ආදරේ...
උඹ එන්ඩද හදන්නේ මා ගාවට...
උඹ හොඳටම දන්නවනේ මම උඹට වෛර බව....
අහිංසක කෙල්ලෙක්ගෙ ජීවිතේ...
කාලකන්නි කරන්නද උඹට ඕනේ?
කතා කරපන්...උත්තර දියන් මට...
ඒකි දුක් විඳියි...
මගේ හැටියට, මම හිතන හැටියට ඒකි දුක් විඳියි...
ඒකි කොහොමද මගෙ පුංචි ලෝකේ අත පය දිග ඇරලා ඉන්නේ...
දැන දැනත් එන්ඩ එපා මා ගාවට...
අහිංසකියක් වෙන්න ඇති...
ඒත් උඹ කොහොමද...
ඒකිත් අනිත් උන් වගේ වෙන්නේ නැති වෙයි කියල කියන්නේ?
එන්ඩ එපා තව අඩියක්වත්...
වැලලියන් ඔතනම...
සත්තයි....
මරනවා මම උඹව...
කොට්ටෝරුව ගහෙන් ගහට කොට කොට යනකොට... හදිස්සියෙම කෙහෙල් ගහක හොට ටැපලෙනකොට.. බේර ගන්න යාලු කුරුල්ලොත් ළඟ නැති කොට... හෙමිහිට දුවලා එන්න කුරුල්ලාගේ ගෙට...
කුරුළු යාළුවෝ
Showing posts with label මගේ අදෝනාව. Show all posts
Showing posts with label මගේ අදෝනාව. Show all posts
Friday, June 22, 2012
Tuesday, June 19, 2012
මේක දළු දානවා කියල උඹ හිතුවද?
ඔව් ඇත්ත...
මම උඹ කියන විදිහේ එකියක් තමා...
උඹ කියන්නේ සහතික ඇත්ත...
උඹයි හරි...
මේ මුළු ලෝකෙන්ම හරි උඹ විතරයි...
තව කියෝපන්..
තව හයියෙන් කෑ ගහපන්...
බඩේ ඉන්න මේ දරුවා පල්ලා...
උඹ වගේ කාලකන්නියෙක් මට එපා...
උඹල නාල ගෙට ආවාම සේරම හරි...
මම පිරිමියෙක් එක්ක කතා කෙරුවත් උඹට වැරදි...
මොකක්ද උඹ ඔය කියන පිරිසිදුකම...
උඹටම මම ඒක ඔප්පු කරලත් ඇයි උඹ මට මෙහෙම කතා කරන්නේ?
මම කොහොමද උඹට සැරෙන් සැරේට ඒක ඔප්පු කරන්නේ?
මේක දළු දානවා කියල උඹ හිතුවද?
ගහන ගහන පදේට නටන්ඩ මම වේස ගෑනියක් නෙවේ...
ඉන්ඩ බැරිනම් මගෙ ලෝකෙන් තොලොංචි වෙලා පලයන්...
මටයි දරු පැටියටයි ඉන්ඩ දීලා...
Saturday, June 2, 2012
උඹලට ඇහුනද?
පල් වෙච්ච කුණු කාණුවේ...
බිම පෙරලි පෙරලි...
වේදනාවෙන් ජිවිතේ ඉල්ලපු...
අහිංසකීගේ නාඩි සද්දේ...
උඹලට ඇහුනද?
පොත් ටිකට තුරුළු වෙච්ච පපුව...
පව්කාරයෙක්ගේ දත් වලින් සීරෙද්දී...
සිහියක් පතක් නැතිව...
එකී විලාප දුන්නු හැටි...
උඹලට ඇහුනද?
සුදු ගවුම කෑලි වලට ඉරෙද්දීන්...
කලව පෙනෙයි කියල ...
පිස්සියෙක් වගේ දඟලපු...
ඒකිගේ විලාපේ...
උඹලට ඇහුනද?
කරන්ඩ දෙයක් නැතිම තැන...
වෙන්ඩ තිබ්බ සේරම වෙච්ච තැන...
මුළු පිරිමි සංහතියටම...
එකී කරපු ශාපේ ...
උඹලට ඇහුනද?
තාම නැත්ද?
බිම පෙරලි පෙරලි...
වේදනාවෙන් ජිවිතේ ඉල්ලපු...
අහිංසකීගේ නාඩි සද්දේ...
උඹලට ඇහුනද?
පොත් ටිකට තුරුළු වෙච්ච පපුව...
පව්කාරයෙක්ගේ දත් වලින් සීරෙද්දී...
සිහියක් පතක් නැතිව...
එකී විලාප දුන්නු හැටි...
උඹලට ඇහුනද?
සුදු ගවුම කෑලි වලට ඉරෙද්දීන්...
කලව පෙනෙයි කියල ...
පිස්සියෙක් වගේ දඟලපු...
ඒකිගේ විලාපේ...
උඹලට ඇහුනද?
කරන්ඩ දෙයක් නැතිම තැන...
වෙන්ඩ තිබ්බ සේරම වෙච්ච තැන...
මුළු පිරිමි සංහතියටම...
එකී කරපු ශාපේ ...
උඹලට ඇහුනද?
තාම නැත්ද?
ගලවපන් ඔය කෙහෙම්මල් තටු දෙක...
සීතලයිද උඹට ?
මට තේරෙනවා...
ගොඩක් සීතලයි වගේ නේද?
මොන වගේ සීතලක්ද?
ඒක විතරයි මට තාම තේරුම් ගන්ඩ බැරි වුනේ...
උඹම කියපන් බලන්න...
උඹේ අත්තටුමයි උඹට සීතල දෙන්නේ...
ඒක තේරුම් ගන්ඩ බැරිව,
උඹ එක එකාගෙන් උණුහුම යැද්දට...
මම මොනවා කියල කරන්ඩද?
ඔය අත්තටු වලින් ඉගිල්ලෙන්ඩත් බැරිනම්,
ඕවගෙන් ඇති වැඩකුත් නැත්නම්
ගලවල විසි කරපන් ඕවා...
පාරක් පාරක් ගානේ...
හන්දියක් හන්දියක් ගානේ...
කාමරයක් කාමරයක් ගානේ...
උණුහුම හොයන්නේ ඇයි උඹ?
සත්තයි මේ කියන්නේ....
මරන් මැරෙන්ඩ පුළුවන් මට උඹව...
මට තේරෙනවා...
ගොඩක් සීතලයි වගේ නේද?
මොන වගේ සීතලක්ද?
ඒක විතරයි මට තාම තේරුම් ගන්ඩ බැරි වුනේ...
උඹම කියපන් බලන්න...
උඹේ අත්තටුමයි උඹට සීතල දෙන්නේ...
ඒක තේරුම් ගන්ඩ බැරිව,
උඹ එක එකාගෙන් උණුහුම යැද්දට...
මම මොනවා කියල කරන්ඩද?
ඔය අත්තටු වලින් ඉගිල්ලෙන්ඩත් බැරිනම්,
ඕවගෙන් ඇති වැඩකුත් නැත්නම්
ගලවල විසි කරපන් ඕවා...
පාරක් පාරක් ගානේ...
හන්දියක් හන්දියක් ගානේ...
කාමරයක් කාමරයක් ගානේ...
උණුහුම හොයන්නේ ඇයි උඹ?
සත්තයි මේ කියන්නේ....
මරන් මැරෙන්ඩ පුළුවන් මට උඹව...
Wednesday, May 23, 2012
අභිනික්මනක් නොවේ...
"පුංචි ඇස් දෙකෙ කඳුළු පුරවන්...
තාම මග බලනවා ඇතී...
ඒ වුනත් මට එන්න බැරි වග...
ඔයා තාමත් දන්නැතී..."
තාමත් මතකයි මට...
මම දන්නවා...
ඔයා එන්නේ නැහැ...
ඔයාට එන්න බැහැ...
සල්ලාලයෙක් අතින්ජිවිතේ විනාශ වුනු එකියක්
අපිරිසිදුයි කියල මම එදා හිතුවා...
මම ඔයාට ගොඩක් වද දුන්නා...
මානසිකව...
අද මම හොඳයි කියල හිතුව එකියක් එක්ක...
ඒකි මගේ ඇඳ උඩ ඒ පිරිසිදුකම පූජා කළා තමා...
ඒත් වෙන උන්ගේ ඇඳවල් උඩත්...
උන්ට ගානක් නෑ පිරිසිදු අපිරිසිදුකම...
අනේ මන්දා...
ඒවා මම අද විඳවනවා රත්තරනේ...
ජිවිතේ ගෑනියෙක්ට දරන්නවත් බැරි තරම් දුක්
ඔයා පොඩි කෙල්ල කාලෙ ඉඳල ම විඳ ගත්තා...
ඒත්....
ඒ බරෙන් බිංදුවක් මගේ ඔලුවට වැටුනාම
මම කඩන් වැටිලා...
තාම මග බලනවා ඇතී...
ඒ වුනත් මට එන්න බැරි වග...
ඔයා තාමත් දන්නැතී..."
තාමත් මතකයි මට...
මම දන්නවා...
ඔයා එන්නේ නැහැ...
ඔයාට එන්න බැහැ...
සල්ලාලයෙක් අතින්ජිවිතේ විනාශ වුනු එකියක්
අපිරිසිදුයි කියල මම එදා හිතුවා...
මම ඔයාට ගොඩක් වද දුන්නා...
මානසිකව...
අද මම හොඳයි කියල හිතුව එකියක් එක්ක...
ඒකි මගේ ඇඳ උඩ ඒ පිරිසිදුකම පූජා කළා තමා...
ඒත් වෙන උන්ගේ ඇඳවල් උඩත්...
උන්ට ගානක් නෑ පිරිසිදු අපිරිසිදුකම...
අනේ මන්දා...
ඒවා මම අද විඳවනවා රත්තරනේ...
ජිවිතේ ගෑනියෙක්ට දරන්නවත් බැරි තරම් දුක්
ඔයා පොඩි කෙල්ල කාලෙ ඉඳල ම විඳ ගත්තා...
ඒත්....
ඒ බරෙන් බිංදුවක් මගේ ඔලුවට වැටුනාම
මම කඩන් වැටිලා...
ලේ බිංදු ...
දැක්කද උඹ ?
රතු පාටයි නේද?
මොකද එපා වෙලා වගේ...
අවසානෙට එපා වෙනවද ඇයි උඹලට?
ඇඟේ තියන මේ ලේ බිංදු වලින්
දෙක තුනක් ගියාට මොකද කියල
උඹට හිතෙනවා ඇති නේද?
උඹේ හිතේ තිබ්බ ආසාව ඉවරයිද දැන්?
උත්තර දීපන් මට...
ඉවරයිද?
උඹට තව මොනවද ඕනේ ?
මගේ අන්තිම හුස්මත්?
දෙන්නද මම ?
කොහොම හරි දිනනවා මම...
වැහැපන්..
තව හයියෙන් වැහැපන්...
වැස්ස.....!!!
පලිගන්නවද උඹ මගෙන්?
මම මොකක්ද කරපු වැරැද්ද උඹට...
කමක් නෑ...
අකුණු ගගහා,ගොරව ගොරව...
තව වැහැපන්...
මගේ දරු පැටව් හාමතේ...
එත් හිඟා කන්නේ නෑ මම...
පව්කාරයින්ගේ කකුල් ලෙව කන් නෑ මම...
උන් එක්ක බුදිය ගන් නෑ මම...
මම දුප්පත් තමයි...
මට ඉන්ඩ හිටින්ඩ තැනක් නෑ තමයි...
ඒත් මම වේසකමේ යන් නෑ...
වැහි දවස් වලට,
මේ ලැයිමේ අනිත් එකීල වගේ
රස්නෙට ...
සනීපෙට ...
සල්ලි වලට ...
පව්කාරයෝ ගාව බුදියගන්නේ නෑ මම...
උඹේ අකුණකින් මුන්ගේ අප්පා මලාට ...
මම මැරි මැරී ජිවත් වෙන් නෑ...
මොකද මම මගේ කෙල්ලගේ අම්මා...
තව හයියෙන් වැහැපන්...
වැස්ස.....!!!
පලිගන්නවද උඹ මගෙන්?
මම මොකක්ද කරපු වැරැද්ද උඹට...
කමක් නෑ...
අකුණු ගගහා,ගොරව ගොරව...
තව වැහැපන්...
මගේ දරු පැටව් හාමතේ...
එත් හිඟා කන්නේ නෑ මම...
පව්කාරයින්ගේ කකුල් ලෙව කන් නෑ මම...
උන් එක්ක බුදිය ගන් නෑ මම...
මම දුප්පත් තමයි...
මට ඉන්ඩ හිටින්ඩ තැනක් නෑ තමයි...
ඒත් මම වේසකමේ යන් නෑ...
වැහි දවස් වලට,
මේ ලැයිමේ අනිත් එකීල වගේ
රස්නෙට ...
සනීපෙට ...
සල්ලි වලට ...
පව්කාරයෝ ගාව බුදියගන්නේ නෑ මම...
උඹේ අකුණකින් මුන්ගේ අප්පා මලාට ...
මම මැරි මැරී ජිවත් වෙන් නෑ...
මොකද මම මගේ කෙල්ලගේ අම්මා...
Tuesday, May 22, 2012
තවත් මල් පෙත්තක්...
කැඩුණු මල් පෙත්ත...
ආපහු හදන්න යද්දින්...
මල් පෙත්ත කැඩුවේ මම කියල...
ලෝකෙට පෙන්නේ...
ඇයි කියන්න මම දන්නේ නැහැ...
ඒ මේ ලෝකේ හැටි වෙන්න ඇති....
ඉවසන්නම්...
සීමාවක් නැති මේ ඉවසිම ම...
කවදාහරි සීමාවක් හොයාගනිවී...
මේ පොලවේ පය ගහල ජිවත් වෙයව්...
හෙන ගහපියව් තොපිට...
මගේ කෙල්ලට පව් දෙයියනේ...
ඉස්කෝලේ යන්ඩ බෑලු..
බස් එකේ කරදරලු...
ගෑනු දැක්කම තොල කට වේලෙනවා...
ඊට පස්සේ...
ඒ වේලෙන තොල කට ලෙව කනවා...
ඊටත් පස්සේ පටන් ගන්නවා...
මුලින්ම අත..
ඊ ලඟට කකුල...
අසම්මජ්ජාති පාහරයෝ...
ඇත්තටම තොපි අම්මලාගේ බඩින් උපන් උන්ද?
නැත්නම් අම්ම තටමද්දී වෙන තැනකින් එලියට ආව උන්ද?
මට සැකයි තොපේ අම්මල අප්පල ගැනත්.....
මට කරානම් මම දන්නවා මට්ටු කරන්ඩ...
එකක් සෙරෙප්පුව...
අනික කුඩේ...
පාහරයෝ තොපිට ලැජ්ජාව කටින් හපන් දුවන්ඩ වෙන්නේ...
ඒත් මේ අහිංසකී මොනවා කරන්නද?
පුලුවන්නම් උරා බීපියව්
මේ අහින්සකීගේත් රීරි මාංස...
හිතපියව්....
තොපිලගේ අම්මලටත් ඕකම කරයි මොකෙක් හරි ඇවිත් ...
තොපි බලන් ඉද්දින්ම...
මේ පොලවේ පය ගහල ජිවත් වෙයව්...
මගේ කෙල්ලට පව් දෙයියනේ...
ඉස්කෝලේ යන්ඩ බෑලු..
බස් එකේ කරදරලු...
ගෑනු දැක්කම තොල කට වේලෙනවා...
ඊට පස්සේ...
ඒ වේලෙන තොල කට ලෙව කනවා...
ඊටත් පස්සේ පටන් ගන්නවා...
මුලින්ම අත..
ඊ ලඟට කකුල...
අසම්මජ්ජාති පාහරයෝ...
ඇත්තටම තොපි අම්මලාගේ බඩින් උපන් උන්ද?
නැත්නම් අම්ම තටමද්දී වෙන තැනකින් එලියට ආව උන්ද?
මට සැකයි තොපේ අම්මල අප්පල ගැනත්.....
මට කරානම් මම දන්නවා මට්ටු කරන්ඩ...
එකක් සෙරෙප්පුව...
අනික කුඩේ...
පාහරයෝ තොපිට ලැජ්ජාව කටින් හපන් දුවන්ඩ වෙන්නේ...
ඒත් මේ අහිංසකී මොනවා කරන්නද?
පුලුවන්නම් උරා බීපියව්
මේ අහින්සකීගේත් රීරි මාංස...
හිතපියව්....
තොපිලගේ අම්මලටත් ඕකම කරයි මොකෙක් හරි ඇවිත් ...
තොපි බලන් ඉද්දින්ම...
මේ පොලවේ පය ගහල ජිවත් වෙයව්...
Monday, May 21, 2012
උඹ දැන් නිදහස්...
ඉවරයි...
හැමදේම ඉවරයි..
උඹයි මමයි හදපු හීන මාලිගා...
හැමදේම ඉවරයි...
ඒවා දැන් අතීතේ...
ඔව් උඹත් දැන් අතීතේ...
මම කිවා...
කට කඩෙනකම් කිවා....
කෝ ඇහුවද?
නෑ ...උඹ ඇහුවේ නෑ...
උඹට තව පියාඹන්න ඕනි වුනා...
පලයන් යන්නම පලයන්....
උඹට ආයිත් එන්න දෙන්නේ නෑ මා ගාවාට
උඹේ ලේ තියන මේ පිහියම
මගේ අන්තිම හුස්මටත් වග කියයි...
හැමදේම ඉවරයි..
උඹයි මමයි හදපු හීන මාලිගා...
හැමදේම ඉවරයි...
ඒවා දැන් අතීතේ...
ඔව් උඹත් දැන් අතීතේ...
මම කිවා...
කට කඩෙනකම් කිවා....
කෝ ඇහුවද?
නෑ ...උඹ ඇහුවේ නෑ...
උඹට තව පියාඹන්න ඕනි වුනා...
පලයන් යන්නම පලයන්....
උඹට ආයිත් එන්න දෙන්නේ නෑ මා ගාවාට
උඹේ ලේ තියන මේ පිහියම
මගේ අන්තිම හුස්මටත් වග කියයි...
අද මට තනියෙන් නිදාගන්න දෙන්න...
ඔයාව ලබන්න මම වගේ එකියක්
ගොඩක් පින් කරන්න ඕනි...
ඔයාගේ පවකට මාව ලැබුනේ...
කවදාවත් මම කාගෙන්වත් දෙයක් ඉල්ලලා නෑ...
අඩුම තරම දෙවියන්ගෙන්වත්!
එත් අද මම ඉල්ලනවා ඔයාගෙන්....
අනේ අදවත් මට තනි වෙන්න දෙන්න...
ගෙවුණු අතීතේ,
හැම රෑකම,
මට එහා පැත්තෙන් පිරිමියෙක් නිදන් හිටියා...
වඳින්නම්...
ඔය රත්තරන් කකුල් අල්ලලා වඳින්නම්...
අද මට තනියෙන් නිදාගන්න දෙන්න...
ගෙවුණු අතීතේ,
හැම රෑකම,
මට එහා පැත්තෙන් පිරිමියෙක් නිදන් හිටියා...
වඳින්නම්...
ඔය රත්තරන් කකුල් අල්ලලා වඳින්නම්...
අද මට තනියෙන් නිදාගන්න දෙන්න...
Subscribe to:
Posts (Atom)










