කුරුළු යාළුවෝ

Thursday, July 5, 2012

මේ...කෙල්ලෙක් ඉන්නවද?

හ්ම්ම්ම්...ඔන්න ගොඩ කාලෙකින්...ආදරෙන් මත් වෙලා මෙව්වා වෙලා ආදරේ උස්මුරුත්තාවටත් ඇවිත්...ඕකෙන් මේකෙන් බ්ලොග් එක ගැනත් අමතක වුනා වගේ...උදේ පාන්දර ඇඳෙන් නැගිටිද්දීන් කලිසම නෑ...මෙව්වා ජාත්යන්ත්‍රණ කුමන්ත්‍රණ...මගේ පිටි පස්සේ මොක්කදෝ විසාල දේසපාලන බලවේගයක් ක්ලියාත්මක වෙනවා...දනි පනි ගාල නැගිටලා කලිසමත් නිකන් පටලෝගෙන කොම්පිතරේ ඩෙක්ස්ටොප් එකට උම්මා එකක් දීල ඒම දවස පටන් ගත්ත...වෙලාව අටත් පහුවෙලාද කොහෙද..පල්ලෙහා එවුන් උදේට කනවා...මමත් ගියා මුණ එහෙම හෝදගෙන නිකන් සිරිමත් වගේ...අපි එහෙමයි...උදයම පුබුදී...උඩ වැඩ කරන එකෙක් කොත ගහල බත් එකක් බෙදාගෙන අහිංසක පිඹුරෙක් වගේ පැත්තකට වෙලා සරාස් බරාස් ගාල සවල් පාරවල් ගහනවා...මගෙත් මොකද ඉතින්..ඕනේ ජිල් බෝලයක් පහත තැනින් යයි ගලා කියල මමත් පිදුරුතලාගල කන්ද වගේ බත් ඇබින්දක් පිඟානට දා ගත්තා...ඊට පස්සේ ලක්ෂපාන ඇල්ල වගේ සොදි ජුන්ඩක් දා ගත්තා...එක මාලුවනේ ඉතින්...
මාතිය මොකද පවුල් ප්‍රශ්නයක්වත්ද ඈ...කාල මැරෙන්ඩද හදන්නේ?

එතන හිටපු අත් උදව්වට ඇවිත් හිටිය දෙමල කොල්ලෙක් අහපි...
නෑ බොල අපේ අම්ම මට  රන්කිරි කට ගාල තියෙන්නේ සවලෙන්නි...ඒකයි මේ.
..
මුන්ටත් අහන්ඩ වෙන දෙයක් නැනි...මල පැනල මට අසු හාරදාහට...එත් කන අතරේ මතක් වෙච්චි දෙයක් මේ...උඹෙන් අහන්ඩ හිතුනා...
දෙයක් අහන්නම්...උඹේ කෙල්ල  මොන වගේද?(කොල්ලන්ගෙන් ඇහුවේ හරිද?කෙල්ලොන්ටත් ඉන්නවා...අපි දන්නවා හු ඈ...)උඹ උඹේ  හිතේ කුපාඩිකම් වනචරකම් වෙන ලාභ ප්‍රයෝජන බලාගන නැතිව ඇත්තටම ජිවිතේ ගෙනියන්න තමන්ගේ අනාගත සහකාරියව තෝරාගන්න හිතනවානම් උඹ ඒ හිතන කෙනා උඹ ඒ පතන කෙනා උඹ ඒ බලාපොරොත්තු වෙන කෙනා කොච්චර දුරට උඹට ගැලපෙනවද කියල හොයල බලන්න ඕනි....මොකද ආදරේ කොච්චර සොඳුරු වුනත් ප්‍රේමයත් රාගයත් එක්ක ඔය ආදරේ කොච්චර ලස්සන වුනත් දෙන්නට දෙන්නව තේරෙන්නේ නැත්නම් දෙන්නට දෙන්නව අඳුනගන්න බැරිනම් ඒ ආදරේ විවාහයකින් කෙලවර වෙන්නේ නැහැ...ඒක ඉස්තිරයි..අහම්බෙන් විවාහ වුනත් රඳා පවතින්නේත් නෑ...පොඩ්ඩක් තේරුම් අරන් වැඩ කරහන්...
සමහර කෙල්ලෝ ඉන්නවා හරිම නිහඬයි...නිහඬයි කියන්නේ ඉතින් කතා නෑම තමා...කතා කරන වචනේ කට ඇතුලේ ඉන්න එකෙක්ට මිසක් පිට ඉන්න එකෙක්ටනම් ඇහෙන්නෙම නෑ...සමහර කොල්ලෝ ඒ වගේ උන්ට ආසයි...ආසයි කිව්වේ කැමතියි...ඒ වගේ කෙල්ලෙක්ව යාලු කරගන්ඩ නම් ඉතින් අසාමාන්‍ය කට්ටක් කන්ඩ වෙනවා...ඇයි හත්තලාමේ මෙකි කතා කරන්නේ නැහැනේ...මොන කෙං ගෙඩියක් කරන්ඩද?මේ වගේ කෙල්ලෝ සාමාන්‍යයෙන් ආදරේ ගැනවත් ජිවිතේ ගැනවත් හරි හමන් අදහසක් ප්‍රකාශ කරන්නේ නැහැ...දවල්ට කන්නේ මොනවද ඇහුවොත් කියයි ඕනි දෙයක් කියලා...මෙහෙම කරමුද ඇහුවොත් හා ඔහොම කරමු කියයි...නරකද ඇහුවොත් නරකයි කියයි..ඒකම හොඳද ඇහුවොත් හොඳයි කියයි...ඔය වගේ කෙල්ලෝ හරි දුර්ලබයි..රතු දත්ත පොතෙත් නැතිව ඇති ඔහොම උන් නම් අද කාලේ...සෙට් කරගත්තොත් ඒක වාසනාවක් තමා...හැබැයි ඒ කෙල්ල හන්ද උඹේ ජීවිතේට මහා ගොඩක් දේවල් නම් ලැබෙන්නේ නැහැ...කෙලින්ම කියනවනම් එකී හරියට මැටි ගුලියක් වගේ...උඹට ඕනි විදිහකට හදාගන්ඩ පුළුවන්...
තවත් කෙල්ලෝ ජාතියක් ඉන්නවා උන් දිහා බලන් හිටියාම ටිකක් වෙලා අපට හිතෙනවා ඈ යකෝ මේකිගේ ඇඟ පුරාම කටවල්ද කියලා...ඕනි මගුලයි එපා මගුලයි සේරම කියෝනවා...කොල්ල එක්ක නෙවේ...රට වටේම ඉන්න හාල් පාරුවෝ එක්ක...විලි සංගයක් නැතිව දඟලනවා...අදහස් ප්‍රකාශ කිරීම අතින් අංක එක..වෙන එකෙක්වත් සෙකන්ඩ් නෑ...ඔය ලිඳ ළඟ සංගම් වල කයිවාරු ගහන කේලාම් ගෑනු බිහිවෙන්නේ උන් ලොකු උනාම තමා...සාමාන්‍යයෙන් මම දන්නා තරමටනම් කොල්ලෙක්ට ඔහොම එකියක් සෙට් වෙන්නේ උගේ තියන අසාමාන්‍ය පවකට...ඕනේ එකටයි එපා එකටයි හැම එකටම කියවන ඒකි එක්ක ඌ ගෙවන්නේ ජිවිතයක් නෙවේ...කොල්ලත් දරදඬු එකෙක් උනොත් එතන ඉතින් දෙවන ලෝක යුද්දේ තමා...ආදරෙත් කරලා කසාදත් බැඳලා ගෙවන ජීවිතේ ගෙවන්ඩ වෙන්නේ නයයි මුගටියයි වගේ... කොල්ල නිහතමානි අහිංසක චරිතයක් උනොත් ඉවරම තමා..අරකි ඒකිට ඕනේ විදිහට නටනවා..ගෙදර ගෘහ මූලිකයා ඒකි...ඇඬේනවා...ඒ වගේ උන් ඉතින් ගෙදරට  පහනක්...මොකද හැමවෙලේම පත්තු වෙච්ච් ගමන්නි...
තව කෙල්ලෝ වගයක් ඉන්නවා හරි සෝබන කාරියෝ...ජිවිතේ බරපතල අධ්‍යාත්මික වටිනාකමක් උන් අඳුනනනේ නැහැ...රැල්ලට දුවන උන්...සුපර් ස්ටාර්ල වෙන්ඩ,තරඟෙට සින්දු කියන්ඩ නටන්ඩ දඟලන්නේ ඒ වගේ උන්...උන්ට ජීවිතේ හැම තත්පරයක්ම හරි ආතල් එකක්...චරිතයක් වශයෙන් උන්ට කිසිම ප්‍රතිරූපයක් නෑ...එහෙම එකක් ගොඩ නගාගන්ඩ ආසාවකුත් උන්ට නැහැ...කෙටියෙන්ම කිව්වොත් ඒ වගේ උන් හරිම ගොබ්බයි...ඒ වගේ කෙල්ලෙක් උඹත් එක්ක ඉන්නවනම් උඹට තේරෙනවා ඇති මම කියන දේ..ඒකි ගැන සැකයක් ඇති වෙනවා නේද උඹේ හිතේ?ඒ වගේම ඒකිව නඩත්තු කරන්ඩ උඹේ අම්මලට තාත්තලටත් පාර්ට් ටයිම් ජොබ් කරන්ඩ වෙනවා වෙනමම...ඒකිට විසේ..ඒ විසේත් එක්ක උඹට හැරෙන්ඩ බෑ...උඹට හරි මහන්සි...සමහර වෙලාවට උඹට උඹ ජිවත් වෙන ලෝකෙට ඒකිව ගේන්ඩ බෑ...මොකද මහා නෝන්ජල් ගොන් වැඩ කරන්නේ...විලි සංගයක් නෑ...උඹේ පටිත් රෝල් කරනවා...උන්ගේ තාත්තලාගේ පඩිය ඉවරම වෙන්නේ උන්ට වියදම් කරලා...උන්ගේ ඔලුවට එක එක ෂම්පුයි, මොලේට තෙලුයි, ඇඟිලි විස්සට කියුටෙක්ස් විස්සකුයි ඕනේ...හැකරල්ලෙක්ගේ වගේ අත් කකුල් තිබ්බනම් උන්ගේ අප්පලාට යන්ඩ වෙන්නේ හොම්බෙන්...මුනට ඒකයි.බෙල්ලට තව ක්‍රීම් ඒකයි.අතට කකුලට බඩට කටට පිටට වගේ සරීර හැම අවයවේකටම උන්ට වෙන වෙනම ක්‍රීම් තියනවා...පුත්තලම් බුරුවො දෙතුන් දෙනෙක්ගේ වයස තියන ඒ වගේ උන් ගාන්නේ බේබි ක්‍රීම් රෑට නිදාගද්දීන්...උඹ කැරට් කෑවාට ඒකි කැරට් බොනවා...මුං ඇට මුනේ ගානවා...මී කිරි දෙහි අලිගැටපේර වගේ ඕනි මගුලක් මුනේ උලනවා...ගෙදර උයන්ඩ තියන පිපිඤ්ඤා  ඒකි මුනෙයි ඇස් වලයි තියාගන්නවා...උඹට වෙන්නේ කබයි කුරුලෑ සාරුයි එක්ක පිපිඤ්ඤා ටිකක් බත් එකට දාගෙන කන්ඩ තමා..උන් සැලුන් වලට ගිහින් මුණ ස්ට්‍රේට් කරනවා...මයිල් ස්මයිල් වෙනකම් ෆර්ම් කරනවා...කොන්ඩේ බ්ලීච් කරනවා.. තොල් රීකන්ඩිෂන් කරනවා.. උන්ගේ මුනේ වලවල් නෑ තියෙන්නේ ගොඩැලි...සැලුන් වලට ගිහින් පොටි දාල හැටේ වැලි කඩදාසියෙන් කපල එකසිය විස්සේ එකෙන්  ශයින් කරපුවාම ගොඩ...ආයේ මුණ හෝදපුවාම අනාතයි... මෙව්වා ඇත්ත...ඒ වගේ එකියක් ජීවිතේට පාත් වෙන්නේනම් කරුමේකටම තමා...පරෙස්සම් වෙයන් හරිද..ඉන්නවනම් පයින් ගහල එලවපන්...යන බල්ලෙක් එක්ක හැඳි ගෑවිලාම යන්ඩ...
ඔන්න ආතල්ම එක...තව කෙල්ලෝ ටිකක් ඉන්නවා සැපටමයි...ඒ කිව්වේ මොකක්ද දන්නවා ඇතිනි...උන්ට ශරීර සැප ඇරෙන්ඩ වෙන කිසි දෙයක් එපා...උඹ වගේ කොල්ලෝ දුසිම් ගානක් එක්ක ඒකි බුදියන්  ඉඳල ඇති..එහෙම උනත් ඒකි උඹෙන් බලාපොරොත්තු වෙන්නේ අනිත් හැම කොල්ලටම වඩා වෙනස් අත්දැකීමක්..වෙනස් විදියක සතුටක්...කැළණි පාලම යටින්පොල් ලෙල්ලක් ගියාට දැනෙන්නේ නෑනේ කොල්ලෝ...උන්ගේ ඇස් වල කළු ඉන්ගිරියාවත් නිල් පාටයි..ඒක නිල් නම් කළු ඉංගිරියාව වෙන්ඩ බෑනේ..උන්ගේ ඇස්වල නිල් ඉන්ගිරියාවත් නිල් පාටයි...මුළු ආත්මේම නිල් තමා...හැබැයි මතක තියාගනින්...ඒකි කරගත්තට පස්සේ උඹෙන් ඈතට යනවා...පාරේ යද්දින් උනත් උඹ ළඟ ඉඳන් ඉද්දින් උනත් ඇස් එහෙට මෙහෙට කැරකෙනවා ඇති ඒකිගේ...පරෙස්සමින්...අපේ ආච්චිලගේ කාලෙනම් කිව්වේ එකෙන්ම වේසියෝ කියලා...දැන් ඉතින් අපේ කාලෙට එව්වා කුණුහරප වෙලානි...මමත් කියන්නේ ඒ වගේ උන්ට වේසියෝම තම ඉතින්...මේ කුරුල්ලා ඇත්ත කියන්ඩ බය නෑ වගේම ඇත්ත වෙනුවෙන් ඔලුව නමන්ඩත් දෙපාරක් හිතන් නෑ...ඒ වගේ කෙල්ලොන්ගේ මයිල් ගහේ ඉඳන් වනචර කම...(මම මේ කියන්නේ කොල්ල ළඟ ඉද්දින් කෙල්ලට ඇතිවෙන හැගීම  නෙවේ...එකනම් ඉතින් වෙනම කතාවක්නේ ඈ...)කොල්ලෙක් ලඟින් ඒකි ගියොත් කොල්ලත් ගැබ් ගන්න සයිස්...බැරිවෙලාවත් එහෙම එකියක් හම්බ උනොත්නම් උණ්ඩුක පුච්චේ හපන් මැරෙන එක සැපයි මහත්තයෝ...මේ වගේ උන් හොදයි බාගෙට පරිනාමය වෙච්ච යෝද චිම්පන්සියෝ වගේ උන්ට...
සාමාන්‍යයෙන් කොල්ලෙක් තමාගේ මුළු ජිවිත කාලෙම හීන මවන්නේ තමන්ගේ අම්ම වගේ ආදරේ සෙනෙහස දෙන කෙල්ලෙක්...ඒ විදිහේ කෙනෙක් ජීවිතේට ලැබෙන්නේ බොහොම කලාතුරකින්..අඩුවෙන් කතා කරන වැඩියෙන් ඇහුම් කන් දෙන එත් දෙන්න තනියම ඉද්දින් උඹට කතා කරන්නද තියා කට අරින්ඩවත් නොදී ගිරවියෙක් වගේ කතා කරන විදිහේ ගෑනු ළමයෙක් උඹට ඉන්නවා නම් ජිවිතේ ලස්සන වෙයි...උඹ ළඟ ඒකි පිස්සියක් වෙයි..උඹ ඉල්ලන දේවල් දෙයි..උඹ හොයන සැනසීම දෙයි..මුළු ආත්මෙන්ම උඹට ජිවිතේ දෙයි...උඹ ළඟ වල් වෙයි...සමාජේ ඉස්සරහ අහිංසක වෙයි..ඇත්තටම උඹට ඕනෙත් ඒක නේද?ඇත්තටම කොල්ලෙක් විදිහට ජිවිතේ විඳින්න ඕනෙනම් පියවරෙන් පියවර ජිවිතේ සාර්ථක වෙන්ඩ ඕනෙනම් හොයාගනින් එහෙම එකියක්...මටනම් හම්බ වුනා...සාර්ථක මිනිහෙක් පිටිපස්සේ ගෑනියෙක් ඉන්නවා කිව්වට හැම ගෑනිටම මිනිහෙක් සාර්ථක කරන්ඩත් බෑ...උඹේ පින් කරලා තියෙන්ඩ ඕනේ...මොකද ගෑනියෙක්ට පුළුවන් මිනිහෙක්ගේ ජිවිතේ එක තත්පරෙන් විනාස කරලා දාන්ඩ...පරෙස්සමින්...

30 comments:

  1. යකෝ මම මෙහේ දාහෙන හොයනවා කෝ හිටපු අයාල් කියන එකා කියලා. ඒ අස්සේ මු හොරෙන්ම කිදුරෙක් වෙලා. හත් දවසේ දානේ දීලා හිත හදා ගන්න හැදුවේ. ඔය උඹ කියන මොනවා උනත් මමත් දැන් ආදරෙයි අහස තරම්................. <3 <3 <3

    ReplyDelete
    Replies
    1. අප්පොත්තියේ රෙපෝ...පාටියක් දීහන් ඈ..

      Delete
    2. මොන පාටිද බං. එල්ලෙන්න වැලක් හොයලා දීපන් මට.

      Delete
    3. එව්වා බලන එක තහනම් කළල බන් මත...ඉතින් උඹත කොහෙන් හොයල දෙන්නද? : පී

      Delete
  2. සිරාවට !! මේක නම් නියම පෝස්ට් එකක්. මමත් කෙල්ලෙක්නෙ. ඒ වුණාට ඔයා බැනල තියන අයට නම් මමත් බනිනව. මම හිතන්නෙ නෑ මම සර්ව සම්පූර්ණයි කියල. ඒ වුණත් ඔයා අන්තිමට කියල තියන විදියෙ කෙල්ලෙක් වෙන්න හීන දකින ගමන් මේ ඉන්නෙ :පී

    ReplyDelete
    Replies
    1. සිඳු ඔයා ඔහොම හිතන එකත් වාසනාවක්...ඔයාව ලබන කොල්ල වාසනාවන්තයි..හරියට මගේ කෙල්ල නිසා මම වාසනාවන්ත වුනා වගේ...ඒ වගේ කෙල්ලෙක් වෙන්න ඔයාට සුභ පතනවා මම...

      Delete
  3. ලත්තනට ලියලා අදත්.ශොයි අලේ.මෙයා දන්න දෙවල් අලි පුදුමයි.ලත්ත්නයි.

    ReplyDelete
    Replies
    1. එම තමා අලෙ...මම ඉතින් ඔයාගේ නි...උම්මා ඈ...

      Delete
  4. මං අහින්සකයිද?

    ReplyDelete
    Replies
    1. ඔව් මැණික ඔයා ගොඩාක් අහිංසකයි...මම නොදන්නවයි..:පී

      Delete
  5. magen suba patum kurullo.....hoda girl kenek hambaunata.oyata hamba wela inna a wage kellektanam pana dunnat madi ayya....mamat uthsaha karanne ayya anthimata kiyala tiyena kenek wege wenna.

    ReplyDelete
    Replies
    1. ගොඩක් හොඳයි නංගියෝ...ලස්සන හිතක් තියන කොල්ලෙක්ට වාසනාවක් වෙන්න...මේ ලෝකේ හැමෝම ඔයාල වගේනම් කොච්චර හොඳද?ඉත්තුති...

      Delete
  6. අප්පත් සිලි...මේකගෙ අදහස් ටික රාමු ක්අරල කැබිනට් එක පතුලෙන්ම දාගන්න ඕනි ඈ,., ශා මරුනේ,., අදහස් ටික ,., නිකන් රා කට්ට තේ හැන්දෙන් ,.,අරගත්තා වගේ ලස්සනට තියනවා ,ම්.,,

    ReplyDelete
  7. +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
  8. චඃ

    දැන් මේ බොග් එක අපි වගේ පොඩි උන්ට වැඩක් නැති තැනක් ..... :/

    ග්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්

    ReplyDelete
    Replies
    1. ඈ..යකෝ මෙව්වා කියවල වලේ නොවැටී ඉන්දහල්ලා...

      Delete
  9. හි හි ..නියම පොස්ට් එක..:)

    ReplyDelete
  10. හයියෝ... මේක කියවල මට නිකන් පික්‍ෂු වගේ. :)

    ReplyDelete
  11. සරම් නම් ගැලවෙනවා. ඒත් කලිසම් කොහොමද නිදාගෙන නැගිටිද්දී ගැලවෙන්නේ :D

    ReplyDelete
    Replies
    1. කොහොම හරි ගලවිලානි...එක්කෝ මෙව්වා වෙලා හීනෙන්...නැත්තම් ඉතින් මමම මෙව්වා කරලා...

      Delete
  12. මමත් ඔය ජාතියේ කෙනෙක් හොයනවා මේ දවස්වල ...

    ReplyDelete
    Replies
    1. ඈ...අනිවාර්යෙන්ම හම්බවෙයි රොබින්..එල ඈ...

      Delete
  13. පට්ට ඕයි..!!!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  14. හිහී දැනෙන්නම ලියලා තියේ...

    ReplyDelete
    Replies
    1. ඈ...මෙයාටත් දැනිලා වගේ ඈ...ඉත්තුති අක්කේ...

      Delete

අදහසක් දාමුද?