කුරුළු යාළුවෝ

Wednesday, June 20, 2012

හිතපල්ලා එක විනාඩියක්...

කරන්නම දෙයක් නැහැ...ඒත් ලියන්න වෙනවා...කවදාවත් ලියන්නෙම නැහැ කියල හිතපු දෙයක් ලියන්න පටන් ගන්නේ යාලුවනේ...බ්ලොග් එක පටන් ගත්තේ ඒ හේතුව නිසාමයි...ඒත් අන්තිම කාලේ වෙද්දීන් තේරුණා ගොඩක් දේවල් වෙනස් වෙන ලෝකේ මේ දේ විතරක් වෙනස් නොවී තියෙයිද කියල...මද්‍යස්ථ විදිහට හිතලා මගේ පාඩුවේ ඉන්න හැදුවා...බ්ලොග් එකෙනුත් ගෙනාවේ මට හොඳයි කියල දැනුනු දේවල් විතරයි...ඒත්...... අද ඉඳන් මම ලියනවා...
මුළු ලෝකෙම මට විරුද්ධ  වුනත් මම ලියනවා...
මේ බ්ලොග් එක මම පටන් ගත්තේ මොකටද...ඒ ඉලක්කයට මම යනවා...
එන අය ඒවි...පස්සෙන් නෙවේ මට ඉස්සරහින්...ඔව්..මටත් වඩා ඉස්සරහින්...බැරි උන් ඉඳීවි...එකෙක් හරි එන්නෙත් නැති වේවි...ඒත් මම දිගටම යනවා...
අද උදේ පත්තරේ බැලුවා...එක පත්තර පිටුවයි  බැලුවේ...හරියට මට පේන්ඩම තියල වගේ...මෙන්න මේ සිරස්තල වලින් ලියවුනු පුවත් ටිකක්...
15 හැවිරිදි දැරිය  අපයෝජනයට ලක්කළ 38 හැවිරිදි දෙදරු පියා අල්ලයි...

14 හැවිරිදි දැරියක් මවක් වෙලා...මාසයක් වයසැති බිලිඳියක් උකුලේ...
පෙම්වතියට බඩක් දී පෙම්වතා පැනගිහින්...පෙම්වතියට වයස 14 යි...
මේ ලංකාවද?බුදුන් වැඩිය ලංකාවද?මිහිඳු හාමුදුරුවෝ බුදු බණ ගෙනාව ලංකාවද?රහතන් වහන්සේලා හිටිය ලංකාවද?විහාර මහා දෙවි වගේ ස්ත්‍රීන් හිටපු ලංකාවද?නෑ මේ අපි ඉන්නේ ලංකාවේ වෙන්ඩ බෑ...මේ ලංකාව බුදු පහස ලබල තියෙන්ඩ බෑ...මිහිඳු හාමුදුරුවෝ මේ රටට බුද්ධාගම ගෙනාව වෙන්ඩ බෑ...
මොකක්ද මේ කෙහෙම්මල් රටට අද වෙලා තියෙන්නේ?පාලකයන්ගේ වරදද?දේශපාලනේ වරදද?ආර්ථිකේ තියන අස්ථාවර කමද?බඩු මිල ඉහල ගිය හන්දද?ජීවන බර වැඩි වෙච්ච හන්දද?නෑ...ඔය එකක්වත් නෙවේ..මෝඩකම...මුන්ගේ මෝඩකම...
කොහෙන් පටන් ගන්ඩද කියල හිතාගන්ඩ බැරි මාතෘකාවක්....කොහෙන් කෙළවරක් දකින්නද කියල හිතා ගන්ඩ බැරි මාතෘකාවක්...වැරදි කවුද?හරි කවුද?එක්කෝ උඹලත් හරි මමත් හරි...නැත්නම් දෙගොල්ලොම වැරදි...එකෙක් වැරදි නෑ...එකෙක්ට ඇඟිල්ල දික් කරන්න එපා..දික් කරන්නත් බෑ...
ලිංගිකත්වය...ආදරය...?එකක්ද?දෙකක්ද?

මෙන්න මේ ප්‍රශ්න වලට උත්තර හොයපල්ලා...
මෙන්න උත්තර...
ලිංගිකත්වය කියන්නේ එකක්...ආදරය කියන්නේ තව එකක්...

ලිංගිකත්වය තියන තැන ආදරය තියනවා...
ආදරය කියන්නේ ලිංගිකත්වයත් එක්ක බැඳුනු දෙයක්
ලිංගිකත්වය කියන්නේ ආදරය එක්ක බැඳුනු දෙයක්...
ඔන්න ඔව්ව තම ගොඩක් අය දෙන සමහර උත්තර...ඔය මොකා මොන දේ කිව්වත්...අන්තිමට වෙලා තියෙන්නේ මොකක්ද?ස්ත්‍රියට සමාජයේ තියන තැන නැති වෙලා..එහෙමත් නැත්නම් ස්ත්‍රිය විසින් සමාජයේ තියන තැන නැති කරගෙන...ඔය දෙකෙනුත් මොකක් උනත් කොල්ලොන්ට වෙන්නේ මොකක්ද?හොඳ කෙල්ලෙක් හොයාගන්ඩ නැතිවෙන එක...එතකොට කෙල්ලොන්ට වෙන්නේ හොඳ කොල්ලෙක් හොයාගන්ඩ නැති එක...එහෙමයි කියල හැමෝම වැරදි කරාමත් හරි යයිද?මගේ ගෑනි පිට යනවා...මමත් යනවා...මගේ මිනිහ පිට යනවා...මමත් යනවා...
කෝ තොපේ කුමර කුමරි බඹසර?එව්වා කැලේ...කැලේ නෙවේ පඳුරක් පඳුරක් ගානේ විකිනෙනවා...ලස්සන ජිවිතයක් තිබිලත් ඇයි ජිවිතේ කාලකන්නි කරගන්නේ?විඳින්න පුළුවන් ජිවිතේ ඇයි විඳවන්න හදන්නේ?කොල්ලෝ බයිට් කරනවා කියල කෙල්ලෝ තියන සබ්බ සකලමනාවනම නැති කරගන්නවා...කෙල්ලෝ බයිට් කරනවා කියල කොල්ලෝ උන්ගේ සේරම නැති කරනවා...අන්තිමට කාටද මොනවද නැති වුනේ...???????
හිතපල්ලා...පොඩ්ඩක්..එක විනාඩියක්...වැඩක් නෑ කිව්වට..ඒත් කියන්නම්...තාත්තට තමන්ගේ දුවව දුෂණය කරන්න හිතුනේ ඇයි?අයියට නංගිව දුෂණය කරන්ඩ හිතුනේ ඇයි?මානසිකත්වය...සේරම වැරදි...රුප පෙට්ටියේ ඉඳන් හැමදේම වැරදි...මිනිස්සුන්ගේ කාමුක හැන්ගීම් ඉස්මතු වෙලා...
බුදු බණේ තියනවා යාලුවනේ....බුදු බණ ඇත්ත වීගෙන එනවා යාලුවනේ...අම්ම අප්පා අන්දුන්නන්නේ නැති යුගයක් එනවලු...මෙන්න පටන් අරන්....මේ ආරම්භය විතරයි...පටන් ගත්ත විතරයි...
ගිය වෙසක් පෝය දවසේ ගියා වාද්දුවට තොරන් බලන්ඩ...කුරුළු තොරන් තම වැඩි හරියක්ම තිබුනේ...පේමන්ට් එකෙත් තොරන් ගහල හරි හරියට...කුරුළු තොරන්...එව්වගෙන් කමක් නෑ කියමුකෝ...කුරුල්ලා ගියේ මිස්ල එක්ක...මිසුයි සරුයි බබාලා දෙන්නයි....පොඩි එවුන් දෙන්න ඇස් වහන් එක්ක යන්ඩ උනේ...ආපහු එද්දින් මාව අපේ ෂොප් එක ලඟින් දාල ගියා...සර් ගිහින් මිස්ලව දාල එන්නම් කියල...ඈතින් එනවා කෙල්ලෝ දෙන්නෙක්..වෙලාව පාන්දර 1 ටත් කිට්ටුයි...මම උවමනාවෙන් බැලුවා...වයස 18 කට අඩු මිසක් වැඩි වෙන්නනම් බෑ...කෙල්ලෝ දෙන්න හෙමින් හෙමින් ආවා...මමත් බලන් හිටියා...එක පාරටම කෙල්ලෙක් නැවිල වමනේ කරා...කරන්න තිබ්බේ එක දෙයයි...මමත් වතුර බෝතලේ අරන් එතෙන්ට ගියා...මුන් දෙන්න හොඳටම බීලා...බුදුන් බුදු වුනු දවසේ එලිය දුන්නු වෙසක් හඳ ඒ වගේමයි...මුන් දෙන්නටත් එලිය දෙනවා...ජිවිතේ සරදමක්... එකියක් මම දිහා බලල තැන්ක්ස්  කිව්වා...ඒ වෙලාවේ මට ඕනි වුනේ එක දෙයයි...ඉක්මනට එතනින් යන්න...මම වතුර බෝතලෙත් අරන් පස්ස නොබලා ආවා...කඩාගෙන ආවා ත්‍රී වීල් එකක් කෙල්ලෝ ලඟින් නැවැත්තුව...මොන මොනවදෝ කතා වුනා..කොල්ලෝ පස් දෙනෙක් විතර හිටිය ත්‍රී වීල් එකට අර කෙල්ලෝ දෙන්නත් පටවගත්ත...ඒ වේගෙන්ම ආපහු ගියා...කුරුල්ලට මුකුත් හිතාගන්න බෑ...රෑට නින්දට යද්දිනුත් පෙනුණු විකාර...එක්කෝ එදා රෑ වෙනද වගේම ඒ කෙල්ලෝ දෙන්න කොල්ලොන්ට ජිවිතේ දෙන්න ඇති...එහෙමත් නැත්නම් ෆන් එක ගන්ඩ බීල කොල්ලෝ අතින් එදා රෑ ඒ ජිවිත අනාත වෙන්න ඇති..එහෙමත් නැත්නම් කලින් කොල්ලෙක් හන්ද ජිවිතේ කාලකන්නි වුනු ඒ කෙල්ලෝ කොල්ලොන්ගෙන් පලිගන්න කියල ඕක කරනවා ඇති....මේක කියවන කෙනෙක්ට මෙහෙමත් හිතෙන්ඩ පුළුවන්..ඇයි බන් අපරාදෙනේ..මාරු චාන්ස් එක...ඇත්ත මාරු චාන්ස් එක...ඒත් එපා මටනම්..හිරිකිතයි...පට්ට අප්පිරියයි...
කවුද වැරදි මම දන්නේ නෑ...
ආදරේ ගැන හිතමු...මොකක්ද මේ ආදරේ...කෙල්ලෙක් කොල්ලෙක් එක්ක යාලු වෙනවා...කොල්ල කෙල්ලට රුම් එකට යන්ඩ අඩගහනවා...මොකක්ද ඒ?ආදරේද?හිතපල්ලා කෙල්ලනේ...මොලේ පාවිච්චි කරපල්ලා..ඒක ආදරේ නෙවේ...බඳිනකම් ඒකට ඕක ඉවසන් ඉන්ඩ බැරිනම් එක ආදරේ නෙවේ...ඔයා මට ආදරෙයි නම් එන්න මම කවදාවත් වෙන කෙල්ලෙක් ගැන හිතන්නේ නෑ කියන එකා උඹලට කරන්නේ ආදරේ නෙවේ...අහපල්ලා...ඕක ක්ෂිතිජය...එපා දියඹට බැහැල පීනන්ඩ...උඹලව අතරමං වෙයි...ආදරේ ලිංගිකත්වය කියන දෙක වෙන් කරලා අඳුන ගනිල්ලා...බුකියෙන් යාලු වෙන කොල්ල ගැන පවා  දෙපාරක් හිතපල්ලා...මේ කොල්ලොන්ට බනිනවා නෙවේ..මමත් කොල්ලෙක්...ඒත් කෝ අද කාලේ අහිංසකයෙක්ට කෙල්ලෙක්...????
තව දෙයක් තව ප්‍රශ්නයක්...කෙල්ලෙක් කොල්ලෙක් එක්ක යාළුවෙනවා..කොල්ල ඒකිව අතාරිනවා..එකී තව එකෙක් එක්ක යාළුවෙනවා..උත් ඒකිව අතාරිනවා...තවත් එකෙක්...ඔහොම ඔහොම 10 ක් 15 ක් එක්ක යාලු වෙනවා..දැන් ඒ කෙල්ල බඩුවක්ද?මටනම් මේවා ප්‍රශ්න...උත්තර නැති...එක අතකින් කෙල්ල වැරදි නෑ...ඒත් එහෙම කෙල්ලෙක් දිහා සමාජය බලන්න කොහොමද?අපි අතේමයි නේද උත්තරේ තියෙන්නේ?කොල්ලෙක් ඇහුවට යාලුවෙන්ඩ හොයල බලන්නේ නැතිව යාළුවුනාම ප්‍රශ්න නේද?අද සෙට් වෙලා පණ දෙන්ඩ කතා කරපුවාම හදපු වදපු අම්ම තාත්තත් දාල තොපි කොහෙද ඔය යන්නේ?මිරිඟුවක් පස්සේ නේද?උඹල පතන ආදරේ උඹලට ලැබිල තියනවද?ලැබෙයිද?එහෙමයි කියල හොඳ කෙල්ලෙක් හොඳ කොල්ලෙක් හොයාගන්න කියල හතර වටේ යන උන් හරිද?ඇයි එකෙක්ට එක කොල්ලෙක්, එක කෙල්ලෙක් එක්ක ඉන්ඩ බැරි?ප්‍රශ්න මටනම් මෙව්වා...
කොල්ලනේ අපිට නැතිවෙන්නේ හොඳ කෙල්ලෝ නේද?උඹල හිතනවද උඹල ඔයා කරන දෙයින් උඹලට හොඳ එකියක් හම්බ වෙයි කියල...මේ කියන්නේ ඇත්ත...ස්වභාව ධර්මය ඇත්තනම් එහෙම කොල්ලන්ට හම්බෙන්නෙත් නන්නත්තාරේ යන එකියක්...
එහෙනම් කෙල්ලනේ උඹලත් ...හැදියව්...හිතපියව්...දෙපාරක් නෙවේ සිය දහස් වාරයක් හිතපියව්...
කෙල්ලන්ට බනිනවා නෙවේ...උඹල වැරදි කියනවා නෙවේ...ඒත් සමාජය විසින් උඹලට දීල තිබ්බ තැනක්...බමුණු සමාජය උඹල පාගාගෙන ඉද්දින් ඒකෙන් මිදුන උඹල...ඒත් දැන්....මොකද වෙලා තියෙන්නේ?විලි වහෙන්ඩ ඇඳුමක් ඇඳන් යනවද උඹල?තොපේ පෙන්නගන්ඩ ඕනේ දේවල් පෙන්නන්ඩ ඕනේ උන්ට පෙන්නපියව් ...ඇයි අපේ එකාල පොන්නයොද?මුන්ගේ නැටි වලට කිරි උරන්නේ නැත්ද?
අද කාලේ ඉස්කෝල වල ඇඳුම අඳින්නේ කොහොමද?ගවුම මහන්නේ අත් හොඳටම කොටට...දනිස්සෙන් අඟල් 4 ක් විතර උඩට...අර ඉනට දාන පටිය එල්ලෙනවා හරි ලූස් විදිහට...එතකොට ඉන තියෙන්නේ තට්ටමේ..කොන්ඩේ බඳිනවා පෝනි ටේල්..හරි සෙක්සි ලුක් එක...ටියුෂන් යනවනම් ගලවනවා ටයි එක...දාගන්නවා පැත්තකට බැග් එක..මුන් පොලේ යනවා වගේ...
කෝ සංවරකම...කෝ උඹලගේ ශිෂ්ටත්වේ...?උඹල ඉල්ලන්නේ මොන නිදහසද?ඇඳුම් අඳින්නේ නැතිව ඉන්න නිදහසද?ඕනි නම් ගනිල්ලා..හැබැයි ඉතින් කොල්ලන්ගේ ලිංගේ කපල දාල තොපිට වම්බටු දෙන්ඩ වෙනවා නොමිලේ...එහෙමද?තමනුත්  හැදුනොත් හරි නේද?
හැමෝම වැරදි...කවුරුත් හරි නෑ...හොඳම දේ තනිකමද?නෑ එකත් නෑ...මොකද ජීවයේ පැවැත්මට ප්‍රජනනය අවශ්‍යයි...
මිනිහ කැලේ ඉඳල එලියට ආවා...ශිෂ්ටත්වයක්  කියල දෙයක් හදාගත්තා...දැන් කෝ ඒක...දැන් ටිකෙන් ටික ආයෙත් ගල් යුගේට යනවා වගේ....
හිතුනු හිතෙන දේවල් පැටලිලා...මට නම් තේරෙන්න නෑ....

16 comments:

  1. හිතන්න දේවල්..කියන්න දේවල් ගොඩායි...

    ReplyDelete
    Replies
    1. අපිට හිතෙන දේවල් අපි නොකියන එකයි මෙතන තියන ප්‍රශ්නේ තරුවො...

      Delete
    2. Hmmmm.........

      Delete
    3. ඇයි අලේ හ්ම්ම්...මොකෝ උනේ?

      Delete
  2. උත්තර නැති ප්‍රෂ්න ගොඩක් බන්...

    ReplyDelete
    Replies
    1. ඔව් මී ගොඩයෝ...තේරෙන් නැහැ කොහොම ජිවිතේ ගෙවන්නද කියලා...හොඳ කෙල්ලෙක් කොහෙන් හොයන්නද?

      Delete
  3. කියන කතාව ඇත්ත....ඒත් මේ යන රටාව වෙනස් කරන්න අමාරුයි....අත්දැකීමෙන් කියන්නේ මල්ලී....අපි හරි දේ පෙන්නලා දුන්නට පිළිගන්න අය අඩුයි...

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද දම්මි අක්කේ...අනාගතේ ගැන බයයි..ගොඩක්...ඉස්සරහට කසාදයක් බඳිනවා කියන්නේ මිනී මැරුමක් කරන්ඩ පලන් කරනවා වගේ වැඩක් වෙයිද කියල බයයි...අම්මපල්ලා මමනම් මරාගෙන මැරෙනවා...

      Delete
  4. අම්මපා ඔය කිව්ව දේවල් මමත් කස්ටියගෙන්ම අහනවා
    මමත් නැහැනේ ඔය සෙක්ස් වලට
    සික් මෙහෙම ගියොත් අපිට කෙල්ලොත් නැහැ ඉන්නේ බඩු.
    අපරාදේ...

    ReplyDelete
    Replies
    1. ඇත්ත ලෝකේ හොඳ කෙල්ලෝ හෙව්වා..ම්ම්ම්හ්...නෑ...බුකිය පුරාවටම හෙව්වා..ඒත් නැහැ..එක්කෝ යාළුවෙලා නැත්නම් කෙලවගෙන...සෙකන්ඩ් හෑන්ඩ් වත් බලමු මචෝ..එව්වත් හිඟ වී ගෙන එන්නේ..අනේ අම්මප එකෙක් එක්ක ඉන්ඩ බැරි හැටි..අපේ උන්ට එකියක් ආශ්‍රය කරන්ඩ බැරි හැටි...

      Delete
  5. මොනවා වුණත් මේ ලියවිල්ල නවත්තන්න එපා දිගටම ලියපන්

    ReplyDelete
    Replies
    1. නවත්තන්නේ නෑ මචෝ...එක්කෝ මේකේ ඉන්ඩ...නැත්තම් යන්ද..ඕනේ පු_ක් සත පනහයි..මගේ පු_ විතරක් දෙකයි පනහයි...

      Delete
  6. එල සුබ පැතුම් දිගටම ලියහන්................ ආදරයට පන පොවන්නේ රාගය ඒත් රාගය විතරක් තියනකොට තමයි මේ අව්ල් වෙන්නේ

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..එක නම් ඇත්ත මචන්..ඒත් ආදරේට කලින් යාලු වුනු ගමන් ඉස්මතු වෙන්නේ රාගයනි...එකෙන්ම කියනවනම් සෙක්ස්...
      ඉත්තුති කොල්ලෝ...

      Delete
  7. ඔයා කෙල්ලන්ටවත් කොල්ලන්ටවත් වෙන වෙනම අගිල්ල දික් කලේ නෑ..දෙගොල්ලන්ටම එකපාර ඇත්තටම කියපු හැම වචනෙම ඇත්ත..සහතික ඇත්ත..අපි හොදින් කියල බැරිනම් ඉල්ලන්නෙම නරකින්නම් කියමු මේ විදියට..අළුතින් පටන් ගන්නවා කියල තිබුණා..මේ විදිය නවත්තන්න එපා දිගටම ලියන්න..

    කමෙන්ට් වලදිවත් එක පැත්තක් නොගෙන කථාකරන්න...

    කෙල්ලොවත් කොල්ලොවත් හරියි කියන්න බැහැ...නමුත් මේ කිසිදෙයක් අදාල නැති කෙල්ලොත් කොල්ලොත් ඉන්නවයි කියලත් මතක තියාගමු..කොච්චර හොද කෙල්ලො නෑ කිව්වට නෑ නෙමෙයි ඉන්නවා අනන්ත ඉන්නවා විහින් විනාස නොවුණු අඩුම ගානෙ ගෙදර මවුපිය දෙපලට බයේ හරි හැදුන අය ඕනි තරම් ඉන්නවා..නරක අය වැඩි නිසා උන්ටත් ඒ බැජ් එකම වැදිලා.FB ආව කියල බ්ලොග් එකක් කලා කියල අහිංසක කෙල්ලෙක් ඒකිට ඔනි නැත්තම් කවදාවත් වැරැද්දක් කරන්නෙ නෑ..තමන්ට ගැලපෙන්නෙ නෑ කියල හිතුණොත් මැරුවත් ඒ දේ කරන්නෙ නැති අයත් ඉන්නවා.

    ඒ වගේමයි කොල්ලොත් කොයි තරම් හොද අය ඉන්නවද නරක උන් අතර පේන්නෙ නෑ..අරක්කු සිගරට් ඔය විකාර ගත්තු නැති කොල්ලො නැද්ද?එක කෙල්ලෙක් ඉද්දි කොයිතරම් කෙල්ලො ඇගේ ගියත් එකම කෙල්ලට ඇරෙන්න ආදරේ නොකරන අය නැද්ද? ඉන්නවා පේන්නෙ නෑ.උන්ට දේවත්වයෙන් සලකන්න නරක උන් දෙන්නෙ නෑ..

    සුභ පතනවා දිගටම ලියන්න...මාතෘකාව හොදනම් අනිවා මමත් ඕනි එකක් කියවනවා..මාතෘකාවෙම එපා කියලනම් කියවන්නෙ නෑ.ඒ නිසා දිගටම හොද දෙයක් ලියන්න...

    ජය වේවා...

    ReplyDelete
    Replies
    1. ඇත්ත...ඔයාගේ කතාවත් ඇත්ත..ඒත් හොඳ අයගේ හදන්න දෙයක් අපට නැහැ..චුටි හරි වැරද්දක් කරන එකෙක් එකියක් ඉන්නවනම් අන්න උන්ගේ වැරැද්ද චුට්ටක් හරි හදාගන්න පාර පෙන්නන්නයි මට ඕනි..ඉන්ටනෙට් යුස් කරන කෙල්ල වැරදි නෑ..ඒත් සමාජය බලන්නේ වපර ඇහින්...සමහරක් කෙල්ලෝ නිසා මුළු ස්ත්‍රී සංහතියටම ලොකු කැළලක් වෙලා...උදාහරණයක් ගත්තොත් අලුතින් එන නිලියෝ...බහුතරයක් හොඳ අය නෙවේ...ඉතින් එහෙම සමාජෙක කොටට ඇඳලා යන කෙල්ලෙක් දිහා වපර ඇහින් බලන එක අසාදාරණයි කියල කියන්නත් අපට බෑ...ඒත් එක දෙයක් මෙතැනදී කියන්නම ඕනි..කුරුල්ලාගේ අවාසනාවද මන්ද කුරුල්ලට තාම හොඳයි කියල කියන්න පුළුවන් කෙල්ලෝ දෙතුන් දෙනයි හම්බ වෙලා තියෙන්නේ......මේක මගේ අත්දැකීම...තව කෙනෙක්ගේ අත්දැකීම මීට වඩා හාත්පසින්ම වෙනස් වෙන්න පුළුවන්...ඒත් මම දන්නා එකම දේ මට දැනෙන එකම දේ 75% කටත් වඩා අද සමාජේ ඉන්නේ සිංහ හම පොරවගත්තු අය...එකඟ වේවි ඔයත්....කාලකන්නි කෙල්ලෝ අස්සේ සීතාවනුත්,පත්තිනි අම්මලත් ඉන්නවා...ඒත් අද සමාජේ පිළිලයක් වෙලා තියන මේ දේ නිසා අනාගතේ ගැනනම් මට ගොඩක් බයයි...කුරුල්ලට ඉවසීම බිංදුවයි...ආදරේ පැත්තකින් දාල බෙල්ල මිරිකයි මමනම් වැරද්දක් උනොත්...ඒ නිසා සම්බන්ධතාවයක් ගොඩ නගා ගන්න දැන්නම් බයයි...

      Delete

අදහසක් දාමුද?