කුරුළු යාළුවෝ

Tuesday, June 19, 2012

මේක දළු දානවා කියල උඹ හිතුවද?


ඔව් ඇත්ත...
මම උඹ කියන විදිහේ එකියක් තමා...
උඹ කියන්නේ සහතික ඇත්ත...
උඹයි  හරි...
මේ මුළු ලෝකෙන්ම හරි උඹ විතරයි...
තව කියෝපන්..
තව හයියෙන් කෑ ගහපන්...
බඩේ ඉන්න මේ දරුවා පල්ලා...
උඹ වගේ කාලකන්නියෙක් මට එපා...
උඹල නාල ගෙට ආවාම සේරම හරි...
මම  පිරිමියෙක් එක්ක කතා කෙරුවත් උඹට වැරදි...
මොකක්ද උඹ ඔය කියන පිරිසිදුකම...
උඹටම මම ඒක ඔප්පු කරලත් ඇයි උඹ මට මෙහෙම කතා කරන්නේ?
මම කොහොමද උඹට සැරෙන් සැරේට ඒක ඔප්පු කරන්නේ?
මේක දළු දානවා කියල උඹ හිතුවද?
ගහන ගහන පදේට නටන්ඩ මම වේස ගෑනියක් නෙවේ...
ඉන්ඩ බැරිනම් මගෙ ලෝකෙන් තොලොංචි වෙලා පලයන්...
මටයි දරු පැටියටයි ඉන්ඩ දීලා...

16 comments:

  1. අද කාලේ අවාසනාවට වුනත් ඇත්තට වෙන කතාවක්

    ReplyDelete
    Replies
    1. ඔව් මචන්...සමහර ගෑනු ජිවිතේ හිතලම වරද්දගන්නවා ඔය වගේ දෙයක් උනාම...පණ වගේ ඉන්න මිනිහත් ඒකිව අවිශ්වාස කරන්ඩ ගත්තාම කාගේ පිහිටක්ද?සමහර ගෑනු නොමග යන්නේ පිරිමි වෙච්ච අපේ වරදින්...

      Delete
  2. Replies
    1. පුදුමයි අද මී ගොඩයගෙන් හ්ම්ම්ම් විතරක්..මොකෝ උනේ?

      Delete
  3. සමහර ගෙවල් වල නිතරම ඇහෙන දෙයක් සහෝ..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත මචන්..අනේ මන්ද..කලකිරෙනවා...

      Delete
  4. ඇත්ත කතාව....හ්ම්....අදමයි ආවේ..ෆලෝ පාරකුත් දැම්ම එන්නම්කෝ ආයි....

    ReplyDelete
  5. හ්ම්ම්ම්හ්....නිතර ඇසෙන්නා වූ කතාවකි...

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කේ...ජිවිතේ තමා..යතාර්ථය මේකනම් හීන ලෝකෙක ඉන්න එක දාහෙන් සම්පතයි කියල හිතෙනවා අක්කේ...

      Delete
  6. Replies
    1. අලේ මන්ද මේ කෙල්ලට මොන අල ගෙඩියක් කැවිලද කියල...මේකට ඉක්කනතම සිමිලි ටිකක් දාන්න වෙයි වගේ..ලොල්...

      Delete
  7. අනේ කාලේ වනේ වාසේ..

    ReplyDelete
    Replies
    1. හප්පේ කවි සිතිවිල්ලක්ද අලේ?ප්‍රස්ථාව පිරුලක්ද?ආප්තොපදෙශයක්ද?එහෙමත් නැත්නම් වෙන මොකක් හරි කෙහෙල් ගෙඩියක්ද?

      Delete
  8. hamoma nathath itin ganu kiyana jathiya echchara wishwasa karanna puluwan jathiyak neme. apita pena dema neme aththa, godak welawata. oya pirimi nawala geta ganna eka ganath podi kathawakuth kiyalama yannam. kollek kello godak ekka yalu weemay kellek kollo godak ekka yalu weemay athara wenasath hariyatama me wage.. api mehema hithamu, onna eka yathurak thiyenawa. me yathuren onama dorak lesiyenma arinna puluwan. eka supiri yathurak neda. loka pujitha yathurak. onna e wagema thawa thanaka dorak thiyenawa. wade kiyanne me dora onama yathurakin arinna puluwan . eka harima chater dorak neda. mn hithanne katath therenna athi mn kiyana kathawa.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...ඒත්?මම හිතන්නේ නෑ...ඔය උපමාව සාර්ථකයි කියලා...

      Delete

අදහසක් දාමුද?