කුරුළු යාළුවෝ

Wednesday, May 23, 2012

අභිනික්මනක් නොවේ...

"පුංචි ඇස් දෙකෙ කඳුළු පුරවන්...
තාම මග බලනවා ඇතී...
ඒ වුනත් මට එන්න බැරි වග...
ඔයා තාමත් දන්නැතී..."
තාමත් මතකයි මට...
මම දන්නවා...
ඔයා එන්නේ නැහැ...
ඔයාට එන්න බැහැ...
සල්ලාලයෙක් අතින්ජිවිතේ විනාශ වුනු එකියක්
අපිරිසිදුයි කියල මම එදා හිතුවා...
මම ඔයාට ගොඩක් වද දුන්නා...
මානසිකව...
අද මම හොඳයි කියල හිතුව එකියක් එක්ක...
ඒකි මගේ ඇඳ උඩ ඒ පිරිසිදුකම පූජා කළා තමා...
ඒත් වෙන උන්ගේ ඇඳවල් උඩත්...
උන්ට  ගානක් නෑ  පිරිසිදු අපිරිසිදුකම...
අනේ මන්දා...
ඒවා මම අද විඳවනවා රත්තරනේ...
ජිවිතේ ගෑනියෙක්ට දරන්නවත් බැරි තරම් දුක්
ඔයා පොඩි කෙල්ල කාලෙ ඉඳල ම විඳ ගත්තා...
ඒත්....
ඒ බරෙන් බිංදුවක් මගේ ඔලුවට වැටුනාම
මම කඩන් වැටිලා...

12 comments:

  1. ඔන්න රෙපාත් ආවා කුරුළු පැටියව බලන්න ජය වේවා !!!!

    ReplyDelete
    Replies
    1. රෙප් මහත්තයෝ ගොඩක් ඉත්තුති...

      Delete
  2. ඔන්න මාත් ආවා ඒත් මේක මට හරියටම තෙරුනෙ නැද්ද මංදා

    ReplyDelete
  3. මොකාද බොල මේ පැණි කුරුල්ලා... :-)

    //අද මම හොඳයි කියල හිතුව එකියක් එක්ක...
    ඒකි මගේ ඇඳ උඩ ඒ පිරිසිදුකම පූජා කළා තමා...
    ඒත් වෙන උන්ගේ ඇඳවල් උඩත්...
    උන්ට ගානක් නෑ පිරිසිදු අපිරිසිදුකම...//

    ඔව්වා ගනන් ගන්න එපා බං... :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා අඩවි රජෝ...ෆිට්ම තමා...

      Delete
  4. හොද අදහස් පෙලක්...... අනේ මන්දා විදවලා තියෙන්නෙ මාර විදවිල්ලක්නෙ

    ReplyDelete
    Replies
    1. ඒක තමා ඇයි පී මෑන් ...මොනවා කරන්නද?ඔහොම තමා ජිවිතේ

      Delete
  5. බලහත්කාරයෙන් කෙලෙසූ පිවිතුරු බව වඩාත් පිවිතුරුයි....

    ඔන්න මීහොඩයත් කුරුළු කූඩුවට ඔලුව දැම්ම

    ReplyDelete
  6. මී ගොඩය කුරුල්ලට අලුත් අදහසක් දුන්න..ගොඩක් පින්..ඇත්ත තමා....
    "බලහත්කාරයෙන් කෙලෙසූ පිවිතුරු බව වඩාත් පිවිතුරුයි...."

    ReplyDelete
  7. දුර ඇත
    අහසේ
    පියාබන කොට
    පුංචියට
    පෙනුණු
    ලස්සන
    ලෝකය
    තටු සිදුනු
    විට
    .......................

    මෙතරම්
    දුක බව '
    නොදැන
    උදම්
    ඇනු
    බව
    සිහි වී...
    නෙතගින් වැටුණු
    කදුළු
    බින්දුව
    මහා පොලොව සිප
    ගත් අපුරුව .............

    ReplyDelete

අදහසක් දාමුද?