කුරුළු යාළුවෝ

Wednesday, October 9, 2013

“ පළගැටියන් දෙන්නා ප්‍රේමයෙන් වෙලි සිටියා...”



මිනිස්සු සත්තුන්ට වඩා වෙනස් වෙන්නේ මොලේ ලොකු නිසාලු..මොලේ ලොකුයි කිව්වට අපි අපේ මොලේ වැඩි කම හින්දම අවුල් ගොඩකට මුණ දානවනි ඈ...කුරුල්ලනම් හැමවෙලේම ඉතින් මුණ දෙන්නේ අවුල් වලටමනි..මේකගේ ජීවිතේ හැමදාම ටැපලිලා...ළඟින් යන්න බෑ මොකක් හරි කෙහුරක් ටැපලෙනවා බුදු සුවර්...

මේ ළඟදිත් එහෙම වැඩක් උනා...මොනවා කරන්නද ඉතින්...පෝරුවේ කරපු පින් පලදෙනවලුනි...මම හිතන්නේ ගිය ආත්මේ එව්වා වෙන්ඩ ඇති...මොකද මම මේ ආත්මේ තාම පෝරුවට නැග්ගේ නෑනේ...සේරම ලෑස්ති මංගල්ලෙට නම්...එත් කෙල්ලෙක් නෑ.. ඒකයි සුට්ටන් පරහකට තීන්නේ ඔන්න..කෙල්ලෝ කියද්දීන් මතක් උනේ...කෙල්ලෝ ගැන ලියලා බෑ මේකේ...මෙව්වා කියවන උන් විලි ලජ්ජා නැති උන් වෙනවා...අනික මෙව්වා කියෝපුවාම උන්ගේ ලජ්ජා නහර ක්‍රම ක්‍රමයෙන් ක්ෂය වෙනවා කියලා ජපානේ ක්ලබ් එකක වයසක ආච්චි කෙනෙක් කියල තියනවා කියල මම අඟහරුවාදා සති අන්ත පත්තරේක දැක්කා...එව්වා ඕනේ නෑ එක හන්දා...

ඈ...අර පොල් ගහ ගැන කියන්ඩ ගිහින් මැක්කා ගැන කියෙව්වා වගේ මමත් පටන් ගත්තේ කොහෙන්වත්...දැන් කොහෙවත්...ආශ්චරියේ තමා ඈ...මම කියන්න යන දේ පොඩ්ඩක් මම පත්තරේකින් එහෙම දැක්ක දෙයක්...ඒ වෙලාවේ හදිසියට හදිසියට කියවලා මෙමරියට වැටුණු එව්වයි මගේ හිතින් ආපු මෙව්වයි සේරම එකතු කරලා, කලත්තලා,මික්ස් කොරලා,මෙව්වා කොරලා තමයි මේ තියෙන්නේ ඈ...අපුරු පාට...ෂා රස...මරු ඈ...(එහෙම කියන්නේ මම නෙවෙයි දොන් ෂර්මන් ඈ...උගේ ගෑනිටවත් කියන්නේ නැතිව ඇති කෑම වලට තරං...)




දැන් මම මේ දැම්ම ෆොටෝ බලලා අපේ උන් හුල්ලනවා ඇති...ගෙදර ඉන්න බව්වට එහෙම මේක දැකලා මල පැනලා ඇති දෙලක්ෂ පනස් දාහට...ඈ...අපොයි...හරි ළමයි සේරම කොටු කොටු දාගන්න... දැන් හරි...අවුලක් නෑ..කෙහුරක් නෑ...ජින්ජිබිරිස් එකක් නෑ...මොකද මම පහලින් දාල තියනවා 18+ ඔන්ලි කියලා...අල්ලපු ගෙදර ඇන්ටිට අහවල් මෙව්වා එක වෙන්ඩ මමත් දන්නවා අපේ රටේ නීතියේ තියන හිල් ඈ...
ඇත්තටම මේ මොනවද?ඈ...මේ එක එක සත්තු ප්‍රජනනය කොරන හැටි..හැබැයි ඔය උඩින් ඉන්න පළගැටියෝ දෙන්නගේ පින්තුරේ හඳුන්වලා තිබ්බේ  “ පළගැටියන් දෙන්න ප්‍රේමයෙන් වෙලි සිටියා...” කියල...

අම්මපල්ල මට මේක දැක්කම මල අසු හාරදාහට..මොකක්ද මුන් මේ කියන්නේ?ඈ...මේක හද්ද බුලයක්..පට්ට බයිලාවක්.සංසර්ගය කියන එකට ඒ නම කියන්ඩ ලැජ්ජයි නම් එක නොකිය ඉන්න එක වෙනම කතාවක්.මළා කියලා කියන්ඩ බැරි කමට මළ, මලක් විදිහට හඳුන්වන එක වැරදි නි...හා නැත්ද මං අහන්නේ?


හරි මෙහෙම කියමුකෝ..ආදරය,දයාව කරුණාව,ශෘංගාරය කියන ඒවා හරි වෙනත් මානුෂීය හැඟීම් හරි සත්තුන්ට දැනෙනවද කියලා...ඔන්න ඉතින් ආගම දහමේදී නම් එහෙම කියනවා..ඒ මොකද ඒ තේරුම් ගැනීමේ පහසුවටනි...ඇත්තටම මම දන්නා හැටියටනම් සත්තුන්ට දැනෙන්නේ හැඟීම් දෙකයි... උගේ ලඟින් ඉන්න එකා උට තර්ජනයක් වෙයිද,නැත්ද කියන එක...තර්ජනය අවම වෙන්න අවම වෙන්න ලං වෙනවා...තර්ජනය වැඩි වෙද්දීන් ඈත් වෙනවා...වෙන දෙයක් ඕනි නැහැ..


මම අද උදෙත් දැක්ක බල්ලෝ දෙන්නෙක් එකතු වෙලා ඔය මගුල කරනවා...එතකොට නම් ඉතින් බල්ලා බැල්ලි ව ඉම්බේ නෑ..අනිත් මෙකි නොකී එව්වා කෙරුවෙත් නෑ.කරපු එකම දේ සංසර්ගය.(වැරදියට හිතන්නෙපා මම මේක බලන් හිටියා කියලා ඈ...මල මගුලයි ඊට පස්සේ)

ඉතින් සත්තු සත්තු අතර ආදරයක් තියෙනවද නැත්ද කියලා කියන්න අපට හරියටම බෑ...එත් සත්තු සත්තු දීර්ඝ කාලින බැඳීම් වලට යන්නේ නෑ කියල කියන්නනම් කුරුල්ලට එකෙන්ම පුළුවන්...මොකද ඒක හන්දා තමයි උන් අතරේ සදාචාරයක් නීතියක් කියලා දෙයක් නැත්තේ...
මම එහෙම කිව්වේ මේකයි..හරි අපි හිතමු ඔය රුප වල ඉන්න ගෙම්බෝ, පළගැටියෝ, කුරුමිනියෝ ඉන්නේ ප්‍රේමයෙන් වේලිලා කියලා...එහෙනම් ප්‍රේමයට සම්බන්ධ අනෙත් හැඟීම් එහෙමත් උන්ට දැනෙන්න ඕනි...


ගෙම්බාගේ අම්ම වයසට ගියාම ගෙඹි පුතාල දුවලා කන්ඩ බොන්ඩ දීල බලාගන්ඩ ඕනි..නාවන්ඩ ඕනි...ගෙඹි අම්මලා තාත්තල ළමයින්ව ඉක්කොලේ දාන්ඩ යන්ඩ ඕනි...අසනීප උනාම බලන්ඩ ඕනි...එත් එහෙම සෙද්දවල් වෙන්නේ නෑනේ දෙයියනේ...එකනි අරුමේ..
අන්න එක හින්ද තමයි මම මේ කියන්නේ උන් අතරේ ප්‍රේමය වගේ සංකීර්ණ බැඳීමක් නෑ කියලා...අනික ප්‍රේමය කියන්නේ අති සංකීර්ණ බැඳීමක්..ඒක මිනිස්සුන්ටම විතරයි අනන්‍ය...අනික කුරුල්ලෝ පැටවුන්ට කෑම කවන එකත් වෙනම ස්වභාවික ක්‍රියාවලියක්...කිසිම වෙලාවක මිනිස් හැඟීම් සත්ව හැඟීම් එක්ක ගලපන්න යන එකනම් පට්ට මෝඩ කතාවක් කියලයි කුරුල්ලටනම් හිතෙන්නේ...හිතෙන දේ කිව්වේ ඔන්න...

සත්ත්ව ලෝකයෙන් අපට ඕනි තරම් උදාහරණ ගන්න පුළුවන්...පුංචි වේයා තුඹසක් බඳින්නේ එකමුතුකම හඬ කියලා පුංචි කාලේ අපට කියලා දීල තියනවනි.බම්බුව තමයි..ඈ යකෝ වේයා දන්න එකමුතු කමක් නෑ..ඒක උගේ සිස්ටම් එක...මී මැස්සා පැණි හදන්නේ එකමුතුකම හින්දලු..ඌ ඒ මී පැණි මිනිස්සුන්ට දීලා පට්ට සේවයක් කරනවලු...ඒ තරම් මොලයක් තියනවනම් ඌ මිනිස්සු මී වදේ කඩන බව දැන දැන නොබැඳ ඉන්නවනි...එක නෙවෙයි ඇත්ත...මිනිහා කියන සතා පට්ට කුපාඩි කුප්පහි එකෙක්...ඌ මී මැස්සගෙන් හොරෙන් පැණි ටික උස්සනවා කියන එක වහගන්ඩ ගෙතුව කතාවක්.එතකොට පන්සිල් පද රැකුණා වෙනවා ඒ සයිඩ් එකෙනුත්.මී මැස්ස වද බඳින එකයි,වේයා හුඹස හදන එකයි සොබාදහම...දහමට සාහිත්‍යට ගැලපෙන විදිහට පුංචි පුංචි කතා හදන්න පුළුවන්...වතුර බිංදු බිංදු එකතු වෙලා මහා මුහුද හැදුණා කීවාම අපි එකෙන් එකමුතුකම ඉගෙන ගන්නවා..මුහුදේ වතුර පිරුණේ ඕක අපට උගන්නන්නද?මී මැස්ස වද බැන්දේ ඕක අපට කියල දෙන්නද?මතක තියාගත්තොත් හොඳයි...ඔයා කියනවා

 “ පුතේ වේයා හුඹස ක් බඳිනවා...බලන්න එකමුතුකම”
කියලා...
එතකොට කවුරුහරි ඇහුවොත්
“වේයා තුඹස හදපුවාම නයා එකට රිංගුවේ අපට අහවල් මෙව්වා එක කියලා දෙන්නද”
කියලා..

කට උත්තර නෑ නේද?

මෙහෙමයි...ඔය කොයිකත් හරි ඇති..එත් කුරුල්ලා කියන්නේ සොබාදහම වෙනමම තේරුම් ගන්න ඕනි කාරණයක් කියලයි...පළගැටියෝ ලව් කරනවා කියන එක හරියට කොකා සිල් ගත්තා වගේ කතාවක්...එහෙම පේනවා පෙනුනට ඇත්තටම එහෙම නෑ...

මිනිහා විතරයි ඇත්තටම හැඟීම් දීර්ඝ කාලීනව නඩත්තු කරන්නේ...එක හන්දා තමයි අපි සත්තුන්ට වඩා කැපිලා පෙන්නේ...සමහර වෙලාවට පච වෙලා පීචන් වෙන්නෙත් එක හන්දම තමයි ඉතින්....ලොලේ ලොල් ඈ...

Saturday, October 5, 2013

රජරටින් වකුගඩු...ලාබයි...




ගොඩ කාලෙකින් ආව එකේ වැදගත් මෙව්වා එකක් ලියන්න හිතුවා...කුරුල්ලාගේ තර්කානුකුල ටිකිරි මොලේට මන්චි තමයි නයිස් කියලා ආව මෙව්වා එකක් මේක...දේශපාලන ඇඟිලි ගැහීම් කැපිලි කෙටිලි යටිකුට්ටු කුමන්ත්‍රණ බෑ හොඳද...සුවර් නෑ අපේ උන්...
අනුරාධපුරේ ආවට පස්සේ තමයි කුරුල්ලට අනුරාධපුරේ කියන්නේ මොනවා වගේ තැනක් ද කියල තේරුනේ...මෙහෙ පලවෙනි වතාවට ඉන්ටර්විව් එන්න කලින් කුරුල්ලා එකම එක පාරයි මතක ඇති කාලෙකට අනුරාධපුරේට ඇවිත් තියෙන්නේ...ඔන්න පලවෙනි ම දවසේ කුරුල්ලව කොලීජිය තියන තැනට එක්කන් යනවා කියලා හෙන වටයක් ගහලා ත්‍රී වීල් අංකල් කෙනෙක් පුජා නගරේ පැත්තෙත් රවුමක් ගහලා ( උට හෙන ආසාවක් තියෙන්ඩ ඇති වැඳලා පුදලා එන්ඩ) ආපහු හිටිය තැනටම චුට්ටක් එහායින් බැස්සුවා..මල්ලි 350 යි කිවා...අතේ තිබ්බෙත් පන්සීයයි.බස් එකේ එන්ඩ 120 ක් තියාගත්තාම 30යි ඉතුරු උදේ කෑමටයි දවල් කෑමටයි....ඇතිනි අරුගේ ආච්චිට පින් සිද්ද වෙන්ඩ....(සොරි ආච්චි)

ඉතින් කොහොම හරි මම ආයුර්වේදෙට තේරුනා...රජරට වකුගඩු ප්‍රශ්නේ කියා කියා මිනිස්සු හෙන ලොකුවට කතා කරන, තවත් උන් එකෙන් පර්ස් එක වඩා ගන්න ප්‍රශ්නේ ගැන කුරුල්ලට ලං වෙලා බලන්න අවස්ථාවක් ලැබුනා...එකයි මම අද මේ ප්‍රශ්නේ ගැන චුට්ටක් කියන්න හිතුවේ...මොකද චිරාත් කාලයක් තිස්සේ මේක තියන ප්‍රශ්නයක්..ඒ එක්කම ඊටත් වඩා මේක තවත් චිරාත් කාලයක් මේ රටේ තියන ප්‍රශ්නයක්...ලියනවනම් ලියන්න ගොඩක් දේවල්...එත් කෙටියෙන් කියන්නම්..මොකද අපේ සෙට් එකේ එව්වා කිවොත් මගේ අතින් මම මේ කියන්න යන ගොඩක් දේවල් මග ඇරෙයි...
අපි ගියේ මැදවච්චියට...මොකද අපේ සෙට් එකේ යාලුවෙක්ගෙ ගෙවල් තියෙන්නේ එහෙ...අපිත් එක්ක අපට මනෝවිද්‍යා උපදේශනය උගන්නන සර්,අපේ විද්‍යාලයේ පාලක සභා සභාපතිතුමා ,ලහිරු මල්ලියි(මෙයා තම මැදවච්චියේ ඉන්නේ),පේෂල අයියයි(අපේ ශිෂ්‍ය සංගමේ සභාපති),තව ප්‍රංශේ ඉඳන් ආව කට්ටියකුයි ගියේ...මේ අයගේ නම් ගම් මේකේ දාන්න බෑ...මොකද මගේ කටින් කියවෙන ඒවා හන්දා ඒ අයටත් නිකන් ටින් කිරි ගාගන්ඩ දෙන්න බෑනි...සේරටම කලින් අපි කොලිජියේ සෙට් එක එකතු වෙලා කතා කලේ මොකක්ද මේ වකුගඩු ප්‍රශ්නේ කියලා...ගියාට පස්සේ දැනන් හිටියේ නැති ගොඩක් දේවල් ඒ අයගෙන් ආවා...හිතාගන්නවත් බැරි තරම් දේවල්...පපුවක් තියන උන්ට උහුලගන්ඩ බැරි,මේවා අහපුවාම පපුව පිච්චිලා අපිත් අන්තෙටම අසරණ වෙන තැන් තිබ්බ එතන...

මේ හද්ද කාෂ්ටක ගිනියම් පොලවේ පය ගහල මේකේ දඟලපු අපේ බ්ලොග් කියවන එවුන්ට මේ දුක තේරෙයි..මොකද මේකේ එකෙක්වත් රෝස මල් උඩින් මේ ගමන ආවේ නැති හන්දා...එකට දුක සැප බෙදාගත්තු අපි ඒක දන්නවනි...මේ ප්‍රශ්නේ ආව එක පවුලක් මේ...
තාත්තට වයස 45  යි...වකුගඩු රෝගේ හැදිලා...ඉතින් බේරගන්න පුළුවන් කියලා ඒ අම්මා තමුන්ගේ එක වකුගඩුවක් මේ තාත්තට බද්ධ කරවලා...එත් ඒකටත් ලෙඩේ බෝ වෙලා...දැන් අම්මට වැඩපල කරන්නත් තාත්තට වැඩ කරන්නත් අමාරුයි...පොඩි දරුවෝ තුන් දෙනෙක්...ඇටසැකිලි වෙච්ච ජීවිතේ අස්සෙන් මේ අසරණයෝ ඉල්ලන්නේ කොළඹ ඒ සී රූම් එකක යහතින් කාල බීල ඉන්ඩ නෙවේ...තමුන්ට නැතිවෙච්ච ඒ දුප්පත් ජිවිතේ...
තවත් තාත්තෙක් හැම සතියෙම යනවා ඉස්පිරිතාලෙට...ඇහුවා මම මෙහෙම ප්‍රශ්නයක්...

“ ඇයි තාත්තේ බේරගන්න අමාරු බව දැන දැනත් තවත් මහන්සි වෙන්නේ..තාත්තගේ ඇඟ තවත් මහන්සි වෙනවා විතරනි.”
එත් ඒ මනුස්සය දුන්නු උත්තරෙන් මට තේරුනේ දාන පාරමිතාව,අධිෂ්ඨාන පාරමිතාව පුරපු බෝධිසත්වයන්ගේ ප්‍රතිරූපයක්...ඇස වලට කඳුළු ඉනුවා..මම මේ ලෝකේ වෙනුවෙන් මොනවද කරන්නේ කියල මට හිතුනා..

“පුතේ මම ළඟදීම මැරෙයි...මගේ ඇඟට එක දැනෙනවා...එත් මම කුලී වැඩ කරලා හම්බ කරන සල්ලි වලින් නොකා නොබී මෙහෙම ඉස්පිරිතාලෙට යන්නේ පරීක්ෂණ වලට ඉන්ඩ...කවදාහරි මගෙනුත් මේ ලෙඩේට උත්තරයක් හොයන්ඩ පොඩි උදව්වක් හරි වෙයි...”

මට ඒ වෙලේ ඒ මනුස්සයට කියන්ඩ ශක්තියක් තිබුණ නෑ...එත් මගේ රත්තරන් තාත්තේ උඹ ඔහොම දුක් විඳගෙන ඉස්පිරිතාලේ ගානේ යනවා. ඔය රිපෝට් අපේ එව්වෝ හරියට ගනීද?එව්වා කොහේ කොහේ දායිද?එත් වටිනවා උඹේ ධෛර්යය...මල් තියල වඳින්න ඕනි හැම මිනිහෙක්ම උඹට...

ඇත්ත තත්වේ වහගෙන අපේ අයියලා කරන මේ නව නින්දිත වැඩේ ගැන එළියේ කතා කරන්න බෑ කාටවත්...මේ කුරුල්ලටත්..එතකොට හෙට උදේට සුදු වෑන් එකක් අපේ ගෙවල් පැත්තෙත් කැරකෙයි...සතියකින් විතර අහන්න ලැබෙයි කොහේ හරි මරලා දාල කියලා...
මෙන්න වකුගඩු රෝගේ ඇත්තම ඇත්ත තත්වේ....ගොඩක් අය කියනවා ආසනික් හින්දලු...ඇත්ත ආසනික් තියනවා...ආසනික් නිසා විෂයි...සම්පුර්ණ ඇත්ත...දැන්නම් මේ කාරණෙත් ටිකක් එලියට ඇවිත්.එත් ටිකයි...ආසනික් වලට වඩා මෙතන ප්‍රශ්නේ කැඩ්මියම් කියන බැර ලෝහය...

උදාහරණයක් ගමු...මේ කැඩ්මියම් වලට පුළුවන්ලු ආහාර දාමයක් දිගේ ඉහලට යන්න වර්ධනය වේවි...මෙන්න මෙහෙමයි...අපි හිතමු එක බත් ඇටේක තියනවා කැඩ්මියම් එකක්.එතකොට මාළුවෙක් බත් ඇට දහයක් කෑවා...එතකොට මාළුවාගේ ඇඟේ කැඩ්මියම් 10 යි.මාළු 10 දෙනෙක්ව කෑවා තව ලොකු මාළුවෙක්.එතකොට ඒ මාළුවා ගාව 100 යි.ඒ වගේ මාළු 10 ක් කෑවා මම.එතකොට මම ගාව කැඩ්මියම් 1000 යි...දැන් තේරුනා නේද බරපතලකම....

ඊ ගාව ප්‍රශ්නේ තමයි කවදාවත් නොතිබ්බ මෙහෙම දෙයක් කොහොමද එක පාර ආවේ කියලා...ලාබ  බඩුවේ හිලක් ඇතී කියනවනි.මතක ඇති කට්ටියට පොහොර වගයක් බෙදුවා අඩු ගානට.කවුද කින්ද මන්ද ඕනි නෑ...කතාව ඇත්තනි.බෙදුවනි.ඒවා ගත්තේ ගොවිතැන් කරන අයනි...වැඩිපුර රජරටනි.දැන් ප්‍රශ්නේ විසඳුනා නේද?
ඔන්න ප්‍රශ්නේ හොයාගත්ත.වුනු හැටි හොයාගත්ත.ප්‍රතිකර්මේ හොයා ගත්ත.මේක කියන්න පුළුවන් කාටද?මට මේක කියන්න පුළුවන් මේ අපේ සෙට් එක ඇතුලේ විතරයි නේද?එතකොට මා එක්ක ගිය අනිත් අයට කියන්න පුළුවන් සීමාවල් තියනවා...වැඩියේ කිවොත් රස්සාවත් නෑ..දරු පවුලක් ඉන්නවනම් ඒ දරු පවුලත් නෑ...මේකයි රටේ තත්වේ...
දෙයක් කියන්නම්...මේ ප්‍රශ්නේ විසඳන්න හරිම අමාරුයි..මොකද පොලවට වැටුණු දෙයක් අංශුවෙන් අංශුව ගන්න අමාරු වේවි...හැබැයි පාලනයක් කරන්න පුළුවන් වේවි අපට...කැඩ්මියම් අනන් මනං ගැන බයිලා මේ මිනිස්සුන්ට වැඩක් නෑ...මේ මිනිස්සුන්ට ඕනි ජිවිතේ... ප්‍රංශේ ඉඳන් ආව අය මේ අසරණයින්ට වතුර ෆිල්ටර් දෙන්න පොරොන්දු වුනා...ලොකු ධාරිතාවක් තියන එකක්...ගමටම 3ක් වගේ තියේවි...මේ එක ගමක්..එතකොට අනිත් ඒවා...???තවත් දෙයක්.දැන් එහෙ වතුර විකුනනවා...ලීටර් එකක් රුපියල් 3 යි...සුළු ගානක් නේද?නෑ සුළු නෑ...මේ මිනිස්සුන්ට සුළු නෑ..දවසකට මිනිහෙක්ට බොන්න කියනවා ලීටර් 6 ක්වත් අඩුම තරමේ.හතර දෙනෙක් ඉන්න පවුලකට බොන්න විතරක් එහෙමනම් ලීටර් 24 යි..මාසෙටම ලීටර් 720 යි...එතකොට ගාන රු.2160 යි...අර කවුද මන්ද මී හරකෙක් පවුලක හතර දෙනෙක්ට දැම්ම බජට් එකට මේකත් දැම්මද මන්දා.....

හෙන ගහපන්.....( මේක කියන දහ දෙනෙක් හෙන ගහපන් කියල කියයි.මේවා කරපු තොපිට තුවාලයක් හරි හැදෙයිනි.සැනසීමයි කුරුල්ලට)

ඔයාල නැතුව ඉන්න බෑ මට...අයියෝ සල්ලි...


හම්මෝ පියාඹල පියාඹලා මාර හති කුරුල්ලට...


මේ කොහෙද මේ...හුටා...මේ මගේ බ්ලොග් කටුව නේද ඈ...


මම                     : ඇත්තටම මගේ සත්තලන් බ්ලොග් පැටියෝ ඔයා කොයිද මෙත්තල කල් ගීන් ඉතියේ ඈ...

මගේ බ්ලොග් එක : අනේ පල ඩො යන්ඩ

මම                      : ඈ...

මගේ බ්ලොග් එක : මාව අමතක උනා නේද තොට

මම                      : අනේ නෑ  සත්තලනේ වැඩ ගොඩයි....

මගේ බ්ලොග් එක : පල පල යන්ඩ....


එහෙම කෝමද යන්නේ ඈ...උඹ මගේ..මම උඹේ...මෙරේ ආශුකී අබු තුම් ඈ..අනේ සමාව භාජනෙකට දාන්න හැමෝම හොඳද? කුරුල්ලට එන්න බැරිවුනේ කුරුල්ලා ගොඩක් කියන්නේ ගොඩක්ම බිසී හින්ද ඈ...

රෙපා, තරුවා, හිරු හිමා එහෙම කෝ දැන් නෑ...තරා වෙලාද දන්නෙත් නෑ...මොනවා කරන්නද ඉතින්..මෙන්න විස්තරේ...


කුරුල්ලා දැන් ඉන්නේ රජරට ආයුර්වේද වෛද්‍ය විද්‍යාලේ.ඒ කියන්නේ තව අවුරුදු තුන හතරකින් කුරුල්ලා දොත්ත බබෙක්...දැන් තොත්ත බබෙක්...මේ ඉතින් මගේ පලවෙනි අවුරුද්දලු...ඒත් එක්කම අපිලු පලවෙනි සෙට් එක...එතකොට මම මේකේ ශිෂ්‍ය මෙව්වා එකේ ලේකම්ලු ඈ...ලේසි නෑ...ඒ වුනාට ඔය කියන තරම් අමාරුත් නෑලු ඈ...මම ගැන කියෙව්වා ඇති...දැන් ඔන්න සමාව හද්ද ලොකු තඹ හැලියකට දාන්න තරම් කුරුල්ලා හේතු කිව්වා ඈ...

ඔය කකුල් කැඩෙනකම් ඇවිදින රෙපයි, ගිරිය කඩන් සින්දු වලට සාධාරණය ඉෂ්ට කොරන හිරු හිමාවියි, බෙල්ල කඩාගෙන අත පය හූරගෙන වලවල් හාරන අපේ තිලිණි අක්කයි මට බනින්න බෑ ඔන්න....ඒ මදිවට මම කාරුණික ඉල්ලීමක් කරනවා මාව අයින් කරපු සින්ඩි කාරයෝ සේරටම ආපහු මාව දා ගන්ඩ කියලා...ඈ යකෝ මේක හරි මගුලක්නි...මුන් මාව අයින් කරලනි...අත උස්සල පයින් ගහනවා පස්ස පැත්තට කන පැලෙන්ඩ ඈ...මල පනිනවා ඈ...


වැඩක් නෑ කෑ ගහලා...එකෙක්ටවත් ඇහෙන එකක් යෑ...


වෙන්න තියන සේරම වෙලා පති වතත් කෙලෙසගෙන මාර අසික්කිත විදිහට මම දැන් මේකේ ඉන්නේ.මොනවා කරන්නද ඉතින්...බනින්නෙපා කවුරුවත්.අහිංසක අසරණ කුරුල්ලෙක්ගේ මෙව්වා වෙච්ච් හිතකින් ගලාගෙන එන අනුරාගී සිතිවිලි මෙව්වා.ඩොටේ පියාඹලා හරිම මාන්සි.මේ වෙද්දී කුරුල්ලා රෙපාට වඩා ඇවිදලා තියනවා..ඔන්න රෙපෝ උඹේ රෙකෝඩ් එක කැඩුවා මම..එන වෙලාවක මෙහෙටත් වරෙන් මව බලල යන්ඩ...රෙපා මැරිලද දන්නෙත් නෑ..බැඳලා ළමයි දහයක් දොළහක් ඉන්නවද දන්නෙත් නෑ...හිරු හිමා තාම යහතින් ඉන්නවද දන්නෙත් නෑ... ආයෙත් බ්ලොග් කාරයෝ කවද එකතු වෙයිද දන්නෙත් නෑ..බුකියේ මචං මැක්ස් එහෙම ඉන්නවද දන්නෙත් නෑ...ප්‍රශ්න කෝටියයි...සේරම අලුතෙන් හැදුවා...මෙන්න මගේ බුකිය...අනේ දන්න කියන අයට කියන්න ඈ...අලුතෙන් හැමදේම හදන් ගොඩ එන්ඩ හදන මේ අසරණයට එක හිතින් උදව් කරන්න ඈ...

ආයෙත් ලියන්න පටන් ගන්නවා සත්තයි...ඒ එක්කම ගොඩක් ආදරෙන් ලිව්ව සමහර සමහර පොස්ටු ඩිලීට් කරා...එව්වා දැන් වැඩක් නැති හන්දම නෙවෙයි...ඒත් එක දෙයක් ඉගෙන ගත්ත.හැමදේම හැමදාම තියෙන් නෑ..ඒක හන්දා මම සිරි ලංකා සමාජවාදී පෙජාතන්ත වාදී මෙව්වා එකේ සියලුම බ්ලොග් කරුවන්ට හා මෙව්වා කියවන උන්ට කියන්නේ ආයෙනම් මම මගේ ඉලව් ගැන මේකේ ලියන් නෑ...සත්තයි...අල්ලපු බෝඩිමේ ඉන්න ඇන්ටි පල්ලා....


එහෙනම් බැනපල්ලා ඇති තරම්...මම පටස් ගාලා පොස්ටුවක් ලියනකම්....