කුරුළු යාළුවෝ

Wednesday, June 6, 2012

ලෝකයේ ආශාව



ඉපැරණි ප්‍රඥාවේ දීමනාවයි තොප
සීතලෙන් ගල් වී ගිය ගින්නයි තොප
ඉපැරණි නගරයේ වෙසෙන මරණයයි තොප
නැවත උණුසුම් වේව මගේ ලමැද  තුල...
අතීතයේ පිවිසුම් දොරටු විවෘත කර
අවදිවෙව!අව්දිවෙව!!ඉපැරණි නපුර
තොපට අවදිවිය හැක මිනිස් හුස්මෙන්...
පළමු හුස්මෙන් ගිනි පුපුරු විහිදුවා,
දෙවන හුස්මෙන් දිලෙන එතුම් ලිහිල් කොට,
තෙවන්නෙන් මා ලයෙන් පහලට ලිස්සා,
මා වටා එතියන් නපුර..
ඉපැරණි නපුරෙන් පැවත එන ශාපය......
මාගේ පාපයෙන් දුෂිතව..
මාගේ සුරුපිත්වයෙන් සැනසෙව..
ජන්මයක් ජන්මයක් පාසා,
මා තුල රැදී  සිටීමට වරම් දෙමි නපුර
රුධිරයේ රක්ත පද්ම තාරකාවක,
ශපථය කල යුතු ඔහු
අමරණීය රන්නාග රසනාදාමයේ
ශපථය කරවීමට...
නැවත අවදි වෙව ඉපැරණි නපුර
ඔසිරිස් දෙවොල මල හටාස්කාගේද,
අගේ බයි ගේ හා කා ගේ මුහුණු වලද පැවතියා වූ
ලෝකයේ ආශාව හෙවත්
ට්‍රෝයි හි ස්වර්ණමය හෙලන්ගේ රුව ලැබීමට
නැවත උදව් වෙව මට...
ලෙයාර්ටස්ගේ පුත්‍ර ඉතාකාවේ ඔඩිසියස් නම් ඔහු
නැවත රවටා ශපථයක්  කර ගැනුමට
අවදිවෙව !!! පාපය
තොපගේ දියණිය,සොයුරිය මෙන්ම මව ද වන
පැරණි ඛේම් දේශයේමෙරියාමුන් මම වෙමි
නැවත තොප කැදවමි
ගින්නෙන් විනාශ වූ සීතල වස්තුවයි තොප
උණුසුම්ව නැවතත් අවදි වෙව....


ලෝ ප්‍රකට ගත් කතු H.Rider Haggard ගේ The World's Desire නවකතාව පාදක කරගනිමින් කුරුල්ලා 2009 අවුරුද්දේ ලීව දෙයක් තමා මේ...ඒ කාලේ පිස්සුවක් හැදිලා තිබ්බ මට Rider Haggardගේ පොත් කියවන්න... උසස් පෙළ මෙච්චර හොඳට පාස් උනේ ඒකද කොහෙද අලේ..ඒ වගේම ග්‍රීක කතා කියවන්නත්..තාමත් ඒ පිපාසෙ එහෙමමයි...ඒ කාලේ පටන් ගත්තු ඒ පිස්සුව තාමත් එහෙමමයි..මේක ලිවේ මලියදේවේ අපේ මුද්දර සංගමයේ සමරුවේ...ඒ කාලේ කුරුල්ලා මුද්දර සංගමේ සංස්කාරක මෙන්ම සම්බන්ධිකාරක (මේ වචනේ අමතක වෙලා co-ordinator කියන  සිංහල වචනේ මදුර අයියගේ ඩික්
 එකේ ටයිප් කොරල තමා හොයාගත්තේ හයියෝ)එක හරි උතුම් පොස්ට් එකක් ඒ කාලේ...හම්ම...කොල්ලෝ වඳිනවා පෙරලි පෙරලි...අපි එහෙමයි වැඩ කොලේ ඔන්න...ඉතින් ලීව  ලස්සන මතකයක් දාන්න ඕනි කියල හිතුනා....ඒකයි ඔන්න මේක දැම්මේ හා හා පුරා කියල මගේ ඉක්කොලේ ලේබලේට...මලියදේවේ ගැනයි අපි ගැනයි කියන්න නම් දේවල් බොහොමයි... මේ දුවන ජිවිතේ වෙලාවක් තිබ්බොත් අනිවාර්යෙන්ම ඒ ලස්සන මතකයන් කියනවා යාලුවනේ...
පිස්සු නටලමත් බැනි..අර්ථාන්විත දේවල් කියවන්න කැමති අයට ඒවා දෙන්නත් එපැයි...වෙන කොහේදෝ මන්ද ගියාට මමත් බ්ලොග් කෙරුවාවට සෙට් වුනේ අර්ථාන්විත යමක් කලන්දනී...එනම් ළඟ අර්ථාන්විත පොස්ටුවෙන් හම්බ වෙමු..ජයවේවා හෑ...

17 comments:

  1. අර උඩ එක ලිව්වේ ඔයාද..මරු නේ මල්ලි.. ලස්සනයි..
    දිගටම යමු..

    ReplyDelete
    Replies
    1. අහ්..ඔව් නිම්ෂා අක්කි..අලේ ගොඩාක් ඉත්තුති වේවා... :ඩී

      Delete
  2. ලස්සනයි .. ගබුරුයි ..හ්ම්ම්.. මහනුවර යුගයේ හිටපු කෙනෙක්ද ඔයා හ්ම්ම්..:) කොහොම උනත් අගෙයි යාලු ..:)

    ReplyDelete
  3. ගින්දර......
    ඒත් මේ කයිය වගේද අද අඩවියේ කයිය.. හිකිස්...

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  4. ගබුරුයි .. ඒත් ලස්සනයි යාළු ..:) ඔයා මහනුවර රාජධානියේ කෙනෙක් වගේ හරියට ලියල තියෙන්නේ ..:) දන්නවද ප්‍රශස්ති,හටන් කාව්‍ය වගේ ලියවුනු යුගය .. කොහොම උනත් ලස්සනයි යාලු ..:)

    ReplyDelete
    Replies
    1. අලේ මම එහෙම දේවල් ඇහුවෙත් අදයි අක්කේ...ඉතිහාසය බින්දුවයි කුරුල්ලාගේ...තම ඉගෙන ගන්නවා මම ඉතිහාසේ ගැන...ප්‍රශස්ති ගැන නම් අහල තීනවා...අහ..මෙන්න මෙයා ඇත්ත මුණ දාලා...ෂා ලස්සනයිනි අලේ...

      Delete
    2. හී හී ..තැන්ක්ස් යාළු ..:)

      Delete
  5. "රයිඩර් හැගාර්ඩ් " අති විශිෂ්ට කතුවරයෙක් කියලා කිසිම බයක් නැතුව කියන්න පුළුවන් 1)ඇ හෙවත් අයේෂා
    2)සොලමන් රජුගේ දියමන්ති ආකාර
    3)ඇලන් ක්වාර්ටමෙන්
    යන චරිත සහ කතා තුලින් අමරණීය වූ චරිතයක්
    බොහොම ඉස්තුතියි ඔබට ,නැවතත් ඔහු මතකයට ගෙන ආවාට....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්...ඔව් රොබින්...ඔහු අමරණීය කතුවරයෙක්...

      Delete
  6. රොබින් කියෝපු පොතම තමා මාත් හැගාර්ඩ්ගේ කියවලා තියෙන්නේ. උත්කෘෂ්ටයි

    ReplyDelete
  7. සැබවින්ම අර්ථාන්විතයි..
    මල්ලි ඔයා ගොඩාක් හැකියාවන් තියෙන කෙනෙක් බව පේනවා.. අධයාපනය නවත්තන්න එපා...

    ReplyDelete
    Replies
    1. හලි මගේ අක්කි...මම දැන්නම් ජොබ් එකක් කලනවා...එත් ඉතින් අපි ජිවත් වෙන හැම තත්පරේකම අපි යමක් ඉගෙන ගන්නවනි..එකනම් නවත්තන්නේ නෑ නෑ නෑ නෑ නෑමයි ඔන්න...ගොඩාක් ඉත්තුති අක්කි...

      Delete
  8. සඳ කුමරිJune 6, 2012 at 11:34 PM

    හරිම ලස්සනයි මල්ලියා...දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. ගොඩාරියක් ඉත්තුති සඳ කුමරි අක්කේ...බුදු සරණයි ඔයාට...

      Delete

අදහසක් දාමුද?