කුරුළු යාළුවෝ

Tuesday, May 22, 2012

මේ පොලවේ පය ගහල ජිවත් වෙයව්...

හෙන ගහපියව් තොපිට...
මගේ කෙල්ලට පව් දෙයියනේ...
ඉස්කෝලේ යන්ඩ බෑලු..
බස් එකේ කරදරලු...
ගෑනු දැක්කම තොල කට වේලෙනවා...
ඊට පස්සේ...
ඒ වේලෙන තොල කට ලෙව කනවා...
ඊටත්  පස්සේ පටන් ගන්නවා...
මුලින්ම අත..
ඊ ලඟට කකුල...
අසම්මජ්ජාති පාහරයෝ...
ඇත්තටම තොපි  අම්මලාගේ බඩින් උපන් උන්ද?
නැත්නම් අම්ම තටමද්දී වෙන තැනකින් එලියට ආව උන්ද?
මට සැකයි තොපේ අම්මල අප්පල ගැනත්.....
මට කරානම් මම දන්නවා මට්ටු කරන්ඩ...
එකක් සෙරෙප්පුව...
අනික කුඩේ...
පාහරයෝ තොපිට ලැජ්ජාව කටින් හපන් දුවන්ඩ වෙන්නේ...
ඒත් මේ අහිංසකී මොනවා කරන්නද?
පුලුවන්නම් උරා බීපියව්
මේ අහින්සකීගේත් රීරි මාංස...
හිතපියව්....
තොපිලගේ අම්මලටත් ඕකම කරයි මොකෙක් හරි ඇවිත් ...
තොපි බලන් ඉද්දින්ම...

මේ පොලවේ පය ගහල ජිවත් වෙයව්...

2 comments:

  1. අනේ ඇයි ඔය මාව මෙහෙම බය කරන්නේ?

    ReplyDelete
  2. ඔයා බය වෙලා ඇයි සිතු..බයවෙන්නෙපා...ගෑණු වුනාම ගෑණු කම තියෙන්න ඕනි..ඒත් ගෑණුකම කියන්නේ අනවශ්‍ය බය නෙවි...ඔයාල ඔයාලට වෙන අසාධාරණකම් ගැන හඬ නගනකම් මේ ලෝකේ හැමදාම ගෑනුන්ගේ ආරක්‍ෂිත බව නැතිවෙයි...අපට ලෝකේ හදන්න බෑ...ඒත් අපි එක එක්කෙනා හැදෙමු...

    ReplyDelete

අදහසක් දාමුද?