කුරුළු යාළුවෝ

Friday, July 6, 2012

මල් එක්ක මගේ රස්සාව...

අනේ මන්ද ජීවිතේ සතුට කියන දේ හොයාගෙන මම මේ ජොබ් එක තෝරාගත්තා...ඇත්තටම මම නිදහස්...මාව තේරුම් ගන්න කෙනෙක්ට හිතෙයි මම ගොඩක් නිදහසේ ඉන්න කෙනෙක් කියලා...මේ ජොබ් එකට මම ආදරෙයි..ලොකු පඩියක් ලැබෙන්නේ නැහැ තමා...මුළු මාසෙටම කට්ට කාල කොච්ච්ච්ර දඟලුවත් හම්බෙන්නේ සොච්චමක් තමා...(දඟලන්නේමත් නෑ ඉතින්)ඒත් ජිවිතේ විඳින්න පුළුවන්...ඕනිම වෙලාවක ඕනිම ප්‍රශ්නයක් කෙලින් කතා කරලා විසඳගන්න පුළුවන්...අදත් මම ජිම් එකට ගිහින් එද්දින් උදේ පාන්දර 9.30 යි...හිකිස්...ඒත් වැඩ කරන වෙලාවට වැඩම තමා ඉතින්...පෝරු ඩිසයින් කරන්නද, සෙටිබැක්  ද,ටේබල් ඩෙකෝ ද අරවද  මෙව්වද වැඩ ගොඩයි...වෙලාවකටනම් පොඩ්ඩක්වත් නිදහසක් නෑ..ඒත් මානසික සුවය නම් උපරිමයි...මල් එක්ක ගෙවන ජීවිතේට තවත් ඇත්තම ඇත්ත මලකුත් එකතු වුනානි...ඒ නිසා ජීවිතේ තවත් ලස්සනයි...හ්ම්ම්...තියෙන්නේ පානදුරේ..එතනින් එහාට ඕනි නැහැ...මම කලින් වැඩ කලේ ලස්සන ෆ්ලෝරා එකේ...
වෙලාව පාන්දර 2 ට විතර ඇති...
මචෝ ජානුවෝ...

ඇයි බන් මේ මහා රෑ මට වද දෙන්නේ...නින්ද යන්නේ නැත්ද?
යකෝ මයිනෝ...
ඔව් බන්...
වල් රිලවෝ...පිස්සු මීයෝ...
කියපන් මචන්...
අනේ මන්ද ඇහැරියන්කෝ...
අනේ මන්ද බන් උඹත් මහා වදයක් කිත්තෝ...මගුල ඇයි බන් අහිංසක මට මෙහෙම කරන්නේ..මොකද උඹල මල ගේකවත් නයිට් එක අදිනවද?
නෑ යකෝ...ඉක්මනට සෙටිෆිකට් ටික ලැස්ති කරගනින්...
ඈ...
ඉක්මනට බන්...
ඒ මොකටද බන් මේ මහ රෑ..පයිත්තියන්ද උලමෝ...
ලස්සන ෆ්ලෝරා...
මොක?
යකෝ මමත් දැන් දැක්කේ බන්...නිදාගන්ඩ හැදුවේ...එතකොට පත්තරේ දැක්කේ..අද උදේ අටට ලස්සන ෆ්ලොර එකේ ඉන්ටර්විව් එකක් තියනවා...ඉක්මනට පලයන්...
ඈ...මොනවද බන් කරන්ඩ තියෙන්නේ?
කවුද බන් දන්නේ...
කොහෙද තියෙන්නේ?
හෝමාගම...
තෝත් මහ නසරානි කතානි කියන්නේ...කොහෙද ඕක තියෙන්නේ..හෝමාගම?මම දන්නේ නෑ බන්...ඔව්වයේ  ගිහිල්ලත් නෑ...
අනේ අනේ පල පල...කොහොම හරි හොයන් පල...මොකක්ද බන්...
ඇයි බන් උඹ මාව මෙහෙන් පන්නන්ඩද හදන්නේ?
පල කියන දේ අහලා...තෝ මේක අස්සේ හිටියොත් ටවුන් එකේම නාස්ති වෙනවා...ෂොපින් එකේ තෝව දන්නේ නැති එකෙක් නෑ...අතුගාන එකත් තෝව දන්නවා...ලජ්ජා නැත්ද යකෝ...
මොකක්ද පෙරේතයෝ ලජ්ජා?මම ඒකට යන්නේ විලි වහන් ඈ...
හැබැයි මම අම්මලට කියනවා තෝ කරන එව්වා...යනවද නැත්ද උඹ?රස්තියාදුකාරය වගේ තොරොම්බල් ගොඩක් එල්ලගෙන නැටුවා ඇති...අපිනම් ආයෙත් එක්සෑම්  කරනවා...තොට රිසල්ට් තිබිලත් හොඳ එකකට යන්නෙත් නෑ..ආයිත් එක්සැම් කරන්නෙත් නෑ...
අනේ පල...තෝ මට කන්ඩ දෙනවනේ...
මහ ලොකු ඉවෙන්ට් මැනේජර්...
පල පල...මම එකෙන් අස් උනානේ...
ඒක තමා ගොබ්බයො කියන්නේ..මේකට පල...එකේ ඉන්ඩ බෑ කියලනේ ආවේ...මම තියනවා...සේරම විස්තර මැසේජ් එකක් එවල ඇති...බායි
ඌ තිබ්බා...ෆෝන් ඒක කට් උනා...මට නිකන් මඤ්ඤන් වගේ...බැලුව මැසේජ් එක...හ්ම්ම්...වෙලාව 2.30 යි...
අම්මේ...

ම්ම්ම්ම්
අම්මේඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒ.................

මොකද මේ කෑ ගහන්නේ...
නැගිටින්ඩෝඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕ...
සද්දෙට අහල පහල ගෙවල් වල උනුත් ලයිට් දාලා...තව ටිකෙන් කන්ඩ වෙන්නේ ගමෙන්ම...
මොකද මේ?

තාත්තට යකා ආවේස වෙලා...
නෑ මේ...

මොකද?
හීනයක්වත් දැක්කද ලොකු...?
නෑ කිත්තා කෝල් කළා...
ඉතින්...
ඉන්ටර්විව් එකකට යන්දලු...
මම ඉතින් විස්තරේ කිව්වා...මෙන්න බොලේ සේරම නැගිටලා ගජරාමෙට වැඩ...අම්ම උයනවා..තාත්ත පොල් ගානවා..මලයා නැගිටලා ඇඳුම් මදිනවා...ඈ යකෝ මාව යවන්ඩ තියන හදිස්සියක්...ඇත්ත තමා ඉතින්...මාස ගානක් කරපු ජොබ් එක... අම්මයි තාත්තයි හරියට ලොකුවට තමුන්ගේ ලොකු පුතා කරන ජොබ් එක ගැන කතා කරද්දින් ජොබ් එක එපා කියලා ආවනේ...ක්ලෝරීන් දාලා සායම හෙදුවලු මම...අපේ මලය කියන්නේ..ඕකට මම...
ඇත්ත තාම ඉතින් ජොබ් කට්ට තියෙද්දින් සලකපු කට්ටිය දැන් නිකන් බලන්නේ බල්ලෙක් ගානට දාලනේ...
කොහොමින් කොහොම හරි 4 වෙද්දීන් සේරම බඩු ලැස්ති...කොල්ල නිකන් මොකාද එකා වගේ අත් දිග කමිසයක් ගහලා කකුල් දෙකටම කලිසම් ඇඳලා...හප්පේ කන්නාඩියෙන් එකයි මම...හිකිස්...
අම්මටයි තාත්තටයි දන ගහල වැන්දා...
අයියේ...

ඇයි බන්...
මෙන්න මුත් වඳිනවා මට ...
ඈ බොල මම රට යනවා කියල හිතුවද?යකෝ මම හවසට ගෙදර එනවා...
නැග්ග කුරුණාගලින් බස් එකට... අපි ඉතින් රීම් එකෙන් ගියත් යන්නේ ඒසී බස් වල තමා ඈ...මේ කාලේ කොල්ලන්ට හරි අනාරක්ෂිතයිනි...කෙල්ලෝ පිස්සු හැදිලා වගේ අපි බස් එකේ හිට ගත්තාම අපේ පිටිපස්සෙන් ඇවිත් හිටගන්නවා...හයියෝ හතර විලි ලැජ්ජාවේ බෑ...කොළඹටත් ගියා...ඉතුරු ටික...
ඔටුවා  බහින්ඩ ඔටුවා බහින්ඩ...

ඈ...හරි නෙන්නම්....කොටුවටත් ඇවිත්...හප්පා දැන් කොහාටද?හෝමාගම  බස් එකකට නැග්ගා...හම්මේ සැප..බාල්දියෙන් එකයි හුණ්ඩු දෙකයි...කරත්තයක්ද මන්දා...හෝමාගමින් බහිනකම් එක කෙල්ලෙක් දිහා බැලුවේ නෑ..අම්මප...නිකන් ව්‍යාකුල වෙලා ඔව්වට යන්ඩ ඕනේ නැනි...හෝමාගමින් බැහැල ගත්ත 678 බස් එක...ගත්ත කිව්වේ මේ නැග්ගා...
අයියේ හබරකඩින් මාව දානවද?

හබකරකඩ කොහෙන්ද බන්?
මේ අර ලස්සන ෆ්ලෝරා...
ආ..අරුන් ටිකත් එහෙට තමා...
එලනි...බස් එකෙන්ම සෙට් උනා කොල්ලෝ ටික එක්ක...අපරාදේ කියන්ඩ බෑ...ෆිට් උණු තරම කියන්නේ විනාඩි 10 ක් වත් ගියේ නෑ...අපි එක බස් එක දෙක කරලා බැස්සේ...ලස්සන එකට යද්දින් ඉස්සරහම පට්ට ලස්සන රිසෙප්ෂන් අක්කෙක්...හප්පේ සායේ දිග...නිකන් කොල්ලෝ සෙට් එකම මෙව්වා වෙලා...
ඉන්ටර්විව් එකටද...

නෑ මේ මෙහෙමම බිම වාඩිවෙලා මැරෙන්ඩ...එකෙක් හිමිට කිව්වා..කොල්ලොන්ට හිනාව නවත්තගන්ඩ බෑ...
ඉන්ටර්විව් පටන් ගත්තා...හප්පේ ආසාවේ බෑ...මල් ලෝකයයි...හැබැයි එක මලකවත් නම් දන්නේ නම් නෑ...මාර සුවඳයි...( පස්සේ දවසක දැන ගත්තේ ඒ මල් වල සුවඳ නෙවේ ස්ප්‍රේ වල සුවඳ කියල...අලෙ මන්ද )ඉන්ටවිව් එක සාර්ථකව නිමා කරලා ඔන්න ගෙදර එද්දින් රෑ 11 යි කියමුකෝ....ඔය මැද්දෙදි වෙච්ච් එව්වනම් මෙලෝ රහක් නෑ...රහ කෑලි තියනවා...එව්වා කියන්ඩ මොකක්ද වගේ...කෝම හරි ආපහු ආවේ පට්ට වටයක් ගහලා...මොකද මාත් එක්ක හිටිය උන් කෑගල්ලේ...හබරකඩින් නැග්ග ගොඩගමට...එතනින් නැග්ග අවිස්සාවේල්ලට...එතනින් කෑගල්ලට...අරුන් බැස්සා...මම එතනින් කුරුණාගලට...නෑ නෑ...නගින්ඩ බලන් හිටියා...හුටා රෑ 9 යි...එක බස් එකයි තියෙන්නේ...එකත් පොල්ගහවෙලට...හුට පරිඤ්ඤන් කිව්වලු..දැන් මොකද කරන්නේ...කොල්ල බලන් ඉන්නවා පොල්ගහවෙලට වෙලා...10.30 යි...ආව බස් එකක්...අප්පේ පතරංග නාරි දේහයක් ළඟ මම වාඩි උනා...එකී නිදි කිරා වැටෙනවා...කිටි කිටියේ ඇඳන් හිටිය ඔෆිස් කිට් එක ගැලවෙන්ඩ ඔන්න මෙන්න...මල පෙරේතියක් වගේ...හප්පේ...සිදුහත් කුමාරයා එහෙම මේකිව දැක්කනම් ඒ වෙලේම යනවා අභිනික්මනේ...අනිත් පෙර නිමිති ඕන නෑ...ඊක්කා...චා...
කුරුණාගලින් බැස්සා...
තාත්තේ...

මම ඇවිත් ඉන්නේ...ස්ටෑන්ඩ් එකට එන්ඩ...
මේ පොඩ්ඩක් පරක්කු උනා...
නෑ නෑ පරක්කු නෑ...මම හිතුවේ හෙට උදේ එයි කියලා...
කනේ පාරක් නැතිව බැනුම් ටිකකින් ශේප් වෙලා ගෙදර ගියා...මමනම් ඉතුවේ දෙයි කියල හතර ගාතෙන් වැටෙන්ඩ...
කෝමින් කොම හරි දවස් දෙක තුනක් ගියා...වැඩේ ගොඩ...මම සිලෙක්ට් වෙලා...හප්පේ අපේ ගෙදර උන්දලාට තියන සන්තෝසේ...ඇදුම් අරව මෙව්වා ලැස්ති කරගන්ඩ තිබ්බේ දවස් දෙකයි...සේරමත් ලැස්ති කරගෙන ගෙදරින් පිටත් උනා උදේ පාන්දර...ටවුමට යද්දින් විශ්වයයි දිලීපයයි කිත්තයි...සෙට් එක ෂොපින් එකේ...
ඒ අඩෝ පාටියක්...

දන්නවා කතා කරලා වැඩක් නෑ බේරුමක් නෑ කියලා...
ඒ මොනවද ඕනේ...

යමුකෝ...බ්‍රයිට් බ්‍රාවෝ...
ඈ...ඒ අඩේ...
එහෙනම් එපා..පල...
අනේ මන්ද තොපිනම් යමු...තොපි තුන්දෙනාට රුම් එකකුත් අරන් දෙන්ඩද?ඈ...
අනේ පල...
බයිට්,පොටෙටෝ චිප්ස්,එක්ක මෙව්වත් ගත්තා...මම නම් බොන්නේ බියර් ජුන්ඩක් විතරයි... එකත් මුඩියට හලාගෙන නහය ගාවට ලං කෙරුවාම අවුරුද්දකට ඇතිවෙන්ඩ වදිනවා මට ...එකට මුන්...කිත්තට පොඩ්ඩක් වැඩියෙන් පෙව්වා..ඌ හන්දනී මේක සෙට් උනේ...අන්තිමට සල්ලිත් නෑ...ඉවරයි කෑවා මාව...කොම හරි හද්ද ලොකු ට්‍රැවලින් බග් එකකුත් එල්ලන් ලස්සන එකට යද්දින් වෙලාව රෑ හතයි...සික්කට සද්දයක්  දාල තමා ඇතුලට රිංගුවේ...කොහොමින් කොහොම හරි ලස්සන එකේ ජිවිතේ නම් හරිම ලස්සනයි...
කෙල්ලෝ නෑ...කොල්ලෝ විතරයි..කුණුහබ්බ විමානයයි...අමු හෙළුවෙන් දුවන්නේ උන්...කවදාවත් අමතක වෙන්නේ නැති රත්තරන් කොල්ලෝ ටිකක් ඉන්නවා එහෙ...යන්න ආසයි බලල එන්ඩ...කොහෙද දැන් නම් වෙලාවක් ඇත්තෙම නෑ..ආදරේ එක්ක හැමදේම අමතක කරලා ඒ වෙනුවෙන්ම ඉන්නවා..මේ ආදරේ නැති වුනොත්නම් අනේ මන්දා...ඒක තියෙන්නේ එයාගේ අතේ...
ලස්සන එකේ ඉන්න දවස් වල කෙල්ලෝ ගත්ත වැඩට...දිවෙන් දිව ගාගෙන හිටිය උන් වෙනස් වෙන්ඩ ගත්තා...බලන් ගියාම ගොඩක් උන් කොහෙවත් නැති නාකි මගුල් හින්ද ගෙම්බෝ වෙලා...ඒක එපා වෙන්දනම් වැඩි කාලයක් ගියේ නෑ...ඔය අස්සේ හොඳම ට්‍රේනි කියන කප් එකත් ගැහුවා මම...ඉතින් ඊට පස්සේ තමා මල් මතකෙට ආවේ...මේ ජිවිතේ මාර නිදහස්...
මට හැමදාම ඕනි වුනේ කවද හරි බඳින කෙල්ල එක්ක හැමවෙලේම ඉන්න...එයාට තනියක් නොදැනෙන්න ඉන්න...මගේම කියල මල් මතකයක් එන්න වැඩි කල් යන්නේ නැහැ...එතකොට ජිවිතේ ලස්සන වෙයි ගොඩාක්..මම එහෙම හිතනවා..කොමත් මම සල්ලි පස්සේ දුවන එකෙක් නෙවි...මැරීගෙන සල්ලි හම්බකරන එකෙක් නෙවි...ඒත් අවශ්‍ය ගාන කොහොම හරි මම බැලන්ස් කරගන්නවා...දෙයක් කියන්නම්.....මම කරේ බයෝ...රස්සාවකට යන්න තරම් හොඳ රිසල්ට් එකක් තියනවා..ඒත් මට එව්වා ගැලපෙන්නේ නැහැ...මේක කියවන උඹලටත් සමහර විට ඔහොම ඇති...ජිවත් වෙන්න රස්සාවක් නෙවේ ජිවිතේ විඳින්න රස්සාවක් හොයාගනිල්ලා...මොකද අන්තිමට ගහපු බෙරේකුත් නෑ බෙරේ පලුවකුත් නැති වෙයි...හැබැයි මේ රස්සාව තොර ගත්ත ඒක ගැන මම අද සන්තෝස වෙනවා...මොකද බුකියට යන්ඩවත් නිදහසක් ආවා...මගේ ආනගතේ ලස්සන කරගන්න මට පාර හම්බ වුනා...කොහෙන් ගියත් නතර වෙන්නේ ආදරෙන්...අනේ මන්දා...නිදහසයි සතුටයි එක්ක සල්ලි නැතත් ජිවිතේ සැහැල්ලු වෙලා...නොකා නොබී හිටියත් මානසික සුවය මට වටිනවා...මම ආදරෙයි මගේ රස්සාවට...මොකද මේක මගේ කැමැත්ත...මේ මගේ දේ...

42 comments:

  1. හ්ම්ම්..සතුටු වෙනවා ඔයා ගැන! :)

    ReplyDelete
  2. ඔයාගෙ ලිවීම ටිකක් අමුතුයි. මම කැමතියි ඒකට. එක දිගට කියවගෙන යන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ස්තුති මතං...ගොඩාක් ඉත්තුති...හැමදාම මේ පැත්තට ඇවිත් යන්න එන්න...

      Delete
  3. ඔය තියෙන්නෙ පෝස්ට් ! :D

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතින් අපේ ටින් හින්දම ටින් ටින් ගාල 18- පොස්ටුවක් දැම්ම ඈ...

      Delete
    2. (y) අපි ගැනත් හිතන්න එපැයි නේ ? :D

      එල ඈ ලිවිල්ල... ඔහොම යමු !

      Delete
    3. අනිවා...අපි ඒමයි ඈ...

      Delete
  4. නිදහස් ,සරල,ආදරණීය මගෙ ජානූ. ලස්සන එකෙ වැඩ කලානම් අපෙ ක්ලාස් එකටත් ලගයි නේ අනේ.දැන් එහෙ හිටියනම් මට කවඩාවත් ක්ලාස් යන්න වෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. පිස්සියේ...එහෙමනම් මට ඔයාව මීට් වෙන්නේ නැහැනි...පිස්සි...එකනම් ඇත්ත...ලන්ගත කළලම තියාගන්නවා එනම්...

      Delete
    2. හා මන් ආසයි.

      Delete
  5. කුරුල්ලා නිදහසේ පියාඹන්න අරන්...සතුටුයි...ලස්සන දියකිදුරියේ සුභ පැතුම්...

    ජීවිතේ අපිට ඕනි නිදහස සතුට ඒ දේවල් වෙනුවෙන්යි දවසෙ හැම පැයේම මහන්සි වෙන්නේ..ඔයා හරි නිදහස් කෙනෙක්.සතුටින් ජීවත් වෙන්න ඔය ආදරේ ලගින්ම තියන්.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ඉත්තුති ඔයාත...ජිවිතේ ලස්සනයි ආදරේ හැමදාම ලඟින් ඉන්නකම්...

      Delete
  6. එල එල අපේ කොල්ලෙක් ෆිට් එකේ කියන්නේ අපිත් ෆිට් එකේ කියන එක තමා ඈ

    ReplyDelete
  7. ලස්සන ෆ්ලෝරා එකේ වැඩත් ලස්සනයි. කියන්න බැරි තරම් කලාත්මකයි, මම ආසයි. ගොඩාක් කාලෙකට පස්සෙ තමයි දැනගත්තෙ ඒක ලසන්ත සර්ගෙ කියල. ඔන්න දියුණු වෙන මිනිස්සු. ඊටත් වඩා කවදා හරි දවසක ඔයා දියුණු වෙයි.

    ReplyDelete
    Replies
    1. ඔව සිඳු...ලසන්ත සර් හිත හොඳ අහිංසක මනුස්සයෙක්...ලස්සන ෆ්ලොර ලස්සනයි..වඩාත් හොඳයි..ඒත් සාමාන්‍ය මිනිහට දරන්න බැහැ..දුප්පත් මිනිහත් ආසයි ජිවිතේ එක පාරක් ගන්න වෙඩින් එක ලස්සනට ගන්න...මට ඕනි දුප්පත් මිනිහටත් පිහිට වෙන්න..මොකද මමත් දුප්පතෙක්...ඉත්තුති...මම දියුණු වෙනවා...කොම හලි..ආයිත් ඉත්තුති...

      Delete
    2. මැඩම් ත් හොඳයි. අපිට ඉගැන්නුව. කවදාවත් බැනල නෑ.
      ඒකත් එහෙමද, එහෙනම් මගෙ වෙඩින් එක කරන්න බැරි වෙයි ලස්සන ෆ්ලෝරා එකෙන්. :-)

      Delete
    3. ඒමද?ලසන්ත සර්ගේ නංගිට බබෙක් ලැබුනා...ෂෝයි...මමනම් දැන් ලස්සන එකේ නෙවෙයිනි...ම්ම්...වෙඩින් එක ලස්සන ඒකෙන ගන්නවා කියන්නේ මටනම් හීනයක්‌...හේ හේ...ඒත් ඒ වගේම සමහර විට ඊටත් වැඩ හොඳට අඩුවට මෙහෙන් කරගන්න පුළුවන් දුප්පත් අපට...

      Delete
  8. onna oyage diyakiduriwat malak wage bala ganna oni hode............ayyage job eka hodata karagena yanna labewa kiyala prarthana karanawa.........

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ඉත්තුති අරලියා...මට කොහොමත් මගේ කෙලි පොඩ්ඩ මලක්...ආදරෙයි මම එයාට...

      Delete
  9. මේවා අහද්දී ඊරිසියාත් හිතෙනවා බං
    උඹට හොඳ අනාගතයක් මචෝ.

    ReplyDelete
    Replies
    1. ඈ..ඒ මුකෑ ඒ...ඉත්තුති කොල්ලෝ...

      Delete
  10. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හයියෙන් හු ඈ...රජෝ එසේම වේවා ඈ...

      Delete
  11. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ඒ මෙන්න මේක ඩිලීට් කලලා...අම්මත කීනවා ඈ...

      Delete
  12. හ්ම්ම්ම්ම් ඒ අතීතයත් එක්කම ජිවත් වෙන්න තිබුනානම්....

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්...ඒ කියන්නේ ඒ වගේ අතීතයක් තිබිලා තියනවා...අපරාදේ නැති කරගන වගේ...සැක්...

      Delete
  13. ;ලස්සන;නම්ලස්සනයි ගානතමාකැත.අපේමල්ලිකෙනෙකුත් ඔතනහිටියනාමල්කියල.
    දැන්නම් ලස්සනගොඩක් දියුණුයිමංහිතන්නෙ.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..ඉත්තුති මතං...ලස්සන එක ගොඩක් දියුණුයි...ඒත් මට මාර තරහයි බන්..අහිංසක කොල්ලෝ මැරෙනවා...මාර්කටින් ල ගොඩ යනවා...එක නම් අසාදාරන වැඩක බන්...

      Delete
  14. ම්ම්ම්ම් එල එල,.,., ඔවුව ඔහොම තමයි ඈ

    ReplyDelete
  15. අහා...සතුටුයි හොදේ..සුභ පැතුම්....
    එහෙම තමයි ඉන්නෝනෙ මල්ලී...සල්ලි නෙවෙයි ජීවිතේ...

    ReplyDelete
  16. එල එල ඔහොම යන්..

    ReplyDelete
    Replies
    1. උඹත් මාත්තෙක්කම වරෙන් ඈ...

      Delete

අදහසක් දාමුද?