අනේ මන්දා..ඔන්න මගේ වෙලාව...මම ඉතින් ෆෑන් එක දිහා බලන්
ඉන්නවා...මිනිස්සුන්ට කිසිම කරදරයක් නැතිව තමන්ගේ පාඩුවේ ෆෑන් එක කැරකෙන
හැටි...මොලේ අමාරුව ඩබල් වෙලාද කොහෙද?මනස්ගාත හිතෙන්නේ...දැනුයි තේරෙන්නේ
මොලේ තියෙන්නේ අහවල් තැන කියලා...අපේ අම්ම කොච්චර ඕක කිව්වත් මම පිළිගත්තෙම
නෑනි...හනේ මන්දා...
කිරි අප්පට හෙන ගහලා කලාබරේට විදුලි කෙටුවා වගේ පාත් උනේ නැතයි නර්ස් අක්ක
කෙනෙක්..ෂා බෝල ගෙඩියක් වගේ..කොහෙන් බැලුවත් බෝල...පිත්තු හැදෙනවා
දෙයියෝ...විලි ලජ්ජා නැතුව මමත් මල් මාම වගේ හිනාව දැම්ම පිප්පි පැකට්
එකත් අල්ලගෙනම...ලැජ්ජා නහර හොයන්න වගේ අක්ක බැලුව මම දිහා මෙහෙක්
කරලා...අනේ අක්කේ ලැජ්ජාව මේ පැකට් එකේ..අහවල් එකටනි මේක ඇනල තියෙන්නේ...
මේ...
(කුරුල්ලාගේ පැණි බේරෙන මද සිනා...)
ජනක?
ඔව් අක්කේ
මේ එක්ස් රේ එකක් ගන්න යන්න තියනවා...අටෙන්ඩන්ට් කෙනෙක් ඒවි..එතකොට යන්න...
එතකොට මේක?
කෝ?මොකක්ද?
ඈ බොල එහෙම පුලුවන්ද වටින කියන දේවල් පෙන්නන්ඩ..අපොයිමන්ට් එකක් අරන්
වර...හිතුව විතරයි ඉතින්...කිව්වනම් එහෙම දායි කෑලි කපල බල්ලන්ට කන්ඩ...
මේ මේක...
මොකක්ද අනේ?
මේ ගහල තියන එක...
කෝ කොහෙද?
අනේ දෙයියනේ මේකිට තේරෙන්නේ නැති හැටි...බයෝ කරලා නෙවේද නර්ස්
ආවේ?මගුල...යකෝ මගේ ප්රජනක පද්ධතියයි බහිස්ස්රාවීය පද්ධතියයි මෙව්වා
වෙලා...එකෙන් බහිස්ස්රාවීය පද්ධතියට මෙව්වා එකක් ගහලා...
කැතිට එක අක්කේ...
අනේ ඕක තියෙන්න එපැයි අනේ..
මම දන්නවා තියෙන්ඩ ඕනේ කියල..මම කිව්වේ කපල දාන්ඩ කියල නෙවේ..දැන් පලකො මේකත් එල්ලගෙන එක්ස් රේ ගන්ඩ...
ඕනේ මල මගුලක් කියල ඔහේ හිටියා...කන්ඩත් නෑ..බොන්ඩත් නෑ..වලේ වැල්ලල්
නෑ...උදේ ඉඳන් මුකුත් කාල නෑ...වතුරවත් බොන්ඩ එපා කිව්වනේ...ගර්භාශේට අහවල්
එක පිරෙනවලු...මෙව්වා ඉතින් අපි ඉගෙන ගන තියන හන්දම හොඳයි..වෙන එකෙක් නම්
මෙව්වා දන්නවද..හා..?ඒ අස්සේ එහා පැත්තේ කොල්ලෝ දෙන්නෙක්...කුඩ්ඩෙක් වගේ
එකෙකුයි තව හොඳ වගේ පොරකුයි..මමත් පැකට් එක උස්සගෙනම ගීයා...නිකන් මගේ නෙවේ
වගේ...රටේම තියන විස්තර එතන...අලුත් රේඩියෝ චැනල් එකක් වගේ...මුන් දෙන්න
ගෑනු උනානම් ඉවරයි මේ රට...
ඔන්න කොහොමින් කොහොම හරි වැඩේ සෙට්...මොකක්දෝ එකක් වගේ පැකට් එකත් එල්ලගෙන
මම යනවා එක්ස් රේ ගන්ඩ...මොනවද බොලව් බලන්නේ?මේකේ තියෙන්නේ තොපිලටත් යන
එව්වා..පොවනවා දැන් එක එකාට...මගුල...මම නිකන් වැඩර් වගේ පිප්පි පැකට්
එකත් උස්සන් යනවා ලොබිය දිගේ ..ඈ යකෝ මේවා මම සල්ලි දීල කාල බීල මගෙ ඇඟ පත
වෙහෙසවල ජීර්ණය කොරගත්තු මගේම පිප්පි ..මෙව්වට පේටන්ට් තියනවා... මගුල...
එකියක් බඩ කොරවෙච්ච කැකිරි ඉබ්බියෙක් වගේ මම දිහා බැලුවා..ඇයි නංගි
ආසයිද?නංගියේ උඹේ වඳ පුංචි අම්මගේ බාල පුතාට හෙන ගහන්ඩ අහක බාලගන්..මගෙන්
කුණුහබ්බ අහන්නේ නැතිව...මම ඉඳ ගත්ත...ලස්සනට පිප්පි පැකට් එක ඉස්සරහින්
පිළිවෙලට තියාගෙන...කොහෙගියත් ඉන්ඩ ඕනේ පිලිවල මම දන්නවා...
කමිසේ ගලවලා ඇතුලට එන්ඩ...
ඇතුලට ඇවිත් ගලවන්ඩද?
අක්ක මම දිහා බැලුව බැලිල්ලට මගෙ උණ්ඩුක පුච්චේ ඉඳල උගුර ගාවට වෙනකම් කලතීගෙන මහා කුණාටුවක් ආවා...
හරි ගලවගෙනම එන්නම්...
ඒකත් ඉවරයි..අයෙත් යනවා...වාට්ටුවට...හප්පේ අරකිගේ කට...වක්කඩ වගේ..කන් දෙක
පිරිලා...ඔච්චරම පෙචණ්ඩ ඇයි අප්පේ...ඉප්පිරිතාලේම පගාව දීල අයිති කරන් වගේ
මෙකි......පිප්පි පැකට් එක එක්කම මම ඇඳේ හාන්සි උනා..බුදු බණේ කියල
තියෙන්නේ බොරුද?අපේ සිරුරවත් අපට පාලනයක් නෑනේ...ඇත්ත..මගෙම පිප්පි මටත්
නොකිය ඔහේ ගලනවා...අයෙමත් විකාර වෙලා...පිස්සු සඳ මෝල් වෙලා...සඳ ගුවන් ගත
වෙලා..මගෙ ගුද මාර්ගේ අවහිර වෙලා...
නර්ස් අක්කෙක් ආයිමත් එනවා...
කැතිට එක ගලවන්න ඕනි...
ඈ...
මගෙ විලි ලැජ්ජාව කුල්ලෙන් එකයි...හුන්ඩුවෙන් දෙකයි...මං අඹරුනා..මිරිකුනා..මෙව්වා වුනා...අනේ දෙයියෝ...ඔයා ගලවන්ඩද හදන්නේ?
එක්කියුස් මී අක්කේ...
මම දන්න බරම ඉංගිරිස් වචනේ දැම්මා..දැන්නම් මේකිත් ඇඹරෙනවා සුවර්...
ඇයි ?
දැන්ම ගලවනවද?
හප්පේ මට තියන සතුටක්..මුට්ටියෙන් තුන් කාලයි පැණි...
ඔව් ඔව්..අටෙන්ඩන්ට් ඇවිත් ගලවනවා...
හෑ...
අක්ක කිව්වා නසරානි කතාවට මගෙ කොළ බොක්කටත් එක්ක ඔල්මාදේ හැදුණා...ඈ යකෝ
හිතන් ඉන්නේ මට අටෙන්ඩන්ට් ට කියල මේක ගලවගන්ඩ දොළ දුක කියලද?කුණුහබ්බ
කියවෙනවා ඉතින්...අරු ආව..ගැලෙව්වා කැතිට එක..හප්පේ...දැන්නේ රිදෙන්නේ
දත් මිටි කාගෙන හිටියා...කලිසමේ කොනක් විකාගෙන හිටියා...ඇඳේ කකුල හපාගෙන
හිටියා...මෙට්ටේ ඉඹ ඉඹ හිටියා...ඇඳ වියලට තොත්තු දිදී හිටියා...එත් බෑ
අම්මේ...ඉන්දනම් බෑ...
අයියෝ බෑ තාත්තේ..මාමේ බාප්පේ...අල්ලපු ගෙදර සීයේ...ඉන්ඩ බෑ රිදෙනවෝ...
කොහොම හරි අහවල් එකේ කැක්කුමත් එක්ක මම පැයක් විතර එකසිය ගානට හුරතල් උනා..එකෙක් නෙවේ ඇහැක් ඇරලා බැලුවේ...ආව කෝල් එකක්...
මචං මම...
කවුද බන්...
කසුනා බන්...මේ උඹ කොහෙද...ගැබිණි වාට්ටුවේද?
අනේ නෑ බොල නගරන් වරත්තු හරකෝ...ඉන්ඩ බෑ දෙයියෝ...
නෑ නිකන් උඹ ප්රසව වේදනාවෙන් වගේ හු කියන්නේ...
අනේ පල ගල් නරියා...යකෝ එකේ අනික තමා මේක....
ඌට හිනා
ඈ යකෝ මගෙ අහවල් එක රිදෙද්දීන් තොට කිචිද?
මල පැනල මම ෆෝන් එක කට් කරා...ඈ යකෝ යටට අඳින ත්රිකොනේවත් ඇඳලා නෑ හය
මාසෙකින් විතර......හදිස්සියේ මොකක් හරි වෙයි කියල මම මේ බයේ ඉන්නවා..ඒ
අස්සේ මුන් හුප්පේ කතා කරනවා...මම ඉපදුනු දවසේ ඉඳන් බෝ පැලයක් වගේ හැදුනු
එකෙක්...ඕනේ කෙල්ලෙක් කියයි මගෙ බඹසර ගැන..කොයි පිලේ නැගගත් නාවල ගෙට ගන්ඩ
පුළුවන් කියල අපේ ආච්චිත් ලඟදි දවසක කිව්වා... ...එහෙව් මටනි මෙව්වා
වෙන්නේ...දුක තමා රංජනී ඕක තමා තන්තිරිමලේ තත්වේ කියල මමත් ටිකක් හාන්සි
උනා...
කුරුල්ලාගේ ටිකට් එදා හවසම කැපුවා...මොනවා උනත් ඉතින් පානදුරේ ජෙනරල් එකේ
ඩොකා මහත්තයලටයි,නර්ස් අක්කලටයි,අටෙන්ඩන්ට් අයියලටයි පින් හෑ...ඇත්තමයි...
හෆ්ෆා. හිනා වෙලාම පණගියා...
ReplyDeleteමාත් ඔයවගෙම අමාරුවක් විදලා තියේ. මුත්රා ගල් නිසා. එකේ අමාරුව විදපු එකා තමා දන්නේ ආතල් එක කොහොමද කියලා.
හප්පේ...එහෙමද?මෙවන් දුකක් කිසි කෙනෙකුට නොවේවා කියල පතමු මචෝ...අනේ අම්මේ මතක් වෙද්දීනුත් විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ...
Deleteහයියෝ.....වෙලා තියෙන අකරතැබ්බයක තරම........
ReplyDeleteමේ කුරුලු මලේ තව පොඩ්ඩෙන් හිනා වෙලා මගෙ පන යනවා.....
අලේ අම්මේ...පණ යවා ගන්න නම් එපා මගේ අක්කේ...බෝවිටියා මල් නැතිවුනොත් කුරුල්ලත පාලු හිතෙයි ගොඩාක්...
DeletePatta pata pata
ReplyDeleteඅනේ ඇනොනිමස් යාලුවේ...නමත් එක්කම දැම්මනම් තවත් අගෙයි..කොමෙන්ටුවට පින් හොඳේ...
Deleteකතාව මුලදි ආවට වඩා පස්සෙදි වෙනස් වෙනව වගෙ, එකම කතාව ඇත්තම සිද්ධි උණත්...
ReplyDeleteගර්භාෂෙට වතුර පිරෙන කතාව තමා මට හිතාගන්න අමාරු......
සුබ පැතුම් මල්ලිට !
☆。★。☆。★ 。☆。 ★。\|/。★
'BEST WISHES'
www.hithenadewal.com
collaboration
★。/|\。★ 。☆。★ 。☆。★ 。☆
මටත් මුලින් හිතාගන්න බැරිවුනා අයියේ ඕක...ඒත් ඇත්ත සිද්දිය...මගේ ගර්භාශේට වතුර පිරිලා...ඒක මෙව්වා වෙලා...දැන් ඉතින් මට බැන්දත් බබාලා හදන්න බෑ...දුක තමා අයියේ...කරුමේ...කොහොම හරි දැන් ආයිත් පාරක් යන්න වෙයි වගේ...ආයිත් රිදෙනවා...හනේ මන්දා...කරුම ලෙඩක් මේක...අද හවසට ආයිමත් යනෝ...
Deleteකැතීටර් එකේ ආතල් ඒක දන්නේ ගහගෙන හිටිය අයම තමා ...
ReplyDeleteඇෆ්ෆාට සිරි..රෝබින්ටත් ඒ ආතල් එක හම්බු වෙලා වගේ...ස්තුති යාලු කොමෙන්ටුවට...
Deleteහොඳවැඩේ.. බොට.. අනන්තවත් කියල තියයෙනවා අනාචාරේ යද්දි පැනඩෝල් දෙකක් අරන් පල කියල.. අදාල කාරිය ඉවර වෙලා බොන්න.. තෝ අහුවේ නෑනේ
ReplyDeleteඅනාචරේ ගියේ නෑ හයියෝ....මම හරි අහිංසක කුරුල්ලෙක් අලේ...
Deleteඅනේ මන්දා හිනා වෙලා පණ ගියා මගෙ. අනේ අපි අවුරුදු 5ටම ඉගෙන ගත්තෙ නෑනෙ පිරිමි අයටත් ගර්භාශ තියනවා කියලා
ReplyDeleteහෑ අපිතත් තීනවා...
Deleteඊලග
ReplyDeleteහෑ
Deleteදැන් ඉතින් මට බැන්දත් බබාලා හදන්න බෑ. Mokak da kurullo ea kathawe theruma? gal hadunama eahema wenawada!
ReplyDeleteHapoi watura bon na orna gaga kata. oya lade makak da? mata nam greek wagei!
kurulata hoda ta liyan na puluwan pallipu dala.
wish you all the best.