කුරුළු යාළුවෝ

Saturday, June 23, 2012

කුරුල්ලා දුෂණයට ලක්වීම ( අවසාන කොටස)

කලින් එව්වා මෙතනින් බලන්න...
 1 කොටස 
 2 කොටස   
 3 කොටස   
අපි එහෙමයි...හු ඈ...





මේක කොටස් තුනෙන් ඉවර කරන්න හැදුවට බෑ වගේ...මමත් හිතුවේ ඉවලෙතම ඉවලයි කියලා...ඒත් ඉවරයි කිව්වට ඉවරමත් නෑ වගේ...හද්ද මුසල පාන්දරක මම නැගිට්ටා...(ගැලපෙනවද මන්ද)...දැන් ඉතින් වැඩ...ආයෙත් වැඩ...ආයෙත් වැඩ...ඔහොම ඔහොම වැඩ වැඩ වැඩ වැඩ වැඩ....
ජනක අපි යමු 10 ට විතර..
හෑ... කොහෙද?
අරක බලවගන්න...
මොක?
ලෙඩේ...
අහ්...හා යමුකෝ...
ආයිත් වැඩ වැඩ වැඩ වැඩ...දන්නවනි ඉතින් අපි..වැඩට බැස්සොත් නැගිටිනවා බොරු...බුකියෙම තමා...වැඩ වැඩ වැඩ වැඩ...කොහොමින් කොහොම හරි මටත් ලෙඩේ අමතකයි..බෙහෙතුත් ඉවරයි...බිව්වෙත් ඉතින් දවසට එක වේලක් වගෙනි..කොහේ සනීප වෙන්ඩද?තියන වෙඩින් එකේ බඳින උන්ට පිස්සුද මන්දා ටේබල් ඩෙකෝ 45 ක්...පරම්පරාවටම දෙන්ඩ වගේ...මොකද ඉතින් එකෙක්ගෙන් 1000 ගානේ ආවත් මදැයි...බඳිනවා කියන එක තමා අද කාලේ හොඳම ජොබ් එක..පට්ට ආදායම් මාර්ගේ...කෝම හරි ගැහුවා ඩෙකෝ 45 ම...පඩි පෙළවල් 2 ක් නැග්ගා...බැස්සා...නැග්ගා...බැස්සා...එක ඩෙකෝ එකකට එක ගානේ...හම්මේ මාන්සිය...ඉන්ඩ බෑ රිදෙනවා අහවල් එකේ ඉඳන්...
සර්...
ඇයි ජනක...
රිදෙනවා සර්...
ඉක්මනට යමු....කෝ යතුර...
හෑ...යතුර තියෙන තැනත් අමතක වෙලා...
කොහෙටද යන්නේ?
අනේ ජෙනරල්ම යමු...
හැබැයි අතන නම් හවසට ඉන්නේ වයසක පොරක්..යමුද...
අනේ කමක් නෑ...ඉන්ඩ බෑ...යමු...
මෙයා කතන්දර කියෝනවා...මගේ සබ්බ සකලමනාවම දෙදරනවා...යන ගමන් නල්ලුරුවේ හන්දියේ කොල්ලෝ දෙන්නෙක් කෙල්ලෝ දිහා බලාගෙන හිතින් වගේ උම්මා දෙනවා...හෑ...සික් විතරක්...වල වනචර ගඳ සමනල්ලු...අහිංසක කෙල්ලන්ව උන්ගේ අම්මල පන්ති එවන්නේ දුක් මහන්සි වෙලා...ඉගෙන ගන්න උන් අම්බ කට්ටක් කන්නේ...කෙල්ලෝ මගදී කටු අකුල් ගානේ රිංගන එක වරහන් ඇතුලේ තිබිච්චාවෙකෝ...එව්වා වෙනම කතානේ මුන් බෝ පැල වගේ කෙලි පැටව්....හෑ අදත් අර සීන් එකම තමා...මොලේ අමාරුවත් හැදිලා...
එදාට වඩා හොඳින් ඇවිදගෙන ගියා ඇතුලට...ලස්සන අක්කෙක් තේ එකක් බොනවා එතනට වෙලා..දැකලත් පුරුදුයි..සංසාරේ පතන් ආව වගේ..හෑ...මගුල තමා...
මේ ඩොක්ටර් ඉන්නවද?
ඈ ඔව්...
අර තේ එක බිව්ව අක්කා ගිහින් වාඩි උනා ඩොකාගේ පුටුවේ...හතර විලි ලැජ්ජාවයි...හෑ..මෙයාමනි මට එදා බෙහෙත් දුන්නෙත් නර්සින් හෝම් එකේ..අද මෙහෙ?මම සර් දිහා බැලුවා...මනුස්සයාගේ මුණ මෙහෙක් වෙලා...පව් අප්පා...
ඉඳගන්න...
ඩොක්ටර් මම කලින් පානදුරේ හොස්පිටල් එකේ ඇඩ්මිට් වෙලත්.......
ආ මට මතකයි...
හෑ....(කෙලවිලාද?මෙයා මගේ බ්ලොග් එක  බලලද?මල මගුලයි...)
ඔව් ඔව් නර්සින් හෝම්  ගිහින්නි
  ගියේ...නේද?මමනි යැව්වේ?
නෑ නෑ යැව්වේ  අර නර්ස් අක්ක..පස්ස දිගේ..මතක නැත්ද?හෑ....හිතෙන එව්වා කියන්න පුලුවන්නම්...හනේ....
දැන් මොකද?
ආයිත් රිදෙනවා...
ම්ම්ම්...
හයිඩ්රෝසිල් ද දන්නේ නෑ ඩොක්ටර්..
ඔයා කෝමද එව්වා ගැන දන්නේ...
ආහ්..මේ මම කලේ බයෝ නි...(බයෝ වලට ඉගෙන ගත්තු මගුලක් නෑ..මෙව්වා ඉතින් අපේ සාමාන්‍ය දැනීම..ඇත්තම කියනවනම් හොප්පිතල් නැවතිලා ඉද්දින් මට දෙපැත්තෙන් හිටියේ එව්වා තිබ්බ  උන් දෙන්නෙක්...)
හ්ම්ම්..බලමුකෝ එහෙනම්...හැබැයි බලන්න වෙනවා...
හෑ...ලේඩි  ඩොක්ටර් කෙනෙක්..තාම 25 ක් වත් පෙන්නේ නෑ...මට හික් ගෑවුනා...ඒ පාර සිකුරා ඩෙනිමකුත් ඇඳන් මගේ නළලටම දෙන්න හදන්නේ..මම නණල පිහ දාගත්තා...අතේ වතුර වගේ...හෑ...මට හීන් දාඩිය දාලා...
වයස කීයද?
ඈ...තත්පරෙකටත් අඩු කාලෙකදී මට හිතුනු එව්වා මේ...ඇත්ත වයස 21 යි...ඇත්ත වයස කිව්වොත් අනාථයි...යවයි වෙන එකෙක් ගාවට...අනික පිනා ගහපු චාන්ස් එකනේ...හෑ...මගේ වෙන්ඩ දේකුත් නෑනේ තවත්...19 ක් කියනවා...හෑ...ඇත්ත කියල හිතයිද?නෑ නෑ 20 ක් කියනවා...පොඩි රිස්ක් එකක් ගත්තට  මොකද?
විස්සයි...
ම්ම්..කාත් එක්කද ආවේ...
සර් එක්ක...
සර් එක්ක අර කාමරේට ඇතුලට යන්නකෝ...
හෑ...
ඒ වෙලාවෙනම් මට හිතුනු එව්වා අහන්ඩ එපා එකෙක්වත්...හයියෙන් හු ඈ...ඩොක්ටර්  අක්ක ආවා...තව නර්ස් කෙනෙකුත් ආව...සර් ඉඳන් බලන් ඉන්නවා...
කලිසම ගලවන්නකෝ...
හෑ...
එදා වෙච්ච් දේමයි...අල්ලපු ගෙදර ඇන්ටි පල්ල දැන්නම් ලැජ්ජාව බින්දුවයි..මහ පාරේ කෙල්ලෙක් කිව්වත් ගලවපන් කලිසම කියල දෙපාරක් හිතන්නේ නෑ ගලවනවා...ඒ තරමටම  ලැජ්ජාව ගිහින්...ඕනේ කෙහෙල් ගෙඩියක් කියල මම ගැලෙව්වා කලිසම...ෂීක් මෙහෙම බවක් දන්නවනම් පොඩ්ඩක් සෙන්ට් ටිකක් එහෙම ගහල පවුඩර් තුට්ටක් දාල එනවනේ...මොනවා කරන්නද ඉතින්.. 

රිදෙනවද?
හෑ...ඔව්...
මට දැන් හද්ද බය...දෙයියනේ පොඩ්ඩක් හරි එහෙට මෙහෙට උනොත් හතර විලි ලජ්ජවයිනි.....අනේ මලේ උඹනම් නැගිටින්ඩ එපා...
කොයි පැත්තද රිදෙන්නේ?මම අල්ලද්දීන් රිදෙනවද?
වම් පැත්ත...ඔව් රිදෙනවා...
මට කෙඳිරි ගෑවෙනවා...මගේ තරුණ මනස ගොඩක් ව්‍යාකුල වෙලා අප්පා..පව් නැත්ද මම...
හ්ම්ම්...දැන්...මිස් පොඩ්ඩක් ටෝච් එක ගේන්න...
හුටා..ටෝච් ගගහ කොහේ බලන්නද?හෑ...පැනල දුවන්ඩ හිතයි..අනේ මලේ තව ටිකක් ඉවසහන්..තව තුට්ටයි...
හ්ම්ම්...මෙහෙම අල්ලද්දීන් රිදෙනවද?
අක්ක කරකව  කරකවා බලනවා..රිදෙනවා මයේ දෙයියෝ...ඇති අනේ...හම්මේ...මත බෑ...මම සර් දිහා බැලුවා...එයාටනම් හිනා...අතින් කට වහගෙන...හෑ...
හ්ම්ම් හරි...
අක්ක ගිහින් අත හෝදගත්තා...
යමු...
හා...
ඔයාට තියෙන්නේ ඔයා කියපු ලෙඩේම වගේ තමා...
අහ් එහෙමද?
මට හෙන ආඩම්බර ඉතින්...දැන් අක්ක ඇඳල පෙන්නනවා...
මෙන්න මේ හරියේ තමා ඔව්ව තැන්පත් වෙලා තියෙන්නේ...පොඩි ඔපරේෂන් එකක් තියෙන්නේ...
අහ් මම දන්නවා..පොඩි කැපුමක් දාලා ඔව්ව අරන් දානවනි...ඊට පස්සේ එහෙමම තියනවා...
මෙයා දන්නා දේවල්...එහෙනම් ඉතින් පානදුර හොස්පිතල් එකෙන්ම කරගන්න පුලුවන්නි...
හා...ඉත්තුති අක්කේ...මම මහ මරුසි හිනාවක් දැම්මා...
කැෂියර් එකට ගිහින් ගාන කියාද ඇහුවාම නෑ එපා කියලත් කිව්වා...අනේ වාසනාවන්..මෙව්වා පුරුවේ පිනට හැදෙන ලෙඩ...මැරුවත් තැනනම් කියන්නෙම නෑ...තව ටිකක් හයියෙන්  හු ඈ....
(විශේෂ දැන්වීමයි...ආයෙත් නම් මොන මගුල උනත් මේ ගැන කියන්නේ නෑ නෑ නෑමයි...මම කුනුහලප තුත්තක්වත් තීන කතා කියන්නෙත් නෑ...මම තමයි අද ඉඳල මේ ලෝකේ හොඳම ළමය..)

16 comments:

  1. මටත් හූ කියන්න හිතයි බං

    ReplyDelete
    Replies
    1. එහෙනම් දෙන්නම් එකතු වෙවෙලා හු ඈ...හයියෙන් හු ඈ...තව එක පාලක් හයියෙන් හු ඈ...

      Delete
  2. අක්ක ඩෙටොල් දාලද අත හේදුවෙ

    ReplyDelete
    Replies
    1. හෑ..එකනම් දැක්කේ නෑ...හැබැයි මාල ලත්තනයි අලෙ..

      Delete
  3. හෙනම හයියෙන්...
    හූ............................................හූ.....................................................!!!!!!!! ඈ...........

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හම්මේ හු හු...හයියෙන් හු....................

      Delete
  4. හම්මේ උන්ඩුක පුච්චෙ රිදෙනවා බන්,නම්මප,., හිනා වෙලා,., අම්මප දැන් නන් මගෙත් විලි ස්අංගේ බින්දුවටම වැටුනා,.,එල එල,., ජයෙන් ජය ඈ,.,මේ අර පස්සට ජූල් වෙන්න ගහපු එක තාම එතනද ? :D

    ReplyDelete
    Replies
    1. හෑ..මම ඉතාන්නේ එතනම ඇති..දිය උනාද කොහෙද...වෙත්ත දෙයක්...

      Delete
  5. හහා..හිහී..පව්ඩර් තුත්තක් දාගෙන ඔපරේෂන් එකට යන්න.....

    ReplyDelete
    Replies
    1. හිකිස්‌..මමත් මේ කම්පනා කලේ ඒක තමා...

      Delete
  6. හිකිස්....ලෙඩ් නම්නැති උනාට කමක්නෑ.. ඒත කියන්න බෑනේ තියද කියල බලන්න බැරිද අයියෙ ඔතනට මාවත් එක්ක යන්න...

    ReplyDelete
    Replies
    1. හෑ...යකෝ මම මේ ගියේ ලෙඩකත...වල් ගමනක් නෙවේ...ඕනෙනං වලෙන්...ඉ ළඟ පාල යමු...

      Delete
  7. හයියෝ ඊළඟ ඒවත් ඕනි ..... අපිට නැති චාන්ස් වෙන එකෙකුට හරි ලැබෙනවනම් කොච්චෝර හොඳද... ?

    මේ... වල්කමකට නෙවි අනි අහන්නෙ.... ඔය ලෙඩේ මට හදාගන්න කොරමයක් නැද්දැ ??

    -ටින් ටින්

    ReplyDelete
    Replies
    1. මේ පැත්තටත් ගොඩ වැදුනට ඉත්තුති ටින් ටින් මතං...හෑ...වල්කමට නෙවේ කීල පේනවා...
      පියවර තුනයි...හලිම ලේසියි...
      1.ලාච්චුව ඇරියා...
      2.ඇතුලත දැම්මා...
      3.දෙතුන් පාරක් හයියෙන් වැහුවා...
      4.දැන් ඔබ සුදුසුකම් ලබා ඇත...

      Delete
  8. මේ ඔය අක්ක ඉන්න හොස්පිතල් එක කොතන තියෙන එකද කියලා රහසින් වගේ කියාපන්කෝ. උඹ දැන් ඉතින් ලෝකේ ඉන්න හොදම බබා නේ. :P

    ReplyDelete
    Replies
    1. ඈ...සුට්ටක් අගේ කරලා කියන්නද?

      Delete

අදහසක් දාමුද?