කුරුළු යාළුවෝ

Monday, June 4, 2012

කුරුල්ලා දුෂණයට ලක්වීම (02 කොටස)

මොනවා කරන්නද බ්ලොක් එක සු ගාල..ඉක්කෝලේ ළමයි අහාට යනවා..මෙහාට යනවා...පොලිස් මාමල අත වනනවා...අනේ මට නම් විකාරයි...නිකන් පිස්සු වගේ...කොහොමින් කොහොම හරි පානදුරේ ජෙනරල් එකට දැම්ම බකට් ටැක්සිය...හෙන මොරාල් අප් කලන් හිටිය කෙට්ටු සික්කෙක් නැගිට්ටා...හිනාවක් දාල ආයිත් ඉඳ ගත්තා...මට පිස්සුද..මුට පිස්සුද?ඉන්ඩ බෑ රිදෙනවෝ....අනේ බහිද්දීන්ම ඉස්සරහට මුලිච්චි උනේ කෙල්ලෙක්...ඉප්පිරිතාල ජිවිතේ සුභ වෙයි වගේ...හරි අමාරුවෙන් මම අමාරුව වසන් කොරන් ඇවිදින්ඩ බැලුවා..ඇයි හත්තලාමේ නෝන්ඩි නේ....මේ කෙල්ලෝ ගොඩේ අහවල් එක අල්ලන් යන්නේ කෝමද? මොන...?බෑ... ට්‍රයි ඇන්ඩ්  ට්‍රයි අගේන් වන් ඩේ යු කැන් ෆ්ලයි..(මගුල ඒක නාකි සුද්දෙක් තටු හැලිලා හොට බිම ඇනිච්ච පැස්බරෙක්ට කිව කතාවක්නි)
මොනවා කරන්ඩද ඉතින්...කරුමේ කරුමේ...බඩගාගෙන වගේ ගියා ඇතුලට...ගියා නෙවි බඩගෑවා...
ඇඩ්මිට් කරන්නද?

නෑ මේ උඹලයි අම්මගේ අප්පගේ කසාද සහතිකේ ගන්ඩ ආව...මුන්ට මෝල් ද කොහෙද?ඈ යකෝ..මෙච්චර ආමාරුවෙන් දන ගාගෙන බිම ලෙව කාගෙන ආවම මගුලක් අහනවා...මට කලන්තේ වගේ...ඉන්ඩ බෑ රිදෙනවා..කෝ සර්?සර් මොකක්දෝ එකකට අත්සන් කොරනවා...මමත් බැලුවා...සුවර් නැනි...මේ කරදර අස්සේ සර්ව බණ්ඩා කොරගෙන මොකෙක් හරි මගේ දේපලවත් ලියා ගන්ඩ හදනවද දන්නේ නැනි...වෙලාවට එහෙම එකක් නෙවේ...සර් මොකක්දෝ මගුලක් පුරෝනවා...මැරෙන්ඩ ගියත් අද කාලේ ෆෝම් පුරවන්ඩ එපැයි...
මේ මල්ලි අයිඩින්ටිය තියනවද?

මොක?
අයිඩින්ටිය?
අනේ අක්කේ උඹේ අර මාසෙකට සැරයක් මෙව්වා වෙන මෙව්වා එක දැන්මම මෙව්වා වෙලාද?මම අයිඩින්ටිය අහවල් එකේ  අලවන් ඉන්නවා කියලද හිතුවේ...මම මේ ආවේ නෑදෑ ගමනක් නෙවේ දෙයියනේ....කොට්ට මෙට්ට පවා ගේන්ඩ..අනේ ඉන්ඩ බෑ යකෝ මට යන්ඩ දියන් බුදු අක්කේ...මම හිතින් නගපු විලාපේ ඇහිලා සක්කර දෙයියෝ නර්ස් අක්කල දෙන්නෙක් එවලද කොහෙද...
ඇයි මල්ලි

නෑ  මේ ඇඩ්මිට් වෙන්ඩ
අහ් ඉන්න...
එයා ගිහින් ගෙනාව රෝද පුටුවක්...
හම්මේ සිසිවන උවන රිය සක වැනි මෙව්ව එක කිවලු...ෆට්ට ගති අනේ...අනිත් අක්ක අත කනේ තියාගෙන (කන අතේ තියාගනද මන්ද) මම දිහා දුකෙන් බලන් ඉන්නවා...අනේ මටත් ඇඳෙන්ද  වගේ...කොහෙද ජවනිකාවේ උච්චම අවස්තාව එද්දින් සර් එකේ මාව දාගෙන ගියා වාට්ටුවට...වාට්ටු අංක දෙක...හම්මේ ලවෙන්දා සුවඳකින් මගේ මුළු නහර සෙට් එකම පිනා ගියා...මුළු වාට්ටුවම එක වගේ සුවඳයි...පුදුම සනීපයක්...
අංක හතරේ ඇඳට ගෙනියන්න

මුනේ කුරුලෑ දෙක තුනක් තිබ්බ නර්ස් අක්කෙක් කිවා...අපේ සර් මාව ගිහින් දැම්ම ඒ ඇඳට..අමාරුවෙන් නැග ගත්තා...තව පොඩ්ඩෙන් ඒකට නගින්ඩ ගිහින් කොන්ද කැඩෙනවා මගේ...මුළු ඉෂ්චාත් බාගෙම රිදෙනවා හයියෝ...(පශ්චාත් කියන එකේ විරුද්ධ පදය ඉෂ්චාත්  : පී )උඩු බෙලි අතට නිදාගෙන අහවල් එක අල්ලාගෙන කෑ ගහද්දීන් අහල පහල උන්ට කොච්චර සෝචනීය දසුනක්ද කියල උන්ගේ හිනාවෙන්ම පෙනුනා..අම්මප මට හරි හමන් පණක් තිබ්බනම් ඒ වෙලාවේ දෙනවා එක එකාගේ දත් වහල්ල ගැලවෙන්ඩ....කොහොමින් කොහොම හරි විනාඩි පනහක් වගේ ඉතා කෙටි කාලයකින් ඩොකා එනවා පෙනුනා...ඒ අස්සේ අලුතෙන් ඉගෙන ගන්න දොස්තර පැටව් වගයක් ඇවිත් මාව වට කොරගෙන...කෙල්ලෝ හතර දෙනයි...එක කොල්ලයි..හරි අසාධාරණයි අප්පා..සමාජීය විෂමතාව කියන්නේ මේකට කොහෙද? වෙන්ඩ දොස්තර කොල්ල මම ගාවට ලං වුනා...පොතකුත් අරන් මොනවදෝ ලියලා...
යෝයාගේ බටේ කල්ද?

හෑ.... මොකක්?
යෝයාගේ බටේ කල්ද?
මොන මගුලක්ද යකෝ මු මේ කියවන්නේ? මට කන් ඇහෙන්නේ නැත්ද?අනේ දෙයියනේ..උණ්ඩුක පුච්චියේ ඉඳන් හර්ද වස්තුව ලඟට යනකම් සරල රේඛාවක්  දිගේ මගේ ලේ පිච්චිලා ගියා...මේ තියන හැට හුට හමාරක් ලෙඩ මදිවට තවත් ලෙඩක්ද?
අහ්..නෑ..නෑ...මෙයා ඇහුවේ ඔයාගේ බඩේ ගල් ද කියලා...

වැදගත්  මිනිස්සු වැදගත් දේවල් කතා කරද්දින් මැද්දට පනින්ඩ එපා කියල අම්ම අප්පා උගන්නල නැති විලි සංගේ බිංදුවක්වත් නැති වෙන්ඩ දොස්තර කෙල්ලෙක් එහෙම කිව...ඒ යකෝ බඩේ ගල්ද පොල්ද කියල දන්නවනම් මෙතෙන්ට එනවද?ලෙඩාද දැන් ලෙඩේ කියන්ඩත් ඕනේ...තාම ආවත් හරි එක බලු කුක්කෙක් අවේ නෑ මාව බලන්ඩ...වේදනාව උහුලන්ඩ බෑ...ඒ මදිවට එක එකා ඇවිත් ලෝකේ නැති ප්‍රශ්න අහනවා...සිංහලෙන් කතා කරන්ඩ පුළුවන් කම තියෙද්දී බොරු සෝ එක පෙන්නන්න කඩ්ඩෙන් කොටනවා...කන් කරච්චලේ ඉවරයක් නෑ..මට මල...
කොහොමින් කොහොම හරි වටේ පිටේ නර්ස් අක්කල එක්ක තොන්දොල් වෙලා, සෙවල පෙරාගෙන ඩොකා ආව මා ගාවටත්...
මොකක්ද ලෙඩේ

මේ බඩ....
ඉතින්!
නෑ බඩට පහලින්....
හ්ම්ම්ම්..
මෙව්ව එක රිදෙනවා...
කොයි පැත්තද
දකුණු පැත්ත...
ගොඩක් රිදෙනවද?
නෑ හරි පොඩ්ඩයි...ඒකනි මේ මම විලාප දෙන්නේ..මම මේ කෙඳිරි ගාන්නේ ජොලියට...ඈ යකෝ..
හපොයි එක පාරටම මගේ මුළු සර්වාංගෙම නතර උනා වගේ දැනුනා..ඩොකා මගේ බඩ උඩට නැග්ගද? හනේ හම්මේ..හයියෝ ඉන්ඩ බෑ අම්මේ....මුට අමු කැවිලද කොහෙද?මරන්ඩද යකෝ හදන්නේ මාව...තව පොඩ්ඩෙන් කාපු බීපුව යන්නේ කන් දෙකෙන්...
අන්න එහෙම කරද්දින් රිදෙනවා නේද?

ඔව් රිදුනා සෑහෙන්ඩ..
මුත්‍රා යන්නේ නැත්ද?
නෑ යනවනම් දානවා මම තොගේ මුනට...ඈ යකෝ...බෙහෙතක් දීපන්කො බුදු අයියේ...අර එකියක් මාව දුෂණය කොරල ඉන්ඩ බෑ තාම පස්ස කුල්....ආයෙත් ඒ හැංගීම මහා මොකක්දෝ වගේ මගේ හිතට ආවා...හිත දුකින් කඩන් වැටුනා...අනේ මගේ පතිවත...
කැතීටා  එකක් ගහන්ඩ වෙයි

හෑ...කැතී ට මොකක් ගහන්ඩ වෙයි ?ඒ කවුද?
නෑ නෑ මේ මුත්‍රා යන්ඩ ගහන එකක්?
කොහෙටද?
ඩොකා මට රැව්ව..ඇත්තනි..මුත්‍රා යන්ඩ අහවල් ඒකට ගහන මගුලක් නොගහ කටට ගහන්ඩ යැයි...අටෙන්ඩන්ට්  කෙනෙක් ආව...
කලිසම ගලවපන් කොල්ලෝ

හෑ...අනේ
ඉක්මන් කරපන්  කොල්ලෝ තව වැඩ  තියනවා  අපිට
මොනවා කරන්නද..එක පාරක් ගෑනියෙක් අතින් වුනා..මේ පාර උඹ අතින් වුනාම මොකෝ අයියේ....මම හිත හදාගත්ත
අයියේ...

ඇයි බන්...
වහන්නේ නැත්ද?
මොකක්ද?
කර්ටන් එක...
මොන පිස්සුවකටද බන් සේරටම තියෙන්නේ ඕකනේ...විකාර නැතිව ඔන්න ඕක ගලවහන්...
ඈ මු සේරගෙම බලලද එතකොට...
අනේ අයියේ...

අනේ අපරාදේ කියන්ඩ බෑ ඌ බලෙන්ම වගේ මගේ කලිසම ගැලෙව්වා...මමත් ඉතින් කැරට් කන හාවෙක් වගේ ඔහේ බිත්තිය දිහා බලන් හිටියා..නිකන් මගේ නෙවේ වගේ...මොනවා කොරන්ඩද...මු පත්තර කොලයක් අරන් අහවල් එක යටින් එක තියලා ගියත් ගියාමයි...විනාඩි 5 ක් ගියා... 10 ක් ගියා...ම්ම්ම්හ් නෑ...මම මුළු වාට්ටුව එලිය කොරන්ඩ දවල් ලයිට් දාගෙන ඉන්නවා...විනාඩි 15 කින් විතර මෙන්න මු එනවා බුලත් විටක් එහෙම කකා....ඇවිත් යකා පොල් මල අතට ගන්නවා වගේ ගත්තේ නැතේ අතට...අරන් එකසිය ගානට පිහින්ඩ ගත්තා....
අනේ අයියේ.....රිදෙනවා අයියේ

ඔහොම හිටපන් කොල්ලෝ දඟලන්නේ නැතිව...
ඈ යකෝ...මු හිතන් ඉන්නේ උදලු මිටක් යතු ගානවා කියලද මන්ද....නිකන් හිරි වැටිලා වගේ..මම චුට්ටක් පාත් වෙලා බැලුවා ගැලවිලා බිමට වැටිලද කියලා...නෑ තියනවා....මු පිස්සේ වැලි කඩදාසියකින්ද  මන්ද...ඩොකා ආව...ග්ලවුස් දෙකක් දා ගත්තා...මොකක්දෝ ටියුබ්  එකකින් ක්‍රීම් එකක් අරන් පිටි අල්ලා දා ගත්තා...අටෙන්ඩන්ට් කාරය සේලයින් බටයක් වගේ මොකක්දෝ එකක් දුන්න අග පැකට් එකක් එල්ලලා තියන...ලේ දෙන්ඩවත් යනවද?වෙන්ඩ බෑ...බුදු අම්මෝ...එක පාරටම මුළු ඇඟම හිරි වැටිලා ගියා..ඇඟේ මයිල් මාව දාල යන්ඩ තරම් වේගෙන් ඉස්සුනා...මොකක්ද ඒ උනේ ..මට දැනුනේ මොකක්දෝ එකක් අහවල් එක දිගේ ඇතුලට බහිනවා විතරයි...ලේ බින්දු දෙක තුනක් සේලයින් බටෙන් පල්ලෙහට වැටුනා...අනේ දෙයියනේ මගෙත් අර මොකක්ද පටලයක් තිබිලා...මොකක්ද බොල හිපාටුවෝ මේ කරේ....අරකි පස්සට මොකක්දෝ කෙරුවා...මු ඉස්සරහට...තොපි දෙන්නව එකට ආඳල හදනවා මම තොපෙන් කුළු මී හරක් පැටියෙක්....
නිකන් ඒ පැත්තම හිරි වැටිලා වගේ...මම නිකමට බැලුවා...අරු ගහපු බටේ ගිරිය ලඟට එනකම් ආවද මන්දා...පිප්පි දාන්ඩ ඕනේ..මම පොඩ්ඩක් ට්‍රයි කොලා..ම්ම්ම්හ්..බෑ...මොන මගුලක්ද යකෝ..මගේ පිප්පි යන්නේ නැනි...මම චුට්ටක් බැලුව පැකට් එක දිහා..මෙන්න මටත් නොකියම මගේ පිප්පි  බටේ දිගේ පැකට් එක ඇතුලට යනවා...අනේ අහිංසක මට වෙච්ච දෙයක්....මම ඔහේ කැරකෙන  ෆෑන් එක දිහා බලන් හිටියා...

13 comments:

  1. බොට දැන් සනීපද?....

    මේ ලියල තියෙන විදිය මරු

    ReplyDelete
    Replies
    1. දැන් නම් ටිකක් ඉතල සනීපයි මී අයියේ...එත් හස්ත කර්මාන්තෙ තමා අවුල..හලිම සෝචනීයයි එකනම්... : පී ...ඉත්තුති මී අයියේ...

      Delete
  2. හිහී..පව් අනේ කුරුල්ලා.....
    අනේ කුරුලු මලේ....‍ඩොකා අයියලාටයි, නර්ස් අක්කිලාටයි බනින්න එපා...
    ඒ ගොල්ලො ඒන්ජල්ලා වගේ...

    ReplyDelete
    Replies
    1. එන්ජල්ලා ? ඇත්ත ඇත්ත මත තරු පෙන්නුවා...

      Delete
  3. කුරුල්ලන්ට මොන හස්ත කර්මාන්තද බං. :P

    ReplyDelete
    Replies
    1. අලේ ඒම කියන්නෙපා රෙප් අයියේ..අපිත් යමක් කමක් අතට අහුවෙන්ඩ තියන උදවිය...

      Delete
  4. හරි හරි. මගෙ රෝග විනිශ්චය හරි..... :-)
    අනේ දෙය්යනේ, ලෙඩ්ඩුන්ට මෙහෙමත් හිතෙනවා ඇති නේද?

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා..ලෙඩ්ඩුන්ට ඔහොමත් හිතෙනවා ඇති...

      Delete
  5. ඊල්ග එක බලන්න යනෝ ඈ

    ReplyDelete
  6. මම හිතුවේ මේ වගේ අතල් එකක් හම්බුනේ මට විතරයි කියල........මිට අව්රුදු 2 කට විතර කලින් මටත් ඔහොම උනා ........
    බටේ දාන කොටයි ගලවන කොටයි තම හොදටම අතල්........:)

    ReplyDelete

අදහසක් දාමුද?