කුරුළු යාළුවෝ

Tuesday, June 19, 2012

අත් දෙකෙන් විලි වහන් ක්වොන්ටම් හොයන අපේ එව්වෝ....

ඔන්න මයෙ පුතේ මේ දවස් වල උඹගේ ඒකාල ඇහෙරෙන් අරන්...රාවණා ගැනයි හෙළයන්ගේ ඉතිහාසෙයි හොයනවා...ඔන්න ඕක තමා වෙන්ඩ ඕනේ දරුවේ...ඔහොම යයි..අන්තිමට ඇත්ත එලි වෙයි..තොපිට තේරෙන් නෑ තොපේ වටිනාකම..පර සුද්දන්ගේ අහවල් එක ලෙව කකා ඉන්නවා...තේරුම් ගනියව් තොපේ අභිමානේ...නිවුටගේ රෙදි ටික ගැලෙව්වනේ මයෙ පුතේ...ඔන්න අහගනිල්ල මුන්ගේ තවත් බයිලයක්...
මයෙ පුතේ 1997 දී ක්වොන්ටම් පරිගණකයක් කියල දෙයක් හැදුවා...මේ කළල ක්වොන්ටම් පරිගනකෙ කොහොමත් වැඩි දියුණු කොරල  එහෙම එන්ඩ තව අවුරුදු ගානක් යයි..නැත්නම් තව ටික දොහකින් එයි දරුවේ...මේ වගේ එකක් වැඩි දියුණු කරන්ඩත් හරි අමාරුයි කියලනේ කියන්නේ...කොහොමත් කියන විදිහටනම් ඔය අද කාලේ තියන පරිගණකයකට වඩා හරි ලොකු වේගයක්නම් මේකට තියනවා කියල උන්දලා කියනවා...අංක 400 ක් විතර තියන සංඛ්‍යාවක් කඩන්න මයෙ පුතේ ඔය අද කාලේ තියන කොම්පීතරෙකට යාවි අවුරුදු කෝටි ගානක්...මම මේ කිවේ උඹල පාස් වර්ඩ් කියන අංකයක් ගැන...ඔය ලොකු ලොකු බැංකු වල තියෙන්නේ එහෙම රහස් වචනනේ...ඒත් දරුවේ ක්වොන්ටම් ආවාම ඔය සෙල්ලම් ඉවරයි...ඒකට ගතවෙන්නේ විනාඩියකටත් අඩු ගානක්...ඔන්න මුන් කිව දේ...ඒත් මුන් කියන්නේ නෑ එහෙම එකක් එද්දින් ඊට වඩා ලොකු රහස් වචන භාවිතෙට එයි කියලා...ඔව්ව අපේ එකාලට තේරෙන් නැතිවද එහෙම නැත්නම් තේරිලත් අහන් නැතිවද මන්ද...
දැන් ඔය වගේ වෙලාවක බටහිර මිනිහා මොකද කොරන්නේ?(අපේ උන් කරන දේ නම් අහල වැඩක් නෑනේ..උන් දන්නේ අරුගේ පස්සෙන් ගිහින් ඌ කරන දේම කට අරගෙන කරන්
නී) ඌ අනිවාර්යෙන්ම අර කොම්පිතරේට බින්දින් බැරි රහස් පද හොයා ගනී...හොර වැඩ තවත් සුක්ෂම වෙයි...අපේ උන් ඒවාට අහුවෙයි....
හරි දැන් මුන් හදලා තියනවා ක්වොන්ටම් ලෝකය කියල එකක්...උන් ඒකට නීති රීති දාල තියනවා...ඔව් ...නීති රීති...මේ ලෝකේ  හරියට පාලනේ කොරන්ඩ බැරිව තව මගුල් අටවාගෙන නීති රීති දාලා...උන් කියල දෙනවා ඒ ලෝකේ සාමාජිකයෝ හැසිරෙන්නේ මෙන්න මේ විදිහට,මෙව්වා තමා ඒ ලෝකේ සිරිත් විරිත් කියල...ක්වොන්ටම් භෞතික විද්‍යාඥයෝ කියන විදිහට පුතේ උන්ගේ විද්‍යා කතා සියලුම වස්තු වලට වලන්ගුයිලු...ඒ කියන්නේ ඉන්න ක්ශීරපතෙට, මන්දාකිනියට, සුර්යයාට, සත්තුන්ට, උඹලට,මට,උන්ට,පොඩි පරමාණුවට සේරටම වලන්ගුයිලු...හැබැයි දරුවේ මෙතන පොඩි පරහක් තියනවා...මේ ඉලෙක්ට්‍රොන කියන දෙයින් උඩට යද්දී ඒ කියන්නේ වස්තුවේ විශාලත්වය එන්ඩ එන්ඩ වැඩි වෙද්දීන් මේ ක්වොන්ටම් කතා තේරුමක් නැති වල්පල්..ඇස ඉදිරිපිට ඔප්පු වෙන අමුලික බොරු...ඒත් තාම එකෙක් වත් මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරේ දීලනම් නෑ දරුවේ...
ක්වොන්ටම් කතා වලට තේරුමක් ලබල දෙන්නේ කිනම් ප්‍රමාණයක වස්තුද???
ඕකට උත්තර නෑ...හරි හමන් විදිහකට උත්තරයක් දෙන්නත් බෑ...මොකද ඔය මහා ලොකුවට කියවන ඉලෙක්ට්‍රොනේ තොපිට පේනවද?තොපේ ඉන්ද්‍රියන් දුර්වලයි...තොපි මහා ලොකුවට හිතන් හිටියට තොපේ ඉන්ද්‍රියන් දුර්වලයි..බල්ලොන්ට තොපිට වඩා ඇහෙනවා...උකුස්සන්ට තොපිට වඩා පේනවා...තොපිට තියන එකම දේ ඔය මොලේ...ඒත් එකත් තොපේ නෙවේ...වැඩක් නෑ එව්වා ගැන නම් කියලා...ඒත් මෙන්න වක්‍ර විදිහකට උත්තරක් ආව...ක්වොන්ටම් ලෝකේ සාමාජිකයෝ කියලා...දැන් හරිද?එතකොට උන් කවුද ඇහුවාම කිව්වා ක්වොන්ටම් කතා බහට ලක් වෙන අංශු කියලා...එතනින් එහාට මොකෙක්වත් ඇහුවේ නෑ...මොකට අහපු උන්ටවත් කියපු උන්ටවත් එක තෙරුන් නැති හන්දා...බටහිර විද්‍යාව කරේ ප්‍රශ්න වලට උත්තර හෙව්වා නෙවේ මයෙ පුතේ...උන් කරපු එකම දේ අලුත් අලුත් කතන්දර ගොතල එව්වා යට කෙරුවා..මුළු විද්‍යාවම උන් සුරංගනා ලෝකයක් කෙරුවා...අද අලුතින් කතා ගොතන උන්ට ලොකු ලොකු සම්මානත් දෙනවනි මයෙ දරුවේ...ඒත් තව අවුරුදු ගානකින් එව්වා බිඳිනවා...ඒකට තවත් සම්මානයක් දෙනවා...ප්‍රශ්නයක් අහන්ඩද?
ලංකාවේ එකෙක් ගිහින් මහසෝනා ඉන්නවා කියල ඔප්පු කොරන්ඩ හැදුවොත් උන් ඉඩ දෙයිද?
මම මහසෝනා ඉන්නවා කියල ඔප්පු කරන්නම් මයෙ දරුවේ...උන් ගුරුත්වාකර්ශනේ ඔප්පු කොරපු විදිහටම...ඒක පස්සේ...
දැන් කියන විදිහට ඔන්න ක්වොන්ටම් ලෝකේ තියෙන්නේ ඉන්ද්‍රිය ගෝචර ඒ කියන්නේ ඉන්ද්‍රියයන්ට අහුවෙන්නේ නැති අංශු වලට...ඔන්න උඹටවත් මටවත් පෙන්නේ නෑ...හැබැයි තියනවා...(නොපෙනෙන දේවල් ගැන උන් උන්ගේ ප්‍රවාදයක් හදලා..ඒ ප්‍රවාදේ එල්ලීගෙන අපේ උන් අපේ දෙයියෝ නෑ කියනවා...යක්කු නෑ කියනවා...එතකොට හරිද?)විද්‍යාඥයෝ කියන්නේ මයෙ පුතේ මිනිස්සුමනි...ඉතින් උනුත් කොරන්නේ සාමාන්‍ය මිනිහ කරන දේම තමා...ප්‍රශ්නයක් ආවම ඒ ප්‍රශ්නේ වටේට තියන අනිත් එව්වට උත්තර හොයනවා මිසක් ප්‍රශ්නෙට උත්තර හොයන්නේ නෑ...
දැන් අහපල්ලකෝ...සම්භාව්‍ය ලෝකේ ඒ කියන්නේ අපි මේ ඉන්න ලෝකේ ( පසඳුරන්ට දැනෙන ලෝකේ) තියෙන්නේ ඉන්ද්‍රිය ගෝචර දේවල්...මේස,පුටු,ගල්,මල්,තාරක,කුරුල්ලෝ ඔය සේරම බලන්ඩ පුළුවන් අපට...සමහර එව්වා අත පත ගාන්ඩ පුළුවන්..ඉම්බින්
පුළුවන්..ලෙව කන්ඩ පුළුවන්...දැන් එතකොට අපි වටේට මෙව්වා තියනවා කියල අපි දන්නේ කොහොමද?
උඹ ළඟ පෑනක් තියනවා...උඹ කොහොමද දන්නේ ඕක පෑනක් කියලා...ප්‍රශ්නේ සරලයි..උත්තරයක් හිතපල්ලා...උඹලයි අම්ම උඹට පුංචි කාලේ කිව්වා මයෙ රත්තරන් පුතේ මේක පෑනක් කියල...එහෙමද?එතකොට කෝ ඔය උත්තරේ විද්‍යාව...(ඔතනිනුත් පුළුවන් නම් හිතපල්ලා..පෑනක් කියල දෙයක් අම්ම තාත්ත කියල දීල විශ්වාස කරපු උඹල දෙයියෝ නෑ කියන ඒක කොච්චර බොරුවක්ද කියල...ඇයි උඹලගේ මහා ලොකු බටහිර විද්‍යාවට ඔප්පු කොරන්ඩ පුළුවන් උනාද ඔය පොඩි ප්‍රශ්නෙට උත්තරේ )ඕක පැහැදිලි කොරාද එකෙක්වත්?නෑ නේද?මයෙ දරුවේ සමහර විද්‍යාඥයෝ හිටිය උන් ජීවිත කාලෙම ගෙව්වේ ඔය වගේ එව්වා හිත හිතා... දැන් ඔන්න උඹට  නම් දැනෙන්නේ පෑනේ තද බව,පාට එතකොට තව ගඳක් සුවඳක් තියනවනම් ඒක...එව්වගෙන්...දැන්  උඹෙ ඉන්ද්‍රියන් වලට දැනෙන දේ අනුවයි උඹ ඕක තීරණය කලේ...එතකොට උඹට තවත් මොකක් හරි ඉන්ද්‍රියක් තිබ්බනම්..එහෙමත් නැත්නම් එකක් අඩු උනානම්...ඕක මොන වගේ දැනෙයිද?පිටසක්වලයෙක් ඕකට මොකක් කරනවා ඇත්ද?උන්ගේ ලෝකේ උඹල මේ පෑන කියන දේ ගිනි අවියක් වෙන්ඩ බැරිද?ඒකෙන් අපට නොපෙනෙන ඒත් උන්ට පෙනෙන කිරණයක් නිකුත් වෙලා උන්ට අහිතකර වෙන්ඩ බැරිද?මිහිහයි පුතේ මෙව්වා උන්ට තියන සම්පත් වලින් හදා ගත්තේ...සම්පත් කිව්වේ ඉන්ද්‍රියන් හොඳද දරුවේ...මේක මිනිහට දීල තියන බුද්ධියේම සරදමක් මයෙ පුතේ..වැඩියේ හිතන්ඩ එපා පිස්සු හැදෙයි...
දැන් මෙහෙම හිතපල්ලා...උඹල පෑන තදින් අල්ලනවා...එකේ තද බව දැනෙනවා...හැබැයි ඒක උඹ ඉගෙන ගත්තේ තනියෙන් නෙවෙයි...ඒක උඹට සමාජය කියල දුන්නු දෙයක්...උඹේ ශරීරෙ තියන පඨවි ගුණය හන්දා පෑනට ගැලපෙන විදිහට  උඹට එකේ තද ගතිය දැනෙනවා...දැන් හිතපන් උඹට ආකාශ ගුනේ තියනවා...ඒ කියන්නේ උඹට පුළුවන් පෑනෙන් රිංගල යන්ඩ...උඹට පෑන ගැන මොනවා හිතෙයිද?මනෝකායක්  තද ගතිය අර්ථදක්වන්නේ කොහොමද?අනික උඹලට ගස්  ගල් දෙ
බෑ කරගෙන යන්ඩ බෑ...ඒත් වතුරෙන් එගොඩ වෙන්ඩ පුළුවන්..ඒත් උඹලට ගස් ගල් වලට වඩා තද ශරීරයක් තිබ්බනම්...එහෙම නැත්නම් වතුරට එහෙම එකක් තිබ්බනම්...හිතපල්ලා...සමහර කෘමීන් වතුර උඩ හරි අපුරුවට ඇවිදිනවා මයෙ පුතේ...උඹල හැමෝම වටේ තියන වස්තු ගැන හිතන්නේ උඹලගේ ශරීරෙට සාපේක්ෂව...
මෙන්න අන්තිම ප්‍රතිපලේ...පෑන කියල අනුමානය කෙරුනේ උඹ ඇතුළු සමාජය විසින්...ඒ වගේම පෑනේ ගුණ තීරණය වෙන්නෙත් උඹ ඇතුළු සමාජය විසින්...එතකොට මේ හැමදේම උඹල උඹලට අනුව නිර්මාණය කොරගත්තු උඹලට දැනෙන පෙන දේවල් විතරමයි නේද?දැන් තේරෙනවද උඹලට නොපෙනෙන නොදැනෙන දේවල් කොතෙකුත් තියනවා කියලා...එව්වා මයෙ පුතේ අමුතුවෙන් ඔය ඉලක්කම් දාල ඔප්පු කොරන්ඩ දෙයක් නෑ...
දැන් ගොඩක් උන් හිතන් ඉන්නේ මිනිහට හරි පරිපුර්ණ ඉන්ද්‍රිය පද්ධතියක් තියනවා කියලා...තියනවද?
ඔව් කියයි...මගුල තමා...උඹල දන්නවනේ මිරිඟුව...ඔන්න ඈතට පේනවා...ලඟට ගියාම නෑ...එතකොට ඕක පරිපුර්ණයිද? නෑ නේද?එතකොට උඹල කාන්දමක් ලඟින් යද්දින් උඹලට එකේ කාන්දම් ගතිය දැනෙනවද?යකඩ වගේ උඹලත් ඒකට ඇදිල යනවද?නෑ නේද?බැරි වෙලාවත් කාන්දම් වල ආකර්ෂණ ගුණේට ප්‍රතිචාර දක්වන ඉන්ද්‍රියක් තිබ්බනම්?මොනවා වෙයිද දරුවේ?පරිපුර්ණ ඉන්ද්‍රිය පද්ධතියක් නැති බව දන දැනම උඹල උඹලගේ ඉන්ද්‍රිය පද්ධතිය ගැන විශ්වාසෙ තියනවා...පර සුද්දෝ උන්ට දැනෙන පෙන දේවල් අල්ලාගෙන කියන කතන්දර මහා ඉස මුදුනින් පිළිඅරගෙන උඹලා උඹලගේ සංස්කෘතියේ හිටිය රාවනයි,දෙයියෝයි,බුදුනුයි ප්‍රතික්ෂේප කොරනවා...එතකොට හරිද බොලව්?
ඒත් අයෙත් හිතපල්ලකො...මේ සිතිවිලි උඹලගේ ඇහෙන කනෙන් කටින් අරකෙන් මේකෙන් අත්වින්දට කොහොමද දැනගන්නේ?මනසත් ඕනේ නේද?දැන් මනස ගැන කතා කරපල්ලා බලන්ඩ...මනසක් තියන උඹම මනස ගැන කියනවා..නිර්වචනේ දෙනවා...දෙන්නෙත් මොකෙන්ද මනසෙන් නේද?පැටලුනා නේද දැන් ආයෙත්?මනස නැත්නම් කොහොමද මනසක් ගැන කියන්නේ?තොපිට වෙන විදිහකට වෙන ආකාරයකට තියන මනසක් තිබ්බනම් කොහොම වෙයිද?මේ සේරම ප්‍රශ්න ඉස්සරහ ඔව්වට උත්තර හොයන්නේ නැතිව මිනිහ වල් පල් හොයනවා දරුවේ....
එතකොට ආපහු ක්වොන්ටම් ලෝකේ ගැන හිතපල්ලා...දැන් මොකද උනේ?
(මෙව්වා කියවල පිස්සු හැදෙන උන් ගැන කාලි වගකියනු නොලැබේ)

10 comments:

  1. කතාව ඇත්ත.....නොදන්නා දෙයක් දැන ගත්තා ....
    හරිම භයානකයි ඒ කොම්පීතරේ ආවොත්....නේද මල්ලී...

    ReplyDelete
    Replies
    1. ක්වොන්ටම් කියන්නේ මහා දෙයක් නෙවි අක්කේ...ඕකෙන් වෙන වැරදි වහන්න හොඳ දේවලුත් ඒවි..නමුත් මේ යන විදිහටනම් විද්‍යාව ප්‍රයෝජනෙට ගන්නෙම නරකට..මොකද දෙයක් නිර්මාණය කරනවට වඩා විනාශ කරන එකනි ලේසි...ඉතින් මිනිහ තෝරා ගන්නේ ලේසි දේ...

      Delete
    2. මම හිතන්නේ බුදු දහමේ කියැවෙන අට විසි රූප කලාප වලින් මේ ක්වොන්ටම් අනශූ හැදිලා ඇති. ධර්මයේ කියන්නේ සතර මා ධාතූන් ප්‍රධාන රූප කලාපයන්ගෙන් මේ ලෝකය හැදිලා තියනවා කියලා. ධර්මය පිළිබද (රූප ධාතුව) අවබෝධයක් ඇත්නම් හැබෑවටම මේ දේ තේරුම් ගන්න පුලුවන් වෙයි

      Delete
    3. හරියටම හරි දඟයෝ..බුදු දහමේ එන අරුපාවචර ලෝක හැදිලා තියෙන්නෙත් මේවගෙන්ම වෙන්න ඕනි...කොහෙන් ගියත් විද්‍යාවේ ලනුව තියෙන්නේ බෞද්ධ දර්ශනය මත කියල ගොඩක් අයට දැනටමත් තේරිලා...

      Delete
    4. ow eka aththa. batahira widyawath anthimata yanne budu bane kiyapu thanatama thamay. widyawa diyunu wenawa kiyanne budu dahamata tiken tika lan wenawa kiyana eka. unta thama eka therila na.

      Delete
    5. හරියටම හරි මචන්...එල..ෆිට්ම තමා...

      Delete
  2. මට නිකන් ඔලුව කැරකෙනවා වගේ ...

    ReplyDelete
    Replies
    1. හෑ...ඒමද?තෝ මත හොලෙන් බීව නේද?

      Delete
  3. kawda professor kenekuth oya kathawama kiwwa. nalin de silwa wage thamay mathaka. eya kiyapuwaye kopiyak mekath.

    ReplyDelete
    Replies
    1. කොපියක් නෙවේ...එයාගෙන් මම ඉගෙන ගත්තු දේවල්...ඔයා ඔයාට උගන්නන කෙනෙක්ගෙන් ගන්නේ අනුකරණය නෙවේ නේද?

      Delete

අදහසක් දාමුද?