කුරුළු යාළුවෝ

Tuesday, November 18, 2014

කුරුල්ලගේ ජොබ් කට්ට...




බ්ලොග් එක ලියන්න ආයිමත් ආසාවක් ඇති වුනේ මම බ්ලොග් එක ආපහු ලියනවා කියලා දැම්ම පෝස්ට් එකට වැටුණු කමෙන්ට් එකක් නිසයි.ඇත්තටම ඒක ලස්සනම ලස්සන හීනෙක චුටි බලාපොරොත්තුවක හෙවනැල්ලක්...
බ්ලොග් එකට මම කුරුල්ලෙක්...ඒත් බුකියේ තවත් එකෙක්...ජීවිත දෙකක් උනාට මුගේ දිව දෙකක් නෑ කියලා දන්නෝ දනිති ඈ...ඉතින් දන්න කියන හැමෝම අහනවා තෝ පහුගිය කාලේ කොහෙද පත බෑවිලා හිටියේ කියලා...මහින්ද මාමත් ලියුමක් කුරියර් කරලා තිබ්බ මොකද වුනේ යකෝ කියලා.ඉතින් හරි මදිනි ඈ...ඒක හින්දා ඔන්න ලියනවා වෙච්චි දේවල්....

කස්ටියම දන්නා විදිහට ඔන්න කොල්ල ලස්සන ෆ්ලෝරා මෙව්වා එකෙන් මෙව්වා වෙලා ගියානේ දැයට තොප්පියේ ඇඩ්මින් වැඩ කරන්න.ඒක ගැන ඕනේ නෑ ඇ...ඔන්න ඔහොම ඔහොම චුට්ට චුට්ට කාලේ ගෙවිලා ගියා.කුරුල්ලා දැන් ගෙදර.ඉතින් ඔහොම ඔහොම තව චුට්ටක් කාලේ ගෙවිලා ගියා.දවසක් ධාරානිපාත මුරුගසන් වරුසාවක් තියන ඇහැළ මලින් ගස් බරවුණු දීප්තිමත් උදේක ලියුම් මාමා කකුල් දෙකටම කිසමක් ඇඳගෙන අපේ දිහා ආවා...හම්මේ මුනේ සිරියාව...ලිබියාව පරාදයි...අන්න එදා තමයි මගේ ජීවිතේ මෙව්වා උනේ...
ලියුම කැඩුවා...
බැලුවා...
හුටා...
මේ ගස්තරයා ( ඒ කිව්වේ මම ) රජරට ආයුර්වේද වෛද්‍ය විද්‍යාලෙට තේරිලා කියහල්ලකෝ....
දැන් මොනා කරන්නද?
ඇඬුවා...පෙරලි පෙරලි ඇඬුවා...හිනා වුනා...පෙරලි පෙරලි හිනා වුනා...කොනිත්ත ගත්තා...බෙල්ල මිරික ගත්තා...බලපුවාම හීනයක් නෙවෙයි.හැබැහින්ම මම ඒකට මෙව්වා වෙලා...හම්මේ හිතේ තිබ්බ සන්තෝසේ බාල්දියෙන් දෙකයි ඈ...
ගෙදරින් සැලකිලි...කියල වැඩක් නෑ..කකා බිබී ගෙදෙට්ට වෙලා හිටිය කාලේ ඉවරයි කියලා කට්ටියම කුමන්ත්‍රණ කරනවා ප්‍රසිද්ධියේ...කොල්ල අප්‍රසිද්ධියේ මුල්ලකට වෙලා බලාගෙන ඉන්නවා...
ඔන්න ඉන්ටවිව් එව්වා මෙව්වා ගියා ඈ..ඒ සී රුම් එකේම ඉඳල ගෙදෙට්ට වෙලා කොල්ලට අනුරාධපුරේ ක්ලයිමෙට් එක පට්ට ඩොටේ එප්පා...සික්...කුරුල්ලා හිතාන හිටියේ අනුරාධපුරේ කිව්වාම පට්ට දුෂ්කර ඇති කියලා...
හරියටම කියනවනම් වැව් ගොඩක්.පොඩි පාරවල්.තාර තැන තැන ගැලවිලා.කරත්ත.පට්ට ලදරන් සී ටී බී බස්...
ඔන්න ඔහොම ආදී කාලේ ඉමේජ් එකක් තමයි කුරුල්ලට තිබ්බේ.මොකද මතක ඇති කාලෙක කුරුල්ලා ඔහේ ගිහින් නෑ...
අම්මට උඩු ගියාමනේ තේරුනේ...පට්ට පට පට ඈ...
යකෝ කුරුණෑගලනි ඩොටේ.එක අතකින් බැලුවාම කොළඹ පවා හද්ද ඩොටේ...
හම්මේ අයි ලබ් යූ අන්ඩාපුර <3
ඔන්න ඉතින් කොල්ල එල කිරි වගේ පලවෙනි අවුරුද්ද ගියාලු ඈ...පාස් ලු ඈ...දැන් ඔන්න සෙකන්ඩ් මෙව්වා එක...
එතකොට තමයි බුකියේ අපේ ෆන් සෙට් එකත් එක්ක "රියල් හාට්ස්" ටීම් එකත්තෙක්ක වැඩ කරන්න හම්බුනේ.ඒක ගැන වෙනම පොස්ට් එකක් ඈ..මොකද ඒ ගැන කියන්න වචන අකුරු මදි...
ඉතින් ඔව්ව මෙව්වා අස්සේ කුරුල්ලට තේරුනා හැමදාම ලේච්චර් යන එක හරි නෑ, ඒක පෙජාතන්ත වාදෙට හරි නෑ කියලා...ඉතින් කොල්ල පාට ටයිම් ජොබක් කරන්න සෙට් උනා...
කොල්ලගේ හැකියාවට රැකියාවක් දෙන්න වාසනාවන්ත උණු ඒ මෙව්වා එක තමයි දේශක්තී ලංකා විදේශ රැකියා ආයතනය...
ඔ යේ...

1 comment:

අදහසක් දාමුද?