කුරුළු යාළුවෝ

Saturday, June 2, 2012

උඹලට ඇහුනද?

පල් වෙච්ච කුණු කාණුවේ...
බිම පෙරලි පෙරලි...
වේදනාවෙන් ජිවිතේ ඉල්ලපු...
අහිංසකීගේ නාඩි සද්දේ...
උඹලට ඇහුනද?
පොත් ටිකට තුරුළු වෙච්ච පපුව...
පව්කාරයෙක්ගේ දත් වලින් සීරෙද්දී...
සිහියක් පතක් නැතිව...
එකී විලාප දුන්නු හැටි...
උඹලට ඇහුනද?
සුදු ගවුම කෑලි වලට ඉරෙද්දීන්...
කලව  පෙනෙයි කියල ...
පිස්සියෙක් වගේ දඟලපු...
ඒකිගේ විලාපේ...
උඹලට ඇහුනද?
කරන්ඩ දෙයක් නැතිම තැන...
වෙන්ඩ තිබ්බ සේරම වෙච්ච තැන...
මුළු පිරිමි සංහතියටම...
එකී කරපු ශාපේ ...
උඹලට ඇහුනද?
තාම නැත්ද?

8 comments:

  1. lankawe ada sulabawa wena deyak...sthuthi yaluwa mewa kiyanwata..me gena kiyanna eka pirimiyek hari innwa kiyala denuna...

    ReplyDelete
    Replies
    1. කරන්න පුළුවන් උපරිමයෙන් කරනවා යාලු...එත් මිනිස්සු හදන්න බෑ...පණිවිඩයක් දෙන්න විතරයි කුරුල්ලට පුළුවන්...කෙල්ලොත් හැදෙන්න දැනගන්න ඕනි...දෙගොල්ලොම වැරදි..සමාජය පිරිහෙනවා...අමුතුවෙන් මේ ලෝකේ විනාස වෙන්න දෙයක් නෑ යාලු...විනාශ වෙන්න පටන් ගත්තේ ලෝකේ ආරම්භයත් එක්කමයි...එත් දැන් වේගය වැඩිවෙලා...

      Delete
  2. ඇහුනා ඇහුනා....බං
    මේ.....දෝංකාර දෙනවා :-) :-)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. කොච්චර එකක්ද රජෝ..ඕව අපේ රටවල් වල රජාලට ඇහෙන්නේ නැති එකනි පුදුමේ...මුන්ගේ අම්මලට &^%&^%%^*

      Delete
  3. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්... :( ඇඟ හිරිවැටුනා.. දැනෙන්නම ලියලා..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ඉත්තුති හිතුවක්කාරී අක්කියෝ...

      Delete
  4. පත්තර පිටුවක් පුරා ලියවෙන සිදුවීමක්...කවි පේලි කිහිපයකින් හිතට වදින්නම කියලා..පුදුම හැකියාවක් මල්ලී...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි මගේ අක්කියෝ....හිතෙන දේවල් ලියනවා...අද සමාජේ වෙන දේවල් දැක්කාම ඇත්තටම දුකයි...

      Delete

අදහසක් දාමුද?