කොට්ටෝරුව ගහෙන් ගහට කොට කොට යනකොට... හදිස්සියෙම කෙහෙල් ගහක හොට ටැපලෙනකොට.. බේර ගන්න යාලු කුරුල්ලොත් ළඟ නැති කොට... හෙමිහිට දුවලා එන්න කුරුල්ලාගේ ගෙට...
කුරුළු යාළුවෝ
Sunday, June 3, 2012
කුරුල්ලා දුෂණයට ලක්වීම (01 කොටස)
දිනය : 2012.05.30
වෙලාව : හද්දා පාන්දර (5.30 am )
ඉත්තානය : කාත් කවුරුවත් නැති ෂෝ රුම් එකේ
උදේ පාන්දරම නැගිට්ටා...නැගිට්ටා නෙවේ නැගිට්ටුනා...අහවල් එකකටද මන් දන්නේ නෑ...වෙනදටනම් 7 න් මෙහා නැගිටින්නේ නෑ මලත්...මොකක්දෝ මන්ද කුරුල්ලා පෙර ආත්මෙක කරපු පවක් ( මේ ආත්මේ පව් කරලා නෑ ඔන්න.අල්ලපු ගෙදර ඇන්ටි පල්ලා...)පඩිසන් දෙන්නා වගේ යටි බඩ රිදෙන්න ගත්තා...හම්මේ එහෙම වේදනාවක්...ලොල් පහයි ඩී දෙකයි කිවලු....පිප්පි දාන්නත් ඕනි වගේ...නැගිට්ටා....ගෙම්බා පොලේ ගැහුවා වගේ එතනම...මටවත් තෙරුන් නෑ මොන මගුලක් උනාද කියලා...නැගිට්ට කියල හිතුවට බිම වැටිලා...අරකෙ අමාරුවයි බිම වද්දීන් අත කොහෙද මන්ද රෙද්දක් අස්සේ ගිහින් ඒ අමාරුවයි එකතු වෙලා මට මල දෙලක්ෂ හැත්තෑ පන්දාහට..කොහොම හරි නැගිට්ටා...ගියා බාත්රූම්..මොන..? බාත්රූම් ගියාට පිප්පි යන්නෙ නෑ..මොකෙක් හරි අල්ලන් ඉන්නවා වගේ...පොඩ්ඩක් තද කොරල බැලුව දැන් යයි දැන් යයි කියලා...ම්ම්ම්ම්ම්හ්..නෑ...ඈ යකෝ මගේ පිප්පි මට ඕනේ ව්දිහට යවන්ඩ බැරිනම් මොන බිබික්කමක්ද මේක...
කොරන්ඩ දෙයක් නෑ...අර ගර්භාෂේද මොකක්ද මන්ද පිපිරෙන්ඩ එනවා...(කොල්ලොන්ට තියෙන්නේ ගර්භාෂේ නේද? : ඩී )මුණ හෝදලත් නෑ...අනේ අම්මේ ඉන්ඩ බෑ...ඇත්තමයි තව තත්පර තුන හමාරකින් මම මැරෙයි වගේ...ජිවිතේ කරපු පින් එක එක මතක් වෙන්ඩ පටන් ගත්තා...හරි සෝක් පින් ටික...අනේ දෙයියනේ..මගේ ජීවිතේටම මම එහෙම මගුලක් කරලා නැත්ද?මටම මම ගැන බයයි....අනේ දෙයියනේ මට ජිවත් වෙන්ඩ දෙන්ඩ...වැන්දා මම....දන්න කියන දෙයියෝ සේරටම කිව්වා...ම්ම්ම්හ්...එකෙක්වත් නෑ ඇහැක් ඇරලා බැලුවේ...තිස් තුන් කෝටියක්ද කොහේදෝ ඉන්නවලු...සේරම එක්කෝ ලෙඩ නිවාඩු,නැත්නම් අයිස් ගහනවද කොහෙද...අනේ මන්ද..වේදනාවයි ඉවසන්ඩ බෑ...ටයිල් එක උඩ වැටිලා මම බඩත් අල්ලාගෙන හු කියනවා...අල්ලපු ගෙදර නගාටවත් ඇහිලා දුවගෙන ආවොත් (ඔ:ඕ)
අලේ අම්මේ.....මත බෑ....
වැඩක් නෑ...හම්මෝමොනවා කොරන්ඩද? ගත්තා කෝල් එකක් අපේ මිස්ට...අපේ මිසුයි සර්රුයි...ඉන්නේ එච්චර තමා මට මේ පානදුරේ...
අලේ මිස් ඉන්ඩ බෑ හයියෝ බන්ඩි සිදෙනෝ. ( නැත්නම් මේ උදේ පාන්දර අහවල් එක රිදෙනවා කියන්ඩ යෑ)
හරි හරි ජනක ඉක්මනට එවන්නම්
මොකක්ද මිස්?
සර්ව අනේ
අහ්..හා මිස් අනේ පරෙස්සමට ඉක්කනත එවන්න...
සර් එද්දින් පැය බාගයක් ඉතල ගොහින්..මොනවා කරන්ඩද අලේ...මම ටයිල් එක උඩ වැටිලා කෑ ගහනවා...
ඔච්චර අමාරුයිද?මිස් මට කිවේ බඩේ අමාරුවක් කියලනේ....
අනේ සර් මේ ලෙඩේ උදේ පාන්දර මිස්ට කොහොම කියන්ඩද?
හා නගින්ඩ වාහනේට...
මම එහෙමම අරකත් අල්ලාගෙන නැග්ග වාහනේට...හරි සනීපයි..අනේ අම්මේ..නිකන් කැඩිලා බිමට වැටෙයි වගේ සෙට් එකම...බකට් ටැක්සියේ යන්නෙ...වටේ පිටේ ඉන්න උන් බලනවා මොකාද යකෝ මේ දඟලන්නේ කියලා...තොපේ වැඩක් බලාගනියව් මල පන්නගන්නේ නැතිව...මුන්ගේ ආච්චිලාට හාල් ගරන්ඩ යන්ඩ ආව ගමන යන්නෙ නැතිව මගුලක් බලනවා...පානදුරේ උන් ඔහොමමයි..ඕනි නැති රෙද්දක් නෑ...
නර්සින් හෝම් යනවද?
අලේ සර් ජෙනරල් යමු...
කිව්ව එක ඇහුනෙත් නැත්ද මන්ද දැම්ම නර්සින් හෝම් එකට ...නවත්තන්ඩත් කලින් බැහැල දිව්වා මම ඇතුලට...එච්චරට ඉන්ඩ බෑ රිදෙනවා හයියෝ ..කලන්තෙත් වගේ..ඔක්කාරෙට එනවා..දරු ප්‍රසුතියක් වගේ ..අනේ එහෙමනම් වෙන්ඩ එපා...මේ අහිංසක මම කවදාවත් අනාචාරේ හැසිරිලා නෑ...
නර්සින් හෝම් එකේ රිසේප්ෂන් එක ගාවින්...
මේ ඔයා ඊයෙත් ආව නේද?
හෑ..මේ මම ...නෑ...
නෑ නෑ ඔයා ඊයෙත් ආවනි...
මොන රෙද්දක්ද යකෝ..මට මේ වේදනාව ඉවසන්ඩ බෑ...මෙකි කෙහෙල් ගෙඩියක් කතා කොරනවා....
ඔන්න ඔහොම ඉස්සරහට යන්ඩ
ගියා..කොහේ යනවද දන්නෙත් නෑ ..අලේ මන්ද හරි මාන්ජලිකයි...මොලේ කොලොප්පම් වෙලා වගේ...කොම හරි යුරේකා...දොස්තර අක්කව හම්බ වුනා...
මොකක්ද ලෙඩේ?
අනේ බඩ සිදෙනෝ
මුත්‍රා යන්නෙ නැත්ද?
නෑ නි...(මෙයා කොහොමද බොල ඒක දන්නේ?)
අහ් බ්ලොක් එකක්...
බෝලොක්කයක්ද කප්පියක්ද දන්නේ නෑ බුදු බොස්තර අක්කේ..අනේ විගහට මොනවා හරි කොරන්ඩ..මාව මේ වේදනාවෙන්ම වල කජ්ජ ගහයි වගේ..අලේ අම්මේ ඉන්ඩ බෑ....
උදේ ඉඳන්ද තියෙන්නේ?...කවද ඉඳන්ද?..උදේට මොනවද කෑවේ?...ඊයේ රෑට?...ගිය අවුරුද්දේ නැවද?...අම්මල තාත්තල සනීපෙන්ද?...
ඔන්න ඔය වගේ මොනවද විකාර වගයක් ඇහුව දෙයියනේ..මගුලක් කරනවා දෙන එකක් දෙන්නේ නැතුව...
මෙයාව ඉක්මනට ජෙනරල් එක්ක යන්න....ඉස්සරලා මෙයාට අපි පේන් කිලර් එකක් දෙමු...
ළඟ ඉතිය නර්ස් අක්කෙක් ආව...හප්පේ සිරියාව...ගොට්ටෙන් පෙරලා ගන්ඩ පුළුවන්..(මේ වේදනාව අස්සේ කුකුල් කමත් ඉස්මතු වුනා)
මේකෙන් නිදාගන්න...
අක්ක මොකක්ද ට්‍රේ එකකුත් අරන් කිව...
ඕකෙන්?
නෑ අනේ ඇඳෙන්...
අහ් හලි...
වේදනාව අස්සෙන් මමත් හෙන පැණි හිනාවක් දාගෙන ඇඳේ දොයියගත්තා...හලියතම අරක වේදනාවතද මන්ද ඉස්සිලා පේනවා..හතර විලි ලැජ්ජාවයි..මොනවා කොරන්ඩද?
අනිත් පැත්ත හැරෙන්නකෝ
හලි
කෝ කලිසම ගලවන්නකෝ
මොකක්?
කලිසම ගලවන්ඩ අනේ
අනේ.................නේ.......අනේ අක්කේ
ගලවපන් කොල්ලෝ කෝලම් නැතිව...
අනේ දෙයියනේ මොකක්ද මේ වෙන්ඩ යන්නෙ...අනේ බුදු අක්කේ මම කාටවත් වරදක් කොරල නෑ..අනේ මගේ පතිවත..බොහොම අමාරුවෙන් මේක පානදුරෙයි වාද්දුවෙයි කෙල්ලොන්ගෙන් ආරක්සා කොරන් ඉන්නේ..පිංවත්තේ කෙල්ලෝ එහෙම කැති පොලු අරන් පස්සෙන් පන්නන් එන්නේ...අලේ මගේ බුදු සත්තලන් අක්කේ..කකුල් දෙක අල්ලලා වඳින්නම් අක්කේ...මත මේම කොරන්ඩ එපා...මට අඬුනා...අක්ක බලෙන්ම වගේ කලිසම ගැලෙව්වා..මම බිත්තිය දිහා බලන් ඉන්නවා...අනේ මටම හිතාගන්ඩ බෑ..මොනවද මේ වෙන්නේ කියලා...මොකක්දෝ එකක් පස්සෙන් ඇතුලට යනවා...මාව දුෂණය වෙමින් පවතිනවා කියල මගේ ටිකිරි මොලේට වැටහුනා..අක්කෙක්ද මෙකි?නැත්නම් ෂී මේල්?අනේ මොන කෙහුරක්ද මන්දන්නේ නෑ...ඕනි මගුලක් වෙන්ඩ තියන දේ වෙලා ඉවරයි දැන්...මොනවා කොරන්ඩද..මම තාමත් අඬනවා... නහයෙන් එකයි හොටු...
අහ් හරි කොලුවෝ...ඔන්න පේන් කිලර් එකක් දැම්ම..ආපහු එවන්නේ එහෙම නෑ ඔන්න...
අක්ක ග්ලොවුස් දෙක ගලෝන ගමන් කියනවා...කරන්ඩ තියන සේරම කොරල මේකිගේ හිනාව...අනේ අහිංසක මට වෙච්ච දේ...
හෑ....මොකක්ද බොල මේ වෙන්නේ?පස්ස කුල් වෙනවා...නිකන් ෆ්‍රිජ් එකක දැම්ම වගේ..ඇතුලෙන් පට්ට කුල්...නිකන් මෙව්වා වෙලා යනවා මෙව්වා එක...හරි ගති...එත් දෙයි හාමුදුරුවනේ මොන රෙද්දකටද ඉස්සර රිදෙනවට පස්සට දාන්නේ?ඉස්සරහට කොරන්ඩ තියන ඒවා පස්සට කෙරුවොත් හරියනවද?නැනි...හරිම විද්යාත්මකයි..තර්කානුකුලයි කුරුල්ලාගේ තර්ක...නිකක් සර්ලොක් හෝම් වගේ....මේක කුල් වැඩි හන්ද විකාර හිතෙනවද කොහෙද....
ඉක්මනට හොස්පිටල් යන්න...
හලි...
මෙකි මොකුත් නොවුනා වගේ බබා පාර්ට් එකට හිනා වුනා...මම තාම අඬනවා..අනේ මගේ හිත කඩන් වැටිලා..බින්දුවටම වැටිලා...අරකටත් වඩා හිතේ අමාරුව...
අනේ හනි මුන් එකේදී මගේ දයාබර බිරිඳ අතින් ස්වභාවිකව දුෂණයට ලක් වෙන්ඩ හිටිය මට වෙච්ච දේ..නැන්දම්මා අහන ප්‍රශ්න වලට මම කොහොම උත්තර දෙන්ඩද දෙයියනේ..මට දාහක් දේවල් හිතෙනවා...මුදේ පනින්ඩද?කෝච්චියට බෙල්ල තියන්ඩද?බෙල්ල වැල දාගන්ඩද?අනේ මන්ද...
ගාන දෙසිය පනහයි
සර් ගාන ගෙව්වා...අලේ අම්මේ...මම නිකන් මොකක්ද අමාරුවක් තියන මොකියක්ද වගේ උනානි..රුපියල් දෙසිය පනහකට කුරුල්ලා නර්ස් අක්කෙක්ට දෙක පුයි...සල්ලි දීල පතිවතත් අහිමි කරගත්තු කුරුල්ලා නැග්ග බකට් ටැක්සියට ආයෙත්...දැන් යනවා....ඉක්කුල් ටයිම් හන්ද බ්ලොක් ඒක...ඊටත් වඩා හිතේ අමාරුව...
උදේ පාන්දර දෙනෝ දාහක් ඉන්න පානදුරේ චුටි කාමර කෑල්ලක කුරුල්ලෙක් අත්තටු කපලා අතවරයට ලක් කරපු නර්ස් අක්ක තාම නිදැල්ලේ...
Subscribe to:
Post Comments (Atom)
මල හත්තිලව්වයි....
ReplyDeleteඑහෙනං කුරුල්ලත් නර්ස් අක්කට මෙව්වා එක දුන්නා ඈ.... :-)
යකෝ 250ට?
පජාතයා ඕයි...
පෝය දවසේ හිනැස්සුවට පින් බං උඹට :-)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ඔයාටත් පින් මගේ රජෝ.කොමෙන්ටුව දැම්මට..මොනවා කලන්නද අලේ..අද කාලේ සල්ලි දීල එපෙයි මෙව්වා කලව ගන්න...
Deleteපට්ට ලියවිල්ලක්නේ බොල.... මරු ඈ... කුරුල්ලන්ටත් පතිවත කියල එකක් තියනවද බං
ReplyDeleteඉත්තුති මී...තියනවා තියනවා..මේ බලන්ට...මේ තියෙන්නේ..පේනවද? නෑ නෑ එක නෙවි මේ යටින් තියන්නේ...
Deleteහෆොයි මීයෝ අල්ලන්නේ නෑ...දුප්...
මරු! මාත් ඇස්දෙකින්ම දැක්ක ඹය වගේ බඩ අල්ලගෙන කෑගහන කොලුවෙක්. දොස්තර අංකල් බලපු ගමන් කිව්ව ගලක් කියල. ඊට පස්සෙ?
ReplyDeleteඊත පස්සේ වෙච්ච් දේ දාන්නම් රාජ් අයියේ..තුත්තක් ඉන්නෝ...
Deleteමරැ මරැ...එලස් අහ
ReplyDeleteඉත්තුති සීකර්...
Deleteහපොයි පුංචි කුරුල්ලාට වෙච්ච දෙයක්.......ඒ වුනත් නර්ස් අක්කලා ඔය කියන තරම් නරක නැහැනේ.....
ReplyDeleteඅලේ නරක නෑ තමා..ඒ කොළඹ ජෙනරල් එකේ අයනි අලේ හොඳ...
Deleteඔව් ඔව් එකනම් ඇත්ත... චතු...
Deleteමොකක්ද ඇත්ත?
Deleteඅනෙ අම්මෝ මට තාම හිනා..ලස්සනට ලියලා තියෙනවා මල්ලී..මේ වැඩ කෑලි ටිකත් මරු ඈං...
ReplyDeleteගොඩාරියක් ඉත්තුති දම්මි අක්කියෝ...අනේ මේ වැඩ කෑලි දාගන්න අද මුළු දවසම මහන්සි වුනා අක්කියෝ...
Deleteහෙහ් හෙහ්
ReplyDeleteඉබ්බා දියේ දාන්න කීවම
ඇන්නෑවේ කිව්වලු...
උබත් ඉතින් කුරුල්ලෝ
හරිම දුකේ ඉන්නැත්තේ නේ
පතිවතට කෙලවෙද්දි.....
එල කතාව
අපි එහෙමයි...පතිවත වෙනුවෙන් ජිවිතේ වුනත් දෙනවා...ඉත්තුති මේ පැත්තට ආවට...
Deleteha haaaa......... යුරීටරික් කොලික් එකක් වගේ, බලමු අනිත් එකත් කියවලා.
ReplyDeleteමොකක්? මොකක්?
Deleteඅම්බෝ,., එල බන් එලම එල,.,., හම්මේ,., 250 නන් මදි ඈ
ReplyDeleteහෑ...මදිද?
Deletehamme yakoo.. suppa ahh..
ReplyDelete250 thamaa aula hebaey...........