කුරුළු යාළුවෝ

Sunday, June 17, 2012

නිවුටන්ගේ අහවල් එක...

යාලුවනේ කුරුල්ලාගේ භද්‍ර කාලි බ්ලොග් එක අපේ අම්මගේ ඉල්ලීම මත අයින් කරන්න වුනා...ඒත් එකට අන්තර්ගත කරන්න හිතපු හැමදේම භද්‍ර කාලි ලේබල් එකෙන් මේ බ්ලොග් එකෙන් හැමදාටම ඒවි...අනික මට බ්ලොග් තුනක් ගැන බලන්න මේ දුවන ජිවිතේ වෙලාවකුත් නැහැ යාලුවනේ...එහනම් අද ඉඳන් තියෙන්නේ මේ බ්ලොග් එකයි..මගේ මල්මතක බ්ලොග් එකයි...එහෙනම් කාලිගේ පොස්ටුවකින් පටන් ගනිමු...


කාලි යහනට ආව මයෙ පුතේ...විද්‍යාව..උඹල දන්නවද විද්‍යාව ගැන..මේ කාලිට සේරම පේනවා දරුවෙ..මේක කතන්දර ලෝකයක්...ගොඩක් ලස්සන කතන්දර ලෝකයක්...විද්‍යාව කියල අද උඹල කියන්නේ මොකක්ද මයෙ පුතේ?
විද්‍යාව නමින් තියෙන්නේ අද බටහිර උන්ගේ දැනුම නේද?බටහිර නිෂ්පාදනය වෙච්ච දැනුම අද විද්‍යාව වෙලා මයෙ පුතේ...ගොඩක් උන් දන්නේ විද්‍යාව කියන්නේ එක එකාලා හොයාගත්ත දේ කියල..විද්‍යාවේ අකුරු දෙක තුනවත්  දන්න උන්ද ඕකුන්?බොරුවට හු කියනවා...ඒත් මේ කරන හැම මගුලක්ම හොයන තියෙන්නේ බටහිර එවුන්නි...නේද?ලංකාවෙන් ඇයි එකෙක්ටවත් බැරිවුනේ ප්‍රවාදයක් ගොඩනගන්ඩ?අයි බැරිවුනේ නියමයක් ගේන්ඩ?ඕකට මේකේ මහ එකාලනම් දෙන උත්තරේ  ලංකාවේ සම්පත් නැතිකම...අනේ අම්මප පොඩි උන් එහෙම මේව කියවන නැත්තන් මේ කාලිගේ කටට වචන එනවා මයෙ පුතේ...මේකි ගැන උඹල දන්නවනි....මට උලත් පිලත් එකයි...මේ ලංකාවේ අලුත් සොයාගැනීම් කරන්ඩ ඒකම බාධාව සන්කෘතියෙන් පිටට ගිහින් අද කාලේ විද්‍යාව..ඒකයි මයෙ පුතේ..අද විද්‍යාව කියන්නේ බටහිරෙන් බිහිවෙන දේටයි...ඒක බටහිර විද්‍යාව...හා කියපල්ලා බලන්ඩ පෙරදිග විද්‍යාව ගැන තියන පොතක්...මතක් වෙන නෑ නේද?තොපිට තොපේ ජංගිය ගලවන් ගියත් මොකෙක් හරි මතක් කරනකම් මතක් වෙන්නේ නෑ බොලව්...ඒකයි ඇත්ත..ඒකයි තොපේ දුර්වලකම..විද්‍යාව බටහිර හරි පෙරදිග හරි මොන මගුල හරි මරිසියක් නෙවෙයි මේක...ඕනෙම විද්‍යාවක් කියන්නේ ප්‍රවාද වල එකතුවක්...මෙව්වගෙ හාස්කම් නෑ මයෙ පුතේ..මොකද ප්‍රවාදනේ...තොපිලට මමත් ඉතින් ප්‍රවාදයක් තමා...මොකද තොපෙන් අතලොස්සකට තමා මාව පේන්නෙ...අනේ තොපිල දන්නවා කියල හිතන් හිටියට දන්න ඉටි ගෙඩිය...ඉඳපියව් කියනකන්...
අපිට තියන හැම ඒකම සංකල්පයක්...පුටුව,මෙසේ,මල,අහස,ඉලෙක්ට්‍රොන ,එතකොට තොපිල කරන අහවල් එක ඔය සේරම සංකල්ප..මේ සංකල්ප තවත් සංකල්ප මගින් තේරුම් කොරල තියනව මයෙ පුතේ...පුතේ බටහිර එකාලා ශක්තිය කියල කියන දේට වඩා තේරුමේ වෙනසක් තියනවා අපේ උන් ශක්තිය හඳුන්වන එකේ...බටහිර උන් ශක්තිය කියන්නේ භෞතික විද්‍යාවේදී  විතරයි...උන්ට තියනවා කායික ශක්තිය..වැඩියෙන්ම යොදා ගත්තේ එක...(අශ්ව බල)
ශක්තිය කියන සංකල්පේ හදාගන්ඩ සත්තුන්ගේ මිනිස්සුන්ගේ ශක්තිය උන්ට ඉවහල් උනා...ඒත් පෙරදිග රටවල් වල ශක්තිය කියද්දීන් කර්මය ශක්තිය,ආධ්‍යාත්මික ශක්තිය වගේ දේවලුත් එනවනි...ඒත් ඉතින් අපේ උන්ගේ තියන ගොන් මොලවල් ඔය බටහිර එකාලගේ ශක්තින් එක්ක අපේ කර්ම ශක්ති එහෙම පටලන් හත් පොලේ ගාගෙන නටනවා...අර ගුරුත්වාකර්ශනේ පිළිගන්න එකා දෙයියෝ පිලිගන් නෑ..මොකද උන්ට පරීක්ෂණ මගින් ඔප්පු කරපු අංකනය කොරපුව දීල නැනි...ඔන්න අහපල්ලකෝ...
අරුන්ට අනුව ගමනේ යෙදෙන ඕනෙම වස්තුවකට චලනය හන්ද ශක්තියක් තියනවා...ඒක චාලක ශක්තියලු...වස්තුව  වේගෙන් යන්ඩ යන්ඩ චාලක ශක්තියත් වැඩි වෙනවා...වේගය දෙගුණයක් වැඩි උනොත් චාලක ශක්තිය  හතර ගුණයක් වැඩිවෙනවා...වේගේ තුන් ගුණයක් වැඩි වුනොත් චාලක ශක්තිය නව ගුණයක් වැඩි වෙනවා...එතකොට තව බැලුවොත් වස්තුවක් පොලවේ ඉඳන් උසට යද්දී ඒකට වෙනම ශක්තියක් එනවා..ඒක විභව ශක්තියලු...ගහක තියන පොල් ගෙඩියට  ඔන්න ඕක තියනවා..

පොල් ගෙඩියේ තියෙන්නේ මොනවද මයෙ පුතේ...
විභව  ශක්තිය...(මටනම් පේන්නෙ එකේ තියෙන්නේ පොල් වතුරයි,කට්ටි,මදෙයි,ලෙල්ලයි...)
පොල්ගෙඩියේ නැට්ට කපපුවාම පොල් ගෙඩිය පොලවට වැටෙනවා...ඒක වැටෙන්නෙත් ක්‍රම ක්‍රමයෙන් වේගේ වැඩි වෙන විදිහටයි...පොල් ගෙඩියේ චාලක ශක්තිය වැඩි වෙද්දීන් පොලවයි පොල් ගෙඩියයි අතරේ දුර අඩුවෙනවා මයෙ දරුවෙ...එතකොට අර චාලක ශක්තිය උනේ මොකක්ද?පොල් ගෙඩියේ තිබ්බ විභව ශක්තියමයි චාලක ශක්තිය උනේ ...පොල් ගෙඩියේ ඇතුලේ  හරි පිට හරි නම් පේන විදිහට මොකක් හරි වෙනසක් නෑ ඔන්න...
ඔන්න දැන් ඔය එන පොල් ගෙඩිය එකෙක්ගේ ඔලුවට වැටෙනවා...(අර  නිවුටන් කියන එකාගෙත් ඇපල් නැතිව පොල් වැටෙන්ඩ තිබ්බේ...මම ඔය කතාවත් පස්සේ කියන්නම් දරුවෙ..පට්ටපල් බොරු ඔකුන්ගේ...උගේ ඔලුවට වැටිච්ච ඇපලයක් නෑ..මට මතක් කරපල්ලා ඒකත් කියන්ඩ)එතකොට මයෙ පුතේ ඔය පොලේ අරකගේ ඔලුවට වැටුනේ කර්ම ශක්තිය හන්ද කියල මොකෙක්  හරි එකෙක් ඔතෙන්ට කර්මේත් ගාවගෙන හරියනවද?ඔන්න ඕකයි මයෙ පුතේ මම කිවේ උඹලගේ සංස්කෘතියට මේක නුහුරුයි කියලා...මේක උඹලට නුහුරුයි..මේකට හිනා යනවා ඇති...ඒත් පුතේ හිතපල්ලා  මේක නේද ඇත්ත?උසස් පෙළ කරන්ඩ ගද්දිම මොකෙක්ට හරි මේ මගුල එපා වෙන්නේ මේක හන්ද නේද?
සංකල්ප වගේම ප්‍රවාද කියන්නෙත් අපිම හදාගන්න දේවල්...
ජනප්‍රවාද ජනතාව ගොතන ඒවා..
විද්‍යා ප්‍රවාද විද්‍යාඥ්ඥයෝ ගොතපුවා...
සිංහල ජාතිය ගැන තොපිට තියනවා ප්‍රවාදයක්...සිංහබාහු කථාව...

පොලවට පොල් දී වැටෙන හැටි ගැන(උන්ට ඇපල් උනාට අපට පොල්නේ) නිවුටන් කියන මිහිහ  ප්‍රවාදයක් ගොතලා...උන් ලස්සන නමක්  දාල ගුරුත්වාකර්ශනේ කියල...එහෙමද?නෑ මයෙ දරුවෙ උන් දැම්මේ Gravitation ..අපේ උන් දැම්මා තියෙන  මහප්‍රාණ සේරම එහෙම දාල ලොකු වචනයක්...(මෙව්වා තමා දෙයියන්ටත් හිනා යන  වැඩ..යකෝ සිංහල ජාතිය තමා මේ ලෝකේ භාෂා උච්චාරණය හරියටම කරන ජාතිය..ඕනේ භාෂාවක් මුන්ට ඔට්ටුයි..තොපි හදන්නේ ඒ මුකරිකම නැත්තටම නැති කරන්ඩද මුන්ගේ භාෂාවේ තියන වචන ටික කාලා)ලොකු නමක් තිබ්බට මේකට බයවෙන්ඩ එපා මයෙ පුතේ...තවත් කතන්දරයක් විතරයි...මිනිහා කියන්නේ මහ පුදුම සතෙක්..ඌම වචනයක් හදාගෙන ඌම බයවෙනවා..
නිවුටන් කියනවා විශ්වයේ තියන ඕනෑම අංශු දෙකක් හෝ වස්තු දෙකක් කොච්චර කුඩා වුනත් එකිනෙකට ඇද ගන්නවලු (ආකර්ෂණය කරනවලු) එහෙම ඇද ගන්නේ එකක් අනෙක මත බලයක් ඇති කරලලු...අංශුවල ඒ හැදිලා තියන ද්‍රව්‍ය ප්‍රමාණය (ස්කන්ධය) වැඩි වෙද්දීන් බලයත් වැඩි වෙනවලු...අංශු අතර දුර වැඩිවෙද්දීන් බලය අඩු වෙනවලු...දුර දෙගුණයකින් වැඩි වෙද්දීන් බලයේ විශාලත්වය කලින් වගේ හතරෙන් එකක් ආදී විදිහට අඩුවෙනවලු...මේක පුතේ භෞතික වස්තු ගැන කතාවක්..මානසික ආකර්ෂණය ගැන නම් මේක පටලව ගන්ඩ එපා ඔන්න...
නිවුටන් කියන්නේ පොල් ගහෙන් පොල්   වැටෙන්නේ පොල්  ගෙඩියයි පොලවයි අතරේ තියන ගුරුත්වාකර්ශනේ හින්ද කියලයි...ඒ කියන්නේ පොල් පොලවට වැටෙන්නේ ගුරුත්වාකර්ශනේ හන්දද?නෑ දරුවෙ පොල් වැටෙන්නේ ගුරුත්වාකර්ශනේ හන්ද නෙවි...ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය එහෙම නැත්නම් ආකෘතිය නිර්මාණය උනේ පොල් බිමට වැටෙන  හන්දා...පොල්(ඇපල්) බිමට වටුන් නැත්තන් උගේ අතින් ඕක වෙන්නේ නැනි...එහෙමද?
හැබැයි උන්ගේම එකෙක් හිටියා අයින්ස්ටයින් කියලා...එකා කියනවා නිවුටන් කිවා කථාව පට්ටපල් බොරු කියලා..එහෙම කියල උත් හැදුව කතන්දරයක් පොල් ගෙඩි බිමට වැටෙන එක ගැන...එකනම් ටිකක් සංකීර්ණයි මයෙ පුතේ...ගණිතය කියන දේ ඕනේ ඒකට...නිවුටන්ලා අයින්ස්ටයින්ලා උන්ගේ කතා ගෙතුවේ උන්ගේ සංස්කෘති විදිහට..අපි කවද්ද දරුවෙ අපිට ඕනේ විදිහට අපේ කතා ගොතන්නේ?

10 comments:

  1. මේ දෙන්නාම අලි බොරුකාරයින් බව මාගේ ටිකිරි මොලයටද වැටහේ.පුරස්නය වන්නේ අපේ ඈයෝ අවුරුදු සිය ගානක් තිස්සෙ පුරුදු වෙච්චි බටහිර දෙයියා අතාරින්න බැරිකම.උන් බයයි ඒක අතාරින්න.අපේම දේ වටිනො වුනාට.අනික් පැත්තෙන් තව උන්දැල වගයක් අපෙ දේවල් විනාස කරනව බොරු ප්‍රවාද ගොතලම

    ReplyDelete
    Replies
    1. අපේ දේවල් විනාශ කරන උන් ගැනනම් කියල වැඩක් නෑ බටපොලයෝ...බටහිරට කත් අදින උන්...අපි එව්වා කීවම උන් කියන්නේ ඇයි තොපිත් කලිසම් අඳින්නේ කියල..අමුඩේ ගහගන්දෙපෙයි කියලා...එතනම උන්ගේ මෝඩකම තේරෙන්වනි බන්...එක හඬ මිනිස්සු හදන්ඩ බෑ...හැදෙන එකෙක් මෙව්වා බලලවත් හැදෙයිනි...

      Delete
  2. මම මේකට කලින් කමන්ට් එකක් දැම්මා ...

    ReplyDelete
    Replies
    1. ඔව් රොබින්...ඒ භද්‍ර කාලි බ්ලොග් එකේ...එත් ඒ බ්ලොග් එක අයින් කරන්න වුනා..නැත්නම් මාව ගෙරදින් පන්නනවා...අම්මට මාට්ටු...

      Delete
  3. අන්න හරි මචං. අපේ අය ඔය නිව්ටන්ලා අයිස්ටයින්ලා ඉපදෙන්න හිතන්නවත් කලින් තමයි මේ ලෝකේ තිබ්බ අතිවිශිෂ්ට නිර්මාණයන් කෙරුවේ. රාවණාගේ දඩු මොනරය කියන්නෙත් නුතන තාක්ෂනය කියන විද්‍යාත්මක සිද්දාන්ත වලින් පැහැදිලි කරන්න පුළුවන් විදියේ තාක්ෂණයකින් කරපු නිර්මාණයක්. සුද්දා අපිව දාල ගියේ ඒ අපේ තිබ්බ තාක්ෂනය අපෙන් විනාශ කරලා ඈත් කරලා දාලා හැමදේකටම සුද්දාගේ පස්ස ලෙවකන ජාතියක් අපේ රටේ බිහි උනාට පස්සේ. අපි දැන් හිතන විදියට තව දුරටත් රටක් ජාතියක් වශයෙන් හිතන තීරණ ගන්න තාක් කල් අපිට අපේම කියලා කතාවක් අනාගතේට කියන්න හම්බ වෙන්නේ නෑ.........

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත රේප් මහත්තයෝ..මොන දේ වෙලා හරි ලංකාවේ එකෙක් දෙන්නෙක් හරි මෙව්වා තේරුම් ගන්නවානම් අපිට ඒ ඇති...ලංකාව කියන්නේ ඉස්සර මේ ලෝකේ කේන්ද්‍රස්ථානය වගේ තැනක්...

      Delete
  4. අන්න එහෙම තමා...කොච්චර දැනුවත් උනත් අම්මලා කියන එක අහනවානම් පසු තැවීම් අඩු වෙනවා.....

    ReplyDelete
    Replies
    1. ඔව් මගේ අක්කියෝ...ඉතින් මම අපේ අම්මගේ නලල මලේ ලොකු පුතානි.
      : පී
      මම ඉතින් කියන දේ අහනවා....

      Delete

අදහසක් දාමුද?