කොට්ටෝරුව ගහෙන් ගහට කොට කොට යනකොට... හදිස්සියෙම කෙහෙල් ගහක හොට ටැපලෙනකොට.. බේර ගන්න යාලු කුරුල්ලොත් ළඟ නැති කොට... හෙමිහිට දුවලා එන්න කුරුල්ලාගේ ගෙට...
කුරුළු යාළුවෝ
Tuesday, June 5, 2012
මෙන්න අපටත් පබ්ලික් චැට් එකක්...
ඔන්න මගේ යාලුවනේ...මේක ගොඩක් වැදගත් පොස්ට් එකක් වේවි ඔයාලට..ඔයාල හැමෝම
චැට් කරන්න ආසයි කියල මම හිතනවා...බ්ලොග් කරන සේරටම මේක හොඳ ආරංචියක්
වේවි...කුරුල්ලා ඔය කොම්පීතර් වැඩ කෑලි දන්නේ නෑ ඇත්තටම..ඒත් අරහෙන්
මෙහෙන් අහුලාගෙන ගැජට් කෑලි ටිකක් බ්ලොග් එකටත් දාගෙන තියනවා...අලුතෙන්ම මම
ඇඩ් කළා පබ්ලික් චැට් රුම් එකක්...අපේ සේරටම ඇවිත් මේකේ ඕනේ නාඩගමක් නටලා ,
විනෝද වෙලා , තේ ඩින්ගිත්තක් එහෙම බීල යන්ඩ පුළුවන් හෑ.....අපි සේරම එකට
එකතු වෙලා අපේ අදහස් බෙදාගන්න එක ගොඩක් සුන්දර අත්දැකීමක් වේවි කියල මම
හිතනවා...මගේ මේ බ්ලොග් එකේ පහලම තියෙන්නේ චැට් රුම් එක...උඩටම ගෙනාවේ
නැත්තේ එක උඩටම ගෙනාවොත් අපේ කියවන යාලුවන්ට ප්රශ්නයක් වේවි කියල...සයිඩ්
එකකින් දාන්නත් බෑ යාලුවනේ...ඒක හලි පත සයිස්...ඔන්න තියන තැනත්
කිවා....ඉතින් කැමති කට්ටිය ඉන්නවනම් එන්ඩ..අකමැති කට්ටිය ඉන්නවනම් ඒත්
එන්ඩ...නිකන් කාලේ කන්න ඕනි නම් එහෙම කමු..නැත්නම් අර්ථවත් දෙයක් කතා
කරමු..ඕනි කෙං ගෙඩියක් ඔට්ටුයි කුරුල්ලට....සුද්ද සිංහල නම් ඒවා...පොෂ්
ඉන්ගිරිස්සි නම් ඒවා...අපි ආය සැලන්ඩර් වන්නේ නෑ...මොකද ඉන්ගිරිස්සි
අකුරක්වත් දන්නේ නෑනි..ඒක හන්ද බය වෙන්ඩ දේකුත් නෑ...බැන්නත් කවුද දන්නේ?
:පී ...ඔන්න පණිවිඩේ දුන්නා...අහ තව දෙයක්..ඔයාල මේකට රෙජිස්ටර් වෙලාම
එන්න...ඔය එන පාරේ ඇති එක එක පොස්ටු වලට ලයික් කමෙන්ට් එහෙම දාන්දත් අමතක
කලන්න එපා ඉතින්......එව්වත් බලා කියන් එන්ඩ හොඳේ...අනික ඉතින් පලවෙනි පාර
එද්දින් නිකන් අත් වන වනා එන්ඩත් එපා...මොකක් හරි බරට දෙයක් ගේන්ඩ...කළු
ගලක් වගේ...එහෙනම් මෙන්න මම ගියා....
Subscribe to:
Post Comments (Atom)
හරි යාලුවේ ..වෙලාවක් තියෙන වෙලාවක අපිත් එන්නම්කො ගොඩවැදිලා යන්න ..:)
ReplyDeleteහා කින්නරී අක්කි...ගොඩක් ස්තුති...බුදු සරණයි...
Deleteපත්තෙ පලමු..
ReplyDeleteවීහිලුවට කීවෙ..හොද උත්සාහයක්....ජය පතමි.....
(කෝකටත් කලින් පෝස්ටු ටික බලලා ඉන්න ඕනෑ...)
හා අක්කේ...ගොඩක් ස්තුති...වෙලාවක් තියන වෙලාවක එන්න...
Deleteහිමිහිට ඇවිත් යන්න එන්නම් ඒ පැත්තේ...
ReplyDeleteඅයියෝ රොබින් අයියේ මොකෝ හෙමින්...රෙන්ට් එකට වල් අලියෙක්වත් අලන් ඉක්කනත පියාඹල එන්නකෝ.. .:පී
Deleteඔන්න මාත් ගොඩ වැදුනා කුරුල්ලගේ ලෝකේට... අප්පා මම නම් චැට් වලට කම්මැලි යෙක් එත් ඉතින් තිබහ හිතුන වෙලාවට එන්නම්කෝ තේ ඩිංගක් බිලා සප්පායම් වෙලා යන්න..
ReplyDeleteගොඩක් ඉත්තුති නිම්ෂා අක්කියෝ...ප්රබෝධමත් වෙන්න සිලෝන්ටා තේ තීනවා... අවොත් දෙන්නම්...බොමු බොමුද තේ...
Deleteඑල කොල්ලෙක්
ReplyDeleteහරක් හොරෙක්
ගින්දර වැඩක්
සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
අලේ මන්ද රජාගේ රාජ සම්පත් ලැබිල දැන් මත අහස උසට රාජ සම්පත්...එනිවේ තැන්කු හෑ..
Delete