රන් වන් පාටයි සමනලයා....
රෝස මලේ පැණි බීලා ගියා...
ආයිත් ඒවිද ඒ සමනලයා...
මල් වල පැණි බොන්ටා...
කවියක්...නේද?ලස්සන කවියක්...මතකද චුටි කාලේ ඉගෙන ගත්තා
මේ කවිය?මේ කතාව කුරුල්ලට ලියන්න හිතුනේ අද මේ සමාජේ වෙන පරිහානියත් ගැන තවත් එක් සොඳුරු
බුද්ධිමතියක් එක්ක කුරුල්ලා වැටිච්ච කතාවක් හන්දා...
ඉස්සර අපේ අම්මලට ඕක අම්මලාගේ අම්මල ඒ කියන්නේ අපේ කිරි අම්මලා( ආච්චිලා) කියල
දෙනවලු...කවියක ලස්සන තියෙන්නේ ඒ පද වැල් වලනි....තාලෙනි...ඉතින් නැලවිලි ගීතත්
එක්කම ඔය කවි අපේ අම්මලාගේ පරම්පරාවටනම් අහන්න ලැබිලා...මොකද පිතෘ මුලික සමාජයේ
කාන්තාවන්ට ලැබුනේ තමන්ගේ දරුවන් වෙනුවෙන් තමාගේ ස්වාමියා වෙනුවෙන් ජීවත්
වෙන්න...අතීතයේ කාන්තාව ගොඩක් ආසාවෙන් ඒක කළා...අදනම් වෙනස්නි තත්වේ...මොකද
නිදහසත්, සම අයිතිවාසිකමුත් ඉල්ලන කාන්තාව හන්ද අද අපටනි කන්ඩ උයන්ඩයි ළමයි
බලාගන්ඩයි වෙලා තියෙන්නේ...ඒක වෙනමම කතාවක්..අපි ඒ ගැන පස්සෙම කතා කරමුකෝ...ඉතින්
ඔන්න ඔය කවිය ඒ කාලෙනම් ඕනි පොඩි ළමයෙක් දන්නවලු...විශේෂයෙන්ම ගෑනු ළමයින් ට
එයාලගේ අම්මලා කියල දෙනවලු......අද කාලේ ළමයි දන්නේ ට්වින්කල් ට්වින්කල් ලිට්ල්
ස්ටාර් නේ...අනේ මන්ද ඒකනම්...ඒකෙන් කමක් නෑ...පොඩ්ඩක් අපි මේ කවියේ ගැන හිතමුද?
ලස්සන සමනළයෙක්...රෝස මලක්...ළමා ලෝකේ තියන දේවල්
මේවා...ළමයි ගොඩාක් ආස කරන දේවල් මේ...සමනලයා කියන්නේ ළමා ලෝකේ හරි අහිංසක
සතෙක්...රෝස මල කියන්නේ ළමා ලෝකේ ලස්සන සුවඳ මලක්....මම චුටි ළමයෙක්...මේ කියවන
ඔයත් චුටි ළමයෙක්...දැන් හිතන්න...ඇස් දෙක පියාගෙන මේ කවිය මතක් වෙද්දීන් ඔයාට මතක්
වෙන්නේ ලස්සන පාට පාට අහිංසක සමනළයෙක් ලස්සන රතු රෝස මලකින් රොන් අරගෙන එයාගේ
ලස්සන අත්තටු විහිදුවලා පියාඹගෙන යනවා....ලස්සන මොහොතක් නේද...සොබාදහමේ තවත් එක්
චමත්කාරජනක අවස්ථාවක්...හ්ම්ම්ම්....හැබැයි නිකමට හරි ලොකු වුනාම ඔයාලට කවුරු හරි
මේ කවියේ ව්‍යංගාර්ථය කියලා දීල තියනවද?ඔව් මම මේ අහන්නේ ඔයාගෙන්...ඔයාගේ හිතට
අවංකවම ඇහුම් කන් දීල බලන්න...ඔගේ අතීතේ මතක පොඩ්ඩක් හාර අවුස්සලා බලන්න කවුරු හරි
ඔයාට කියල දීල තියනවද කියලා....
මේ පොස්ටුව අපේ කොල්ලන්ටනම් වැදගත් වෙන්නේ නැති
වෙයි...ඒත් කවද හරි උඹ තාත්තෙක් උණු දාට උඹේ චුටි කෙල්ලට කියල දීපන්
කොල්ලෝ...කුරුල්ලාගේ පොඩි ඉල්ලීමක්...
ආයෙත් අපි කවිය දිහාට හැරෙමු...ඇත්තටම මොකක්ද මේ කවියෙන්
කියන්න හදන්නේ...මේ කවියෙන් කියන විදිහටනම් රන්වන් පාට ලස්සන සමනළයෙක් ඉන්නවා...ඌ රෝස
මලේ රොන් ගන්නවා...හැබැයි අරන් ඒ මලට හැමදාම එනවද?පුරුද්දක් විදිහට ඒ මලේම
ඉන්නවද?නෑ...අර රෝස මලේ පැණි සේරම බීලා ඒ රෝස මල කිළුටු කරලා සමනලයා වෙන මලක්
හොයාගෙන යනවා...ඒක තමා කවියා ප්‍රශ්න කරන්නේ ඒ සමනලයා ආයෙත් ඒවිද
කියලා...දන්නවද?මලක් කියන්නේ හරිම සියුමැලි දෙයක්...හරියට කාන්තාවකගේ හිත
වගේ...කාන්තාවක් වගේ....සියුමලියි...සොඳුරු යි...රොන් තියෙන්නේ ගන්න...රෝස මල
ලස්සන වෙලා තියෙන්නේ සුවඳ වෙලා තියෙන්නේ රොන් ගන්න එන සමනලගේ උපරිම ආකර්ෂණය දිනා
ගන්න...හැබැයි ඒ මල දන්නේ නෑ තමාගේ රොන් අරගෙන ඒ සමනලයා වෙන මලක් ලඟට යන බවත් රොන්
අරන් ඉවර වුනාම ඒ මලේ කිසි වටිනාකමක් නැති බවත් තව දවස දෙක තුනකින් තමන් අවසන් ගමන
යන බවත්...ඔයා පොඩ්ඩක් හිතන්න...මේ මල් වත්ත තමා අපේ සමාජේ...මල් තමා
කාන්තාවන්...සමනල්ලු තමා බහුතරයක් වූ පිරිමින්....දැන් හිතන්න...ඔයාත් මමත් දැන්
ලොකු අය...ආපහු පියවි ලෝකෙට එන්න...දැන් මොකද වුනේ...ඇත්ත නේද කතාව...මේ
පොස්ටුවෙන් ඇස් අහකට අරන් විනාඩියක් ඔයා ඔයාගෙම හදවතට සවන් දෙන්න....මොනවද
ඇහෙන්නේ...ඔයාගේ අතීතේ ඔයාගේ වර්තමානේ ඔයාගේ අනාගතේ හැමදේම මතක වෙනවා නේද
ඔයාට...ඔයාට වෙච්ච දේවල්..ඔයා කරපු දේවල්...වරදකාරී හැගීම්...සතුටුදායක
හැගීම්...අස්සේ ඔයාට මොනවද හිතෙන්නේ...
පොඩි කාලේ ඉගෙන ගත්තු මේ පොඩි කවිය අස්සේ මෙච්චර අර්ථයක්
තියනවා කියල සමහර විට ඔයා නිකමටවත් හිතන්න නැතිව ඇති...සමහරවිට ඔය දේ ඔයාගේ අම්ම
ඔයා පොඩි කාලෙම ඔයාව තුරුලට අරන් ඔයාට කියල දුන්නනම් අද ඔයාට ඔය දේ නොවෙන්නත්
තිබ්බා...ආදරේ නාමයෙන් ඔයා වලත්තයෙක්ට අහු නොවෙන්න තිබ්බා...මේක කියවන කාන්තාව
කවුරු වුනත් අද සමාජයේ සීයට පනහකට වැඩියෙන් නම් මේ අත්දැකීමට මුණ දෙන්න වෙලා
තියනවා කියලා මට කිසිම සැකයක් නැතිව කියන්න පුළුවන්....මම මේ ඔයා කියලා ආමන්ත්‍රණය
කරන්නේ ඔයාට...මේක කියවන මේ ලංකාවේ හැම කෙල්ලෙක්ටම...එහෙමන් දැන්වත් වැරදුනු මේ
ජීවිතේ හදාගනිමු නේද?
මේ සංවාදෙන් පස්සේ මට හිතුනේ දේවල් මට අකුරු කරන්න ඕනි
වුනා...මේ මට හිතුනු දේවල් වල සාරාංශයක්...පොත් දාහක් ලියන්න දේවල් මේ හිතේ
තෙරෙපෙනවා...
පලවෙනි කාරණේ... මම මේ කතා කරන්නේ කෙහෙල්මල් පටලයක් ගැන
නම් නෙවේ...උපතින්ම, එහෙමත් නැත්නම් අනිකුත් බාහිර කාරනා නිසා කාන්තාවන් 48%කට
විතර ඔය කෙහෙල්මල් පටලේ පිහිටලා නෑලු...ඉතින් ඔය ගලන යන ලේ බින්දු දෙක තුනෙන් වත්
ඔය කැඩෙන අහවල් එකෙන්වත් වැඩක්නම් නෑ...මොකද ඕනි කෙල්ලෙක්ට පුළුවන් ඔය මගුල
කරගන්නේ නැතිව නටන්ඩ පුළුවන් දහ අට සංනි සේරම ටික අපුරුවට නටන්ඩ.... නැත්නම් ලක්ෂ
කීපයක් වියදම් කරලා ඕක ආපහු හදාගන්න... ඒක ඒකිගේ ආත්මාර්ථකාමිකම...හිතන්න ඔයාට
ජීවිතේ වැරදුනා...ඒ කියන්නේ කොල්ලෙක් අතින් වෙන්න තියන දේ වුනා...වරදකාරී හැගීමක් ඔයාගේ ජීවිතේ
ඇති...මැරෙන්න හිතෙනවා ඇති...එහෙමත් නැත්නම් ඔයාට කිසි ගානක් නැතිව ඇති...මම
ලස්සනයි...මට සල්ලි තියනවා...මම ඉගෙන ගෙන තියනවා...ඉතින් කොල්ලෝ කියක් එක්ක
හිටියත් මොකද...මේ ලෝකේ කොල්ලෝ නැතුවැයි...ඇයි උන් කියලා බෝ පැලද?අරව මේවා ගොඩක්
නිදහසට හේතු කරගෙන ඔයා ඔයා ගැන මහා ලොකුවට හිතන් ඇති...ඒකනම් වැරදි කෙල්ලේ...කොහොම
හරි දැන් වෙන්න තියන දේ වෙලා...නේද?
එහෙනම් දැන්වත් රැවටෙන්නේ නැතිව ඉමු...සමනල්ලු ගැන
අවධානයෙන් ඉමු...මොකද රෑ වැටුණු වලේ මොකටද හද්දා දවල් වැටෙන්නේ..නේද?එක දෙයක්...ඔය
දේ වුනා කියලා ඔයා අවාසනාවන්තියක්වත් ඔයා කාලකන්නි කෙල්ලක්වත් නෙවේ...මොකද මම දන්නවා
ඔයා ඔයාගේ කොල්ලත් එක්ක ඉන්න ඇත්තේ උට ඇත්තටම ආදරේ නිසා...ඌ ඔයාට ඇත්තටම ආදරේ
නොකලට...ඇත්තටම ආදරේ කරපු නිසා හැමදේම ඒ පුජාසනේ උඩ පුජා කරන්න ඇති...පෝරුවක් උඩට
ඌත් එක්කම නගින්න හීන මවන්න ඇති...ඒත් බැරිවෙන්න ඇති...ඒ අතීතේ...මේ
වර්තමානේ...ඔයා යන්න ඕනි අනාගතේට...නේද?එහෙනම් අහන්න...කනෙන් නෙවේ ඔය රත්තරන්
හිතෙන් අහන්න...ඔයාගේ ජීවිතේ ලස්සන කරගන්න ලස්සන හිතක් ඔය හිත ලඟට එනකම්
බලාපොරොත්තුවෙන් ඉන්න...රැවටෙන්නෙපා..අවධානයෙන් ඉන්න...යාලු වෙන්න කලින් ආශ්‍රය
කරන්න..මොඅකද තරුණ කාලේ කියන්නේ වැරදීම් වෙන කාලේ..ඒත් ඒ වැරදීම් වලට ඔයා වන්දි
ගෙවන්නේ ජීවිතේ ඊ ළඟ කාලේ...සාමාන්‍ය විදිහට ජීවිතේ ගෙවන්න...හිතන්නෙපා...ගිය දේ
ගියා...ආපහු හදාගන්න බෑ...කැඩුණු දේ සල්ලි දීලා හදාගනිවී ඔයා...ඒත් වරදකාරී
හැගීමක් තියෙයි ඔයාට බොරුවක් කරා කියලා මුළු ජීවිත කාලෙම....එපා බොරු කරන්න
කවදාවත්..ඇත්ත ම කියන්න...ජීවිතේට වස්සානය එද්දින් නියං කාලේ සලකුණක්වත්
තියාගන්නෙපා....වස්සානයට ඇත්ත කියන්න..වස්සානය වැහි කඳුළු සලාවී...ඒත් ඔයාව ආදරෙන්
තුරුල් කර ගනීවි...බල්ලෝ අස්සේ මේ ලෝකේ බෝධිසත්වයෝ ඉන්නවා...ඔයා ඒක අමතක
කරන්නෙපා...වස්සානේ සීතලේ දැවටෙන්න...ඔයාගේ ජීවිතේ නැවුම් වෙයි....
මේ අහන්න...පැයක් දවසක් සතියක් මාසයක් හරි කමක්
නෑ...අතීතේ කියලා ඉවර කරන්න...ඔය මතකෙන් අමතක කරන්න බැරිවෙයි...ඒත් මතක නොකර
ඉන්න...විශේෂයෙන්ම කවදාවත් එයා ඉස්සරහා මෙන්න මේ දේවල් නම් කියන්නෙපා...
“මට කවදාවත් මම ආදරේ කරපු කෙනාගෙන් ඔයාගෙන් තරම් ආදරයක්
ලැබිලා නෑ...”
“මටනම් එක්ස්පීරියන්ස් තියනවනි...මම ඔයාවත් හදල ගන්නම්”
මොකද කොල්ලෝ කියන්නේ ඉරිසියාවේ උපරිම...ඒක ඔයා අන්නවත්
ඇති..සමහරවිට නොදන්නවත් ඇති...මේක කියන්නම ඕනි...දැන් කොල්ලෙක් ඔයාට ඉන්නවා...එහෙනම්
ඇයි පරණ කතා...නේද?කොටින්ම කියනවනම්...මුල් කාලේ ටිකාක් හිතලා කතා කරන්න...ආයාසයක්
ගන්න වෙයි...ඒත් පස්සේ ඔයා හුරුවෙයි...මොකද ඔයාට හම්බවෙන කොල්ල ඔයාගේ අතීතෙට ආස
නැත්නම් උට ඇයි ඔයා ඒක මතක් කරන්නේ...නේද?
හැබැයි තව කොල්ලෝ වගයක් ඉන්නවා...උන් ඔයාට මතක් කරන්න
ඉඩක් දෙන්නේ නෑ...උන් ඕක මතක් කර කර ඔයාට වද දෙනවා...දෙයියන්ගේ නාමෙට ඈත්
වෙන්න..මොකද ජීවිතයක් නෑ...වරදක් වුනා තමා...ඒත් ඔයා ගෞරවනීය කාන්තාවක්...ඔයා
මිනිස්සු එක්ක ගියේ නෑ...ඔයා ගියේ ඔයාගේ පෙම්වතා එක්ක...පෙම්වතා ඔයාව දාල ගිය ඒක
ඔයාගේ වරදක් නෙවේ...දෙන්නෙපා එකෙක්ටවත් ඔයාගේ ජීවිතේ බාල්දු කරන්න..මොකද ඔය මානසික
ලෙඩ්ඩුත් බෝ පැල වෙන්න බෑ...ජීවිතේ විඳින්න පුළුවන් එකෙක් ඔයා වෙනුවෙන් කොහේ හරි
ඇති...
මම මුලින්ම වැරදි වෙච්ච අයට කිවේ ලංකාවේ ඉන්න
කෙල්ලොන්ගෙන් බහුතරෙකට ඔය දේ වෙලා නිසා....දැන් කියන්නම් මේක කියවන ඔයාට...ඒ
කියන්නේ කොල්ලෙක් අතින් ඒ දේ වුනේ නැති ඔයාට...දෙයක් කියන්නම් කෙල්ලේ...ඒ දේ
කිව්වේ ඔය අපි කුණුහරපයක් කියන ඉන්ද්‍රියන් දෙක එකතු වෙන එකනම් නෙවේ...මානසික
වශයෙන් බැඳුනු ආදරෙත් එක්ක ඔයා කායික විදියෙන්...ඒ කියන්නේ මොනයම් ආකාරයෙන් හෝ
කායික බැඳීමක් ඇති කරගන්න කලින් එයාව
තේරුම් ගන්න..මම දන්නවා ඔයා මෝඩියෙක් නෙවේ...ඒක නිසා ඉවසීමෙන් වැඩ කරන්න...එක
දෙයක්....අහන්නකො...ඔයා යාලු වෙලා ඉන්න කොල්ල ඔයාව ආදරේ නාමයෙන් රුම් එකකට එක්ක
යන්න හදනවා කියලා හිතමු...මම යන්න එපා කියන්නේ නෑ...එක ඔයාගෙයි එයාගෙයි විශ්වාසය
මත වෙන දෙයක්...පොඩ්ඩක් ඔය ආදරේ කියන රාමුවෙන් එලියට ඇවිත් ඔයා ඔයාගේ දිහායි ඔයාගේ
ආදරවන්තයා දිහායි බලන්න...නොගැලපීම් ඇති...හැබැයි හදාගන්න පුළුවන් ඒවත්
ඇති...ඉතින් ඔයාට දැන් තේරේවි ඔයා ඔය දේ කරන එක හරිද වැරදිද කියලා...හැබැයි
පුළුවන් තරම් ඒ දෙයින් වැළකිලා ඉන්න...ඉස්කෝලේ යන කෙල්ලෙක්නම් ඔයා ඒ දේ කරන්නම
එපා...අවුරුදු විස්සෙන් විසි එකෙන් පස්සේ වගේනම් කොහොමත් ඔයාට හිතේවි...කමක්
නෑ...හැබැයි කලපනාවෙන්...මොකද හැමෝටම බෝධිසත්වයෝ හම්බ වෙන්නේ නැහැ...තේරුම් අරන්
වැඩ කරන්න...මේ ලෝකේ බහුතරයක් පිරිමි රැවටිලිකාරයෝ..හොඳ කොල්ලෙක්ට හොඳ කෙල්ලෙක්
හොයාගන්න වෙන්නේ නැහැ...
මේක කියවන කොල්ලෙක් ඉන්නවනම් මම කියන්නම් දෙයක්...මේ
අහපන්...උඹ හොඳ කොල්ලෙක් වෙන්න ඇති...උඹ හොඳ කෙල්ලෙක් හොයපන්...මම කියන්නේ හිත
ගැන...ශරීරෙ කියන්නේ කුණු වෙලා යන දෙයක්...හිත එහෙම නෑ...හිත හොඳ ගණිකාවෝ
නැනි...ඉතින් ඒ ගැන බයවෙන්නෙපා...උඹට ගණිකාවක් සෙට් වෙන්නේ නෑ...ඒත් කොල්ලෙක්
අතින් අනාත වෙච්ච කෙල්ලෙක් උඹට හම්බවේවි...උඹ ආදරෙත් කරාවි...ප්‍රශ්නයක් නැතිව
ජීවිතේ ගෙනියන්න පුළුවන් කියල හිතෙනවනම් විතරක් එකිත් එක්ක නිදාගනින්....එකී
සෙල්ලම් බඩුවක් නෙවෙයි උඹට මට...මේ අහපන් දැන් මම උඹට කතා කරන්නේ...මම දන්නවා උඹ
ඉහේ කෙස් ගානට කෙල්ලෝ එක්ක ඉඳල ඇති..පට්ට වෙසියෝ එක්කත් බුදියලා ඇති...කවදාවත් හොද
කෙල්ලෙක්ව බැඳලා ඒකිගේ ජීවිතෙත් කන්ඩ එපා...උඹට සහ ගහයි...උඹේ හත්මුතු පරම්පරාවටම
සහ ගහයි...

රෝස මලේ නටුවේ කටු...
වන බඹරෝ ඔහොම හිටු...
නටුව නොවේ මල සිඹිමි..
මම ළමයෝ පැණි උරමී...
ayya me liwwa post eka api hamotama godak prayojanawath deyak.aththatama godak hoda post ekkak......
ReplyDeleteම්ම්ම්...අරලියා...ඉත්තුති...ලස්සනට ජීවිත හදාගන්න නංගා...අපි හිතන තරම් මේ ලෝකේ ලස්සන නෑ...
Deleteකියෙව්වෙමි
ReplyDeleteමොකෝ බන් මේ ලියන බාසාව..ඈ....ඉත්තුති වේවා...
Deleteනෝ කමෙන්ට්ස්..
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ඒ මේ...රජෝ...දාපිය ගුටි නොකා කොමෙන්ටුවක්
Deleteෂඃ අපූරු ලිපියක් යාළු..මොකෝ පේන්න හිටියේ නැත්තේ?
ReplyDeleteඅප්පා...හිරු හිමා මින්සදී අක්කේ...ඉතින් ඉතින්...උදේට කෑවද?හිකිස්...ඉත්තුති ඈ...
Deleteහ්ම්ම්
ReplyDeleteහ්ම්ම් හ්ම්ම්ම්...මොකෝ බන් හ්ම්ම්
Deleteඇත්තටම හොද පෝස්ටුවක්
ReplyDeleteඉත්තුති රත්තො...උම්මා ඈ...
Deleteඇත්ත කතාව..
ReplyDeleteම්ම්..තැන්කු මතෝ...
Deleteවෙලාවට ඔයා සමනලයෙක් නොවී කුරුල්ලෙක් වුනේ.
ReplyDeleteඈ...ඔව් ඈ...මගේ සත්තලන්...උම්මා ඈ...මම ඔයාට පැණි මුට්ටියකටත් වඩා ආදලෙයි ඈ...
Delete