කුරුළු යාළුවෝ

Wednesday, May 23, 2012

අභිනික්මනක් නොවේ...

"පුංචි ඇස් දෙකෙ කඳුළු පුරවන්...
තාම මග බලනවා ඇතී...
ඒ වුනත් මට එන්න බැරි වග...
ඔයා තාමත් දන්නැතී..."
තාමත් මතකයි මට...
මම දන්නවා...
ඔයා එන්නේ නැහැ...
ඔයාට එන්න බැහැ...
සල්ලාලයෙක් අතින්ජිවිතේ විනාශ වුනු එකියක්
අපිරිසිදුයි කියල මම එදා හිතුවා...
මම ඔයාට ගොඩක් වද දුන්නා...
මානසිකව...
අද මම හොඳයි කියල හිතුව එකියක් එක්ක...
ඒකි මගේ ඇඳ උඩ ඒ පිරිසිදුකම පූජා කළා තමා...
ඒත් වෙන උන්ගේ ඇඳවල් උඩත්...
උන්ට  ගානක් නෑ  පිරිසිදු අපිරිසිදුකම...
අනේ මන්දා...
ඒවා මම අද විඳවනවා රත්තරනේ...
ජිවිතේ ගෑනියෙක්ට දරන්නවත් බැරි තරම් දුක්
ඔයා පොඩි කෙල්ල කාලෙ ඉඳල ම විඳ ගත්තා...
ඒත්....
ඒ බරෙන් බිංදුවක් මගේ ඔලුවට වැටුනාම
මම කඩන් වැටිලා...

ලේ බිංදු ...


දැක්කද උඹ ?
රතු පාටයි නේද?
මොකද එපා වෙලා වගේ...
අවසානෙට එපා වෙනවද ඇයි උඹලට?
ඇඟේ තියන මේ ලේ බිංදු වලින්
දෙක තුනක් ගියාට මොකද කියල
උඹට හිතෙනවා ඇති නේද?
උඹේ  හිතේ තිබ්බ ආසාව ඉවරයිද දැන්?
උත්තර දීපන්  මට...
ඉවරයිද?
උඹට තව මොනවද ඕනේ ?
මගේ අන්තිම හුස්මත්?
දෙන්නද  මම ?

කොහොම හරි දිනනවා මම...

වැහැපන්..
තව හයියෙන් වැහැපන්...
වැස්ස.....!!!
පලිගන්නවද උඹ මගෙන්?
මම මොකක්ද කරපු වැරැද්ද  උඹට...
කමක් නෑ...
අකුණු ගගහා,ගොරව  ගොරව...
තව වැහැපන්...
මගේ දරු පැටව් හාමතේ...
එත් හිඟා කන්නේ නෑ මම...
පව්කාරයින්ගේ  කකුල් ලෙව කන් නෑ මම...
උන් එක්ක බුදිය ගන් නෑ මම...
මම දුප්පත් තමයි...
මට ඉන්ඩ හිටින්ඩ තැනක් නෑ තමයි...
ඒත් මම වේසකමේ යන් නෑ...
වැහි දවස් වලට,
මේ ලැයිමේ අනිත් එකීල  වගේ
රස්නෙට ...
සනීපෙට ...
සල්ලි වලට ...
පව්කාරයෝ ගාව බුදියගන්නේ නෑ මම...
උඹේ අකුණකින් මුන්ගේ අප්පා මලාට ...
මම මැරි මැරී ජිවත් වෙන්  නෑ...
මොකද මම මගේ කෙල්ලගේ අම්මා...

Tuesday, May 22, 2012

තවත් මල් පෙත්තක්...


කැඩුණු මල් පෙත්ත...
ආපහු හදන්න යද්දින්...
මල් පෙත්ත කැඩුවේ මම කියල...
ලෝකෙට පෙන්නේ...
ඇයි කියන්න මම දන්නේ  නැහැ...
ඒ මේ ලෝකේ හැටි වෙන්න ඇති....
ඉවසන්නම්...
සීමාවක් නැති මේ ඉවසිම ම...
කවදාහරි සීමාවක් හොයාගනිවී...

මේ පොලවේ පය ගහල ජිවත් වෙයව්...

හෙන ගහපියව් තොපිට...
මගේ කෙල්ලට පව් දෙයියනේ...
ඉස්කෝලේ යන්ඩ බෑලු..
බස් එකේ කරදරලු...
ගෑනු දැක්කම තොල කට වේලෙනවා...
ඊට පස්සේ...
ඒ වේලෙන තොල කට ලෙව කනවා...
ඊටත්  පස්සේ පටන් ගන්නවා...
මුලින්ම අත..
ඊ ලඟට කකුල...
අසම්මජ්ජාති පාහරයෝ...
ඇත්තටම තොපි  අම්මලාගේ බඩින් උපන් උන්ද?
නැත්නම් අම්ම තටමද්දී වෙන තැනකින් එලියට ආව උන්ද?
මට සැකයි තොපේ අම්මල අප්පල ගැනත්.....
මට කරානම් මම දන්නවා මට්ටු කරන්ඩ...
එකක් සෙරෙප්පුව...
අනික කුඩේ...
පාහරයෝ තොපිට ලැජ්ජාව කටින් හපන් දුවන්ඩ වෙන්නේ...
ඒත් මේ අහිංසකී මොනවා කරන්නද?
පුලුවන්නම් උරා බීපියව්
මේ අහින්සකීගේත් රීරි මාංස...
හිතපියව්....
තොපිලගේ අම්මලටත් ඕකම කරයි මොකෙක් හරි ඇවිත් ...
තොපි බලන් ඉද්දින්ම...

මේ පොලවේ පය ගහල ජිවත් වෙයව්...

Monday, May 21, 2012

උඹ දැන් නිදහස්...

ඉවරයි...
හැමදේම ඉවරයි..
උඹයි මමයි හදපු හීන මාලිගා...
හැමදේම ඉවරයි...
ඒවා දැන් අතීතේ...
ඔව් උඹත් දැන් අතීතේ...
මම කිවා...
කට කඩෙනකම් කිවා....
කෝ ඇහුවද?
නෑ ...උඹ ඇහුවේ නෑ...
උඹට තව පියාඹන්න ඕනි වුනා...
පලයන් යන්නම පලයන්....
උඹට ආයිත් එන්න දෙන්නේ නෑ මා ගාවාට
උඹේ ලේ තියන මේ පිහියම
මගේ අන්තිම හුස්මටත් වග කියයි...

අද මට තනියෙන් නිදාගන්න දෙන්න...

ඔයාව ලබන්න මම වගේ එකියක්
ගොඩක් පින් කරන්න ඕනි...
ඔයාගේ පවකට මාව ලැබුනේ...
කවදාවත් මම කාගෙන්වත් දෙයක් ඉල්ලලා නෑ...
අඩුම තරම දෙවියන්ගෙන්වත්!
එත් අද මම ඉල්ලනවා ඔයාගෙන්....
අනේ අදවත් මට තනි වෙන්න දෙන්න...
ගෙවුණු අතීතේ,
හැම රෑකම,
මට එහා පැත්තෙන් පිරිමියෙක් නිදන් හිටියා...
වඳින්නම්...
ඔය රත්තරන් කකුල් අල්ලලා වඳින්නම්...

අද මට තනියෙන් නිදාගන්න දෙන්න...

ඔන්න මමත් ආවා


මුලින්ම මොනවා ලියන්නද කියල තේරෙන්නේ නැහැ.ඉත්තුති සේරටම...
විශේෂයෙන්ම සිත්තරී අක්කිට...
ඒ වගේම මට බ්ලොග් එකක් හදන්න කියල මාව උනන්දු කරපු හැමෝටම...
මම කවුද මොනවද කින්ද මන්ද මුකුත් ඕනි නැහැ යාලුවනේ...
මෙතෙන්ට ආවේ හොඳ දෙයක් කරන්න...
ඒ දේ මම කරන්නම්...
බලන කමෙන්ට් කරන හැමදෙනාටම ගොඩක් ස්තුති....
බුදු සරණයි, ජේසු පිහිටයි  ඔයාල හැමෝටම...