කුරුළු යාළුවෝ

Wednesday, June 6, 2012

අපි හෙමිට මේක බේරුමක් කරගමු..


ඔන්න පටන් ගන්නයි යන්නේ...සේරම කියනවා අර්ථාන්විත දේවල් දෙන්නලු...මම බ්ලොග් කෙරුවාවට සෙට් වුනෙත් එකට තමා...මනෝ විද්‍යාවෙන්ම ගේමට බහිමු..දුර ගමනක් යන්න තියනවා යාලුවනේ...අපේ ඉලක්කය ඒ කියන්නේ කුරුල්ලාගේ මේ ලිපි වල ප්‍රධාන අරමුණට කුරුල්ලා ඉක්මනටම යනවා....අද ලංකාවේ මනෝ විද්‍යාව කියන දේ ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා..ඇත්තටම කුරුල්ලට හිතෙන විදිහටනම් එක යහපත් ප්‍රවණතාවක්...මොකද මොන විෂය ගැන රටේ ජනතාව දැනුවත් වුන්නත් ඒක ඒ රටේ මානව සහ භෞතික සංවර්ධනයට කෙලින්ම බලපානවා...ඇත්තටම අද ලාංකීය සමාජේ දිහා බලපුවාම මිනිස්සු ගොඩක් මානසික ආතතියෙන් පෙළෙනවා..ඒකනම් කුරුල්ලා පැහැදිලිවම දන්නවා..මොකද කුරුල්ලත් එක ආකාරයක මානසික රෝගියෙක්..මේක කියවන ඔබත් එහෙම වෙන්න පුළුවන්...ගොඩක් මිනිස්සු ඒකෙන් මිදෙන්න අද මනෝ විද්‍යාවේ පිහිට පතනවා...මේ මෑතක් වෙනකම්ම ගොඩක් මුල් බැසගෙන තිබ්බ යක්ෂ බුත මිත්‍යා කතා ( ඒ සම්බන්ධ  සත්‍ය තොරතුරුද නැත්තේ නොවේ...ඒක  කුරුල්ලට ප්‍රත්‍යක්ෂ කරුණක්...)වලින් මිනිස්සු  අත් මිදිලා තමන්ගේ මානසික අසමතුලිතතාවය මානසික සංවර්ධනය තුලින් සමතුලිත කරගන්න උත්සාහ කරනවා...ස්වකීය මානසික පීඩනයේ ස්වභාවය හඳුනා ගැනීමටත්, ඉන් මිදීමටත් ගොඩක් මිනිසුන් තුල තියෙන්නේ පුදුමාකාර උනන්දුවක්...
ත් හැමදේකම වගේ මනෝ විද්‍යාව සම්බන්ධ තත්වයත් වෙළඳ භාණ්ඩයක් බවට පත් වෙලා...සැබෑ වෘත්තිකයන් නොවන ව්‍යාපාරිකයන් පිරිසක් මනෝ විද්‍යාව විකුණන් කනවා...විවිධ විදිහට මනෝ විද්‍යාව අලෙවි කරනවා...පාඨමාලා ආදී විවිධ වේශයන්ගෙන් මේ අලවිය සිදු කෙරෙනවා...මේකෙන් වෙන්නේ කුරුල්ලට හිතෙන හැටියටනම් රටේ අහිංසක ජනතාව නිරපරාදේ මානසික රෝගීන් වෙන එකයි...
හැඳින්වීම ඇති....වැඩියේ කියන්න ගියොත් මටත් මානසික රෝගයක් (පිස්සු වගේ එකක්)කියල හිතාවි...

හරි අපි කෙලින්ම අපේ මාතෘකාවට  බහිමුකෝ...


පෞරුෂය කියන්නේ මොකක්ද?

පෞරුෂය කියන්නේ personality ... ඔන්න මම සිංහලෙන්ම කිවා...දැන් තේරුනා නේද? මේක Persona කියන ලතින් වචනයෙන් ඉන්ගිරිස්සියට බිඳිලා ආව පදයක්...
" ඒ ඒ පුද්ගලයාට සුවිශේෂ වූ,පරිසරයට අනුව ඔහුගේ හෝ ඇයගේ චින්තනය නියත කරන පුද්ගලයා තුල වූ මනෝ භෞතික පද්ධතීන්ගේ ගතික සංවිධානය පෞරුෂය වේ..."

හප්පේ තේරුණා නේද?මුනෙන් පේනවා..තේරුණා වැඩිද මන්දා...අනේ අපි හෙමිට මේක බේරුමක් කරගමු..මේක ගැන හිතන්න ගි
හින් මේකේ පැටලිලා ඔයාල නිකන්ම පිස්සෝ වෙයි...ඊට පස්සේ කේ දිට්ටධම්මවෙදනීය කර්මේ පල දීල මමත් පිස්සෙක් වෙයි..හිතන්න පටන් ගත්තනම් මේ දැන්ම ඒක නවත්තල මේ මම කියන ඒක අහල ඒක මතක තියාගන්න..වඳින්නම්...මෙන්න ඔය අපබ්බ්‍රන්සේ සරලව...
"පෞරුෂය පුද්ගලයාටම සුවිශේෂී එකක්...ඒ කියන්නේ දෙන්නෙක් කිසිසේත්ම ඒක හා සමාන වෙන්නේ
නෑ කියන එකයි...පෞරුෂය නිරන්තරවම වෙනස් වෙනවා..ඒ කියන්නේ වර්ධනය වෙනවා...මේ වර්ධනයට හේතුව තම පුද්ගලයා පරිසරය සමග ගැටීම...." (මොකක්ද අර උඩින් තිබ්බ මගුල..දැන්නි තේරෙන්නේ..)
පෞරුෂය වර්ගීකරණයක් තියනවා මනෝ විද්‍යාවේදී...ප්‍රධාන වශයෙන් ආකාර දෙකයි...( පෞරුෂය පදනම් කරගනිමින් පුද්ගල වර්ගීකරණය ඉතා සංකීර්ණ වගේම අවිද්‍යාත්මක දෙයක් නේද කියල කුරුල්ලා අහපු ප්‍රශ්නෙකට මනෝ විද්‍යාඥ්ඥයෙක් කියල කියන කෙනෙක්  කිවේ ඒක කලේ පහසුව තකා කියල.. :පී)
1.වර්ග මුල් කරගත් අධ්‍යයන

2.ගති ලක්ෂණ මුල් කරගත් අධ්‍යයන
මීට අමතරව කේවල ප්‍රතිචාර ක්‍රමයකුත් තියනවලු...(එහෙනම් මොන මගුලටද දන්නේ නෑ මේක දෙකට බෙදුවේ..තුනකට බෙදන්නේ නැතිව..මට හලි ප්ලස්න අලේ මෙව්වා...)කේවල ක්‍රමේට අනුව වර්ග හෝ ගති ලක්ෂණ නැති බවත් පුද්ගලයා නිශ්චිත අවස්තාවකදී දක්වන නිශ්චිත ප්‍රතිචාර පමණක් වැදගත් වන බවත් කේවල ක්‍රමයෙන් කියනවලු...(අනේ මන්දා...)
ඔන්නඒවා ඔහේ තිබ්බවේ..අපි මුලින්ම කතා කරමු වර්ග න්‍යාය ගැන...එතනත් වර්ගීකරණයක් තියනවා...
1. ශාරීරික රසායන වර්ග -

එතනත් කාණ්ඩ හතරක්..මේක බෙදුවේ මමනම් නෙවි..හිපොක්‍රටීස් කියන ග්‍රීක දාර්ශනිකයා...ඒ කියන්නේ

  • ලෝහිත (sanquinde ) උනන්දු සහගත දැකුම්කලු පුද්ගලයින්
  • පිත්තාධික (choleric ) ඉක්මන් ක්‍රියාකාරී හදිසි තීරණ ගන්න පුද්ගලයින්
  • ශ්ලේෂ්මලාධික (phlegmayic ) මහතා කම්මැලි අලස පුද්ගලයින්
  • විශාදි (මෙලෙන්චොලික්) දුක් මුසු හුදකලා පුද්ගලයින්

2.ශරීර වර්ග -

.පදනම විදිහට මානව ව්‍යුහය යොදාගෙන තියනවා...ඇත්තටම කියනවනම් මිනිස් ඇඟ...(මනෝ විද්‍යාවේදී මහප්‍රාණ වචන නැත්නම් කොච්චර සංවේදීද  කියල තේරෙන්නේ  මහප්‍රාණ වලින් ඉගෙන ගෙන ඒවා සැහැල්ලු වචන කරද්දිනුයි ...)

  • අන්තොරුපි ( endormorphic ) කෑමට ගිජුයි , නිතරම සැප සොයයි
  • පෙශිරුපි (mesomorphic )පුළුල් උර සහ පටු උකුල් සහිතය , ක්‍රියාශීලිය , කෙලින් කටයුතු කරයි
  • අස්ථිරුපි (ectomorphic ) සින්දු සම , උසස් ස්නායු ක්‍රියාකාරීත්වය කෙට්ටු පුද්ගලයින් නිතර ශෝකයෙන් ඉන්නේ..හුදෙකලා වෙන්න ආසයි ( කුරුල්ලා වගේ)

* අවවාදයයි...(මැද්දෙන් ඇඩ් එකක් දැම්මාට සමාවෙන්න...)මෙහි ඇති ඉන්ගිරිස්සි වචන කියවීමට ගොස් හකු පන්නගන්නා පුද්ගලයින්ට වග කියනු නොලැබේ...

3.මනෝ විද්‍යාත්මක වර්ග -
පුද්ගලයා සතු මනෝ විද්‍යාත්මක චරිතාංගයන් සැලකිල්ලට ගැන තියෙනවා..කොටස් දෙකයි...

  • පෘෂ්ටීය ගති ලක්ෂණ - සාමාන්‍ය විදිහට බාහිරින් හඳුනා ගන්න පුළුවන් නිරීක්ෂණය කරන්න පුළුවන් සමාජශීලී බව,සමාජ විරෝධී බව,සමාජ හුදෙකලා බව ආදිය
  • අන්තර් පෞරුෂ ගති ලක්ෂණ - පහසුවෙන් මැනිය නොහැකි භීතිකා,කාංසා,ආත්ම සංකල්ප ආදිය...

මේක ලියාගන යද්දින් හිතුන මට මෙහෙම බෙද බෙදා කාණ්ඩ  කර කර ඔයාලගේ මොලවල් වෙහෙසවනවට වඩා හොඳයි සරලව මේවා කීවානම් කියලා...ඊ ළඟ පොස්ටුව මීට වඩා කියවන්න ආස වෙයි යාලුවනේ...


11 comments:

  1. හ්ම්ම්..වැදගත් දෙයක් යාළුවේ .. හොද මහන්සියකින් ලියලත් තියනවා .. ඒත් දැන් මිනිස්සු ගොඩක් මේවගේ දේවල්වලින් ඈත් වෙලා .. විකාරමනේ කියවන්නේ .. :) කොහොම උනත් හොද පොස්ට් එකක් .. :)

    ReplyDelete
    Replies
    1. ස්තුති අක්කේ...බලමු වෙනසක් කරන්න ගන්න උත්සහයක්...

      Delete
  2. හඵොයි! ඒ ගමන නම් ලියලා තියෙනවා කොර වෙන්ට..හීහී
    අනේ ඉතින් හුදී ජනයා ඉඳ හිට හිනැස්සීමත් කරනට..

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා..නැතුව නැතිව.. ලෝකය ඉස්සරහ අපි බයිට් නොවී, උන් ඉස්සරහා අපි ජෝකර්ලා නොවී කොහොමද බ්ලොග් කෙරුවාව කොරන්නේ මේ ලංකාවේ...මගේ ජිවිතේ අන්තෙටම දුකත් අන්තෙටම සතුටත් තියනවා..සේරම බෙදාගන්නවා...අනිවා ඩෙෆා මගේ අක්කේ...

      Delete
  3. මම නම් පිත්තාධික වගේ.. :) හොද පොස්ට් එකක් මල්ලි..

    ReplyDelete
    Replies
    1. පිත්තාධික ? එහෙමද?..ඉක්මන් හදිසි තීරණ ගන්නෙපා අක්කේ...ඉක්මන් කොටයිලු...(මටත් ඕක කිව්වේ අපේ කොල්ලෙක්...ඌ දිග පළල මැන්නද දන්නේ නෑ....අනේ මමනම් ඇහුව දෙයක් කිව්වේ ඔන්න..

      Delete
    2. ඒ කියන්නෙ නිම්ශා අක්කට කොලෙස්ට්‍රෝල්... :-)
      බේත් ගන්න ඉක්මනට...

      Delete
    3. රජා නිම්ෂා අක්කිගෙන් ගුටි කන්න තමා හදන්නේ ඔන්න...අපිනම් නැතෝ...

      Delete
  4. මමනං මොකෙද්ද මන්දා.... :-)

    වටිනවා ඈ මචන් කුරුල්ලෝ...

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මම මචන්.....

      ලෝහිත.... අන්තොරූපී.....

      Delete
    2. රජා ඉතින් කොහොමත් සැප හොයනවනි...ඕක කියන්ඩ දෙයක් නෑ..බ්ලොග් එක දැක්කාම පේනවා එකෙන්ම...

      Delete

අදහසක් දාමුද?