කුරුළු යාළුවෝ

Saturday, June 2, 2012

ගලවපන් ඔය කෙහෙම්මල් තටු දෙක...

සීතලයිද උඹට ?
මට තේරෙනවා...
ගොඩක් සීතලයි වගේ නේද?
මොන වගේ සීතලක්ද?
ඒක විතරයි මට තාම තේරුම් ගන්ඩ බැරි වුනේ...
උඹම කියපන් බලන්න...
උඹේ අත්තටුමයි උඹට සීතල දෙන්නේ...
ඒක තේරුම් ගන්ඩ බැරිව,
උඹ එක එකාගෙන් උණුහුම යැද්දට...
මම මොනවා කියල කරන්ඩද?
ඔය අත්තටු වලින් ඉගිල්ලෙන්ඩත් බැරිනම්,
ඕවගෙන් ඇති වැඩකුත් නැත්නම්
ගලවල විසි කරපන් ඕවා...
පාරක් පාරක් ගානේ...
හන්දියක් හන්දියක් ගානේ...
කාමරයක් කාමරයක් ගානේ...
උණුහුම හොයන්නේ ඇයි උඹ?
සත්තයි මේ කියන්නේ....
මරන් මැරෙන්ඩ පුළුවන් මට උඹව...

4 comments:

  1. Replies
    1. ඉත්තුති කින්නරී ගොඩාක්...

      Delete
  2. ලස්සනයි ..........
    (තටු
    අතර
    ලෝකය සෙව්වා
    මං
    තෙරක්
    නොපෙනෙන
    නිල
    ආකාසේ දිහා
    බලන් .............
    )

    ReplyDelete

අදහසක් දාමුද?