කුරුළු යාළුවෝ

Wednesday, May 23, 2012

කොහොම හරි දිනනවා මම...

වැහැපන්..
තව හයියෙන් වැහැපන්...
වැස්ස.....!!!
පලිගන්නවද උඹ මගෙන්?
මම මොකක්ද කරපු වැරැද්ද  උඹට...
කමක් නෑ...
අකුණු ගගහා,ගොරව  ගොරව...
තව වැහැපන්...
මගේ දරු පැටව් හාමතේ...
එත් හිඟා කන්නේ නෑ මම...
පව්කාරයින්ගේ  කකුල් ලෙව කන් නෑ මම...
උන් එක්ක බුදිය ගන් නෑ මම...
මම දුප්පත් තමයි...
මට ඉන්ඩ හිටින්ඩ තැනක් නෑ තමයි...
ඒත් මම වේසකමේ යන් නෑ...
වැහි දවස් වලට,
මේ ලැයිමේ අනිත් එකීල  වගේ
රස්නෙට ...
සනීපෙට ...
සල්ලි වලට ...
පව්කාරයෝ ගාව බුදියගන්නේ නෑ මම...
උඹේ අකුණකින් මුන්ගේ අප්පා මලාට ...
මම මැරි මැරී ජිවත් වෙන්  නෑ...
මොකද මම මගේ කෙල්ලගේ අම්මා...

2 comments:

  1. දුප්පත් මනුස්සයාටමයි ඔක්කොම නස්පැත්ති

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්..එක ඇත්ත...ඒත් බලන් ගියාම සංකර ලෝකේ සංකර පෝසත් ගෑනුන්ට වඩා දුප්පත් උන්ගේ ළඟ හැදියාව තියනවා...

      Delete

අදහසක් දාමුද?