කුරුළු යාළුවෝ

Thursday, June 7, 2012

පෞරුෂ වර්ධනය තව ටිකක්...



කුරුල්ලා බ්ලොග් කෙරුවාවට ආවේ උගන්නන්න නම් නෙවේ ඔන්න..එත් ඉතින් සමහර සමහර කරුණු කාරණාත් කුරුල්ලා දන්නවා...මනෝ විද්‍යා ඩිග්‍රී  නොගහුවට අපිත් තුත්තක් ඉතල දන්නවා අලේ...දන්නවා කියන අය බොරු කරන හන්දා  ඔන්න මමත් දානවා ලිපි පෙළක්..මේ දෙවෙනි ලිපිය...මේ ලේබලෙන් එන දෙවෙනි ලිපිය..දන්නවනම් කවුරු හරි තරා නැතිව මට වචනෙකින් ලින්ක් එකකට යන හැටි කියල දෙනවද?රේප් (රෙප් )මහත්තයාගේ අම්බලමේ නම් කියල දීල තිබ්බ...එත් තෙරුන් නැහැ...කරන්න පුළුවන් නම් ලොකුම ලොකු උදව්වක් යාලුවනේ...
ඔන්න එහෙනම් පටන් ගමු දෙවෙනි ලිපිය...
කලින් ලිපියේ මම ඔයාලට පෞරුෂය ගැන කියල දුන්න...දැන් අපි දන්නවා අපට තියෙන්නේ කොයි වගේ එකක්ද කියලා...ඒ කිවේ වෙන එකක් නෙවේ පෞරුෂය ගැන ..මේකේ ඉන්න උන් සේරම ර්ටි මයින්ඩ් අප්පා...මුන්ට වචනයක් වරදෙන් බෑ...මිනිහගේ හැටි තමා යාලුවනේ දන්නවා උට තියෙන්නේ මොන වගේ මානසික ලෙඩද කියලා...හොඳටම දන්නවා...එත් කවදාවත් දන්නා දේ තුලින් දෙයක් හිතන්න පෙළඹෙන්නේ නෑ... කියන්නේ ඊට පිළියම් හොයන්න වෙහෙසෙන්නේ නෑ...මොලේ විශිෂ්ටයිලු,උසස්ලු...එහෙනම් හැම මිනිහම ස්වකීය පාලනයකින් යුක්තව  කටයුතු කරන්න එපැයි...( කියන්නේ අපි මිනිස්සු...ඔන්න මේ තුලින්ම කුරුල්ලා ඔයාලට පැහැදිලි කිරීමක් කළා මේ කියවන ඔයාලත් ඇත්තටම මිනිස්සු කියල..ලොලේ ලොල්...)
යාලුවනේ මේ පෞරුෂය කියන දේ කවදාවත්ම එක වගේ පවතින්නේ නෑ...වෙනස් වෙනවා.. වෙනස්වීම වෙන්නේ පරිසරයත් එක්කමයි... කියන්නේ පාරිසරික වෙනස් වීම මත මිනිසාගේ පෞරුෂය තීරණය වෙනවා...(ඔතනින් හිතන්න නම් බොහෝ දේවල් තියනවා...පරිසරයත් මිනිසාත් කියන්නේ දෙකක් නොව එකක් බව...මිනිසා හිතන් ඉන්නේ වැරදි විදිහට බව...අප හා පරිසරය කියල අපට උගන්නන දේවලුත් පරිසරය තුල අප කියල වෙනස් වෙන්න ඕනි බව...ඒක වෙන පොස්ටුවකින් කියන්නම් යාලුවනේ)එත් මනෝ විද්‍යාවටම එක්කෙනෙක්ගේ පෞරුෂය වර්ධනය කරන්න බෑ... සඳහා පුද්ගලයාගේ නම්‍යශීලී බවකුත් තියෙන්නම ඕනි...පෞරුෂය වෙනස් කරන්න පුළුවන් එකම උපකරණය තමා යාලුවනේ දැනුම...
(ඔයාලට මෙන්න මේ ටිකත් කියන්න ඕනි...කුරුල්ලට අධ්‍යනය  කිරීම් වලින් පෙනුණු දෙයක් තමා මනෝවිද්‍යාව කියන්නේ ඒක එක්කෙනා එයාලගේ හිතේ පහල වෙන සිතිවිල්ලේ විදිහට හදාගත්තු දෙයක් කියන එක...උපකල්පන මත යන ගමනක්...මොකද යාලුවනේ මම කලිනුත් කිව එක්කෙනාගෙන් එක්කෙනාට මේක වෙනස්...එක්කෙනෙක් දකින විදිහ නෙවේ තව කෙනෙක් දකින්නේ...මම මේ කරන්නේ දැකීමට උදව්වක් කරන එක විතරයි....)
කුරුල්ලාගේ අධ්‍යනය කිරීම් වලට අනුව කුරුල්ලට හම්බ වුනා න්‍යායවල්  3 ක්...(තව තියනවද දන්නෙත් නැහැ)
මනෝ විශ්ලේෂනවාදී න්‍යාය -
අපි කවුරුත් දන්නවා මනෝ විද්‍යාවේ පියා...සිග්මන් ප්රොයිඩ්...(නවීන මනෝ විද්‍යාවට තියෙන්නේ වසර 100 ක් වගේ අතීතයක්) පෞරුෂය වර්ධන සංකල්ප ගොඩක්ම පදනම් වෙලා තියෙන්නේ ප්රොයිඩ් මත තමා..මිනිසාගේ මනස කොටස් කරලා තියනවා මෙයා...විඥානික සහ අවිඥානික විදිහට...මීට අමතකව උපරි විඥානික  කියල කොටසකුත් තියනවාලු...කුරුල්ලා මේවා මනසේ කොටස් නැතිව මනසේ බලවේග ලෙස හඳුන්වන්නම්...මොකද බුද්ධාගම පසු පස්සෙන් යන කෙනෙක් විදිහට මනස කොටස් කරන්න කුරුල්ලට හිත දෙන්නේ නෑ...විඥානික කියන්නේ උඩු සිත අවිඥානික කියන්නේ යටි සිත...ඔන්න සිංහලෙන්ම කිවා..දැන් තේරුනා නේද?සම්පුර්ණ මනසෙන් 9/10 කම අයිති වෙන්නේ යාලුවනේ යටි සිතට...ඉතිරිය තම උඩු සිතට...උඩු සිතෙන් වෙන්නේ අපි එදිනෙදා කරන කියන දේ පාලනය කිරීම..මේ මේක ලියන මොහොතේ මගේ ක්‍රියාත්මක වෙන්නේ උඩු සිත..මේ වෙලාවේ මගේ යටි සිත කොහෙද කියල දන්නේ නෑ..සමහර විට කොහෙවත් නැති විකාර තැනක ඇති..නැත්නම් අපේ ගෙදර ඇති...නැත්නම් බුකියේ ඇති...කොහේ හිටියත් මට මොකෝ...හැබැයි යාලුවනේ තේරුම් ගන්න අපි කොහේ හිටියත් අපට මොකෝ කියල හිතන උඩු හිතම තමා අපේ ජීවිතෙන් 9/10 කම පාලනය කරන්නේ...(අපිට ස්වයන් පාලනයක් නැති මේ ජිවිතේ මොන ලබ්බක්ද කියල හිතෙනවා නේද දැන්?අපිට අපිවත් අයිති නෑ)අපි විඳින්න අකමැති දේවල් උඩු හිත තල්ලු කරනවා යටි  හිතට...කවදාවත් කිසි දෙයක් මැකෙන්නේ නම් නෑ...මකන්න හදනවා නම් තමන්වම රවට්ට ගැනීමක්...මට අහවල් දේ මතක නෑ කියල හිතන්න බලන්න...එතනම මතක් වෙලානි නේද?මේ  යටි හිත පාලනය කරගැනීම ස්වකීය පාලනයෙන් ගියොත් (සිංහලෙන් කියනවානම් out of control ගියොත්)මේ යටි  හිතට උරාගත්තු පීඩාකාරී දේවල් අපේ මනසට කෙලින්ම බලපෑම් කරනවා...අපි දකින හීන,අපෙන් වෙන කට වැරදීම්, ඇතැම් අමතක වීම්, නොදැනුවත්ව සිදුවන ක්‍රියා (ලිවීම,කතා කිරීම) ආදිය ප්‍රොයිඩ් ට අනුව යටි හිතේ බලපෑමෙන් වෙන දේවල්...
දරුවෙක් ඉපදීමේ ඉඳන් ඔහුගේ වෙනස් කම් සිදුවෙනවා ඔහුට හෝ යට නොදැනීම...දරුවෙක් ගොඩක් වෙලාවට තමන්ගේ වැඩිහිටියන් අනුකරණය කරමින් ඒ මග යනවා...ඒ චර්යාවන් අනුව තමා ජීවිතය සකසා ගන්නවා...වටේ තිබෙන පරිසරය විසින් ඔහුව වෙනස් කරනවා...ඉඩ් (id )  අහංභාවය (ego ) උපරි අහංභාවය (super ego ) ලෙස පද්ධති  තුනකින් පෞරුෂය සමන්විත බව ප්‍රොයිඩ් පවසනවා...ඉඩ් කියන්නේ ප්‍රථමික අවදිය..අපි ළදරුවෙක් ගත්තොත් බාල වියේ ළදරුවන් තමන්ට අවශ්‍ය දේම ඉල්ලලා හඬන්නෙත් , එයාලගේ කායික  අවශ්‍යතාවයන් සන්තර්පණය කරගන්න උත්සාහ දරන්නෙත්,එහෙම කරද්දින් සමාජ සාරධර්ම ගැන හරි වෙන කිසි දෙයක් ගැන හරි නොහිතන්නෙත් මේ ඉඩ් කියන
පද්ධතිය නිසයි...ඊට පස්සේ වැඩෙන දරුවාගේ හෘද සාක්ෂිය නිරුපනය කරන්නේ උපරිභාවයෙන්...එක තමා ජිවිතයේ සදාචාරාත්මක අංගය...අද ගොඩක් මිනිස්සුන්ට කඩෙන් ගන්න වෙලා තියන අංගය...හෘද සාක්ෂියට වගේම තමන්ගේ ජිවිතේ පරමාදර්ශයට අනුව කටයුතු කරන පුද්ගලයා තුල උසස් චේතනා ඇතිවීමටත් පුද්ගලයා පුර්ණත්වය සඳහා මෙහෙයවීමටත් උපරි අහංභාවය මැදිහත් වෙනවා...ඉඩ් මගින් පෞරුෂයේ  ජීව විද්‍යාත්මක අංගයත්, අහංභාවය මගින් මනෝ විද්‍යාත්මක අංගයත්, උපරි අහංභාවය තුලින් සමාජයීය අංශයත් නිරුපණය කරනවා...
ඊට පස්සේ අපි යමු මනෝ ලිංගික අවධි ගැන හොයල බලන්න...ඇත්තටම යාලුවනේ කුඩා කාලයේදී මනසට අවශ්‍ය දේවල් නොලැබුනාම පසු කාලීනව ඒවා මානසිකව බලපෑම් කරනවා...ඒ ඒ අවධි වලට වෙන වෙනම විශේෂිත අවශ්‍යතා තියනවා..ඒවා සම්පුර්ණයෙන්ම තෘප්ත නොවුනොත් ඒ වෙලාවට ඇතිවෙන සිතුවිලි වල බලපෑම පස්සේ කාලෙකදී විශාල වශයෙන් ජීවිතේට බලපෑම් කරනවා...ඒවා ඊ  ළඟ එකෙන් කියන්නම් එහෙනම්..පොස්ටුව දිග වැඩි වෙයි වගේ ඒ ටිකත් මේක එබුවොතින්...එහෙනම් අදට නවතින්නම් යාලුවනේ...මුළු දවසම මීගමුව බීච් එකේ ඉඳල හරි මහන්සි...පැය ගානක්...මේකත් දාලම නිදාගන්නම්කො එහෙනම්...


7 comments:

  1. මනෝ විද්‍යාව ඉගෙන ගත්තම මිනිස්සු එක්ක කටයුතු කරන්න ලේසියි නේද මල්ලී..
    එක එක අයගේ ගතිගුණ අඳුනා ගන්න, ඉවසන්න පුලුවන් වෙනවා..
    සමාජයේ ඉන්න ඇතැම් බොරුකාර මනෝ විශ්ලේෂකයින්ට එරෙහිව මල්ලී ගෙන යන හුදෙකලා සටන මම අගය කරනවා. ජය පතමි

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කේ ගොඩාක් ලේසි..මිනිස්සු අඳුනගන්න ලේසි...ඒත් ගොඩක් වෙලාවකට මට දැනිල තියන දේ තමා මේක ඉගෙන ගත්තාම අවිශ්වාසයෙන් බලන එක වැඩි වෙනවා හිතේ...අනේ මන්දා...ඇස් ඉදිරිපිට වෙන දේත් තර්කානුකුලව හිතන්න ගන්නවා නෙවි ඉබේම හිතෙනවා...වෙලාවකටනම් ටිකක් විතර වදයක්...එත් හොඳ දෙයක් ..ජිවත් වෙනවා කියල දැනෙනවටත් වඩා ලෝකේ එක්ක අපිත් කැරකෙනවා නේද කියල දැනෙනවා..ස්තුති අක්කේ...

      Delete
  2. මුල ඉඳන්ම කියෙව්වා. ඇත්තම කිව්වොත් මට ටිකක් ග්‍රීක් වගේ. සරල කරන්න පුලුවන්ද මීට වඩා?
    ලින්ක් එකක් දාන විදිය මම කියල දෙන්නම්, ඉස්සර වෙලාම බ්ලොගර් එකේදී ඔයා ලින්ක් එක දෙන්න අවශ්‍ය කරන වචනය හයිලයිට් කරන්න. ඊටපස්සේ බ්ලොගර් එකේ තියන Link කියන වචනේ උඩ (පබ්ලිෂ් බටන් එක යටින් තියන) ක්ලික් කරන්න. පොඩි පොප් අප් ඩයලොග් එකක් ඕපන් වේවි. එතන To what URL should this link go? කියන තැනට ඔයාගේ කලින් ලිපියේ ලිපිනය දෙන්න. (වෙනම බ්‍රවුසර් ටැබ් එකක ඔයාගේ බ්ලොග් එක ඕපන් කරලා එකෙන් කලින් ලිපියට යන්න. ගිහින් ඒ ලිපිනය කොපි කරගන්න. ඒක ඊට පස්සේ අර කලින් කිව්ව තැනට පේස්ට් කරගන්න.) ලින්ක් එකට ගිහින් ක්ලික් කරාම ඒ කලින් පේජ් ඒක වෙනම ටැබ් එකක ඕපන් වෙන්න ඕනේ නම් Open this link in a new window කියන තැන චෙක් බොක්ස් එක ක්ලික් කරන්න. නැතිනම් නිකම්ම මේ පියවරෙන් පස්සේ ඕකේ කලත් කමක් නෑ.

    ReplyDelete
    Replies
    1. හරි ක්සැන්ඩර්..අනිවාර්යයෙන්ම තවත් සරල කරන්නම්...අද කාලේ මනෝ විද්‍යාව සිංහලයින්ට උගන්නන්න බැරි අපේම බුද්ධිමත් කියන මෝඩ තකතීරුවන්ගේ වැඩ හන්ද...උන් බුද්ධිමත් කියල පෙන්නන්ඩ සිංහල නෙවෙයි වගේ පේන මහප්‍රාණ ගොඩක් දැම්ම වචන ඇතුල් කරනවා භාෂාවට..ඉතින් මනුස්සයින්ට ඒවා ඉගෙන ගන්ඩ වෙනම ඉස්කෝලේ යන්ඩ වෙනවා...පුළුවන් තරම් සරලව කියන්නම් මම...ගොඩක් ස්තුති මම නොදන්නා දෙයක් කියල දුන්නට..ඔයාට ගොඩක් පින්...වැඩේ හරි ගියා...අයිමත් ස්තුති...

      Delete
    2. ස්තුතියි.. මට තව ටිකක් කියෙව්වොත් තේරුම් ගන්න ට්‍රයි කරන්න තිබ්බා. ඒත් ඔයා ලියල තියන විදියට ඔයාටම මේක සරල කරන්න පුළුවන් කියල හිතුණා. අලුතෙන් කෙනෙක් ආවාම එයාට උදව් කරන්න පුළුවන් නම් මම අනිවා කරනවා. සන්තෝසයි වැඩේ හරි ගියාට.

      Delete
    3. හ්ම්ම්..ආයිත් පාරක් ඉත්තුති යාලුවේ...පොඩ්ඩක් විතර පරක්කු වේවි මනෝ විද්‍යා ඊ ගාව පොස්ටුවටනම්...කමක් නෑ නේද?අනිවාර්යෙන්ම දානවා මම...

      Delete
  3. මාව මානසික ව්‍යාකුලතාවයකට පත් උනා වගේ :/

    ReplyDelete

අදහසක් දාමුද?