කුරුළු යාළුවෝ

Thursday, August 23, 2012

උඹත් බෞද්ධයෙක්ද?


මම බෞද්ධයෙක්...මම ක්‍රිස්තියානි ආගමත් පිළිපදිනවා...ඔය කුරුල්ලා දන්න ආගම් දෙක...බුද්ධාගම නම් සාමාන්‍ය දැනීමටත් වඩා පොඩ්ඩක් තියනවා...පොඩි කාලේ ඉඳං ඉගෙන ගත්තු පාසල්, දහම් පාසල් අධ්‍යාපනේට වඩා බෞද්ධ දර්ශනය ගැන ටිකක් විතර මහන්සි වෙලා හොයපු, තාමත් හොයන හන්ද වෙන්න ඇති ඒ...කොහොමින් කොහොම හරි ක්‍රිස්තියානි ආගමත් මේ දවස් වල ඉගෙන ගන්නවා...මොකද මට තේරිලා තියන විදිහටනම් මේ ආගම් දෙකේම වැරදි දේවල් කියලා දීල නැහැ...multi religional කියලා කියන්නේ ඕකද මන්දා...කොහොම හරි මේ ලෝකේ හොඳ උගන්නන හැම ආගමකටම කුරුල්ලගේ ගෞරවේ හිමිවෙනවා නිතැනින්ම...අපි කවුරුත් උප්පත්තියෙන් බෞද්ධයෝ නෙවේ...ගොඩක් අය කියනවා මමනම් උප්පත්තියෙන්ම බෞද්ධ කියලා...අනේ මන්දා...එතකොට මට දෙන්න තියන එකම උත්තරේ බෞද්ධයෙක් වෙන්න සුදුසු කමක්වත් ඒ කියන මිනිහට නෑ කියන එකයි...සමාවෙන්න එහෙම කීවට...මම බෞද්ධ...හැබැයි බෞද්ධ දර්ශනය ගැන ගොඩක් අයට තියන අමාරුව තන්හාව මට නෑ...හොඳ  දේ ලෝකේ හැමදාම දිනනවා...ඉතින් බෞද්ධ දර්ශනයේ මුලිකම දෙයක් වෙන්නේ තන්හාව දුරලීම...අනේ මන්දා...නොතේරෙන හන්දයි අහන්නේ...තන්හාව දුරලන්න ඕනිනම් ඇයි මෙච්චර  ආගම ගැනම තණ්හාවක්...ඒ තණ්හාව නිසා ම බුද්ධාගම රැකගන්න කියලා විවිධ මානසික අසහන කාරයෝ මේ ලස්සන දර්ශනය කනවා...මේක ආගමක් නෙවේ...මේක බලකිරීමක් නෙවේ....බලවේගයක් නෙවේ...දර්ශනයක්...එන්නත් යන්නත් ඕනි කෙනෙක්ට ඉඩ තියන හරිම නිදහස් නිවහල් චින්තනයක්...ඉතින් ඇයි අද මිනිස්සු මේක පටලන් ඉන්නේ....කුරුල්ලට නම් මේවා හරි ප්‍රශ්න...
හැබැයි බෞද්ධ දර්ශනේ රැක ගන්න කුරුල්ලා දිවි හිමියෙන් කැපවෙනවා...මොකද මේ ඇඟේ දුවන ලේ බින්දුවක් ගානේ මම මේ ලංකා මාතාවටත් මට යහ මග පෙන්නපු බෞද්ධ දර්ශනේටත් මම ණයයි....පොඩ්ඩක් ඔයාල එක්ක දොඩමලු වෙන්න හිතුනා එක දෙයක් ගැන...
මම දැන් බුදු වෙලා...
කාටද ඕක කියන්න බැරි....ඇට නැති දිවනි...නේද..?ඔන්න කට්ටිය කියනවා...බුදු වෙලාලු....ඉතින් අපි පිළිගන්ඩ ඕනේ...නැත්නම් මේ දවස් වල අලුත් ශාපෙකුත් යනවනි...බුද්ධ ශාපය කියලා ...අම්ම අප්පා මතක කරලා උන්ගේ හත්මුතු පරම්පරාවටම හෙන ඉල්ලන්ඩ හිතෙන්නේ එතකොට තමා...ඈ හත්තලාමේ බුද්ධ කියන වචනේ තේරුමවත් මුන් දන්නවද?බුද්ධ කියන්නේ උතුම්...උතුම් ශාපයක්...විහිළුවක් නේද?විහිළුවක් නෙවේ මානසික විකෘතිතාවක්...බුදු වුනා කියන එකා බුදු වුන තැනකුත් නෑ...දම්සක් සුත්‍රේකුත් නෑ...පස් වග මහණෙකුත් නෑ...පිට දුන්නු ගහකුත් නෑ...හැබැයි පන්සල දාලා ආරන්‍යයක් හදන් ඒසී කාමරේකට වෙලා කකුලක් පිට කකුලක් දාගෙන බඩුවකට කියලා කකුල් මිරික ගද්දීන් ඒකා බුදු වෙලා...පට්ට බල්ලෝ...සාසනේ කනවා...එක එකා එක එක විදිහට ආගම් හදාගෙන....මෙව්වා බලන් ඉන්න රටේ පාලකයෝ කියන පඩංගු හැත්ත කට බලියන් උන්ට වඳිනවා...
බුද්ධ කාලෙත් හිටියා ඔහොම එව්වෝ...ඉතින් මේකනම් අරුමයක් නෙවේ...හැබැයි දඹදිව...හය දෙනෙක් හිටියා...ෂඩ් ශාස්තෘ වරු...එක මනුස්සයෙක්ටනම් තිබ්බේ උපන් ඇඳුම...ඌ බුදු වෙලා හිටියේ උපන් ඇඳුමෙන්...උපාසක අම්මලා අහක බලාගෙනත් ගියාලු...සමහර උපාසක අම්මලා නම් ලං වෙලා උටයි අහවල් එකටයි දෙකටම වැන්දලු...සමහරු ඉතින් අද කාලේ වගේ ආරන්‍යටත් ගිහින් කොරගෙන ආවලු...ඔව්ව් ඉතින් උපාසක අම්මලාගේ හැටිණි...ලිංගේ දුන්නත් මම බුදු කියලා පරෙස්සමට අතගායි...අනේ අපේ බුදු හාමුදුරුවෝනි මේ කියලා...ඇයි මුන් මෙච්චර මිත්‍යා දුෂ්ටික...?බුද්ධ කියන වචනේ විකෘති කරලා තමන්ගේ පහත් ආසාවන්,ලාභ ප්‍රයෝජන ඉෂ්ට කරගන්න කලියුගේ බුද්ධ චරිත වලට රැවටිලා දඟලන්නේ ඇයි?
සමන්ත භද්‍ර කියන්නේ බුදු රජාණන් වහන්සේට කියන තවත් එක නමක්...මේ නම ගන්න පුළුවන් තවත් එක බුදු වරයෙක්ට විතරයි...මේ කල්පයේ නියත විවරණ දුන්නේ මෛත්‍රී බුදු රජාණන් වහන්සේට පමණයි...ගෞතම බුද්ධ දර්ශනය හදාරපු අපේ උපාසක ගෑණුන්ට ඔව්ව තේරෙන්නේ නැත්තේ ඇයි කියලා කුරුල්ලා දන්නවා...මොකද පන්සලට ගිහින් ඕකුන් බන අහන එකක් යැ...නිදි කිරා වැටෙනවා...රටේම තියන කෙබ්බ හලනවා...අන්තිමට කුණු හබ්බ කිව්වත් සාධු සාධු හාමුදුරුවන්ගේ බන ටික නම් පංකාදුයි කියල රෙද්ද උස්සන් ගෙදර ඇවිත් අගුපිලේ නිදන් ඉන්න බල්ලා දිහා බලලා බල්ලට කුණු හබ්බෙන් සිල් අනුමෝදන් කරනවා....
අබරා කියලා මනුස්සයෙක් හිටියා...ඌත් කිව්වා ඌ බුදු වුනා කියලා..ඒ කාලේ මනුස්සයෝනම් ඔව්ව පිළිගත්තේ නෑ...මොකද රාජ්‍ය පාලකයෝ බුද්ධිමත්...මහෞෂධ පණ්ඩිතයින්ගේ ආභාෂය තිබ්බ උදවිය...ඉතින් ප්‍රශ්නයක් වුනේ නෑ...ඒ ඉතින් මහෞෂධ පරපුරනි..මේ වෘෂභ පරම්පරාවනේ...දැන් ඉන්නෙත් අබරා වගේ උන් කියලා තේරෙන්නේ නෑ...අඩි හය හතක් උස කේක් ගෙඩිය කපලා විස්කි වීදුරුව බීල ඉන්න මුන් ඔව්ව කොහොම තේරුම ගන්ඩද?කාපියව් බත් ටිකක් කොස්, දෙල් එක්ක තණකොළ කන හරකුනේ...තොපිට මොලේ පෑදෙන්ඩ...
දඹදිව ඒ කාලේ හිටිය බුදු කෙනෙක් තවත්...කිව්වේ ජම්බුකාජීවක කියලා...මිනිහා හිටියෙත් උපන් ඇඳුමෙන්...ඉන්දියාවේ අදටත් ඉතිං වැසිකිලි හරිම අඩුයිනි....ඒ කාලේ කොහොමත් තිබිලා නෑ සාමාන්‍ය පවුල් වල...ඉතිං ගල් තලාවක් තියනවලු සරීර කෘතයේ කරන...ඕකට වෙලා මේ මිනිහා තනි කකුලෙන් ඉන්නවලු...ඇයි කියලා ඇහුවාම කියන්නේ මගේ කකුල් දෙකම පොලවට තිබ්බොත්  මගේ බරට මිහිකතට බර උහුලගන්න බැරි හන්ද කියනවලු....ඔන්න උත්තරේ...අද කාලේ දෙන උත්තර වලට හරිම සමීපයි...එදා මෝඩයෝ ඒක පිළිගත්තා...කකුල් දෙකෙන් හිටියත්,එක කකුලෙන් හිටියත්, අහවල් ඒකෙන් හිටියත් බර බරමනේ...ඕක අද ඉන්න ගොන් හරක්ට තේරෙන්නෙත් නෑ...කට උඩට හරවන් ඉන්න එක ගැන ඇහුවාම කිව්වලු මම ජීවත් වෙන්නේ හුළං බීල කියලා...ඔන්න හරි සැලකිලි...හැබැයි එකෙක්වත් දන්නේ නෑ මිනිහගේ පෙර කරපු කර්මෙකට අනුව රෑට මේ මිනිහ බඩ පැලෙනකම් කන්නේ අර ගල්තලාවේ තියන අසුචි කියලා...ඔන්න තත්වේ...ඔය ගෞතම බුද්ධ කාලේ දඹදිව හැටි...අනේ මන්දා...ඒ දඹදිව...මේ ලංකාව...මේ රටටත් ඒකම උනාද?
ලංකාවේ නම් බුදු බන රී මික්ස් වෙනවා...ඩී ජේ වෙනවා...පොප්, හිප් පොප්, ලොලි පොප් මේ ආදී මෙකී නොකී විදිහට බුදු බන කියවෙනවා...නෑ නෑ...දේශනා කරනවා...සෝවාන් කාරයෝ බාගෙට බාගයක්...ඒ අස්සේ සකෘදාගාමී අනාගාමී කට්ටිය වැහිවහලා...බලං ගියාම මුන් සේරම  සංසාරේ කෙලවර කරගන්නවා  ඉක්මනට...අපි විතරයි වගේ ඉතුරු වෙන්නේ...හරි හදිස්සියනේ දැන් ලෝක විනාසෙට කලින් සංසාරේ ඉවර කරගන්ඩ...මිනිස්සු හිතන් ඉන්නේ මේ ලෝකේ විනාස උනාම ඉතුරු වෙන්නේ හතර අපාය කියලද කොහෙද?බය වෙන්ඩ දෙයක් නෑ...වෙන්නේ ඒක තමා...මේ ලෝකේ මෙහෙමම තිබ්බත් මේ ඉන්න උන් නම් ඉපදෙන්ඩ වෙනම අපායක් හදන්ඩ වෙනවා...රහත් උනා කියන අපේ සමහරු මොබයිල් එක,ටීවී එක,ලැප් එක ලඟට කරගෙන සාසනේ පතුරනවා...ඉන්ඩ හම්බෙන්නේ නෑ...බුකියටත් මහා රහතන් වහන්සේලා වැඩලා...සාධු සාධු...අනේ මගේ කට...
සල්මන් කාන් එක්ක වත්ත වටේ ගිහින් අභිෂේක් ගෙන් දරුවොත් ඉන්න අයිස්වර්යාට දැන් බුකියේ තැනක් නෑ...එව්වා ලොලිපොප්  දැන්...විසි එක වෙනි සියවසේ බ්ලුටුත් චුයින්ගම් ඉන්නවා දැන් බුකියේ...ඔන්න උපාසක අම්මලා...හප්පේ බුදු බන වැක්කෙරෙනවා...එව්වා ගැන කතා කොරන්ඩ ගියොත් මේ තියන ලේ ටිකත් පිච්චිලා කුරුල්ලා තවත් කෙට්ටු වෙනවා...ඕනේ නෑ...
නනනත්තාරේ කොහෙන් හරි ආව පල්හොරු පස්සේ යනවා අද මේ බෞද්ධයෝ...මෙව්වා බණද?බන නෙවෙයි මෙව්වා සමාජ විවරණ.කාලීන බණ.මනමාල බණ.සින්දු බණ හැමතැනම...බණ දේශකයෝ මණ්ඩප වලට නැගලා එක්කෝ දේශ පාලුවෙක්ට කඩේ යනවා..නැත්තම් අනුන්ගේ ඕපයක් වමාරනවා...බෞද්ධයොත් බණ කියලා හිතාගෙන සාධු කියනවා...බණ දෙසන්ඩ කලින් පිං පෙට්ටිය ඉස්සර වෙලා...බණ විකුණන් කනවා...එක හාමුදුරු කෙනෙක් ටී ෂර්ට් එකක් දාගෙන දඟලනවා...මොන මගුල ඇන්දත් කමක් නෑ හාමුදුරුවනේ...ඔය අමාරුවනම් යාදින්නේ නැති වෙයි...ඒ මනුස්සයාගේ බුදු බව නෙවේ මහන කමත් අහෝසි වුනේ චීවරේ මාරු කල වෙලේ, බුදු වුනා කියලා බොරු කීව වෙලේ...මොකද විනය පිටකයට අනුව මහන කම නැති වෙනවා විනය කරුණු කැඩුවාම...චීවරේ කියන්නේ මොකක්ද කියල නොදන්නා උන් සාසනේට ආවාම සාසනේ නිකන්ම පරිහානියට පත් වෙනවා...ඒ අස්සේ උන්නාන්සේට මහා පුරුෂ ලක්ෂණ තියනවලු...කෙල්ලෝ කියනවලු ඔබ වහන්සේ මෙච්චර ලස්සන ඇයි කියලා...විවාහ යෝජනාත් එනවලු හරියට...අනේ දෙයියන්ගේ නාමෙන් අපට පව් නොදී ඔය අමාරුවක් තියන එකියක් බැඳගෙන දරුවෙක් මල්ලෙක් හදන් ජීවත් උනානම් නේද හොඳ?
ඔන්න කියන්නම් රස කතාවක්...බුද්ධ කාලේ හිටියලු එක භික්ෂුවක්...නිකන් නෙවේ නායක භික්ෂුවක්...හැමදාම මුන්නාන්සේ යනවලු ඉතිං පොඩි ෆන් එකක් ගන්ඩ ගණිකාවක් ගාවට...(මෙව්වා ශිෂ්ට භාෂාවෙන් ලියන්ඩ හිතෙන්නේ නෑ කුරුල්ලට..කුණු හබ්බ කුණු හබ්බම තමා)ඉතිං අද කාලෙත් ඔය සමහරුන්ගේ හැටිණි...දවසක් අමතක වෙලා බඩ්ඩ පොරවන් හිටිය නිල් රෙද්ද පොරවාගෙන ඇවිත් සිවුර දාලා...ඔන්න මීටර් උනේ ඕක ගෝලයෝ අහුවාමලු...මොකද ඉතිං පට්ට කික් එකෙනි ඉන්ඩ ඇත්තේ...ඉතිං මුන්නාන්සේ කිව්වලු මේක හොඳ නැත්ද ඇයි...මේක තමා නීලපට න්‍යාය කියලා...ගෝලයොත් පිලිගත්තලු...වෙලාවට රටේ පාලකයෝ උන්ව ගිනි තියලා...ඒත් ඉතිං අපේ රටේ පාලකයෝ නැනි...ඉන්නේ දේශ පාලුවොනේ...චීවරේ වෙනස් කලාට ඒ කාලේ දඬුවම් දුන්නේ එහෙමයි...තව ටික දවසයි...උපන් ඇඳුමට කිට්ටු වෙන්ඩ...අපේ අම්මණ්ඩිලත් වදියි ඉතිං...
තවත් කට්ටියක් කියනවා මේ ගෞතම බුද්ධ රාජ්‍ය ලු...මෙහෙලු ඉපදුනේ...මෙහෙලු බුදු වුනේ...සේරම වෙලා තියෙන්නේ මෙහෙ...හප්පේ මහා ලොකු රට මේක...මුන්ට ඕක මතක උනේ අවුරුදු දෙදාස් පන්සීයකටත් වඩා ගියාම...පරපුරෙන් පරපුර මිහිඳු මහා රහතන් වහන්සේ පිහිටුවපු සඟ සසුන පුරුක් සහිත දම්වැලක් වගේ අදටත් එන්නේ...ඒ ටිකත් නැති කරගන්ඩ වගේ හදන්නේ...අලි මදි වට හරක් කියන්නේ ඕක තමා...
කුරුල්ලට පේන හැටියටනම් බාල කාලෙම පැවිදි වුනු (පැවිදි කරවපු) හික්මීමක් නැති භික්ෂුන් නිසා මේ තත්වය ගොඩක් උද්ගත වෙලා...අනික තමා බුද්ධ ආදර්ශයට පිටින් යමින් සාසනික තනතුරු ප්‍රදානය කිරීම නිසා නායත්වයක් මග පෙන්වීමක් දෙන්න කෙනෙක් නැහැ...නැත්නම් ලංකාවේ මහානායක හිමි වරු තිස් එකක් විතර ඉන්නවා..අනු නායක හිමිවරු ඉන්නවා...කෝ මුන්නාන්සේලා මේවට එරෙහි වෙනවද?විනය ප්‍රශ්න මේවා...බුද්ධ දර්ශනයේ කිසිම ස්ථාවර භාවයක් නෑ...අද කියන දේ හෙට බොරුයි කියනවා...වෙනස් වෙන දහමක් ගැන කොහොමද මිනිස්සු විශ්වාසයක් තියන්නේ?මිනිස්සුන්වත් පැටලෙනවා...මුලික අධ්‍යන අවධියේ ඉන්න තරුණ පිරිස් ව්‍යාකුල වෙනවා...මේ ධර්ම විනයේ අසංගත බවක් නෑ...ඒක කුරුල්ලා දන්නවා...බුදු රජාණන් වහන්සේ බෝසත්වරයෙක් සේ අත්හදා බලලා මුතු වැලක් වගේ එකිනෙක මනාව ගැලපෙන මුල මැද අග යහපත්,සාර්ථක වචන තියන,දොස් අක්ෂර දොස් නැති සුදෝ සුදු හක් ගෙඩියක් වගේ පිරිසිදු ප්‍රනීත සාරපුර්ණ හරපුර්ණ උතුම් සද්ධර්මය දේශනා කර තිබෙනවා...නමුත් මේ වෙන පරිහානිය සමස්ත මානව සමාජයටම හානියක්...ධර්ම විනය හදාරන ඒක හොඳයි..ඒත් තමන්ගේ අත්තනෝමතික අදහස් එකතු කරන්න අවශ්‍ය නැහැ...ආයෙත් ධර්ම සංගායනාවක් කරන්න කාලය ඇවිත්...නැත්නම් මේ ඉන්න උගත් වියපත් භික්ෂුන් වහන්සේලා අපවත් වුනොත් මේ සාසනය පාලු වෙලා යාවි...
තරුණ භික්ෂුව මීට වඩා සැලකිලිමත් කමෙන් ඉන්න ඕනේ...අනේ මන්දා...අපේ හාමුදුරුවනේ මේ සාසනේ රැකලා දෙන්න...අපි ආදරෙයි මේ සාසනේට...මේ සාසනේ අපිට ඕනේ...අවුරුදු දෙදාස් පන්සීයක්‌ නෙවේ මෙහෙම ගියොත් තව අවුරුදු විසි පහක්වත් මේ සාසනේ තියෙන්නේ නැතිවෙයි....

6 comments:

  1. නියමම නියමයි..ජය!!

    ReplyDelete
    Replies
    1. ඉත්තුති මේ පැත්තට ආවට...සුබ පතනවා...ආයෙත් ඉත්තුති හොඳේ

      Delete
  2. අනේ මචෝ බ්ලොග් එක දිගටම ලියපන්කෝ....

    මේක මගේ ඉල්ලීමක්

    ReplyDelete
    Replies
    1. අනිවා...දිගටම ලියනවා මචං...

      Delete

අදහසක් දාමුද?