කුරුළු යාළුවෝ

Saturday, October 5, 2013

ඔයාල නැතුව ඉන්න බෑ මට...අයියෝ සල්ලි...


හම්මෝ පියාඹල පියාඹලා මාර හති කුරුල්ලට...


මේ කොහෙද මේ...හුටා...මේ මගේ බ්ලොග් කටුව නේද ඈ...


මම                     : ඇත්තටම මගේ සත්තලන් බ්ලොග් පැටියෝ ඔයා කොයිද මෙත්තල කල් ගීන් ඉතියේ ඈ...

මගේ බ්ලොග් එක : අනේ පල ඩො යන්ඩ

මම                      : ඈ...

මගේ බ්ලොග් එක : මාව අමතක උනා නේද තොට

මම                      : අනේ නෑ  සත්තලනේ වැඩ ගොඩයි....

මගේ බ්ලොග් එක : පල පල යන්ඩ....


එහෙම කෝමද යන්නේ ඈ...උඹ මගේ..මම උඹේ...මෙරේ ආශුකී අබු තුම් ඈ..අනේ සමාව භාජනෙකට දාන්න හැමෝම හොඳද? කුරුල්ලට එන්න බැරිවුනේ කුරුල්ලා ගොඩක් කියන්නේ ගොඩක්ම බිසී හින්ද ඈ...

රෙපා, තරුවා, හිරු හිමා එහෙම කෝ දැන් නෑ...තරා වෙලාද දන්නෙත් නෑ...මොනවා කරන්නද ඉතින්..මෙන්න විස්තරේ...


කුරුල්ලා දැන් ඉන්නේ රජරට ආයුර්වේද වෛද්‍ය විද්‍යාලේ.ඒ කියන්නේ තව අවුරුදු තුන හතරකින් කුරුල්ලා දොත්ත බබෙක්...දැන් තොත්ත බබෙක්...මේ ඉතින් මගේ පලවෙනි අවුරුද්දලු...ඒත් එක්කම අපිලු පලවෙනි සෙට් එක...එතකොට මම මේකේ ශිෂ්‍ය මෙව්වා එකේ ලේකම්ලු ඈ...ලේසි නෑ...ඒ වුනාට ඔය කියන තරම් අමාරුත් නෑලු ඈ...මම ගැන කියෙව්වා ඇති...දැන් ඔන්න සමාව හද්ද ලොකු තඹ හැලියකට දාන්න තරම් කුරුල්ලා හේතු කිව්වා ඈ...

ඔය කකුල් කැඩෙනකම් ඇවිදින රෙපයි, ගිරිය කඩන් සින්දු වලට සාධාරණය ඉෂ්ට කොරන හිරු හිමාවියි, බෙල්ල කඩාගෙන අත පය හූරගෙන වලවල් හාරන අපේ තිලිණි අක්කයි මට බනින්න බෑ ඔන්න....ඒ මදිවට මම කාරුණික ඉල්ලීමක් කරනවා මාව අයින් කරපු සින්ඩි කාරයෝ සේරටම ආපහු මාව දා ගන්ඩ කියලා...ඈ යකෝ මේක හරි මගුලක්නි...මුන් මාව අයින් කරලනි...අත උස්සල පයින් ගහනවා පස්ස පැත්තට කන පැලෙන්ඩ ඈ...මල පනිනවා ඈ...


වැඩක් නෑ කෑ ගහලා...එකෙක්ටවත් ඇහෙන එකක් යෑ...


වෙන්න තියන සේරම වෙලා පති වතත් කෙලෙසගෙන මාර අසික්කිත විදිහට මම දැන් මේකේ ඉන්නේ.මොනවා කරන්නද ඉතින්...බනින්නෙපා කවුරුවත්.අහිංසක අසරණ කුරුල්ලෙක්ගේ මෙව්වා වෙච්ච් හිතකින් ගලාගෙන එන අනුරාගී සිතිවිලි මෙව්වා.ඩොටේ පියාඹලා හරිම මාන්සි.මේ වෙද්දී කුරුල්ලා රෙපාට වඩා ඇවිදලා තියනවා..ඔන්න රෙපෝ උඹේ රෙකෝඩ් එක කැඩුවා මම..එන වෙලාවක මෙහෙටත් වරෙන් මව බලල යන්ඩ...රෙපා මැරිලද දන්නෙත් නෑ..බැඳලා ළමයි දහයක් දොළහක් ඉන්නවද දන්නෙත් නෑ...හිරු හිමා තාම යහතින් ඉන්නවද දන්නෙත් නෑ... ආයෙත් බ්ලොග් කාරයෝ කවද එකතු වෙයිද දන්නෙත් නෑ..බුකියේ මචං මැක්ස් එහෙම ඉන්නවද දන්නෙත් නෑ...ප්‍රශ්න කෝටියයි...සේරම අලුතෙන් හැදුවා...මෙන්න මගේ බුකිය...අනේ දන්න කියන අයට කියන්න ඈ...අලුතෙන් හැමදේම හදන් ගොඩ එන්ඩ හදන මේ අසරණයට එක හිතින් උදව් කරන්න ඈ...

ආයෙත් ලියන්න පටන් ගන්නවා සත්තයි...ඒ එක්කම ගොඩක් ආදරෙන් ලිව්ව සමහර සමහර පොස්ටු ඩිලීට් කරා...එව්වා දැන් වැඩක් නැති හන්දම නෙවෙයි...ඒත් එක දෙයක් ඉගෙන ගත්ත.හැමදේම හැමදාම තියෙන් නෑ..ඒක හන්දා මම සිරි ලංකා සමාජවාදී පෙජාතන්ත වාදී මෙව්වා එකේ සියලුම බ්ලොග් කරුවන්ට හා මෙව්වා කියවන උන්ට කියන්නේ ආයෙනම් මම මගේ ඉලව් ගැන මේකේ ලියන් නෑ...සත්තයි...අල්ලපු බෝඩිමේ ඉන්න ඇන්ටි පල්ලා....


එහෙනම් බැනපල්ලා ඇති තරම්...මම පටස් ගාලා පොස්ටුවක් ලියනකම්....

4 comments:

  1. පල පල ඩෝ යන්න..

    කුරුල්ලා දැන් ඉන්නේ රජරට ආයුර්වේද වෛද්‍ය විද්‍යාලේ.ඒ කියන්නේ තව අවුරුදු තුන හතරකින් කුරුල්ලා දොන්ත බබොක්.. :P

    හික්ස්.. අවුරුදු කීයකින් විතරද මේ ආවේ ? උඩ ලිස්ට් එකේ කියපු කට්ටිය බොහොමයක් දැන් හොයාගන්නවත් නෑ. හිරු හිමාවී අවුරුද්දකට විතර කලින් ගියා ගියාමයි.
    දැන් සිංහල බ්ලොග් අවකාශෙ පාළුවට හිගිල්ලා...

    ReplyDelete
  2. දෙයියනේ....එහෙමද?කවුද ඉතින් දන්නේ...ගොඩක් කාලෙකින් අවේ...ඇත්තටම ගොඩක් දුකයි....රෙපාවත් නැත්ද?එක තම කිසි කික් එකක් නෑ...අනේ මන්දා...මේ මොකෝ වුනේ...වෙනද මේක ඇතුලේ රණ්ඩු, ලව් වැහි වැහලා

    ReplyDelete
  3. මමත් ආවේ උඹ කරුමෙට බුකියෙන් සෙට් උන හිංදා ඩො. අනිත් උන් නම් සෙට් එකම නැද්ද මංදා

    ReplyDelete
    Replies
    1. එකනි...මගේම කරුමේ තම බුකියෙන් උඹව සෙට් උණු එක...මමත් අයෙත් වල බැස්සා...ඔ යේ...කමක් නෑ මතන්...එකට වලේ හිටිය අපි අයෙත් වලෙනි...ආසියාවේ ආශ්චර්ය නි බන්...

      Delete

අදහසක් දාමුද?