ඉපැරණි ප්‍රඥාවේ දීමනාවයි තොප
සීතලෙන් ගල් වී ගිය ගින්නයි තොප
ඉපැරණි නගරයේ වෙසෙන මරණයයි තොප
නැවත උණුසුම් වේව මගේ ලමැද තුල...
අතීතයේ පිවිසුම් දොරටු විවෘත කර
අවදිවෙව!අව්දිවෙව!!ඉපැරණි නපුර
තොපට අවදිවිය හැක මිනිස් හුස්මෙන්...
පළමු හුස්මෙන් ගිනි පුපුරු විහිදුවා,
දෙවන හුස්මෙන් දිලෙන එතුම් ලිහිල් කොට,
තෙවන්නෙන් මා ලයෙන් පහලට ලිස්සා,
මා වටා එතියන් නපුර..
ඉපැරණි නපුරෙන් පැවත එන ශාපය......
මාගේ පාපයෙන් දුෂිතව..
මාගේ සුරුපිත්වයෙන් සැනසෙව..
ජන්මයක් ජන්මයක් පාසා,
මා තුල රැදී සිටීමට වරම් දෙමි නපුර
රුධිරයේ රක්ත පද්ම තාරකාවක,
ශපථය කල යුතු ඔහු
අමරණීය රන්නාග රසනාදාමයේ
ශපථය කරවීමට...
නැවත අවදි වෙව ඉපැරණි නපුර
ඔසිරිස් දෙවොල මල හටාස්කාගේද,
අගේ බයි ගේ හා කා ගේ මුහුණු වලද පැවතියා වූ
ලෝකයේ ආශාව හෙවත්
ට්‍රෝයි හි ස්වර්ණමය හෙලන්ගේ රුව ලැබීමට
නැවත උදව් වෙව මට...
ලෙයාර්ටස්ගේ පුත්‍ර ඉතාකාවේ ඔඩිසියස් නම් ඔහු
නැවත රවටා ශපථයක් කර ගැනුමට
අවදිවෙව !!! පාපය
තොපගේ දියණිය,සොයුරිය මෙන්ම මව ද වන
පැරණි ඛේම් දේශයේමෙරියාමුන් මම වෙමි
නැවත තොප කැදවමි
ගින්නෙන් විනාශ වූ සීතල වස්තුවයි තොප
උණුසුම්ව නැවතත් අවදි වෙව....
ලෝ ප්‍රකට ගත් කතු H.Rider Haggard ගේ The World's Desire නවකතාව පාදක කරගනිමින් කුරුල්ලා 2009 අවුරුද්දේ ලීව දෙයක් තමා මේ...ඒ කාලේ පිස්සුවක් හැදිලා තිබ්බ මට Rider Haggardගේ පොත් කියවන්න... උසස් පෙළ මෙච්චර හොඳට පාස් උනේ ඒකද කොහෙද අලේ..ඒ වගේම ග්‍රීක කතා කියවන්නත්..තාමත් ඒ පිපාසෙ එහෙමමයි...ඒ කාලේ පටන් ගත්තු ඒ පිස්සුව තාමත් එහෙමමයි..මේක ලිවේ මලියදේවේ අපේ මුද්දර සංගමයේ සමරුවේ...ඒ කාලේ කුරුල්ලා මුද්දර සංගමේ සංස්කාරක මෙන්ම සම්බන්ධිකාරක (මේ වචනේ අමතක වෙලා co-ordinator කියන සිංහල වචනේ මදුර අයියගේ ඩික්
එකේ ටයිප් කොරල තමා හොයාගත්තේ හයියෝ)එක හරි උතුම් පොස්ට් එකක් ඒ කාලේ...හම්ම...කොල්ලෝ වඳිනවා පෙරලි පෙරලි...අපි එහෙමයි වැඩ කොලේ ඔන්න...ඉතින් ලීව ලස්සන මතකයක් දාන්න ඕනි කියල හිතුනා....ඒකයි ඔන්න මේක දැම්මේ හා හා පුරා කියල මගේ ඉක්කොලේ ලේබලේට...මලියදේවේ ගැනයි අපි ගැනයි කියන්න නම් දේවල් බොහොමයි... මේ දුවන ජිවිතේ වෙලාවක් තිබ්බොත් අනිවාර්යෙන්ම ඒ ලස්සන මතකයන් කියනවා යාලුවනේ...
පිස්සු නටලමත් බැනි..අර්ථාන්විත දේවල් කියවන්න කැමති අයට ඒවා දෙන්නත් එපැයි...වෙන කොහේදෝ මන්ද ගියාට මමත් බ්ලොග් කෙරුවාවට සෙට් වුනේ අර්ථාන්විත යමක් කලන්දනී...එනම් ළඟ අර්ථාන්විත පොස්ටුවෙන් හම්බ වෙමු..ජයවේවා හෑ...
