකා බුදු වෙලා...පට්ට බල්ලෝ...සාසනේ කනවා...එක එකා එක එක විදිහට ආගම් හදාගෙන....මෙව්වා බලන් ඉන්න රටේ පාලකයෝ කියන පඩංගු හැත්ත කට බලියන් උන්ට වඳිනවා...
බුද්ධ කාලෙත් හිටියා ඔහොම එව්වෝ...ඉතින් මේකනම් අරුමයක් නෙවේ...හැබැයි දඹදිව...හය දෙනෙක් හිටියා...ෂඩ් ශාස්තෘ වරු...එක මනුස්සයෙක්ටනම් තිබ්බේ උපන් ඇඳුම...ඌ බුදු වෙලා හිටියේ උපන් ඇඳුමෙන්...උපාසක අම්මලා අහක බලාගෙනත් ගියාලු...සමහර උපාසක අම්මලා නම් ලං වෙලා උටයි අහවල් එකටයි දෙකටම වැන්දලු...සමහරු ඉතින් අද කාලේ වගේ ආරන්‍යටත් ගිහින් කොරගෙන ආවලු...ඔව්ව් ඉතින් උපාසක අම්මලාගේ හැටිණි...ලිංගේ දුන්නත් මම බුදු කියලා පරෙස්සමට අතගායි...අනේ අපේ බුදු හාමුදුරුවෝනි මේ කියලා...ඇයි මුන් මෙච්චර මිත්‍යා දුෂ්ටික...?බුද්ධ කියන වචනේ විකෘති කරලා තමන්ගේ පහත් ආසාවන්,ලාභ ප්‍රයෝජන ඉෂ්ට කරගන්න කලියුගේ බුද්ධ චරිත වලට රැවටිලා දඟලන්නේ ඇයි?
සමන්ත භද්‍ර කියන්නේ බුදු රජාණන් වහන්සේට කියන තවත් එක නමක්...මේ නම ගන්න පුළුවන් තවත් එක බුදු වරයෙක්ට විතරයි...මේ කල්පයේ නියත විවරණ දුන්නේ මෛත්‍රී බුදු රජාණන් වහන්සේට පමණයි...ගෞතම බුද්ධ දර්ශනය හදාරපු අපේ උපාසක ගෑණුන්ට ඔව්ව තේරෙන්නේ නැත්තේ ඇයි කියලා කුරුල්ලා දන්නවා...මොකද පන්සලට ගිහින් ඕකුන් බන අහන එකක් යැ...නිදි කිරා වැටෙනවා...රටේම තියන කෙබ්බ හලනවා...අන්තිමට කුණු හබ්බ කිව්වත් සාධු සාධු හාමුදුරුවන්ගේ බන ටික නම් පංකාදුයි කියල රෙද්ද උස්සන් ගෙදර ඇවිත් අගුපිලේ නිදන් ඉන්න බල්ලා දිහා බලලා බල්ලට කුණු හබ්බෙන් සිල් අනුමෝදන් කරනවා....
අබරා කියලා මනුස්සයෙක් හිටියා...ඌත් කිව්වා ඌ බුදු වුනා කියලා..ඒ කාලේ මනුස්සයෝනම් ඔව්ව පිළිගත්තේ නෑ...මොකද රාජ්‍ය පාලකයෝ බුද්ධිමත්...මහෞෂධ පණ්ඩිතයින්ගේ ආභාෂය තිබ්බ උදවිය...ඉතින් ප්‍රශ්නයක් වුනේ නෑ...ඒ ඉතින් මහෞෂධ පරපුරනි..මේ වෘෂභ පරම්පරාවනේ...දැන් ඉන්නෙත් අබරා වගේ උන් කියලා තේරෙන්නේ නෑ...අඩි හය හතක් උස කේක් ගෙඩිය කපලා විස්කි වීදුරුව බීල ඉන්න මුන් ඔව්ව කොහොම තේරුම ගන්ඩද?කාපියව් බත් ටිකක් කොස්, දෙල් එක්ක තණකොළ කන හරකුනේ...තොපිට මොලේ පෑදෙන්ඩ...
දඹදිව ඒ කාලේ හිටිය බුදු කෙනෙක් තවත්...කිව්වේ ජම්බුකාජීවක කියලා...මිනිහා හිටියෙත් උපන් ඇඳුමෙන්...ඉන්දියාවේ අදටත් ඉතිං වැසිකිලි හරිම අඩුයිනි....ඒ කාලේ කොහොමත් තිබිලා නෑ සාමාන්‍ය පවුල් වල...ඉතිං ගල් තලාවක් තියනවලු සරීර කෘතයේ කරන...ඕකට වෙලා මේ මිනිහා තනි කකුලෙන් ඉන්නවලු...ඇයි කියලා ඇහුවාම කියන්නේ මගේ කකුල් දෙකම පොලවට තිබ්බොත්  මගේ බරට මිහිකතට බර උහුලගන්න බැරි හන්ද කියනවලු....ඔන්න උත්තරේ...අද කාලේ දෙන උත්තර වලට හරිම සමීපයි...එදා මෝඩයෝ ඒක පිළිගත්තා...කකුල් දෙකෙන් හිටියත්,එක කකුලෙන් හිටියත්, අහවල් ඒකෙන් හිටියත් බර බරමනේ...ඕක අද ඉන්න ගොන් හරක්ට තේරෙන්නෙත් නෑ...කට උඩට හරවන් ඉන්න එක ගැන ඇහුවාම කිව්වලු මම ජීවත් වෙන්නේ හුළං බීල කියලා...ඔන්න හරි සැලකිලි...හැබැයි එකෙක්වත් දන්නේ නෑ මිනිහගේ පෙර කරපු කර්මෙකට අනුව රෑට මේ මිනිහ බඩ පැලෙනකම් කන්නේ අර ගල්තලාවේ තියන අසුචි කියලා...ඔන්න තත්වේ...ඔය ගෞතම බුද්ධ කාලේ දඹදිව හැටි...අනේ මන්දා...ඒ දඹදිව...මේ ලංකාව...මේ රටටත් ඒකම උනාද?
ලංකාවේ නම් බුදු බන රී මික්ස් වෙනවා...ඩී ජේ වෙනවා...පොප්, හිප් පොප්, ලොලි පොප් මේ ආදී මෙකී නොකී විදිහට බුදු බන කියවෙනවා...නෑ නෑ...දේශනා කරනවා...සෝවාන් කාරයෝ බාගෙට බාගයක්...ඒ අස්සේ සකෘදාගාමී අනාගාමී කට්ටිය වැහිවහලා...බලං ගියාම මුන් සේරම  සංසාරේ කෙලවර කරගන්නවා  ඉක්මනට...අපි විතරයි වගේ ඉතුරු වෙන්නේ...හරි හදිස්සියනේ දැන් ලෝක විනාසෙට කලින් සංසාරේ ඉවර කරගන්ඩ...මිනිස්සු හිතන් ඉන්නේ මේ ලෝකේ විනාස උනාම ඉතුරු වෙන්නේ හතර අපාය කියලද කොහෙද?බය වෙන්ඩ දෙයක් නෑ...වෙන්නේ ඒක තමා...මේ ලෝකේ මෙහෙමම තිබ්බත් මේ ඉන්න උන් නම් ඉපදෙන්ඩ වෙනම අපායක් හදන්ඩ වෙනවා...රහත් උනා කියන අපේ සමහරු මොබයිල් එක,ටීවී එක,ලැප් එක ලඟට කරගෙන සාසනේ පතුරනවා...ඉන්ඩ හම්බෙන්නේ නෑ...බුකියටත් මහා රහතන් වහන්සේලා වැඩලා...සාධු සාධු...අනේ මගේ කට...
සල්මන් කාන් එක්ක වත්ත වටේ ගිහින් අභිෂේක් ගෙන් දරුවොත් ඉන්න අයිස්වර්යාට දැන් බුකියේ තැනක් නෑ...එව්වා ලොලිපොප්  දැන්...විසි එක වෙනි සියවසේ බ්ලුටුත් චුයින්ගම් ඉන්නවා දැන් බුකියේ...ඔන්න උපාසක අම්මලා...හප්පේ බුදු බන වැක්කෙරෙනවා...එව්වා ගැන කතා කොරන්ඩ ගියොත් මේ තියන ලේ ටිකත් පිච්චිලා කුරුල්ලා තවත් කෙට්ටු වෙනවා...ඕනේ නෑ...
නනනත්තාරේ කොහෙන් හරි ආව පල්හොරු පස්සේ යනවා අද මේ බෞද්ධයෝ...මෙව්වා බණද?බන නෙවෙයි මෙව්වා සමාජ විවරණ.කාලීන බණ.මනමාල බණ.සින්දු බණ හැමතැනම...බණ දේශකයෝ මණ්ඩප වලට නැගලා එක්කෝ දේශ පාලුවෙක්ට කඩේ යනවා..නැත්තම් අනුන්ගේ ඕපයක් වමාරනවා...බෞද්ධයොත් බණ කියලා හිතාගෙන සාධු කියනවා...බණ දෙසන්ඩ කලින් පිං පෙට්ටිය ඉස්සර වෙලා...බණ විකුණන් කනවා...එක හාමුදුරු කෙනෙක් ටී ෂර්ට් එකක් දාගෙන දඟලනවා...මොන මගුල ඇන්දත් කමක් නෑ හාමුදුරුවනේ...ඔය අමාරුවනම් යාදින්නේ නැති වෙයි...ඒ මනුස්සයාගේ බුදු බව නෙවේ මහන කමත් අහෝසි වුනේ චීවරේ මාරු කල වෙලේ, බුදු වුනා කියලා බොරු කීව වෙලේ...මොකද විනය පිටකයට අනුව මහන කම නැති වෙනවා විනය කරුණු කැඩුවාම...චීවරේ කියන්නේ මොකක්ද කියල නොදන්නා උන් සාසනේට ආවාම සාසනේ නිකන්ම පරිහානියට පත් වෙනවා...ඒ අස්සේ උන්නාන්සේට මහා පුරුෂ ලක්ෂණ තියනවලු...කෙල්ලෝ කියනවලු ඔබ වහන්සේ මෙච්චර ලස්සන ඇයි කියලා...විවාහ යෝජනාත් එනවලු හරියට...අනේ දෙයියන්ගේ නාමෙන් අපට පව් නොදී ඔය අමාරුවක් තියන එකියක් බැඳගෙන දරුවෙක් මල්ලෙක් හදන් ජීවත් උනානම් නේද හොඳ?
ඔන්න කියන්නම් රස කතාවක්...බුද්ධ කාලේ හිටියලු එක භික්ෂුවක්...නිකන් නෙවේ නායක භික්ෂුවක්...හැමදාම මුන්නාන්සේ යනවලු ඉතිං පොඩි ෆන් එකක් ගන්ඩ ගණිකාවක් ගාවට...(මෙව්වා ශිෂ්ට භාෂාවෙන් ලියන්ඩ හිතෙන්නේ නෑ කුරුල්ලට..කුණු හබ්බ කුණු හබ්බම තමා)ඉතිං අද කාලෙත් ඔය සමහරුන්ගේ හැටිණි...දවසක් අමතක වෙලා බඩ්ඩ පොරවන් හිටිය නිල් රෙද්ද පොරවාගෙන ඇවිත් සිවුර දාලා...ඔන්න මීටර් උනේ ඕක ගෝලයෝ අහුවාමලු...මොකද ඉතිං පට්ට කික් එකෙනි ඉන්ඩ ඇත්තේ...ඉතිං මුන්නාන්සේ කිව්වලු මේක හොඳ නැත්ද ඇයි...මේක තමා නීලපට න්‍යාය කියලා...ගෝලයොත් පිලිගත්තලු...වෙලාවට රටේ පාලකයෝ උන්ව ගිනි තියලා...ඒත් ඉතිං අපේ රටේ පාලකයෝ නැනි...ඉන්නේ දේශ පාලුවොනේ...චීවරේ වෙනස් කලාට ඒ කාලේ දඬුවම් දුන්නේ එහෙමයි...තව ටික දවසයි...උපන් ඇඳුමට කිට්ටු වෙන්ඩ...අපේ අම්මණ්ඩිලත් වදියි ඉතිං...
තවත් කට්ටියක් කියනවා මේ ගෞතම බුද්ධ රාජ්‍ය ලු...මෙහෙලු ඉපදුනේ...මෙහෙලු බුදු වුනේ...සේරම වෙලා තියෙන්නේ මෙහෙ...හප්පේ මහා ලොකු රට මේක...මුන්ට ඕක මතක උනේ අවුරුදු දෙදාස් පන්සීයකටත් වඩා ගියාම...පරපුරෙන් පරපුර මිහිඳු මහා රහතන් වහන්සේ පිහිටුවපු සඟ සසුන පුරුක් සහිත දම්වැලක් වගේ අදටත් එන්නේ...ඒ ටිකත් නැති කරගන්ඩ වගේ හදන්නේ...අලි මදි වට හරක් කියන්නේ ඕක තමා...
කුරුල්ලට පේන හැටියටනම් බාල කාලෙම පැවිදි වුනු (පැවිදි කරවපු) හික්මීමක් නැති භික්ෂුන් නිසා මේ තත්වය ගොඩක් උද්ගත වෙලා...අනික තමා බුද්ධ ආදර්ශයට පිටින් යමින් සාසනික තනතුරු ප්‍රදානය කිරීම නිසා නායත්වයක් මග පෙන්වීමක් දෙන්න කෙනෙක් නැහැ...නැත්නම් ලංකාවේ මහානායක හිමි වරු තිස් එකක් විතර ඉන්නවා..අනු නායක හිමිවරු ඉන්නවා...කෝ මුන්නාන්සේලා මේවට එරෙහි වෙනවද?විනය ප්‍රශ්න මේවා...බුද්ධ දර්ශනයේ කිසිම ස්ථාවර භාවයක් නෑ...අද කියන දේ හෙට බොරුයි කියනවා...වෙනස් වෙන දහමක් ගැන කොහොමද මිනිස්සු විශ්වාසයක් තියන්නේ?මිනිස්සුන්වත් පැටලෙනවා...මුලික අධ්‍යන අවධියේ ඉන්න තරුණ පිරිස් ව්‍යාකුල වෙනවා...මේ ධර්ම විනයේ අසංගත බවක් නෑ...ඒක කුරුල්ලා දන්නවා...බුදු රජාණන් වහන්සේ බෝසත්වරයෙක් සේ අත්හදා බලලා මුතු වැලක් වගේ එකිනෙක මනාව ගැලපෙන මුල මැද අග යහපත්,සාර්ථක වචන තියන,දොස් අක්ෂර දොස් නැති සුදෝ සුදු හක් ගෙඩියක් වගේ පිරිසිදු ප්‍රනීත සාරපුර්ණ හරපුර්ණ උතුම් සද්ධර්මය දේශනා කර තිබෙනවා...නමුත් මේ වෙන පරිහානිය සමස්ත මානව සමාජයටම හානියක්...ධර්ම විනය හදාරන ඒක හොඳයි..ඒත් තමන්ගේ අත්තනෝමතික අදහස් එකතු කරන්න අවශ්‍ය නැහැ...ආයෙත් ධර්ම සංගායනාවක් කරන්න කාලය ඇවිත්...නැත්නම් මේ ඉන්න උගත් වියපත් භික්ෂුන් වහන්සේලා අපවත් වුනොත් මේ සාසනය පාලු වෙලා යාවි...
තරුණ භික්ෂුව මීට වඩා සැලකිලිමත් කමෙන් ඉන්න ඕනේ...අනේ මන්දා...අපේ හාමුදුරුවනේ මේ සාසනේ රැකලා දෙන්න...අපි ආදරෙයි මේ සාසනේට...මේ සාසනේ අපිට ඕනේ...අවුරුදු දෙදාස් පන්සීයක්‌ නෙවේ මෙහෙම ගියොත් තව අවුරුදු විසි පහක්වත් මේ සාසනේ තියෙන්නේ නැතිවෙයි....

Saturday, August 11, 2012

ආයිත් ඒවිද ඒ සමනලයා...


රන් වන් පාටයි සමනලයා....
රෝස මලේ පැණි බීලා ගියා...
ආයිත් ඒවිද ඒ සමනලයා...
මල් වල පැණි බොන්ටා...

කවියක්...නේද?ලස්සන කවියක්...මතකද චුටි කාලේ ඉගෙන ගත්තා මේ කවිය?මේ කතාව කුරුල්ලට ලියන්න හිතුනේ අද මේ සමාජේ වෙන පරිහානියත් ගැන තවත් එක් සොඳුරු බුද්ධිමතියක් එක්ක කුරුල්ලා වැටිච්ච කතාවක් හන්දා...
ඉස්සර අපේ අම්මලට ඕක අම්මලාගේ අම්මල  ඒ කියන්නේ අපේ කිරි අම්මලා( ආච්චිලා) කියල දෙනවලු...කවියක ලස්සන තියෙන්නේ ඒ පද වැල් වලනි....තාලෙනි...ඉතින් නැලවිලි ගීතත් එක්කම ඔය කවි අපේ අම්මලාගේ පරම්පරාවටනම් අහන්න ලැබිලා...මොකද පිතෘ මුලික සමාජයේ කාන්තාවන්ට ලැබුනේ තමන්ගේ දරුවන් වෙනුවෙන් තමාගේ ස්වාමියා වෙනුවෙන් ජීවත් වෙන්න...අතීතයේ කාන්තාව ගොඩක් ආසාවෙන් ඒක කළා...අදනම් වෙනස්නි තත්වේ...මොකද නිදහසත්, සම අයිතිවාසිකමුත් ඉල්ලන කාන්තාව හන්ද අද අපටනි කන්ඩ උයන්ඩයි ළමයි බලාගන්ඩයි වෙලා තියෙන්නේ...ඒක වෙනමම කතාවක්..අපි ඒ ගැන පස්සෙම කතා කරමුකෝ...ඉතින් ඔන්න ඔය කවිය ඒ කාලෙනම් ඕනි පොඩි ළමයෙක් දන්නවලු...විශේෂයෙන්ම ගෑනු ළමයින් ට එයාලගේ අම්මලා කියල දෙනවලු......අද කාලේ ළමයි දන්නේ ට්වින්කල් ට්වින්කල් ලිට්ල් ස්ටාර් නේ...අනේ මන්ද ඒකනම්...ඒකෙන් කමක් නෑ...පොඩ්ඩක් අපි මේ කවියේ ගැන හිතමුද?
ලස්සන සමනළයෙක්...රෝස මලක්...ළමා ලෝකේ තියන දේවල් මේවා...ළමයි ගොඩාක් ආස කරන දේවල් මේ...සමනලයා කියන්නේ ළමා ලෝකේ හරි අහිංසක සතෙක්...රෝස මල කියන්නේ ළමා ලෝකේ ලස්සන සුවඳ මලක්....මම චුටි ළමයෙක්...මේ කියවන ඔයත් චුටි ළමයෙක්...දැන් හිතන්න...ඇස් දෙක පියාගෙන මේ කවිය මතක් වෙද්දීන් ඔයාට මතක් වෙන්නේ ලස්සන පාට පාට අහිංසක සමනළයෙක් ලස්සන රතු රෝස මලකින් රොන් අරගෙන එයාගේ ලස්සන අත්තටු විහිදුවලා පියාඹගෙන යනවා....ලස්සන මොහොතක් නේද...සොබාදහමේ තවත් එක් චමත්කාරජනක අවස්ථාවක්...හ්ම්ම්ම්....හැබැයි නිකමට හරි ලොකු වුනාම ඔයාලට කවුරු හරි මේ කවියේ ව්‍යංගාර්ථය කියලා දීල තියනවද?ඔව් මම මේ අහන්නේ ඔයාගෙන්...ඔයාගේ හිතට අවංකවම ඇහුම් කන් දීල බලන්න...ඔගේ අතීතේ මතක පොඩ්ඩක් හාර අවුස්සලා බලන්න කවුරු හරි ඔයාට කියල දීල තියනවද කියලා....
මේ පොස්ටුව අපේ කොල්ලන්ටනම් වැදගත් වෙන්නේ නැති වෙයි...ඒත් කවද හරි උඹ තාත්තෙක් උණු දාට උඹේ චුටි කෙල්ලට කියල දීපන් කොල්ලෝ...කුරුල්ලාගේ පොඩි ඉල්ලීමක්...
ආයෙත් අපි කවිය දිහාට හැරෙමු...ඇත්තටම මොකක්ද මේ කවියෙන් කියන්න හදන්නේ...මේ කවියෙන් කියන විදිහටනම් රන්වන් පාට ලස්සන සමනළයෙක් ඉන්නවා...ඌ රෝස මලේ රොන් ගන්නවා...හැබැයි අරන් ඒ මලට හැමදාම එනවද?පුරුද්දක් විදිහට ඒ මලේම ඉන්නවද?නෑ...අර රෝස මලේ පැණි සේරම බීලා ඒ රෝස මල කිළුටු කරලා සමනලයා වෙන මලක් හොයාගෙන යනවා...ඒක තමා කවියා ප්‍රශ්න කරන්නේ ඒ සමනලයා ආයෙත් ඒවිද කියලා...දන්නවද?මලක් කියන්නේ හරිම සියුමැලි දෙයක්...හරියට කාන්තාවකගේ හිත වගේ...කාන්තාවක් වගේ....සියුමලියි...සොඳුරු යි...රොන් තියෙන්නේ ගන්න...රෝස මල ලස්සන වෙලා තියෙන්නේ සුවඳ වෙලා තියෙන්නේ රොන් ගන්න එන සමනලගේ උපරිම ආකර්ෂණය දිනා ගන්න...හැබැයි ඒ මල දන්නේ නෑ තමාගේ රොන් අරගෙන ඒ සමනලයා වෙන මලක් ලඟට යන බවත් රොන් අරන් ඉවර වුනාම ඒ මලේ කිසි වටිනාකමක් නැති බවත් තව දවස දෙක තුනකින් තමන් අවසන් ගමන යන බවත්...ඔයා පොඩ්ඩක් හිතන්න...මේ මල් වත්ත තමා අපේ සමාජේ...මල් තමා කාන්තාවන්...සමනල්ලු තමා බහුතරයක් වූ පිරිමින්....දැන් හිතන්න...ඔයාත් මමත් දැන් ලොකු අය...ආපහු පියවි ලෝකෙට එන්න...දැන් මොකද වුනේ...ඇත්ත නේද කතාව...මේ පොස්ටුවෙන් ඇස් අහකට අරන් විනාඩියක් ඔයා ඔයාගෙම හදවතට සවන් දෙන්න....මොනවද ඇහෙන්නේ...ඔයාගේ අතීතේ ඔයාගේ වර්තමානේ ඔයාගේ අනාගතේ හැමදේම මතක වෙනවා නේද ඔයාට...ඔයාට වෙච්ච දේවල්..ඔයා කරපු දේවල්...වරදකාරී හැගීම්...සතුටුදායක හැගීම්...අස්සේ ඔයාට මොනවද හිතෙන්නේ...
පොඩි කාලේ ඉගෙන ගත්තු මේ පොඩි කවිය අස්සේ මෙච්චර අර්ථයක් තියනවා කියල සමහර විට ඔයා නිකමටවත් හිතන්න නැතිව ඇති...සමහරවිට ඔය දේ ඔයාගේ අම්ම ඔයා පොඩි කාලෙම ඔයාව තුරුලට අරන් ඔයාට කියල දුන්නනම් අද ඔයාට ඔය දේ නොවෙන්නත් තිබ්බා...ආදරේ නාමයෙන් ඔයා වලත්තයෙක්ට අහු නොවෙන්න තිබ්බා...මේක කියවන කාන්තාව කවුරු වුනත් අද සමාජයේ සීයට පනහකට වැඩියෙන් නම් මේ අත්දැකීමට මුණ දෙන්න වෙලා තියනවා කියලා මට කිසිම සැකයක් නැතිව කියන්න පුළුවන්....මම මේ ඔයා කියලා ආමන්ත්‍රණය කරන්නේ ඔයාට...මේක කියවන මේ ලංකාවේ හැම කෙල්ලෙක්ටම...එහෙමන් දැන්වත් වැරදුනු මේ ජීවිතේ හදාගනිමු නේද?

මේ සංවාදෙන් පස්සේ මට හිතුනේ දේවල් මට අකුරු කරන්න ඕනි වුනා...මේ මට හිතුනු දේවල් වල සාරාංශයක්...පොත් දාහක් ලියන්න දේවල් මේ හිතේ තෙරෙපෙනවා...

පලවෙනි කාරණේ... මම මේ කතා කරන්නේ කෙහෙල්මල් පටලයක් ගැන නම් නෙවේ...උපතින්ම, එහෙමත් නැත්නම් අනිකුත් බාහිර කාරනා නිසා කාන්තාවන් 48%කට විතර ඔය කෙහෙල්මල් පටලේ පිහිටලා නෑලු...ඉතින් ඔය ගලන යන ලේ බින්දු දෙක තුනෙන් වත් ඔය කැඩෙන අහවල් එකෙන්වත් වැඩක්නම් නෑ...මොකද ඕනි කෙල්ලෙක්ට පුළුවන් ඔය මගුල කරගන්නේ නැතිව නටන්ඩ පුළුවන් දහ අට සංනි සේරම ටික අපුරුවට නටන්ඩ.... නැත්නම් ලක්ෂ කීපයක් වියදම් කරලා ඕක ආපහු හදාගන්න... ඒක ඒකිගේ ආත්මාර්ථකාමිකම...හිතන්න ඔයාට ජීවිතේ වැරදුනා...ඒ කියන්නේ කොල්ලෙක් අතින් වෙන්න තියන  දේ වුනා...වරදකාරී හැගීමක් ඔයාගේ ජීවිතේ ඇති...මැරෙන්න හිතෙනවා ඇති...එහෙමත් නැත්නම් ඔයාට කිසි ගානක් නැතිව ඇති...මම ලස්සනයි...මට සල්ලි තියනවා...මම ඉගෙන ගෙන තියනවා...ඉතින් කොල්ලෝ කියක් එක්ක හිටියත් මොකද...මේ ලෝකේ කොල්ලෝ නැතුවැයි...ඇයි උන් කියලා බෝ පැලද?අරව මේවා ගොඩක් නිදහසට හේතු කරගෙන ඔයා ඔයා ගැන මහා ලොකුවට හිතන් ඇති...ඒකනම් වැරදි කෙල්ලේ...කොහොම හරි දැන් වෙන්න තියන දේ වෙලා...නේද?
එහෙනම් දැන්වත් රැවටෙන්නේ නැතිව ඉමු...සමනල්ලු ගැන අවධානයෙන් ඉමු...මොකද රෑ වැටුණු වලේ මොකටද හද්දා දවල් වැටෙන්නේ..නේද?එක දෙයක්...ඔය දේ වුනා කියලා ඔයා අවාසනාවන්තියක්වත් ඔයා කාලකන්නි කෙල්ලක්වත් නෙවේ...මොකද මම දන්නවා ඔයා ඔයාගේ කොල්ලත් එක්ක ඉන්න ඇත්තේ උට ඇත්තටම ආදරේ නිසා...ඌ ඔයාට ඇත්තටම ආදරේ නොකලට...ඇත්තටම ආදරේ කරපු නිසා හැමදේම ඒ පුජාසනේ උඩ පුජා කරන්න ඇති...පෝරුවක් උඩට ඌත් එක්කම නගින්න හීන මවන්න ඇති...ඒත් බැරිවෙන්න ඇති...ඒ අතීතේ...මේ වර්තමානේ...ඔයා යන්න ඕනි අනාගතේට...නේද?එහෙනම් අහන්න...කනෙන් නෙවේ ඔය රත්තරන් හිතෙන් අහන්න...ඔයාගේ ජීවිතේ ලස්සන කරගන්න ලස්සන හිතක් ඔය හිත ලඟට එනකම් බලාපොරොත්තුවෙන් ඉන්න...රැවටෙන්නෙපා..අවධානයෙන් ඉන්න...යාලු වෙන්න කලින් ආශ්‍රය කරන්න..මොඅකද තරුණ කාලේ කියන්නේ වැරදීම් වෙන කාලේ..ඒත් ඒ වැරදීම් වලට ඔයා වන්දි ගෙවන්නේ ජීවිතේ ඊ ළඟ කාලේ...සාමාන්‍ය විදිහට ජීවිතේ ගෙවන්න...හිතන්නෙපා...ගිය දේ ගියා...ආපහු හදාගන්න බෑ...කැඩුණු දේ සල්ලි දීලා හදාගනිවී ඔයා...ඒත් වරදකාරී හැගීමක් තියෙයි ඔයාට බොරුවක් කරා කියලා මුළු ජීවිත කාලෙම....එපා බොරු කරන්න කවදාවත්..ඇත්ත ම කියන්න...ජීවිතේට වස්සානය එද්දින් නියං කාලේ සලකුණක්වත් තියාගන්නෙපා....වස්සානයට ඇත්ත කියන්න..වස්සානය වැහි කඳුළු සලාවී...ඒත් ඔයාව ආදරෙන් තුරුල් කර ගනීවි...බල්ලෝ අස්සේ මේ ලෝකේ බෝධිසත්වයෝ ඉන්නවා...ඔයා ඒක අමතක කරන්නෙපා...වස්සානේ සීතලේ දැවටෙන්න...ඔයාගේ ජීවිතේ නැවුම් වෙයි....
මේ අහන්න...පැයක් දවසක් සතියක් මාසයක් හරි කමක් නෑ...අතීතේ කියලා ඉවර කරන්න...ඔය මතකෙන් අමතක කරන්න බැරිවෙයි...ඒත් මතක නොකර ඉන්න...විශේෂයෙන්ම කවදාවත් එයා ඉස්සරහා මෙන්න මේ දේවල් නම් කියන්නෙපා...
මට කවදාවත් මම ආදරේ කරපු කෙනාගෙන් ඔයාගෙන් තරම් ආදරයක් ලැබිලා නෑ...
මටනම් එක්ස්පීරියන්ස් තියනවනි...මම ඔයාවත් හදල ගන්නම්
මොකද කොල්ලෝ කියන්නේ ඉරිසියාවේ උපරිම...ඒක ඔයා අන්නවත් ඇති..සමහරවිට නොදන්නවත් ඇති...මේක කියන්නම ඕනි...දැන් කොල්ලෙක් ඔයාට ඉන්නවා...එහෙනම් ඇයි පරණ කතා...නේද?කොටින්ම කියනවනම්...මුල් කාලේ ටිකාක් හිතලා කතා කරන්න...ආයාසයක් ගන්න වෙයි...ඒත් පස්සේ ඔයා හුරුවෙයි...මොකද ඔයාට හම්බවෙන කොල්ල ඔයාගේ අතීතෙට ආස නැත්නම් උට ඇයි ඔයා ඒක මතක් කරන්නේ...නේද?
හැබැයි තව කොල්ලෝ වගයක් ඉන්නවා...උන් ඔයාට මතක් කරන්න ඉඩක් දෙන්නේ නෑ...උන් ඕක මතක් කර කර ඔයාට වද දෙනවා...දෙයියන්ගේ නාමෙට ඈත් වෙන්න..මොකද ජීවිතයක් නෑ...වරදක් වුනා තමා...ඒත් ඔයා ගෞරවනීය කාන්තාවක්...ඔයා මිනිස්සු එක්ක ගියේ නෑ...ඔයා ගියේ ඔයාගේ පෙම්වතා එක්ක...පෙම්වතා ඔයාව දාල ගිය ඒක ඔයාගේ වරදක් නෙවේ...දෙන්නෙපා එකෙක්ටවත් ඔයාගේ ජීවිතේ බාල්දු කරන්න..මොකද ඔය මානසික ලෙඩ්ඩුත් බෝ පැල වෙන්න බෑ...ජීවිතේ විඳින්න පුළුවන් එකෙක් ඔයා වෙනුවෙන් කොහේ හරි ඇති...
මම මුලින්ම වැරදි වෙච්ච අයට කිවේ ලංකාවේ ඉන්න කෙල්ලොන්ගෙන් බහුතරෙකට ඔය දේ වෙලා නිසා....දැන් කියන්නම් මේක කියවන ඔයාට...ඒ කියන්නේ කොල්ලෙක් අතින් ඒ දේ වුනේ නැති ඔයාට...දෙයක් කියන්නම් කෙල්ලේ...ඒ දේ කිව්වේ ඔය අපි කුණුහරපයක් කියන ඉන්ද්‍රියන් දෙක එකතු වෙන එකනම් නෙවේ...මානසික වශයෙන් බැඳුනු ආදරෙත් එක්ක ඔයා කායික විදියෙන්...ඒ කියන්නේ මොනයම් ආකාරයෙන් හෝ කායික  බැඳීමක් ඇති කරගන්න කලින් එයාව තේරුම් ගන්න..මම දන්නවා ඔයා මෝඩියෙක් නෙවේ...ඒක නිසා ඉවසීමෙන් වැඩ කරන්න...එක දෙයක්....අහන්නකො...ඔයා යාලු වෙලා ඉන්න කොල්ල ඔයාව ආදරේ නාමයෙන් රුම් එකකට එක්ක යන්න හදනවා කියලා හිතමු...මම යන්න එපා කියන්නේ නෑ...එක ඔයාගෙයි එයාගෙයි විශ්වාසය මත වෙන දෙයක්...පොඩ්ඩක් ඔය ආදරේ කියන රාමුවෙන් එලියට ඇවිත් ඔයා ඔයාගේ දිහායි ඔයාගේ ආදරවන්තයා දිහායි බලන්න...නොගැලපීම් ඇති...හැබැයි හදාගන්න පුළුවන් ඒවත් ඇති...ඉතින් ඔයාට දැන් තේරේවි ඔයා ඔය දේ කරන එක හරිද වැරදිද කියලා...හැබැයි පුළුවන් තරම් ඒ දෙයින් වැළකිලා ඉන්න...ඉස්කෝලේ යන කෙල්ලෙක්නම් ඔයා ඒ දේ කරන්නම එපා...අවුරුදු විස්සෙන් විසි එකෙන් පස්සේ වගේනම් කොහොමත් ඔයාට හිතේවි...කමක් නෑ...හැබැයි කලපනාවෙන්...මොකද හැමෝටම බෝධිසත්වයෝ හම්බ වෙන්නේ නැහැ...තේරුම් අරන් වැඩ කරන්න...මේ ලෝකේ බහුතරයක් පිරිමි රැවටිලිකාරයෝ..හොඳ කොල්ලෙක්ට හොඳ කෙල්ලෙක් හොයාගන්න වෙන්නේ නැහැ...
මේක කියවන කොල්ලෙක් ඉන්නවනම් මම කියන්නම් දෙයක්...මේ අහපන්...උඹ හොඳ කොල්ලෙක් වෙන්න ඇති...උඹ හොඳ කෙල්ලෙක් හොයපන්...මම කියන්නේ හිත ගැන...ශරීරෙ කියන්නේ කුණු වෙලා යන දෙයක්...හිත එහෙම නෑ...හිත හොඳ ගණිකාවෝ නැනි...ඉතින් ඒ ගැන බයවෙන්නෙපා...උඹට ගණිකාවක් සෙට් වෙන්නේ නෑ...ඒත් කොල්ලෙක් අතින් අනාත වෙච්ච කෙල්ලෙක් උඹට හම්බවේවි...උඹ ආදරෙත් කරාවි...ප්‍රශ්නයක් නැතිව ජීවිතේ ගෙනියන්න පුළුවන් කියල හිතෙනවනම් විතරක් එකිත් එක්ක නිදාගනින්....එකී සෙල්ලම් බඩුවක් නෙවෙයි උඹට මට...මේ අහපන් දැන් මම උඹට කතා කරන්නේ...මම දන්නවා උඹ ඉහේ කෙස් ගානට කෙල්ලෝ එක්ක ඉඳල ඇති..පට්ට වෙසියෝ එක්කත් බුදියලා ඇති...කවදාවත් හොද කෙල්ලෙක්ව බැඳලා ඒකිගේ ජීවිතෙත් කන්ඩ එපා...උඹට සහ ගහයි...උඹේ හත්මුතු පරම්පරාවටම සහ ගහයි...

වෙන වෙනම කියන්න ඕනි කතා අච්චාරුවක් වෙන්න ඇති මේ පොස්ටුවේ...අනේ මන්දා...කෙල්ලෙනේ කොල්ලෙනේ මට පින් එපා...මට ස්තුති එපා...මේ පොස්ටුව කියවලා ජීවිතේ ටිකක් හරි හදාගනිල්ලා..මොකද අද සල්ලාලකම් කරන උඹල හෙට අම්මලා තාත්තල වෙයි...එදාට කොල්ලෙනේ උඹගේ දුවට කොල්ලෝ දහ පහළොස් දෙනෙක් කරලා බඩේ ඉන්න දරුවා මොකාගේද කියලා එකිටවත් හොයාගන්න බැරිවෙයි...උඹ පිස්සෙක් වෙයි...එදාට කෙල්ලනේ උඹේ පුතාව බඳින ගෑනි ගණිකාවක් වෙයි...උඹ පිස්සියෙක් වෙයි...අද වී වපුරලා හෙට මිදී හරි ඇපල් හරි ගැන බලාපොරොත්තු වෙන්ඩ එපා උඹ...මොකද උඹ වපුරපු දේ උඹට අස්වැන්න ගෙනෙයි....

රෝස මලේ නටුවේ කටු...
වන බඹරෝ ඔහොම හිටු...
නටුව නොවේ මල සිඹිමි..


මම ළමයෝ පැණි උරමී...