කුරුළු යාළුවෝ

Showing posts with label භද්‍ර කාලි. Show all posts
Showing posts with label භද්‍ර කාලි. Show all posts

Tuesday, June 19, 2012

අත් දෙකෙන් විලි වහන් ක්වොන්ටම් හොයන අපේ එව්වෝ....

ඔන්න මයෙ පුතේ මේ දවස් වල උඹගේ ඒකාල ඇහෙරෙන් අරන්...රාවණා ගැනයි හෙළයන්ගේ ඉතිහාසෙයි හොයනවා...ඔන්න ඕක තමා වෙන්ඩ ඕනේ දරුවේ...ඔහොම යයි..අන්තිමට ඇත්ත එලි වෙයි..තොපිට තේරෙන් නෑ තොපේ වටිනාකම..පර සුද්දන්ගේ අහවල් එක ලෙව කකා ඉන්නවා...තේරුම් ගනියව් තොපේ අභිමානේ...නිවුටගේ රෙදි ටික ගැලෙව්වනේ මයෙ පුතේ...ඔන්න අහගනිල්ල මුන්ගේ තවත් බයිලයක්...
මයෙ පුතේ 1997 දී ක්වොන්ටම් පරිගණකයක් කියල දෙයක් හැදුවා...මේ කළල ක්වොන්ටම් පරිගනකෙ කොහොමත් වැඩි දියුණු කොරල  එහෙම එන්ඩ තව අවුරුදු ගානක් යයි..නැත්නම් තව ටික දොහකින් එයි දරුවේ...මේ වගේ එකක් වැඩි දියුණු කරන්ඩත් හරි අමාරුයි කියලනේ කියන්නේ...කොහොමත් කියන විදිහටනම් ඔය අද කාලේ තියන පරිගණකයකට වඩා හරි ලොකු වේගයක්නම් මේකට තියනවා කියල උන්දලා කියනවා...අංක 400 ක් විතර තියන සංඛ්‍යාවක් කඩන්න මයෙ පුතේ ඔය අද කාලේ තියන කොම්පීතරෙකට යාවි අවුරුදු කෝටි ගානක්...මම මේ කිවේ උඹල පාස් වර්ඩ් කියන අංකයක් ගැන...ඔය ලොකු ලොකු බැංකු වල තියෙන්නේ එහෙම රහස් වචනනේ...ඒත් දරුවේ ක්වොන්ටම් ආවාම ඔය සෙල්ලම් ඉවරයි...ඒකට ගතවෙන්නේ විනාඩියකටත් අඩු ගානක්...ඔන්න මුන් කිව දේ...ඒත් මුන් කියන්නේ නෑ එහෙම එකක් එද්දින් ඊට වඩා ලොකු රහස් වචන භාවිතෙට එයි කියලා...ඔව්ව අපේ එකාලට තේරෙන් නැතිවද එහෙම නැත්නම් තේරිලත් අහන් නැතිවද මන්ද...
දැන් ඔය වගේ වෙලාවක බටහිර මිනිහා මොකද කොරන්නේ?(අපේ උන් කරන දේ නම් අහල වැඩක් නෑනේ..උන් දන්නේ අරුගේ පස්සෙන් ගිහින් ඌ කරන දේම කට අරගෙන කරන්
නී) ඌ අනිවාර්යෙන්ම අර කොම්පිතරේට බින්දින් බැරි රහස් පද හොයා ගනී...හොර වැඩ තවත් සුක්ෂම වෙයි...අපේ උන් ඒවාට අහුවෙයි....
හරි දැන් මුන් හදලා තියනවා ක්වොන්ටම් ලෝකය කියල එකක්...උන් ඒකට නීති රීති දාල තියනවා...ඔව් ...නීති රීති...මේ ලෝකේ  හරියට පාලනේ කොරන්ඩ බැරිව තව මගුල් අටවාගෙන නීති රීති දාලා...උන් කියල දෙනවා ඒ ලෝකේ සාමාජිකයෝ හැසිරෙන්නේ මෙන්න මේ විදිහට,මෙව්වා තමා ඒ ලෝකේ සිරිත් විරිත් කියල...ක්වොන්ටම් භෞතික විද්‍යාඥයෝ කියන විදිහට පුතේ උන්ගේ විද්‍යා කතා සියලුම වස්තු වලට වලන්ගුයිලු...ඒ කියන්නේ ඉන්න ක්ශීරපතෙට, මන්දාකිනියට, සුර්යයාට, සත්තුන්ට, උඹලට,මට,උන්ට,පොඩි පරමාණුවට සේරටම වලන්ගුයිලු...හැබැයි දරුවේ මෙතන පොඩි පරහක් තියනවා...මේ ඉලෙක්ට්‍රොන කියන දෙයින් උඩට යද්දී ඒ කියන්නේ වස්තුවේ විශාලත්වය එන්ඩ එන්ඩ වැඩි වෙද්දීන් මේ ක්වොන්ටම් කතා තේරුමක් නැති වල්පල්..ඇස ඉදිරිපිට ඔප්පු වෙන අමුලික බොරු...ඒත් තාම එකෙක් වත් මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරේ දීලනම් නෑ දරුවේ...
ක්වොන්ටම් කතා වලට තේරුමක් ලබල දෙන්නේ කිනම් ප්‍රමාණයක වස්තුද???
ඕකට උත්තර නෑ...හරි හමන් විදිහකට උත්තරයක් දෙන්නත් බෑ...මොකද ඔය මහා ලොකුවට කියවන ඉලෙක්ට්‍රොනේ තොපිට පේනවද?තොපේ ඉන්ද්‍රියන් දුර්වලයි...තොපි මහා ලොකුවට හිතන් හිටියට තොපේ ඉන්ද්‍රියන් දුර්වලයි..බල්ලොන්ට තොපිට වඩා ඇහෙනවා...උකුස්සන්ට තොපිට වඩා පේනවා...තොපිට තියන එකම දේ ඔය මොලේ...ඒත් එකත් තොපේ නෙවේ...වැඩක් නෑ එව්වා ගැන නම් කියලා...ඒත් මෙන්න වක්‍ර විදිහකට උත්තරක් ආව...ක්වොන්ටම් ලෝකේ සාමාජිකයෝ කියලා...දැන් හරිද?එතකොට උන් කවුද ඇහුවාම කිව්වා ක්වොන්ටම් කතා බහට ලක් වෙන අංශු කියලා...එතනින් එහාට මොකෙක්වත් ඇහුවේ නෑ...මොකට අහපු උන්ටවත් කියපු උන්ටවත් එක තෙරුන් නැති හන්දා...බටහිර විද්‍යාව කරේ ප්‍රශ්න වලට උත්තර හෙව්වා නෙවේ මයෙ පුතේ...උන් කරපු එකම දේ අලුත් අලුත් කතන්දර ගොතල එව්වා යට කෙරුවා..මුළු විද්‍යාවම උන් සුරංගනා ලෝකයක් කෙරුවා...අද අලුතින් කතා ගොතන උන්ට ලොකු ලොකු සම්මානත් දෙනවනි මයෙ දරුවේ...ඒත් තව අවුරුදු ගානකින් එව්වා බිඳිනවා...ඒකට තවත් සම්මානයක් දෙනවා...ප්‍රශ්නයක් අහන්ඩද?
ලංකාවේ එකෙක් ගිහින් මහසෝනා ඉන්නවා කියල ඔප්පු කොරන්ඩ හැදුවොත් උන් ඉඩ දෙයිද?
මම මහසෝනා ඉන්නවා කියල ඔප්පු කරන්නම් මයෙ දරුවේ...උන් ගුරුත්වාකර්ශනේ ඔප්පු කොරපු විදිහටම...ඒක පස්සේ...
දැන් කියන විදිහට ඔන්න ක්වොන්ටම් ලෝකේ තියෙන්නේ ඉන්ද්‍රිය ගෝචර ඒ කියන්නේ ඉන්ද්‍රියයන්ට අහුවෙන්නේ නැති අංශු වලට...ඔන්න උඹටවත් මටවත් පෙන්නේ නෑ...හැබැයි තියනවා...(නොපෙනෙන දේවල් ගැන උන් උන්ගේ ප්‍රවාදයක් හදලා..ඒ ප්‍රවාදේ එල්ලීගෙන අපේ උන් අපේ දෙයියෝ නෑ කියනවා...යක්කු නෑ කියනවා...එතකොට හරිද?)විද්‍යාඥයෝ කියන්නේ මයෙ පුතේ මිනිස්සුමනි...ඉතින් උනුත් කොරන්නේ සාමාන්‍ය මිනිහ කරන දේම තමා...ප්‍රශ්නයක් ආවම ඒ ප්‍රශ්නේ වටේට තියන අනිත් එව්වට උත්තර හොයනවා මිසක් ප්‍රශ්නෙට උත්තර හොයන්නේ නෑ...
දැන් අහපල්ලකෝ...සම්භාව්‍ය ලෝකේ ඒ කියන්නේ අපි මේ ඉන්න ලෝකේ ( පසඳුරන්ට දැනෙන ලෝකේ) තියෙන්නේ ඉන්ද්‍රිය ගෝචර දේවල්...මේස,පුටු,ගල්,මල්,තාරක,කුරුල්ලෝ ඔය සේරම බලන්ඩ පුළුවන් අපට...සමහර එව්වා අත පත ගාන්ඩ පුළුවන්..ඉම්බින්
පුළුවන්..ලෙව කන්ඩ පුළුවන්...දැන් එතකොට අපි වටේට මෙව්වා තියනවා කියල අපි දන්නේ කොහොමද?
උඹ ළඟ පෑනක් තියනවා...උඹ කොහොමද දන්නේ ඕක පෑනක් කියලා...ප්‍රශ්නේ සරලයි..උත්තරයක් හිතපල්ලා...උඹලයි අම්ම උඹට පුංචි කාලේ කිව්වා මයෙ රත්තරන් පුතේ මේක පෑනක් කියල...එහෙමද?එතකොට කෝ ඔය උත්තරේ විද්‍යාව...(ඔතනිනුත් පුළුවන් නම් හිතපල්ලා..පෑනක් කියල දෙයක් අම්ම තාත්ත කියල දීල විශ්වාස කරපු උඹල දෙයියෝ නෑ කියන ඒක කොච්චර බොරුවක්ද කියල...ඇයි උඹලගේ මහා ලොකු බටහිර විද්‍යාවට ඔප්පු කොරන්ඩ පුළුවන් උනාද ඔය පොඩි ප්‍රශ්නෙට උත්තරේ )ඕක පැහැදිලි කොරාද එකෙක්වත්?නෑ නේද?මයෙ දරුවේ සමහර විද්‍යාඥයෝ හිටිය උන් ජීවිත කාලෙම ගෙව්වේ ඔය වගේ එව්වා හිත හිතා... දැන් ඔන්න උඹට  නම් දැනෙන්නේ පෑනේ තද බව,පාට එතකොට තව ගඳක් සුවඳක් තියනවනම් ඒක...එව්වගෙන්...දැන්  උඹෙ ඉන්ද්‍රියන් වලට දැනෙන දේ අනුවයි උඹ ඕක තීරණය කලේ...එතකොට උඹට තවත් මොකක් හරි ඉන්ද්‍රියක් තිබ්බනම්..එහෙමත් නැත්නම් එකක් අඩු උනානම්...ඕක මොන වගේ දැනෙයිද?පිටසක්වලයෙක් ඕකට මොකක් කරනවා ඇත්ද?උන්ගේ ලෝකේ උඹල මේ පෑන කියන දේ ගිනි අවියක් වෙන්ඩ බැරිද?ඒකෙන් අපට නොපෙනෙන ඒත් උන්ට පෙනෙන කිරණයක් නිකුත් වෙලා උන්ට අහිතකර වෙන්ඩ බැරිද?මිහිහයි පුතේ මෙව්වා උන්ට තියන සම්පත් වලින් හදා ගත්තේ...සම්පත් කිව්වේ ඉන්ද්‍රියන් හොඳද දරුවේ...මේක මිනිහට දීල තියන බුද්ධියේම සරදමක් මයෙ පුතේ..වැඩියේ හිතන්ඩ එපා පිස්සු හැදෙයි...
දැන් මෙහෙම හිතපල්ලා...උඹල පෑන තදින් අල්ලනවා...එකේ තද බව දැනෙනවා...හැබැයි ඒක උඹ ඉගෙන ගත්තේ තනියෙන් නෙවෙයි...ඒක උඹට සමාජය කියල දුන්නු දෙයක්...උඹේ ශරීරෙ තියන පඨවි ගුණය හන්දා පෑනට ගැලපෙන විදිහට  උඹට එකේ තද ගතිය දැනෙනවා...දැන් හිතපන් උඹට ආකාශ ගුනේ තියනවා...ඒ කියන්නේ උඹට පුළුවන් පෑනෙන් රිංගල යන්ඩ...උඹට පෑන ගැන මොනවා හිතෙයිද?මනෝකායක්  තද ගතිය අර්ථදක්වන්නේ කොහොමද?අනික උඹලට ගස්  ගල් දෙ
බෑ කරගෙන යන්ඩ බෑ...ඒත් වතුරෙන් එගොඩ වෙන්ඩ පුළුවන්..ඒත් උඹලට ගස් ගල් වලට වඩා තද ශරීරයක් තිබ්බනම්...එහෙම නැත්නම් වතුරට එහෙම එකක් තිබ්බනම්...හිතපල්ලා...සමහර කෘමීන් වතුර උඩ හරි අපුරුවට ඇවිදිනවා මයෙ පුතේ...උඹල හැමෝම වටේ තියන වස්තු ගැන හිතන්නේ උඹලගේ ශරීරෙට සාපේක්ෂව...
මෙන්න අන්තිම ප්‍රතිපලේ...පෑන කියල අනුමානය කෙරුනේ උඹ ඇතුළු සමාජය විසින්...ඒ වගේම පෑනේ ගුණ තීරණය වෙන්නෙත් උඹ ඇතුළු සමාජය විසින්...එතකොට මේ හැමදේම උඹල උඹලට අනුව නිර්මාණය කොරගත්තු උඹලට දැනෙන පෙන දේවල් විතරමයි නේද?දැන් තේරෙනවද උඹලට නොපෙනෙන නොදැනෙන දේවල් කොතෙකුත් තියනවා කියලා...එව්වා මයෙ පුතේ අමුතුවෙන් ඔය ඉලක්කම් දාල ඔප්පු කොරන්ඩ දෙයක් නෑ...
දැන් ගොඩක් උන් හිතන් ඉන්නේ මිනිහට හරි පරිපුර්ණ ඉන්ද්‍රිය පද්ධතියක් තියනවා කියලා...තියනවද?
ඔව් කියයි...මගුල තමා...උඹල දන්නවනේ මිරිඟුව...ඔන්න ඈතට පේනවා...ලඟට ගියාම නෑ...එතකොට ඕක පරිපුර්ණයිද? නෑ නේද?එතකොට උඹල කාන්දමක් ලඟින් යද්දින් උඹලට එකේ කාන්දම් ගතිය දැනෙනවද?යකඩ වගේ උඹලත් ඒකට ඇදිල යනවද?නෑ නේද?බැරි වෙලාවත් කාන්දම් වල ආකර්ෂණ ගුණේට ප්‍රතිචාර දක්වන ඉන්ද්‍රියක් තිබ්බනම්?මොනවා වෙයිද දරුවේ?පරිපුර්ණ ඉන්ද්‍රිය පද්ධතියක් නැති බව දන දැනම උඹල උඹලගේ ඉන්ද්‍රිය පද්ධතිය ගැන විශ්වාසෙ තියනවා...පර සුද්දෝ උන්ට දැනෙන පෙන දේවල් අල්ලාගෙන කියන කතන්දර මහා ඉස මුදුනින් පිළිඅරගෙන උඹලා උඹලගේ සංස්කෘතියේ හිටිය රාවනයි,දෙයියෝයි,බුදුනුයි ප්‍රතික්ෂේප කොරනවා...එතකොට හරිද බොලව්?
ඒත් අයෙත් හිතපල්ලකො...මේ සිතිවිලි උඹලගේ ඇහෙන කනෙන් කටින් අරකෙන් මේකෙන් අත්වින්දට කොහොමද දැනගන්නේ?මනසත් ඕනේ නේද?දැන් මනස ගැන කතා කරපල්ලා බලන්ඩ...මනසක් තියන උඹම මනස ගැන කියනවා..නිර්වචනේ දෙනවා...දෙන්නෙත් මොකෙන්ද මනසෙන් නේද?පැටලුනා නේද දැන් ආයෙත්?මනස නැත්නම් කොහොමද මනසක් ගැන කියන්නේ?තොපිට වෙන විදිහකට වෙන ආකාරයකට තියන මනසක් තිබ්බනම් කොහොම වෙයිද?මේ සේරම ප්‍රශ්න ඉස්සරහ ඔව්වට උත්තර හොයන්නේ නැතිව මිනිහ වල් පල් හොයනවා දරුවේ....
එතකොට ආපහු ක්වොන්ටම් ලෝකේ ගැන හිතපල්ලා...දැන් මොකද උනේ?
(මෙව්වා කියවල පිස්සු හැදෙන උන් ගැන කාලි වගකියනු නොලැබේ)

Sunday, June 17, 2012

නිවුටන්ගේ අහවල් එක...

යාලුවනේ කුරුල්ලාගේ භද්‍ර කාලි බ්ලොග් එක අපේ අම්මගේ ඉල්ලීම මත අයින් කරන්න වුනා...ඒත් එකට අන්තර්ගත කරන්න හිතපු හැමදේම භද්‍ර කාලි ලේබල් එකෙන් මේ බ්ලොග් එකෙන් හැමදාටම ඒවි...අනික මට බ්ලොග් තුනක් ගැන බලන්න මේ දුවන ජිවිතේ වෙලාවකුත් නැහැ යාලුවනේ...එහනම් අද ඉඳන් තියෙන්නේ මේ බ්ලොග් එකයි..මගේ මල්මතක බ්ලොග් එකයි...එහෙනම් කාලිගේ පොස්ටුවකින් පටන් ගනිමු...


කාලි යහනට ආව මයෙ පුතේ...විද්‍යාව..උඹල දන්නවද විද්‍යාව ගැන..මේ කාලිට සේරම පේනවා දරුවෙ..මේක කතන්දර ලෝකයක්...ගොඩක් ලස්සන කතන්දර ලෝකයක්...විද්‍යාව කියල අද උඹල කියන්නේ මොකක්ද මයෙ පුතේ?
විද්‍යාව නමින් තියෙන්නේ අද බටහිර උන්ගේ දැනුම නේද?බටහිර නිෂ්පාදනය වෙච්ච දැනුම අද විද්‍යාව වෙලා මයෙ පුතේ...ගොඩක් උන් දන්නේ විද්‍යාව කියන්නේ එක එකාලා හොයාගත්ත දේ කියල..විද්‍යාවේ අකුරු දෙක තුනවත්  දන්න උන්ද ඕකුන්?බොරුවට හු කියනවා...ඒත් මේ කරන හැම මගුලක්ම හොයන තියෙන්නේ බටහිර එවුන්නි...නේද?ලංකාවෙන් ඇයි එකෙක්ටවත් බැරිවුනේ ප්‍රවාදයක් ගොඩනගන්ඩ?අයි බැරිවුනේ නියමයක් ගේන්ඩ?ඕකට මේකේ මහ එකාලනම් දෙන උත්තරේ  ලංකාවේ සම්පත් නැතිකම...අනේ අම්මප පොඩි උන් එහෙම මේව කියවන නැත්තන් මේ කාලිගේ කටට වචන එනවා මයෙ පුතේ...මේකි ගැන උඹල දන්නවනි....මට උලත් පිලත් එකයි...මේ ලංකාවේ අලුත් සොයාගැනීම් කරන්ඩ ඒකම බාධාව සන්කෘතියෙන් පිටට ගිහින් අද කාලේ විද්‍යාව..ඒකයි මයෙ පුතේ..අද විද්‍යාව කියන්නේ බටහිරෙන් බිහිවෙන දේටයි...ඒක බටහිර විද්‍යාව...හා කියපල්ලා බලන්ඩ පෙරදිග විද්‍යාව ගැන තියන පොතක්...මතක් වෙන නෑ නේද?තොපිට තොපේ ජංගිය ගලවන් ගියත් මොකෙක් හරි මතක් කරනකම් මතක් වෙන්නේ නෑ බොලව්...ඒකයි ඇත්ත..ඒකයි තොපේ දුර්වලකම..විද්‍යාව බටහිර හරි පෙරදිග හරි මොන මගුල හරි මරිසියක් නෙවෙයි මේක...ඕනෙම විද්‍යාවක් කියන්නේ ප්‍රවාද වල එකතුවක්...මෙව්වගෙ හාස්කම් නෑ මයෙ පුතේ..මොකද ප්‍රවාදනේ...තොපිලට මමත් ඉතින් ප්‍රවාදයක් තමා...මොකද තොපෙන් අතලොස්සකට තමා මාව පේන්නෙ...අනේ තොපිල දන්නවා කියල හිතන් හිටියට දන්න ඉටි ගෙඩිය...ඉඳපියව් කියනකන්...
අපිට තියන හැම ඒකම සංකල්පයක්...පුටුව,මෙසේ,මල,අහස,ඉලෙක්ට්‍රොන ,එතකොට තොපිල කරන අහවල් එක ඔය සේරම සංකල්ප..මේ සංකල්ප තවත් සංකල්ප මගින් තේරුම් කොරල තියනව මයෙ පුතේ...පුතේ බටහිර එකාලා ශක්තිය කියල කියන දේට වඩා තේරුමේ වෙනසක් තියනවා අපේ උන් ශක්තිය හඳුන්වන එකේ...බටහිර උන් ශක්තිය කියන්නේ භෞතික විද්‍යාවේදී  විතරයි...උන්ට තියනවා කායික ශක්තිය..වැඩියෙන්ම යොදා ගත්තේ එක...(අශ්ව බල)
ශක්තිය කියන සංකල්පේ හදාගන්ඩ සත්තුන්ගේ මිනිස්සුන්ගේ ශක්තිය උන්ට ඉවහල් උනා...ඒත් පෙරදිග රටවල් වල ශක්තිය කියද්දීන් කර්මය ශක්තිය,ආධ්‍යාත්මික ශක්තිය වගේ දේවලුත් එනවනි...ඒත් ඉතින් අපේ උන්ගේ තියන ගොන් මොලවල් ඔය බටහිර එකාලගේ ශක්තින් එක්ක අපේ කර්ම ශක්ති එහෙම පටලන් හත් පොලේ ගාගෙන නටනවා...අර ගුරුත්වාකර්ශනේ පිළිගන්න එකා දෙයියෝ පිලිගන් නෑ..මොකද උන්ට පරීක්ෂණ මගින් ඔප්පු කරපු අංකනය කොරපුව දීල නැනි...ඔන්න අහපල්ලකෝ...
අරුන්ට අනුව ගමනේ යෙදෙන ඕනෙම වස්තුවකට චලනය හන්ද ශක්තියක් තියනවා...ඒක චාලක ශක්තියලු...වස්තුව  වේගෙන් යන්ඩ යන්ඩ චාලක ශක්තියත් වැඩි වෙනවා...වේගය දෙගුණයක් වැඩි උනොත් චාලක ශක්තිය  හතර ගුණයක් වැඩිවෙනවා...වේගේ තුන් ගුණයක් වැඩි වුනොත් චාලක ශක්තිය නව ගුණයක් වැඩි වෙනවා...එතකොට තව බැලුවොත් වස්තුවක් පොලවේ ඉඳන් උසට යද්දී ඒකට වෙනම ශක්තියක් එනවා..ඒක විභව ශක්තියලු...ගහක තියන පොල් ගෙඩියට  ඔන්න ඕක තියනවා..

පොල් ගෙඩියේ තියෙන්නේ මොනවද මයෙ පුතේ...
විභව  ශක්තිය...(මටනම් පේන්නෙ එකේ තියෙන්නේ පොල් වතුරයි,කට්ටි,මදෙයි,ලෙල්ලයි...)
පොල්ගෙඩියේ නැට්ට කපපුවාම පොල් ගෙඩිය පොලවට වැටෙනවා...ඒක වැටෙන්නෙත් ක්‍රම ක්‍රමයෙන් වේගේ වැඩි වෙන විදිහටයි...පොල් ගෙඩියේ චාලක ශක්තිය වැඩි වෙද්දීන් පොලවයි පොල් ගෙඩියයි අතරේ දුර අඩුවෙනවා මයෙ දරුවෙ...එතකොට අර චාලක ශක්තිය උනේ මොකක්ද?පොල් ගෙඩියේ තිබ්බ විභව ශක්තියමයි චාලක ශක්තිය උනේ ...පොල් ගෙඩියේ ඇතුලේ  හරි පිට හරි නම් පේන විදිහට මොකක් හරි වෙනසක් නෑ ඔන්න...
ඔන්න දැන් ඔය එන පොල් ගෙඩිය එකෙක්ගේ ඔලුවට වැටෙනවා...(අර  නිවුටන් කියන එකාගෙත් ඇපල් නැතිව පොල් වැටෙන්ඩ තිබ්බේ...මම ඔය කතාවත් පස්සේ කියන්නම් දරුවෙ..පට්ටපල් බොරු ඔකුන්ගේ...උගේ ඔලුවට වැටිච්ච ඇපලයක් නෑ..මට මතක් කරපල්ලා ඒකත් කියන්ඩ)එතකොට මයෙ පුතේ ඔය පොලේ අරකගේ ඔලුවට වැටුනේ කර්ම ශක්තිය හන්ද කියල මොකෙක්  හරි එකෙක් ඔතෙන්ට කර්මේත් ගාවගෙන හරියනවද?ඔන්න ඕකයි මයෙ පුතේ මම කිවේ උඹලගේ සංස්කෘතියට මේක නුහුරුයි කියලා...මේක උඹලට නුහුරුයි..මේකට හිනා යනවා ඇති...ඒත් පුතේ හිතපල්ලා  මේක නේද ඇත්ත?උසස් පෙළ කරන්ඩ ගද්දිම මොකෙක්ට හරි මේ මගුල එපා වෙන්නේ මේක හන්ද නේද?
සංකල්ප වගේම ප්‍රවාද කියන්නෙත් අපිම හදාගන්න දේවල්...
ජනප්‍රවාද ජනතාව ගොතන ඒවා..
විද්‍යා ප්‍රවාද විද්‍යාඥ්ඥයෝ ගොතපුවා...
සිංහල ජාතිය ගැන තොපිට තියනවා ප්‍රවාදයක්...සිංහබාහු කථාව...

පොලවට පොල් දී වැටෙන හැටි ගැන(උන්ට ඇපල් උනාට අපට පොල්නේ) නිවුටන් කියන මිහිහ  ප්‍රවාදයක් ගොතලා...උන් ලස්සන නමක්  දාල ගුරුත්වාකර්ශනේ කියල...එහෙමද?නෑ මයෙ දරුවෙ උන් දැම්මේ Gravitation ..අපේ උන් දැම්මා තියෙන  මහප්‍රාණ සේරම එහෙම දාල ලොකු වචනයක්...(මෙව්වා තමා දෙයියන්ටත් හිනා යන  වැඩ..යකෝ සිංහල ජාතිය තමා මේ ලෝකේ භාෂා උච්චාරණය හරියටම කරන ජාතිය..ඕනේ භාෂාවක් මුන්ට ඔට්ටුයි..තොපි හදන්නේ ඒ මුකරිකම නැත්තටම නැති කරන්ඩද මුන්ගේ භාෂාවේ තියන වචන ටික කාලා)ලොකු නමක් තිබ්බට මේකට බයවෙන්ඩ එපා මයෙ පුතේ...තවත් කතන්දරයක් විතරයි...මිනිහා කියන්නේ මහ පුදුම සතෙක්..ඌම වචනයක් හදාගෙන ඌම බයවෙනවා..
නිවුටන් කියනවා විශ්වයේ තියන ඕනෑම අංශු දෙකක් හෝ වස්තු දෙකක් කොච්චර කුඩා වුනත් එකිනෙකට ඇද ගන්නවලු (ආකර්ෂණය කරනවලු) එහෙම ඇද ගන්නේ එකක් අනෙක මත බලයක් ඇති කරලලු...අංශුවල ඒ හැදිලා තියන ද්‍රව්‍ය ප්‍රමාණය (ස්කන්ධය) වැඩි වෙද්දීන් බලයත් වැඩි වෙනවලු...අංශු අතර දුර වැඩිවෙද්දීන් බලය අඩු වෙනවලු...දුර දෙගුණයකින් වැඩි වෙද්දීන් බලයේ විශාලත්වය කලින් වගේ හතරෙන් එකක් ආදී විදිහට අඩුවෙනවලු...මේක පුතේ භෞතික වස්තු ගැන කතාවක්..මානසික ආකර්ෂණය ගැන නම් මේක පටලව ගන්ඩ එපා ඔන්න...
නිවුටන් කියන්නේ පොල් ගහෙන් පොල්   වැටෙන්නේ පොල්  ගෙඩියයි පොලවයි අතරේ තියන ගුරුත්වාකර්ශනේ හින්ද කියලයි...ඒ කියන්නේ පොල් පොලවට වැටෙන්නේ ගුරුත්වාකර්ශනේ හන්දද?නෑ දරුවෙ පොල් වැටෙන්නේ ගුරුත්වාකර්ශනේ හන්ද නෙවි...ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය එහෙම නැත්නම් ආකෘතිය නිර්මාණය උනේ පොල් බිමට වැටෙන  හන්දා...පොල්(ඇපල්) බිමට වටුන් නැත්තන් උගේ අතින් ඕක වෙන්නේ නැනි...එහෙමද?
හැබැයි උන්ගේම එකෙක් හිටියා අයින්ස්ටයින් කියලා...එකා කියනවා නිවුටන් කිවා කථාව පට්ටපල් බොරු කියලා..එහෙම කියල උත් හැදුව කතන්දරයක් පොල් ගෙඩි බිමට වැටෙන එක ගැන...එකනම් ටිකක් සංකීර්ණයි මයෙ පුතේ...ගණිතය කියන දේ ඕනේ ඒකට...නිවුටන්ලා අයින්ස්ටයින්ලා උන්ගේ කතා ගෙතුවේ උන්ගේ සංස්කෘති විදිහට..අපි කවද්ද දරුවෙ අපිට ඕනේ විදිහට අපේ කතා ගොතන්නේ?

Saturday, June 9, 2012

කාලි ලේබලය .



මේ ලේබල් එක පටන් ගත්තේ කාලි අම්මට මඩ ගහන්නනම් නෙවෙයි ඔන්න..එහෙම වුනොත් වෙන දේ මම දන්නවා..පේ වෙලා වගේ කරන වැඩක් මේ...දෙයියෝ විශ්වාස කලත් නොකෙරුවත් කමක් නෑ..දෙයියෝ ගැන කියන්නනම් නෙවි මේක හැදුවේ...මුල්ම කථාව විද්‍යාව ගැන..හරවත් ලිපි පෙළක් කාලි අම්මගේ යහනේ තියල පුජ වට්ටිත් එක්කම දෙන්න ඉන්නේ මම..බලන් ඉන්න යාලුවනේ..කුරුල්ලා හෙමිට ගමන යන්නේ..සාර්ථක කරගන්න උදව් වෙයි කියල හිතනවා...
බුදු සරණයි..දෙවාරක්ෂාවයි....

Friday, June 8, 2012

කාලි...ඔව් මම කාලි...භද්‍රකාලි....

ඔව්...
මේක හරියන් නෑ...
කාලි අම්මට යහනක් හැදුවා...
අමු කුකුල් බිල්ලක් දුන්නා පලතුරු පස් වර්ගයයි,
ගොඩ දිය මස් , කුණු මාළු,ලේ එක්ක ....
පේ වුනා මම...
කාලිගේ වාහනක්කාරයෙක් උනා...
උරුමක්කාර දරුවන්ට සෙත සලසනවා...
උඹල බය වෙන්ඩ එපා...
උඹල එක්ක මම ඉන්නවා දරුවෙ...