ඔන්න මයෙ පුතේ මේ දවස් වල උඹගේ ඒකාල ඇහෙරෙන්ඩ
අරන්...රාවණා ගැනයි හෙළයන්ගේ ඉතිහාසෙයි හොයනවා...ඔන්න ඕක තමා වෙන්ඩ ඕනේ
දරුවේ...ඔහොම යයි..අන්තිමට ඇත්ත එලි වෙයි..තොපිට තේරෙන් නෑ තොපේ
වටිනාකම..පර සුද්දන්ගේ අහවල් එක ලෙව කකා ඉන්නවා...තේරුම් ගනියව් තොපේ
අභිමානේ...නිවුටගේ රෙදි ටික ගැලෙව්වනේ මයෙ පුතේ...ඔන්න අහගනිල්ල මුන්ගේ
තවත් බයිලයක්...
මයෙ පුතේ 1997 දී ක්වොන්ටම් පරිගණකයක් කියල දෙයක් හැදුවා...මේ කළල
ක්වොන්ටම් පරිගනකෙ කොහොමත් වැඩි දියුණු කොරල එහෙම එන්ඩ තව අවුරුදු ගානක්
යයි..නැත්නම් තව ටික දොහකින් එයි දරුවේ...මේ වගේ එකක් වැඩි දියුණු කරන්ඩත්
හරි අමාරුයි කියලනේ කියන්නේ...කොහොමත් කියන විදිහටනම් ඔය අද කාලේ තියන
පරිගණකයකට වඩා හරි ලොකු වේගයක්නම් මේකට තියනවා කියල උන්දලා කියනවා...අංක
400 ක් විතර තියන සංඛ්‍යාවක් කඩන්න මයෙ පුතේ ඔය අද කාලේ තියන කොම්පීතරෙකට
යාවි අවුරුදු කෝටි ගානක්...මම මේ කිවේ උඹල පාස් වර්ඩ් කියන අංකයක් ගැන...ඔය
ලොකු ලොකු බැංකු වල තියෙන්නේ එහෙම රහස් වචනනේ...ඒත් දරුවේ ක්වොන්ටම් ආවාම
ඔය සෙල්ලම් ඉවරයි...ඒකට ගතවෙන්නේ විනාඩියකටත් අඩු ගානක්...ඔන්න මුන් කිව
දේ...ඒත් මුන් කියන්නේ නෑ එහෙම එකක් එද්දින් ඊට වඩා ලොකු රහස් වචන භාවිතෙට
එයි කියලා...ඔව්ව අපේ එකාලට තේරෙන් නැතිවද එහෙම නැත්නම් තේරිලත් අහන්
නැතිවද මන්ද...
දැන් ඔය වගේ වෙලාවක බටහිර මිනිහා මොකද කොරන්නේ?(අපේ උන් කරන දේ නම් අහල
වැඩක් නෑනේ..උන් දන්නේ අරුගේ පස්සෙන් ගිහින් ඌ කරන දේම කට අරගෙන කරන්ඩනී) ඌ අනිවාර්යෙන්ම අර කොම්පිතරේට බින්දින්ඩ බැරි රහස් පද හොයා ගනී...හොර වැඩ තවත් සුක්ෂම වෙයි...අපේ උන් ඒවාට අහුවෙයි....
හරි දැන් මුන් හදලා තියනවා ක්වොන්ටම් ලෝකය කියල එකක්...උන් ඒකට නීති රීති
දාල තියනවා...ඔව් ...නීති රීති...මේ ලෝකේ හරියට පාලනේ කොරන්ඩ බැරිව තව
මගුල් අටවාගෙන නීති රීති දාලා...උන් කියල දෙනවා ඒ ලෝකේ සාමාජිකයෝ
හැසිරෙන්නේ මෙන්න මේ විදිහට,මෙව්වා තමා ඒ ලෝකේ සිරිත් විරිත්
කියල...ක්වොන්ටම් භෞතික විද්‍යාඥයෝ කියන විදිහට පුතේ උන්ගේ විද්‍යා කතා
සියලුම වස්තු වලට වලන්ගුයිලු...ඒ කියන්නේ ඉන්න ක්ශීරපතෙට, මන්දාකිනියට,
සුර්යයාට, සත්තුන්ට, උඹලට,මට,උන්ට,පොඩි පරමාණුවට සේරටම වලන්ගුයිලු...හැබැයි
දරුවේ මෙතන පොඩි පරහක් තියනවා...මේ ඉලෙක්ට්‍රොන කියන දෙයින් උඩට යද්දී ඒ
කියන්නේ වස්තුවේ විශාලත්වය එන්ඩ එන්ඩ වැඩි වෙද්දීන් මේ ක්වොන්ටම් කතා
තේරුමක් නැති වල්පල්..ඇස ඉදිරිපිට ඔප්පු වෙන අමුලික බොරු...ඒත් තාම එකෙක්
වත් මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරේ දීලනම් නෑ දරුවේ...
ක්වොන්ටම් කතා වලට තේරුමක් ලබල දෙන්නේ කිනම් ප්‍රමාණයක වස්තුද???
ඕකට උත්තර නෑ...හරි හමන් විදිහකට උත්තරයක් දෙන්නත් බෑ...මොකද ඔය මහා ලොකුවට
කියවන ඉලෙක්ට්‍රොනේ තොපිට පේනවද?තොපේ ඉන්ද්‍රියන් දුර්වලයි...තොපි මහා
ලොකුවට හිතන් හිටියට තොපේ ඉන්ද්‍රියන් දුර්වලයි..බල්ලොන්ට තොපිට වඩා
ඇහෙනවා...උකුස්සන්ට තොපිට වඩා පේනවා...තොපිට තියන එකම දේ ඔය මොලේ...ඒත්
එකත් තොපේ නෙවේ...වැඩක් නෑ එව්වා ගැන නම් කියලා...ඒත් මෙන්න වක්‍ර විදිහකට
උත්තරක් ආව...ක්වොන්ටම් ලෝකේ සාමාජිකයෝ කියලා...දැන් හරිද?එතකොට උන් කවුද
ඇහුවාම කිව්වා ක්වොන්ටම් කතා බහට ලක් වෙන අංශු කියලා...එතනින් එහාට
මොකෙක්වත් ඇහුවේ නෑ...මොකට අහපු උන්ටවත් කියපු උන්ටවත් එක තෙරුන් නැති
හන්දා...බටහිර විද්‍යාව කරේ ප්‍රශ්න වලට උත්තර හෙව්වා නෙවේ මයෙ පුතේ...උන්
කරපු එකම දේ අලුත් අලුත් කතන්දර ගොතල එව්වා යට කෙරුවා..මුළු විද්‍යාවම උන්
සුරංගනා ලෝකයක් කෙරුවා...අද අලුතින් කතා ගොතන උන්ට ලොකු ලොකු සම්මානත්
දෙනවනි මයෙ දරුවේ...ඒත් තව අවුරුදු ගානකින් එව්වා බිඳිනවා...ඒකට තවත්
සම්මානයක් දෙනවා...ප්‍රශ්නයක් අහන්ඩද?
ලංකාවේ එකෙක් ගිහින් මහසෝනා ඉන්නවා කියල ඔප්පු කොරන්ඩ හැදුවොත් උන් ඉඩ දෙයිද?
මම මහසෝනා ඉන්නවා කියල ඔප්පු කරන්නම් මයෙ දරුවේ...උන් ගුරුත්වාකර්ශනේ ඔප්පු කොරපු විදිහටම...ඒක පස්සේ...
දැන් කියන විදිහට ඔන්න ක්වොන්ටම් ලෝකේ තියෙන්නේ ඉන්ද්‍රිය ගෝචර ඒ කියන්නේ
ඉන්ද්‍රියයන්ට අහුවෙන්නේ නැති අංශු වලට...ඔන්න උඹටවත් මටවත් පෙන්නේ
නෑ...හැබැයි තියනවා...(නොපෙනෙන දේවල් ගැන උන් උන්ගේ ප්‍රවාදයක් හදලා..ඒ
ප්‍රවාදේ එල්ලීගෙන අපේ උන් අපේ දෙයියෝ නෑ කියනවා...යක්කු නෑ කියනවා...එතකොට
හරිද?)විද්‍යාඥයෝ කියන්නේ මයෙ පුතේ මිනිස්සුමනි...ඉතින් උනුත් කොරන්නේ
සාමාන්‍ය මිනිහ කරන දේම තමා...ප්‍රශ්නයක් ආවම ඒ ප්‍රශ්නේ වටේට තියන අනිත්
එව්වට උත්තර හොයනවා මිසක් ප්‍රශ්නෙට උත්තර හොයන්නේ නෑ...
දැන් අහපල්ලකෝ...සම්භාව්‍ය ලෝකේ ඒ කියන්නේ අපි මේ ඉන්න ලෝකේ ( පසඳුරන්ට
දැනෙන ලෝකේ) තියෙන්නේ ඉන්ද්‍රිය ගෝචර
දේවල්...මේස,පුටු,ගල්,මල්,තාරක,කුරුල්ලෝ ඔය සේරම බලන්ඩ පුළුවන් අපට...සමහර
එව්වා අත පත ගාන්ඩ පුළුවන්..ඉම්බින්ඩ පුළුවන්..ලෙව කන්ඩ පුළුවන්...දැන් එතකොට අපි වටේට මෙව්වා තියනවා කියල අපි දන්නේ කොහොමද?
උඹ ළඟ පෑනක් තියනවා...උඹ කොහොමද දන්නේ ඕක පෑනක් කියලා...ප්‍රශ්නේ
සරලයි..උත්තරයක් හිතපල්ලා...උඹලයි අම්ම උඹට පුංචි කාලේ කිව්වා මයෙ රත්තරන්
පුතේ මේක පෑනක් කියල...එහෙමද?එතකොට කෝ ඔය උත්තරේ විද්‍යාව...(ඔතනිනුත්
පුළුවන් නම් හිතපල්ලා..පෑනක් කියල දෙයක් අම්ම තාත්ත කියල දීල විශ්වාස කරපු
උඹල දෙයියෝ නෑ කියන ඒක කොච්චර බොරුවක්ද කියල...ඇයි උඹලගේ මහා ලොකු බටහිර
විද්‍යාවට ඔප්පු කොරන්ඩ පුළුවන් උනාද ඔය පොඩි ප්‍රශ්නෙට උත්තරේ )ඕක
පැහැදිලි කොරාද එකෙක්වත්?නෑ නේද?මයෙ දරුවේ සමහර විද්‍යාඥයෝ හිටිය උන් ජීවිත
කාලෙම ගෙව්වේ ඔය වගේ එව්වා හිත හිතා... දැන් ඔන්න උඹට නම් දැනෙන්නේ පෑනේ
තද බව,පාට එතකොට තව ගඳක් සුවඳක් තියනවනම් ඒක...එව්වගෙන්...දැන් උඹෙ
ඉන්ද්‍රියන් වලට දැනෙන දේ අනුවයි උඹ ඕක තීරණය කලේ...එතකොට උඹට තවත් මොකක්
හරි ඉන්ද්‍රියක් තිබ්බනම්..එහෙමත් නැත්නම් එකක් අඩු උනානම්...ඕක මොන වගේ
දැනෙයිද?පිටසක්වලයෙක් ඕකට මොකක් කරනවා ඇත්ද?උන්ගේ ලෝකේ උඹල මේ පෑන කියන දේ
ගිනි අවියක් වෙන්ඩ බැරිද?ඒකෙන් අපට නොපෙනෙන ඒත් උන්ට පෙනෙන කිරණයක් නිකුත්
වෙලා උන්ට අහිතකර වෙන්ඩ බැරිද?මිහිහයි පුතේ මෙව්වා උන්ට තියන සම්පත් වලින්
හදා ගත්තේ...සම්පත් කිව්වේ ඉන්ද්‍රියන් හොඳද දරුවේ...මේක මිනිහට දීල තියන
බුද්ධියේම සරදමක් මයෙ පුතේ..වැඩියේ හිතන්ඩ එපා පිස්සු හැදෙයි...
දැන් මෙහෙම හිතපල්ලා...උඹල පෑන තදින් අල්ලනවා...එකේ තද බව දැනෙනවා...හැබැයි
ඒක උඹ ඉගෙන ගත්තේ තනියෙන් නෙවෙයි...ඒක උඹට සමාජය කියල දුන්නු දෙයක්...උඹේ
ශරීරෙ තියන පඨවි ගුණය හන්දා පෑනට ගැලපෙන විදිහට උඹට එකේ තද ගතිය
දැනෙනවා...දැන් හිතපන් උඹට ආකාශ ගුනේ තියනවා...ඒ කියන්නේ උඹට පුළුවන්
පෑනෙන් රිංගල යන්ඩ...උඹට පෑන ගැන මොනවා හිතෙයිද?මනෝකායක් තද ගතිය
අර්ථදක්වන්නේ කොහොමද?අනික උඹලට ගස් ගල් දෙබෑ
කරගෙන යන්ඩ බෑ...ඒත් වතුරෙන් එගොඩ වෙන්ඩ පුළුවන්..ඒත් උඹලට ගස් ගල් වලට
වඩා තද ශරීරයක් තිබ්බනම්...එහෙම නැත්නම් වතුරට එහෙම එකක්
තිබ්බනම්...හිතපල්ලා...සමහර කෘමීන් වතුර උඩ හරි අපුරුවට ඇවිදිනවා මයෙ
පුතේ...උඹල හැමෝම වටේ තියන වස්තු ගැන හිතන්නේ උඹලගේ ශරීරෙට සාපේක්ෂව...
මෙන්න අන්තිම ප්‍රතිපලේ...පෑන කියල අනුමානය කෙරුනේ උඹ ඇතුළු සමාජය
විසින්...ඒ වගේම පෑනේ ගුණ තීරණය වෙන්නෙත් උඹ ඇතුළු සමාජය විසින්...එතකොට මේ
හැමදේම උඹල උඹලට අනුව නිර්මාණය කොරගත්තු උඹලට දැනෙන පෙන දේවල් විතරමයි
නේද?දැන් තේරෙනවද උඹලට නොපෙනෙන නොදැනෙන දේවල් කොතෙකුත් තියනවා
කියලා...එව්වා මයෙ පුතේ අමුතුවෙන් ඔය ඉලක්කම් දාල ඔප්පු කොරන්ඩ දෙයක් නෑ...
දැන් ගොඩක් උන් හිතන් ඉන්නේ මිනිහට හරි පරිපුර්ණ ඉන්ද්‍රිය පද්ධතියක් තියනවා කියලා...තියනවද?
ඔව් කියයි...මගුල තමා...උඹල දන්නවනේ මිරිඟුව...ඔන්න ඈතට පේනවා...ලඟට ගියාම නෑ...එතකොට ඕක පරිපුර්ණයිද?
නෑ නේද?එතකොට උඹල කාන්දමක් ලඟින් යද්දින් උඹලට එකේ කාන්දම් ගතිය
දැනෙනවද?යකඩ වගේ උඹලත් ඒකට ඇදිල යනවද?නෑ නේද?බැරි වෙලාවත් කාන්දම් වල
ආකර්ෂණ ගුණේට ප්‍රතිචාර දක්වන ඉන්ද්‍රියක් තිබ්බනම්?මොනවා වෙයිද
දරුවේ?පරිපුර්ණ ඉන්ද්‍රිය පද්ධතියක් නැති බව දන දැනම උඹල උඹලගේ ඉන්ද්‍රිය
පද්ධතිය ගැන විශ්වාසෙ තියනවා...පර සුද්දෝ උන්ට දැනෙන පෙන දේවල් අල්ලාගෙන
කියන කතන්දර මහා ඉස මුදුනින් පිළිඅරගෙන උඹලා උඹලගේ සංස්කෘතියේ හිටිය
රාවනයි,දෙයියෝයි,බුදුනුයි ප්‍රතික්ෂේප කොරනවා...එතකොට හරිද බොලව්?
ඒත් අයෙත් හිතපල්ලකො...මේ සිතිවිලි උඹලගේ ඇහෙන කනෙන් කටින් අරකෙන් මේකෙන්
අත්වින්දට කොහොමද දැනගන්නේ?මනසත් ඕනේ නේද?දැන් මනස ගැන කතා කරපල්ලා
බලන්ඩ...මනසක් තියන උඹම මනස ගැන කියනවා..නිර්වචනේ දෙනවා...දෙන්නෙත් මොකෙන්ද
මනසෙන් නේද?පැටලුනා නේද දැන් ආයෙත්?මනස නැත්නම් කොහොමද මනසක් ගැන
කියන්නේ?තොපිට වෙන විදිහකට වෙන ආකාරයකට තියන මනසක් තිබ්බනම් කොහොම වෙයිද?මේ
සේරම ප්‍රශ්න ඉස්සරහ ඔව්වට උත්තර හොයන්නේ නැතිව මිනිහ වල් පල් හොයනවා
දරුවේ....
එතකොට ආපහු ක්වොන්ටම් ලෝකේ ගැන හිතපල්ලා...දැන් මොකද උනේ?
(මෙව්වා කියවල පිස්සු හැදෙන උන් ගැන කාලි වගකියනු නොලැබේ)
කොට්ටෝරුව ගහෙන් ගහට කොට කොට යනකොට... හදිස්සියෙම කෙහෙල් ගහක හොට ටැපලෙනකොට.. බේර ගන්න යාලු කුරුල්ලොත් ළඟ නැති කොට... හෙමිහිට දුවලා එන්න කුරුල්ලාගේ ගෙට...
කුරුළු යාළුවෝ
Showing posts with label පරිගණක. Show all posts
Showing posts with label පරිගණක. Show all posts
Tuesday, June 19, 2012
Sunday, June 10, 2012
කෙලවෙන්ඩයි යන්නේ...
යාලුවනේ සමහර විට ඔයාල මේක දන්නවත් ඇති...ඒත් නොදන්නා අයත් ඇති...ඒක නිසා අනිත් වැඩ සේරම අස්සේ මම මේක ලියන්න ගත්තේ...
මේ දවස් වල ඉතාම දියුණුයි කියන රටවල් වල පැතිරිලා තියන ලෝකේ ඉතාම දියුණුයි කියන පරිගණක පවා අත්හිටුවන්නට හැකි වයිරසයක් ලෙස ෆ්ලේම් වයිරසය පිලිගන්නවා...සමහරු කියන්නේ නම් ඇමරිකාව ඕක හැදුවා කියලයි...
ෆ්ලේම් කියන්නේ මෙතෙක් බිහි කරපු වඩාත්ම දියුණු ඔත්තු සේවා වයිරස් ඒක...ඕනෑම පරිගණක ජාලයක දත්ත හා මෘදුකාංග හැසිරවීමට මේක යොදා ගන්න පුළුවන්...සාමාන්‍ය ඔත්තු සේවා වයිරසයක් මෙන් සිය ගුණයක් ක්‍රියාකාරී ..දැනටමත් සුඩානය,සෞදි අරාබිය,ලෙබනනය,ඊජිප්තුව වගේ රටවල් වල පරිගණක විනාශ කරලා තියනවා...
ෆ්ලේම් වයිරසය වගේ වයිරස් මග එන බව දැනුම් දෙන්න වයිරස් අනතුරු ඇඟවුම් පද්ධතියක් නිර්මාණය කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය තීරණය කරලා තියනවා..(නඩුත් බඩුත් දෙකම හමුදුරුවන්ගෙනි යාලුවනේ...)මේ වෛරසය සතු ගුණාංග ඇමරිකාවේ නිෂ්පාදනය කල වෛරස වලට සමානයිලු...
ඉරානයේ යුරේනියම් සැකසුම් මධ්‍යස්තානයකට එල්ල වුනු ස්ටක්ස් නෙට් ප්‍රහාරයෙන් පස්සේ බිහි වුනු ලොකුම බලගතු වෛරසය මේකලු...ෆ්ලේම් වගේ අති නවීන වෛරසයක් නිපදවන්න තනි පුද්ගලයකුටවත් කුඩා කණ්ඩායමකටවත් බෑලු...රජයක් හෝ රටවල් කීපයක් එකතු වෙලා කරපු දෙයක් කියලයි හිතන්නේ...
YouTube එකෙන් බලන්න...
ඩේට ෆයිල් හොරකම් කරන්නත්, දුර සිට පරිගණක වල ක්‍රියාකාරීත්වය වෙනස් කරන්නත්, පරිගණකවල ඇති මයික්‍රොෆෝන ක්‍රියාත්මක කරලා සාකච්ඡ කරන්නත්,චැට් කරද්දින් ඒවා පිටපත් කරන්නත් වගේ දේවල් මේ වෛරසයට කරන්න පුළුවන්ලු...
මටනම් නිකන් මෙව්වා වුනා වගේ...කොහෙවත් පුද්ගලිකත්වයක් කියල දෙයක් නැති වේවි මෙහෙම ගියෝතින්..දියුණු වෙන තාක්ෂනය එක්ක මානුෂීය දේවල් කොච්චර පහලට වැටිලද යාලුවනේ...
Subscribe to:
Posts (Atom)



