කුරුළු යාළුවෝ

Sunday, June 10, 2012

කෙලවෙන්ඩයි යන්නේ...


යාලුවනේ සමහර විට ඔයාල මේක දන්නවත් ඇති...ඒත් නොදන්නා අයත් ඇති...ඒක නිසා අනිත් වැඩ සේරම අස්සේ මම මේක ලියන්න ගත්තේ...
මේ දවස් වල ඉතාම දියුණුයි කියන රටවල් වල පැතිරිලා තියන ලෝකේ ඉතාම දියුණුයි කියන පරිගණක පවා අත්හිටුවන්නට හැකි වයිරසයක් ලෙස ෆ්ලේම්  වයිරසය පිලිගන්නවා...සමහරු කියන්නේ නම් ඇමරිකාව ඕක හැදුවා කියලයි...
ෆ්ලේම් කියන්නේ මෙතෙක් බිහි කරපු වඩාත්ම දියුණු ඔත්තු සේවා වයිරස් ඒක...ඕනෑම පරිගණක ජාලයක දත්ත හා මෘදුකාංග හැසිරවීමට මේක යොදා ගන්න පුළුවන්...සාමාන්‍ය ඔත්තු සේවා වයිරසයක් මෙන් සිය ගුණයක් ක්‍රියාකාරී ..දැනටමත් සුඩානය,සෞදි අරාබිය,ලෙබනනය,ඊජිප්තුව වගේ රටවල් වල පරිගණක විනාශ කරලා තියනවා...


ෆ්ලේම් වයිරසය වගේ වයිරස් මග එන බව දැනුම් දෙන්න වයිරස් අනතුරු ඇඟවුම් පද්ධතියක් නිර්මාණය කිරීමට එක්සත්  ජාතීන්ගේ සංවිධානය තීරණය කරලා තියනවා..(නඩුත් බඩුත් දෙකම හමුදුරුවන්ගෙනි යාලුවනේ...)මේ වෛරසය සතු ගුණාංග ඇමරිකාවේ නිෂ්පාදනය කල වෛරස වලට සමානයිලු...
ඉරානයේ යුරේනියම් සැකසුම්  මධ්‍යස්තානයකට  එල්ල වුනු ස්ටක්ස් නෙට් ප්‍රහාරයෙන් පස්සේ බිහි වුනු ලොකුම බලගතු වෛරසය මේකලු...ෆ්ලේම් වගේ අති නවීන වෛරසයක් නිපදවන්න තනි පුද්ගලයකුටවත් කුඩා කණ්ඩායමකටවත්  බෑලු...රජයක් හෝ රටවල් කීපයක් එකතු වෙලා කරපු දෙයක් කියලයි හිතන්නේ...
YouTube එකෙන් බලන්න...
ඩේට ෆයිල් හොරකම් කරන්නත්, දුර සිට පරිගණක වල ක්‍රියාකාරීත්වය වෙනස් කරන්නත්, පරිගණකවල ඇති මයික්‍රොෆෝන ක්‍රියාත්මක කරලා සාකච්ඡ කරන්නත්,චැට් කරද්දින් ඒවා පිටපත් කරන්නත් වගේ දේවල් මේ වෛරසයට කරන්න පුළුවන්ලු...
මටනම් නිකන් මෙව්වා වුනා වගේ...කොහෙවත් පුද්ගලිකත්වයක් කියල දෙයක් නැති වේවි මෙහෙම ගියෝතින්..දියුණු වෙන තාක්ෂනය එක්ක මානුෂීය දේවල් කොච්චර පහලට වැටිලද යාලුවනේ...

13 comments:

  1. තාක්ෂණය දියුණු වීමේ වෙන බරපතල වැරැද්දක් තමා මනුෂ්‍යත්වය නැතිවීම සහ පුද්ගලිකත්වයට හානි වෙන එක. ඒක වළක්වන්න පුලුවන් නම් තමා සැබෑ ජය

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත හසිත..ඒත් ඒක වෙන්නේ නැති එකනි ප්‍රශ්නේ

      Delete
  2. වටිනා ලිපියක්

    ReplyDelete
  3. ඕවයින් නම් රටවල් යුද්ද කොලාට කමක් නැහැ මිනිස්සු මරන්නේ නැතුව .....

    ReplyDelete
    Replies
    1. නෑ රොබින් ඕක කෙලින්ම සම්බන්ධ වෙන්නේ මිනිස් සංහාරෙකට...ආදරේට ඔව්ව කරන්නේ නැහැනි...එක්කෝ රටක් අල්ලගන්න,ආණ්ඩුවක් පෙරලන්න,සමුල ඝාතනයකට වගේ ඒවටයි ඔත්තු බැලීමේ වෛරස් යොදා ගන්නේ...ඔය අපේ ඇට පැටව් කරනවා වගේ හැක් කිරිල්ලක් නෙවි ඒක..මිනිහෙක් නොමරා මරන්න පුළුවන්...

      Delete
  4. Watina Lipiyak.Mama Me gana Danagena Hitiye Naha.Thanx Kurulu :)

    ReplyDelete
    Replies
    1. අහ්..හලි හලි ...හැපී බර්ත් ඩේ..ඕක මොකක්ද අලේ...

      Delete
  5. හම්මෝ බයානකයි නේන්නම්....ඇමරිකාවෙ වැඩක් වෙන්ට ඇති....

    ReplyDelete
    Replies
    1. අලේ මන්දා...ඒත් මම දන්නා හැටියටනම් ලෝකේ ලොකුම බුද්ධි අංශ වල ඉන්නේ ලංකාවෙන් ගිය උන්...නාසා එකේ පවා මම දන්නා විදිහට දෙවනියට වැඩි ලංකාවෙන් ගත්තු උන්ද කොහෙද?ඉතින් ඔය වගේ අලුකුත්තේරු වැඩක් කලොත් කරන්නේ අපේ උන් තමා...කොහේ හරි කොනකින් ශ්‍රී ලාංකේය නාමයත් ලෙල දෙනවා ඇති...ඒක හරිම ලොල් සහගතයි...කොටිම්ම කියනවනම් හික්ස් සහගතයි...

      Delete
  6. මේ ගැන මම කලිනුත් බ්ලොග් එකක කමෙන්ට් කළා. ඒත් දැන් ඒ බ්ලොග් එක වත් පොස්ට් එකවත් කමෙන්ට් එකවත් නෑ.

    මේ ගැන බය වෙන්න ඕනේ ඇයි?

    හරි මම සරලව මේ වයිරසයේ ක්‍රියාකාරිත්වය පැහැදිලි කරන්නම්.
    මේ වයිරසය වැඩ කරන්නේ තෝරාගත් පද්ධති වල පමණයි. ඒ පද්ධති බොහෝ වෙලාවට කාර්මික හෝ යුධමය පද්ධති වීමේ සම්භාවිතාව වැඩියි. පද්ධතියක් තුලට ඇතුළුව ඒ පද්ධතියේ ක්‍රියාකාරිත්වය වෙනස් කරමින්ම පාලක පරිගණක වෙත පද්ධතිය නියාමාකාරව ඇති බවට හගවන්න මේ වයිරස් සමත්. (ස්ටක්ස්නෙට් මේ ගුණාංග තිබුවක්)

    දෙවැන්න, ස්ටක්ස්නෙට් වයිරසය මගින් නම් සිදු කලේ න්‍යෂ්ටික බලාගාරයක සෙන්ටර්ෆියුජ් නම් කොටස පාලනය අතට ගන්නා එකයි. එමගින් ප්‍රතික්‍රියාකාරිකය පාලනය වනවා. මේ කොටසේ පාලනය ගිලිහි ගොස් සිදුවූ අනතුරක් තමයි චර්නොබිල් ඛේදවාචකය. අලුත් වයිරස් වලින් මේ වෙනුවට න්‍යෂ්ටික අවි පාලනය අත්කරගන්න උදව් වුනොත් එය පුදුමයක් නෙවෙයි.

    මේ වගේ වයිරස පද්ධති වලට රිංගන්නේ සීරෝ ඩේ නම් හිදැස් තුලින්. මේ එකක් ගැන විස්තර ගන්න ඩොලර් ලක්ෂගානක් වැය වෙනවා. අනිත් දේ තමයි ස්ටක්ස්නෙට් වයිරසය ඇන්ටි වයිරස් මෘදුකාංග වලට ඉදිරිපත් කලේ නියම ආරක්ෂක අවසර පත්‍රයක්.

    සාමාන්‍යයෙන් වයිරස් හඳුනාගන්න මෘදුකාංග කරන්නේ යම් වැඩසටහනක ආරක්‍ෂිත බව ඒ හා පැමිණෙන අවසරපත් වලින් හොයා බැලීම මුලින්ම. එසේ නොවන ඒවාගේ කේත මේ මෘදුකාංග මගින් දෙවනුව සොයා බලනවා. වයිරස් වැඩසටහන් වල මේ වගේ ආරක්ෂක සහතික අමුණා එව්වත් ඒ නියම ඒවා නොවේ. නමුත් මෙහිදී භාවිතා කර තිබුනේ රියල්ටෙක් සමාගමේ ආරක්‍ෂිත කේත. (මේ වගේ ප්‍රසිද්ධ ආයතන මේ කේත ඉතා ආරක්ෂිතව ගබඩා කර තබන අතර ඒ ආරක්‍ෂිත ක්‍රම හරහා යා හැක්කේ හමුදාවක හෝ වෙනත් එවැනි සංවිධානයක රැකවරණ යටතේයි,)

    අන්තිම කරුණ තමයි මේ වයිරස් සෑම පරිගණකයකටම රිංගා ගත්තත් තමන්ට අවශ්‍ය පද්ධතිය තුලට යනතුරු නිහඬව සිටින වයිරස් වීම. එහෙම කියලා ආ අපිට අවුලක් නෑ කියන්න ඕනේ නෑ. හිතන්න ඒ එකක ඉලක්කය බැලස්ටික් න්‍යෂ්ටික මිසයිලයක් නම්? එහි ප්‍රහාරක ඉලක්කය ඔබ සිටින නගරය නම්?

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුති යාලුවේ...දැනන් හිටියේ නැති දෙයක් කියල දුන්නට..ගොඩාක් පින්...

      Delete

අදහසක් දාමුද?